අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Quantum of Solace (2008) Sinhala Subtitles | නොදැමුණු ජේම්ස් බොන්ඩ් ගේ දඩයම්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 19 votes.
Please wait...

බයිස්කෝප් බොන්ඩ් හෙවත් අපි හැමෝම දන්න සමීර මලයා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔන්න එහෙනම් මම අවසාන කරනවා. සමීර මලයා පටන් නොගන්න මම මේකට අතවත් තියන්න ඉඩ තිබ්බෙ නෑ. ඔහුට බයිස්කෝප් රසික අපි සැමගේ ස්තූතිය හිමිවෙන ගමන්ම මෙන්න අද මම ගේනවා විසි දෙවෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. අවසානෙටම ආව 23 වෙනි එක මේ අවුරුද්ද පටන් ගන්න දවසෙම අපේ බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි එක්කම ලැබුණා මතක ඇතිනේ.

කොහොමහරි මේ තමා දැනට ඉන්න ජේම්ස් බොන්ඩ් හෙවත් Daniel Craig ගේ දෙවෙනි පණ පෙවීම. කලින් උන්නු බොන්ඩ් ලට වඩා ක්‍රේග් ටිකක් මිටි කෙනෙක්. ඒ හින්දම එයාව තෝරගන්නවා කියපු වෙලාවේ ඉඳන් ඔහුට බොන්ඩ් රසිකයන්ගෙන් සෑහෙන විරෝධයක් එල්ල වුණා. ඒත් අන්තිමේ ඔහු බොහොම හිත් පිත් නැති ඝාතකයෙක් විදියට වැජබෙන්න සමත් වුණා. කොහොමහරි මේක හරියටම 21 වෙනි එක ඉවර වෙන තැනෙන් තමා පටන් ගන්නේ. මතක ඇතිනේ ඒකේදි බොන්ඩ් ගේ පෙම්වතිය විදියට උන්නු වෙස්පර්ව ඝාතනය කරනවා වගේම ඔවුන් පස්සෙන් බොන්ඩ් පන්නන්න ගන්නවා. ඉතින් මේක පටන් ගන්නෙ එතන ඉඳන්. ඒ වගේම මේක බොහොම ක්‍රියාදාම වලින් සපිරුණු චිත්‍රපටියක්.

ඒ වගේම බයිස්කෝප් බොන්ඩ් තව දෙයක් දෙන්න කිව්වා. ඒ තමා බොන්ඩ් වාහන වෙනුවෙන්ම වෙන්වූ Top Gear වැඩසටහනක් ගැනයි. – Season 18 Episode 12 – 50 years of Bond Special තමා ඒ කොටසේ නම. හැකියාවක් තියෙන අය ඒක බාගෙන බැලුවොතින් බොන්ඩ් වාහන ගැන මුල ඉඳන් අගට යනකම් දැනගත්ත හැකි.

මේ චිත්‍රපටය ගැන මම ලිපියක් කලින් ලියලා තිබ්බ වුණත් උපසිරැසි දිලා තිබ්බෙ නෑනේ. ඒ අඩුවත් අද පුරවන්න ලැබුණා එහෙනම්. ඉතින් මේ දක්වා මා සමග බොන්ඩ් චිත්‍රපට 15 ක් තුළින් හමුවූ ඔබ සැමට ප්‍රණාමය පුදකරන ගමන් මම ඔබගෙන් සමුගන්නවා. අලුත්ම බොන්ඩ් චිත්‍රපටිය එනකොට ඒකටත් අපේ කවුරුහරි උපසිරැසි දෙයි කියන බලාපොරොත්තුවත් රඳවාගන්න කියලා ඉල්ලා හිටිනවා. කැමතිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

<< 007 – 21                                                                                                              007 – 23 >>

 

56 thoughts on “Quantum of Solace (2008) Sinhala Subtitles | නොදැමුණු ජේම්ස් බොන්ඩ් ගේ දඩයම්. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • නිමේෂ් කාවින්ද

    ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි රොයිලි සහෝ !!!!

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • Nishanpradeep95

    tnx bro good job

    Reply
  • James bond ithuru film wlath sinhala subtitle dannako

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි 😀

    Reply
  • ප්‍රදීප් ජයලත්

    රොයිලි ප්‍රනාන්දු අයියා Lost TV කථා මාලාවේ සිංහල උපසිරැසි දෙන්නකෝ මම කැමතිම TV කථා මාලාවක්. පිං සිද්ධ වෙනව‍ා අයියා. මේ ගැන උනන්දුවක් දක්වාවී කියල බල‍ාපෙ‍ාරොත්තු වෙනව‍ා.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thank you machan.Good Job.

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ගමයා

    සබට ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි..
    බොන්ඩ් වාහන වෙනුවෙන්ම වෙන්වූ Top Gear වැඩසටහන ගෑන දාපු එක ගොඩක් වටිනවා. ඒ වගේ එවා ඉදිරියටත් දාන්න.

    thanks

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ඔයා මේ ටික දීපු එකනම් බොහොම වටිනවා, අනික බොහොම ඉක්මනට ඉවර කළා , හැකිනම් තව මේ වගේ ලස්සන චිත්‍රපට මාලාවන් තියෙනවා ඔයා දන්නා කැමති එකක් තිබේනම්, වෙලාවකුත් වෙන්කර ගන්න හැකිනම් කරන්න බලන්න, ජයවේවා.

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි…….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………

    Reply
  • mudiya / මුදියා

    අපේ සබ් රජා එහෙනම ඒකත් ඉවර කරා නේද.
    මේ වගේ හපන් කමක් කරන්න පුළුවන් වෙන ජගතෙක් ඉතිං ලොවෙත් නෑ.
    නියමයි රොයිලි.
    ස්තූති කරන්න වචන නෑ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Pattaaaaa……… film

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    අප්පට හුඩු…. එල එල ////

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    කැමතිනම් කමෙන්ට් එකක් ගෙන යන්න,
    මොකක්ද අප්පේ ඒ කතාව
    අපේ දෙවැනි 007 කොලුවෝ කරගහපු කර්තව්‍ය ඉවරයක් කරලම බිමින් තිබ්බා එහෙනම්පිළිවෙලකට කොනක පටන් වනාගෙන යාමක් තමා තියෙන්නේ එහෙනම් නේද
    මෙතෙක් කල් වෙච්චි මහන්සියට බොහොම ස්තුතියි රොයිලි අයියේ
    ඊළගට මොනාද ? 😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එහෙනම් ඒ සෙට් එකත් ඉවරයි
    ඇත්තටම ලොකු වැඩක් කලේ ඔයා
    මේ සෙට් 1ට සබ් කරලා
    මේක පටන්ගත්ත සැමීටත් ස්තුති
    කරන්න ඔනි මේ වෙලාවෙ……..
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Nisal Lakshan

    maru ayye thankxx ayya kiwwata awulak nene mata thama 17y

    Reply
  • අම්මෝ අයියා දෙන එකකට කමෙන්ට් නොදා කාගේ ඒවාට දාන්නද,he he
    බොහොම ස්තුතියි අයියේ

    Reply
  • මාලින්

    Pls, Never say never again ෆිල්ම් එකත් දෙන්න.

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි රොයිලි සහෝ. ඔක්කෝ ම ටික දැන් පිළිවලට ම බලන්න පුලුවන් උපසිරැසිත් එක්ක. මේක බොන්ඩ් ගේ මම ආසම චිත්‍රපටයක්. ආයේ බලන්න හිතයි. ස්තුතියි උපසිරැසි ගැන්වීමට.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • නලින්

    නියමයි රොයිලි අයියා!

    ජය වේවා!

    Reply
  • machaan menna me film eketh sutitel hadala dannako
    Good Luck Chuck[2007]

    Reply
  • Ane Machanla Sinhala Sub Ekak Dunnoth Puduma Pinak..

    Reply
  • meke sinhala sub dowonlod karana link eka ewanna pluwanda mata???hurry up

    Reply
  • ko bn meke sinhala sub eka?

    Reply
  • මේකනම් මම කලින්ම බලලා තිබුනා. මේ නලුවා එච්චර ගතියක් නෑ වගේ නේද.

    Reply
  • කැස්පා

    බලමු බාෙගනම

    Reply
  • පොතේ ගුරා

    @මම!ඔයාගෙ ඊමේල් ලිපියන දෙන්න..කැමති නම් මෙතන දාන්න..නැත්නම් [email protected] ලිපිනයට ඊමේල් ක‍රන්න..

    Reply
  • රොයිලි ප්‍රනාන්දු සොහොයුරා
    හොයාගන්නේ කොහොමද ???

    Reply
  • පොතේ ගුරා

    @Uraj !ඔව් ඔව් මචන්..බාල බලන්නකො..ක්‍රියාදාම ලෝකයක්!

    Reply
    • ගමයා

      Top Gear වෑඩසටහනේ torrent එකක් බාගන්න පුලුවන් තෑනක් හරි link එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..

      Reply
  • අෆ්ෆටසිරි…….. මේක කැසිනෝ රෝයල් වලට පස්සේ ආව එකද……?? අද රෑම බා ගන්න ඕනා……….. 😀 තෑන්ක්යූ පොතේ ගුරෝ ………!! 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *