අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Poacher [S01: E05] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E05] Sinhala Subtitles

2024 පෙබරවාරි 24 වෙනි දින Amazon Prime ඔස්සේ විකාශනය ආරම්භ වුන Poacher (2024) කතා මාලාව Richie Mehta ගේ අධ්‍යක්ෂණයක්. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya, Kani Kusruti, Ranjitha Menon ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. කණගාටුවට කරුණ තමයි මෙම කතා මාලාවේ බොහෝ සිද්ධීන් සත්‍ය වන අතරෙ කේරළයේ මලයත්තූර් ප්‍රදේශයේ සිදුවූ ඇතුන් දඩයම් කිරිමේ සිද්ධියක් පදනම් කරගෙන මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙනවා.

Poacher [S01: E05] Sinhala Subtitles

මේ වෙද්දි මේ කතා මාලාවේ ‍කතාංග හතරක්ම නරඹලා අවසන් වෙලා තියෙන හින්දා වැඩි විස්තර නැතිව පස්වෙනි කොටසෙන් මොකද වෙන්නේ කියලා බලමු.

Poacher [S01: E05] Sinhala Subtitles

අලි ඇතුන් දඩයම් කරපු දඩයක්කා‍රයෙක්ගේ දරුවෙක් වුණ මාලා තමන්ගේ තාත්තා ජීවත්ව හිටිය කාලේ කරපු පව් ගෙවනවා කියන අරමුණෙන් නොවුණත්, ඇය සොබාදහමට සතා සීපාවුන්ට අසීමිතව ආදරේ කරන හින්දම මේ ඇත්දළ ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ තමන් ගැන බිඳක්වත් හිතන්නේ නැතිවයි. පොයියාගේ හැසිරිම් එක්ක දරා ගන්න බැරි වෙහෙ‍සකින් කඩා වැටෙන මාලා තමන්‍ ගැන නොහිතමින් ආයෙමත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. මේ අතරෙදි ඇලන් රාස්ගේ දුරකථන වාර්තා පිරික්සද්දි තවත් දඩයක්කාරයෙක් ගැන ‍ තොරතුරක් ලැබෙනවා. ඇත්තටම මේ පුද්ගලයා හින්දා තව තවත් මේ මෙහෙයුම සංකීර්ණ වෙනවා.

Poacher [S01: E05] Sinhala Subtitles

මේ විදියට ඇත්දළ ජාවාරමට තිත තියන්න මාලා, ඇලන්, නීල් සර් ඇතුළු පිරිසට හැකි වෙයිද? තමන්ගේ පෞද්ගලික ජීවිතේ වගේම තමන්ගේ වෘත්තිය ජීවිතේ සමබර කර‍ගෙන මේ මෙහෙයුම සාර්ථක කර ගන්න මේ අයට ඉඩ ලැබෙයිද? අපි Poacher බලලම ඒ ගැන දැනගමු නේද?

Poacher [S01: E05] Sinhala Subtitles

මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තු හේෂාන් මල්ලිට ස්තූතිවන්ත වෙනවා වගේම තවත් උපසිරසියකින් ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.

Poacher [S01: E05] Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Poacher [S01: E05] Sinhala Subtitles

2 thoughts on “Poacher [S01: E05] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *