logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Real (2017) Sinhala Subtitles | ඇබ්බැහි වීම. [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 9.2/10. From 38 votes.
Please wait...

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ ජූනි 28 වන දින තිරගත කිරීම ආරම්භ කල Action ගණයට අයත් වෙන IMDb 5.2 ක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ වෙන ජන්ග් ටේ යොන්ග් ට පණ පොවන්නෙ හැමෝම දන්න අනන්තෙන් ආපු තරු කුමාරය තමයි. ඒ කියන්නෙ කිම් සූ හ්යුන්. මේ චිත්‍රපටිය අති සාර්ථක චිත්‍රපටියක් වෙයි කියල තමයි මමත් අනිත් හැම දෙනාමත් හිතාගෙන හිටියෙ. ඒත් හැබැයි මේ චිත්‍රපටියෙ තියෙන සංකීර්ණ බව නිසා සහ තේරුම් ගැනීමේ අපහසුව නිසාම වෙන්නට ඕනෙ කිසිම කෙනෙක් නොහිතපු විදියෙ අඩු රේටින්ග්ස් මේකට ලැබුනෙ. හැබැයි මේ චිත්‍රපටිය මනසින් බැලුවොත් නම් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මටත් හරියටම තේරුම් ගියෙ දෙවැනි පාර බලද්දි තමයි.

හැබැයි මේ නිර්මාණයේ ක්‍රියාදාම වලින් නම් අඩුවක් නැහැ. ඒ හේතුව නිසාම සහ කුතුහලය නිසා මේ චිත්‍රපටිය බලන්න මම ආරාධනා කරනවා. ඉතින් සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි.. ජන්ග් ටේ යොන්ග් කියන්නෙ එකම ශරීරයක ආත්ම දෙකක් එහෙමත් නැතිනම් පෞර්ෂ දෙකක් තියෙන රෝගියෙක්. එක පෞර්ෂයක මෙයා අති සාර්ථක කැසිනෝ එකක අයිතිකාරයෙක් වගේම මැරයෙක්. ඒ වගේම තමයි විශේෂ මත් ද්‍රව්‍යයකටත් මෙයා ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙයාගෙ අනිත් පෞර්ෂය ස්වාධීන වාර්තාකාරයෙක් හැටියට තමයි පෙනී සිටින්නෙ. ඒ කියන්නෙ මෙයා අපරාද හොයාගෙන විමර්ශනය කරලා ඒක ප්‍රවෘත්ති හැටියට නාලිකාවලට විකුණනවා. ඉතින් මේ මැර ජන්ග් ටේ යොන්ග්ට ඕනෙ වෙනවා මෙයාගෙ අනිත් පෞර්ෂය නැති කරල දාන්න.එහෙමත් නැතිනම් මරල දාන්න.හැබැයි මෙයා දිවිනසා ගන්නෙ නැතුව ඒ පෞර්ෂය නැති කරන්න විදියක් නැහැ.නමුත් මෙයාගෙ දොස්තර මෙයාට වෙනස්ම විදියෙ අදහසක් දෙනවා. කොහොම හරි මේ වැඩේ හරි ගියා කියල තමයි ජන්ග් ටේ යොන්ග් හිතන්නෙ.ඒ වුනාට එයාගෙ අනිත් පෞර්ෂය වෙන කෙනෙකුගෙ ශරීරයකින් මතු වෙලා මේ ජන්ග් ටේ යොන්ග්ව හොයාගෙන එනවා. මෙයා එන්නෙ ලොකු අනතුරකට පත් වුණු කෙනෙකුගෙ සිරුරකින්. මෙයාගෙ මූණ සම්පුර්ණයෙන්ම විනාශ වෙලා නිසා මෙයාට ප්ලාස්ටික් සැත්කමක් කරනවා.ඒ සැත්කම කරන්නෙ ජන්ග් ටේ යොන්ග්ගෙ මූණ තියෙන විදියටමයි. ඒ වගේම තමයි කටහඬ පවා අනිත් ජන්ග් ටේ යොන්ග් වගේ හදා ගන්නවා.

ජන්ග් ටේ යොන්ල දෙන්නම තමන් තමයි ඇත්තම කෙනා කියල හිතාගෙන ඉන්නෙ.ඉතින් හැබෑම ජන්ග් ටේ යොන්ග් කවුද? මේ විශේෂ මත් ද්‍රව්‍ය මොකක්ද? අන්තිමට කවුද ඉතුරුවෙන්නෙ කියන එක බලලම තේරුම් ගන්න කියල මම ඉල්ලනවා. කතාව තේරුණේ නැතිනම් මට බනින්න එහෙම එපා හොඳද? එහෙනම් අදට ගිහින් එන්නම්. බුදුසරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


33 thoughts on “Real (2017) Sinhala Subtitles | ඇබ්බැහි වීම. [සිංහල උපසිරැසි සමඟ] [18+]

  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • සිංහල උපසිරැසියට ⁣බොහෝම ස්තුතියි #

    Reply
  • විස්තරය කියෙව්වම්න්ම් ආසා හිතුනා… ඉස්තුත්යි.. සහෝ ගේ මහන්සියට…. ටොරන්ට් ලින්ක් එකක් සොයාගන්න නැතෝ..

    Reply
  • ඔන්න 2000 වෙනියට සබ් එක මං ගත්තා…තෑන්ක්ස්

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thank u.marama amarui tama meka terum ganna

    Reply
  • බොහොම ස්තූතියි….

    Reply
  • thanks macho..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • මාත් දැන් ඇබ්බැහි වෙලා ඉන්‍ නෙ….. කොරියන් ෆිල්ම් වලට….
    thanx….. bro………………….

    Reply
  • thankes bro….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුති කැලුම් සහො ……

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Thirst (2009) ෆිල්ම් එකටත් සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  • එල
    එල
    මොකෝ මේක 18 + දාලා තියෙන්නේ

    Reply
  • Ela saho thanks

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *