Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ ප්‍රතිනිර්මාණ ගොඩක් ඇවිල්ල තියෙනවා. Ring (1998) එහෙමත් නැත්නම් Ringu (1998) අධ්‍යක්ෂණය සිදු කරල තියෙන්නේ Hideo Nakata කියන ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. Kôji Suzuki ගේ 1991 වසරේ නවකතාවක් පාදක කරගෙන තමයි මේක නිර්මාණයක කරල තියෙන්නෙ. පුරා පැයකුත් විනාඩි 36ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයත් වෙන්නේ Horror|Mystery කියන කාණ්ඩයට. Imdb දර්ශකයේ 7.2 ප්‍රේක්ෂක මනාපයක් සහ Rotten Tomatoes වල 97% ප්‍රේක්ෂක පනාපයක් දිනා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 84% මනාපයක් ලබාදීල තියෙනවා. මුළ සිට අගට යනකම්ම භීතියෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. නොබලපු හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.
කතාව වෙන්නේ, යාළුවෙක් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් වෙන අත්භූත සිදු වීමක් තවත් යාලුවෙකුට කියමින් ඉන්නවා. ඉතින් මේ සිද්දියම ඒ යාලුවත් මීට සතියකට කලින් අත්විඳල තියෙනවා. ඒ කතාව තමයි, මැදියම් රැයේ රූපවාහිනිය නරඹමින් ඉන්න අතරවාරයේදි රූපවාහිනියෙන් ගෑනු කෙනෙක් මතු වෙලා “තව සතියකින් ඔයා මැරෙණවා” කියල කියනවා. ඒත් එක්කම ගෙදර ෆෝන් එක රිං වෙන්න ගන්නවා. ෆෝන් එක ඉස්සුවම අනිත් පැත්තෙන් කියන්නේ “ඔයා ඒක බැලුවා” කියල. ඉතින් මේ කතාව කියල ඉවර වෙද්දිම මේ යාළුවගේ ගෙදරත් ෆෝන් එක රිං වෙන්න ගන්නවා. මං මේ කිවුවේ චිත්‍රපටියේ මුල් විනාඩි 05 විතරයි. ඉතුරු ටික ඔයාලම බලන්නකො.
නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. මං ගිහින් එන්නම්. බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2597 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks you
Thanks
Thanks for sub!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක blurayවලට update කරාට 🙂 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය !!
Thanks jayawewa….!
නියමයි.බොහොම ස්තූතියි.මේ 3 ටත් සබ් දීලා ෆිල්ම් සීරිස් එක සම්පූර්ණ කරන්න
බලන්න සහෝ පුළුවන්නම්, Ring 2 (1999),Ring 0: Birthday (2000),Sadako (2019)
මේ සීරිස් එකේ ඉතුරු ජපන් ෆිලම් ටිකට සබ් තියනව සයිට් එකේ.ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ දුන්නු උපසිරැසියට. පින් සිදු වේවා මේ කැපවීමට.
Request…..
“Ringu” japanese movie collection
“Grudge” japanese movie collection
“Hellraiser” English movie collection
Omen 2 – 1978, Omen 3 – 1981, Omen 4 -1991
Boogeyman 2 – 2007, Boogeyman 3 – 2008
Candyman 1992, Candyman 2 – 1995, Candyman 3 – 1999, Candyman 4 – 2020
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බ්‍රෝ මේක blurayවලට ගැලපෙනවද 🙂
ගැලපෙන්නෙ නැත්තං මේකෙ blurayත් තියන නිසා blurayවලටත් ගැලපෙන්න sync කරනවද
තෑන්ක්ස් සබ් එකට 🙂