කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ . 🙂 කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුග…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ . 🙂
කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.
ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් ඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා.
මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි. තුන්වෙනි කොටසෙදි ටොමි තනිකරම කඩා වැටීමකට ලක්වුණා. ක්ෂය රෝගය නිසා ටොමිගේ දුව වෙන රූබිව ටොමිට අහිමිවෙනවා. රුබිට එහෙම වෙන්නේ යම් කෙනෙක් නිසා කියල එස්මේ ටොමිට කියනවා. ඒ වගේම, මිස්ටර් නෙල්සන්, ඔස්වල්ඩ් සහ ඒඩා අතර මුනගැහිමක් වෙනවා. ඒ මුණගැසීම ගිය හැටි මතක ඇතිනේ? පහුගිය කොටස, ඒ කියන්නේ සිව්වැනි කතාංගය. රුබිගේ අවමංගල්‍යයෙන් තමයි කතාව පටන් ගන්නේ. අවමංගල කතාවේදී ටොමි කිව්වා එයා යහපත් විධියට ඉන්නව කියල. හැබැයි යහපත් විධියට ඉන්න ගන්න කලින් ත්‍රිත්ව මිනීමැරුමක් කරනවා. ඒත් එක්කම ටොමිට අලුත් හතුරෙක් මුණගැහෙනවා. මේ තමයි ටොමිගේ අන්තිම හතුරා. ඒ හතුරා ටොමිට දෙන්නේ අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක්.
මෙවර කතාංගයෙන්,
අද කොටස, එහෙම නැත්නම් පස්වෙනි කොටසෙ කතාව ගැන ඉඟි දුන්නොතින් එහෙම, අද ටොමි නොහිතන විධියකට සෙල්ලම පෙරලෙන තත්වයක් පෙන්නුම් කරනව. ටොමිත් යම්තාක් දුරකට හොඳ වේගෙන එනවා වගේ. මම හිතන්නේ කතවට හොඳ අවසානයක් ලැබෙයි, හැබැයි ඒ අවසානය මොකක්ද කියල තවම හිතාගන්න බැහැ. මොකද ටොමිගේ බැකප් ප්ලෑන් එක මොකක්ද කියල අපිට හිතාගන්නත් බැහැනේ. 🙂 ..
එහෙමනම් අවසාන කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. පැය එකහමාරක කතාංගයක් කියලයි ආරංචි දැනට.
The Road to Hell
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 8.9
Air Date: 27 Mar 2022
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
31,300 downloadsDownload Peaky.Blinders.S06E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
197 comments
Gihan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Shan
සහෝ ඊයේ රෑ ආපු එක අදම දෙන්න ආ අන්තිම එකනේ
dmt sanjeewa
Thanks vima aiya
Anonymous
ko bn download link
ekakatawath deela naPavith
Appe athi yantham thanks
Induwara
Elm bro. Api ubata baninne kohomahari sub eka ikmanata gantane bn e mokada api dannawa eka hodai kyla
Dhanuja Thiwanka
අන්තිම ඒපියටත් ඉක්මනට ඕනේ
wijeweera
maru maru cago anthima ekath sanika demu
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Anthima eka dendoooooo
Hasitha
අන්තිම එකවත් ඉක්මනට දියම්කො...
මේකට thanks!!
Richard
අන්තිම එකත් ඉක්මනට දෙමු කොල්ලො ❤️❤️❤️
Anonymous
Sub ekat thanks aiya
Muditha wijesinghe
Antima eka ikmnt danna aiya
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Sahan
Thanks bro
Ravi
Thanks machan. Anthima eka ikamanata damu
Anonymous
Epi 6 ekata sub eka dhannako aiye
Anonymous
Page eka adha dawasa puraama balagena innawa thaama epi 6 sub eka update velaa ne aiye pls ikmanata dhala dhennako
Avinda Dilshan
Thanks so much for the subtitle. And looking forward to the final episode!
Lahiru
Bohoma sathuthi saho
Induwara
Sub ekata thanks bn. Anthima ekanm ikmanta one. Anthimakane bn puluwannm adama dapn
Kasun
ඉරිදා වෙනකම් නම් ඉන්ට බෑ බන්. අන්තිම එකනෙ අද හෙටම දාමු
Anonymous
Anithima ekath ikmanta dpn bosa
Raveesh
අන්තිම එක ඉක්මනට ඕනෙ බොසා
spider
sub ekata bohoma sthuthiyi
Yashii
thanks sub niyamai. anthima ekath ikmnta denna❤️
Dilip
Anthima ekath diyanko bn
Anonymous
Ade dapnko
Sahan
Dapanko bn
Pavith
Anthima ekatath illala adanta wena seen ekak thyenne
Raveesh
Ade dapanko
Tehan
Mu mekatath comment wadi wenakal balan innawa. Shick
Anonymous
Sathiyak wennath awa thama sub 1ka nane. Welawata sub denna ba nm denna puluwn ekekta dipan.
Mihiran
Ado awsan epiya blnn dn sehen kalyk bln innw. Klin eke wechcha deth mathka nh dn.
Anonymous
අපිට සබ් හදා ගන්න පුලුවන් බන්..හැබැයි සංස්කරණය 100% නෑ.ඇප් එකක් තියෙනවා සිම්පල් ෆයිල් ට්‍රාන්ස්ලේටර් කියලා..ඒක බාලා English සබ් එක බාලා ඒකට දාලා හදා ගනින් මම එහෙම බැලුවේ අව්ලක් නෑ බලන්න පුළුවන්
Anonymous
E 6 eka danne nadda. godak kal idan balan inne.
Raveesh
Ado dipanko bn
Pasindu
6 ek dpn bn..thw kiynd oni website eke aluth widihth awl..ikmnt dpn oka..epa wenw apit
lucy
ko anthima ek thaama na epa wenawa ! shik
Anonymous
#WeWantPBE6SinSub#
Raveesh
මොනාද බන් තෝත් නිකන් ගෝටා වගේ කියන සිංහල තේරෙන්නැ
Kanishka
Sub file 1k deehnko
Pavith
Ado dan nm tharaha yanwa machn uba dan sathyakma addane. Episode eka downloaduth karala thama balanne nathuwa inne.
Kasun
Thama na
Tehan
රෙද්ද. දාලා නෑනෙ, පිනට අරන් බනිනවා කියන්ට එපා. උබ මේකේ සෙට් එකක්ම sub එක ගන්ට බලාගෙන ඉන්නවා කියලා දැන දැනත් හිතලම පරක්කු කරලා අන්තිමට සතියක් විතරම ගියාට පස්සේ තමා දාන්නේ.එක්කො කලින් කියපන්කෝ කවද්ද දාන්නෙ කියලා. එකක් දෙකක් නෙවේනේ උබ හැම එකටම මෙහෙම කරපු නිසා තමා මේ කියන්නෙ
Dasun
Light නෑ කිය කිය බයිල කෙලිය පහු ගිය ටිකේ ලයිට් තිබ්බ දවස් දෙකේ වත් දුන්නෙ නෑ නෙ
Rashid
සිරා බන් එක්කො කලින් කියන්න ඕන මූ comment වැටෙන කන් ඉන්නෙ
Raveesh
මොනාද බන් තෝත් නිකන් ගෝටා වගේ කියන සිංහල තේරෙන්නැ
Anonymous
Oiii koo last epsoide eka Eka awillth satiyak wenwa yakoo thma nane dipanko ikmnata
Dasun
දවසට විනාඩි 10ක් sub කරත් සතියෙන් දෙන්න පුලුවන් නේ ඔයි.. සතියක් ගියා නෙ තව නෑ නේ... චාටර් බං බැරි නම් ගන්නෙ නැතුව ඉදහංකො රෙද්ද
Anonymous
site eke hamadama rasthiydu wena eka wenne...
hariyata dawasak denna medata dennam kiyala..spider
site eke hamadama rasthiydu wena eka wenne...
hariyata dawasak denna medata dennam kiyala..
ruchira
s6e6 sub kwdd enne
Mahesh
සබ් එක දෙන දවසක් හරි කියන්නකො .
Anonymous
Sub eka denne kawadada
kawadadaAnonymous
Man dan kaleka idan sinhala sub dan na.meke mulinma sub dunne subz.lk eken.Mu site eke traffic wadi karaganda dan nathuwa inne.sinhala sub nathuwa balapan English hari hadei.mula idanma sinhala baluwa hinda innawa meke sub denakn.haha
Pavith
Mokakda bn dapanko
Anonymous
මුන් මේ ට්‍රැෆික් එක වැඩි කර ගන්න පරක්කු කරන්නෙ..
අපි සැරින් සැරේ එනවනෙ එතකොට
this is business
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබට තුති සහෝ