අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Parasyte: The Grey [S01 : E01] Sinhala Subtitles | සු-ඉන් ගේ අරගලය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...
Parasyte: The Grey Sinhala Subtitles

Train to Busan, Psychokinesis, Peninsula, Jung_E වගේ චිත්‍රපට මෙන්ම D-Day, Hellbound, The Cursed, Monstrous, The Bequeathed වගේ ජනප්‍රිය කතා මාලා වල අධ්‍යක්ෂකවරයෙක් ලේඛකයෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහට වැඩ කරපු Yeon Sang-ho මේ වසරේ The Bequeathed කතා මාලාවට පස්සෙ අධ්‍යක්ෂණය වගේම සම-රචනය කරපු අපූරු කතා මාලාවක් තමයි අපි මේ බලන්න පටන් ගන්න හදන්නෙ. දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන මේ කතා මාලාව ජපන් චිත්‍ර ශිල්පියෙක් වෙන Hitoshi Iwaaki ඇඳපු Parasyte නම් Manga මාලාවේ සජීවී-ක්‍රියාදාම භ්‍රමණයක් වෙනවා. Jeon So-nee, Koo Kyo-hwan සහ Lee Jung-hyun රංගනයෙන් දායක වෙන මේ කතා මාලාවේ කියවෙන්නෙ හදිස්සියෙම අභිරහස් විදිහට පොළවට එන හඳුනා නොගත් පරපෝෂිත ජීවීන් කොටසක් සහ මිනිස්සු අතර ඇතිවෙන ගැටුමක් ගැනයි. Climax Studio සහ Wow Point නිෂ්පාදනය කළමනාකරණය කරපු මේ නිර්මාණය 2024 අප්‍රේල් 5 වෙනිදා Netflix හරහා ලෝකයට නිකුත් වුනාට පස්සෙ හොඳ ධනාත්මක සමාලෝචන ලබාගන්න සමත් වුනා.

Parasyte: The Grey Sinhala Subtitles

අපි කතාවටත් කියනවනෙ මූ මගේ මොළේ කනව කියලා. මේ ග්‍රේ කියන්නෙත් අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ ශරීරයට ඇතුල් වෙලා එයාලගෙ මොළේ කාලා ඒ ශරීර තමන්ගෙ පාලනයට ගන්න පිටසක්වල ජීවී කොටසක්. ජන්ග් සු-ඉන් බොහොම නරක ළමා කාලයක් ගත කරපු තරුණියක්. දැන් එයා සුපිරි වෙළඳසැලක රැකියාව කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකරගෙන ඉන්නවා. මේ තරුණිය තමයි ග්‍රේ ගෙ බිල්ලක් වෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. දවසක් රැකියා ස්ථානයෙදි සු-ඉන් කරදරකාර පාරිභෝගිකයෙක් එක්ක ගැටළුවක් ඇති කරගන්නවා. මිනිස්සු ඉස්සරහ ලැජ්ජාවට පත්වෙන පාරිභෝගිකයා තරහින් පිට වෙලා ගිහින් සු-ඉන් එලියට එනකල් බලන් ඉන්නවා. රැකියාව ඉවර වෙලා යන සු-ඉන් පස්සෙන් යන මේ මනුස්සයා සු-ඉන් අල්ලගෙන එයාට පිහියකින් ඇනගෙන ඇනගෙන යනවා. ඒත් එතනට ආපු පොලීසියට දකින්න ලැබෙන්නෙ ඇස් වලින්ම දැක්කත් විස්වාස කරන්න බැරි දෙයක්..ඒ මොකක්ද කියල දැනගන්න 1 වෙනි කොටස බලන්න වෙයි……..

එහෙනම් අපි දැන් කතාව බලන්න පටන් ගමු.

ඔන්න කලින්ම අනතුරු අඟවනවා ඔයාලත් ඔයාලගෙ   පරිස්සම් කරගන්න.

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Parasyte: The Grey Sinhala Subtitles

All BT1

Next BT1

5 thoughts on “Parasyte: The Grey [S01 : E01] Sinhala Subtitles | සු-ඉන් ගේ අරගලය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරි සුපිරි 2014 2015 මේකේ මුවීස් දෙකක් ආවා එකේම කොටසක් විදිහට තමා මං හිතන්නේ මෙක යන්නේ

    Reply
  • මේක ඩවුන් කරාම වෙන සබ් එකක් ඩවුන්ලොඩේ වෙන්නේ….

    Reply
  • අලුත්ම පට්ට සීරිස් එහෙකට සබ් දීලා තියෙන්නේ….
    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *