Şahsiyet AKA Persona [S01 : E12] Sinhala Subtitles | හැංගිමුත්තමක අවසානය.. [සිංහල උපසිරැසි]
ඉතින් දවස් 11ක් තිස්සේ නරඹපු අපූරු තුර්කි කතාමාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ ඇවිත් ඉන්නේ. කොටස් 12කින් යුක්ත මේ කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකය අනූව 9.1ක රේටින් අගයක් ලබාගෙන Top Rated TV Shows 250 උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව මේ වෙද්දී බලාගෙන ආපු අය දන්නවා මේක මොන විදිහට ගලාගෙන යනවද කියලා. එහෙනම් අපි බලන්න ගමු අවසාන කොටසත්. පහුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්කෝ.
තමන්ගේ අමතක අතීතය ටික ටික මතකයට එද්දි නෙව්රා මේ අබිරහසේ පොටක් පාදගෙනයි හිටියේ. රෙයිහාන්. එයාගේ පොඩිකාලේ යාළුවා. එතකොට මේ අබිරහසට, මේ මිනීමැරුම් 11ට හේතුව එයාගේ යාළුවා රෙයිහාන්ද? මේ ඔස්සේ නෙව්රා එයාගේ හෝදිසි මෙහෙයුම කරගෙන යන්න පටන් ගන්නවා ආටෙස් සහ සෙෆාගේ උදව්වත් එක්ක. ඔය අතරේ නෙව්රාගේ අම්මගෙනුත් විවිධ කරුණු එළිදරව් වෙන්න ගන්නවා. ආගා ගැන කතා කරොත් මිනිහා ලෑස්තිවෙලා හිටියේ නුඛෙත් එක්ක චාරිකාවක් යන්නයි. උඩින් බලද්දී චාරිකාවක් උනාට ඒකෙ යටි අරමුණක් ආගාට තිබුණා. ටොල්ගාගේ මාධ්‍ය සාකච්ඡාවත් එක්ක මිනිහා හිටියේ ටිකක් පීඩනයකින්. ඔය අතරේ ෆිරුස් වෙන පැත්තකින් ආගාට ලංවෙලා හිටි බවත් ආගා දැනගෙන හිටියේ නෑ.
එහෙනම් මේ අවසන් කොටසේ මොනවයින් මොනවා වෙයිද? මොන අතකට කතාව පෙරලෙයිද? කවුරු කවුරු තමන්ගේ ජීවිත ගමනට සමුදෙයිද කියලා දැනගන්න කතාමාලාව එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අවසන් වශයෙන් මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු වුණු අපේ සහෝදර මඩුල්ල නිලුපුල්, කවිනු, සොහාන්, ලහිරු, යුරාන්, රවිඳු, රොෂාන්, ඉසුරු ඇතුළු පිරිසව ආදරයෙන් මතක් කරන ගමන් චාමර, සිසිල ඇතුළු අපේ පරිපාලක මඩුල්ලවද ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉදිරියෙදිත් තව කතාමාලාවක උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. හැමෝටම ජයවේවා. පරිස්සමට ඉන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1322 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ඉදිරියටත් මෙවැනි ෆැන්ටසි කතාමාලා වලින් මිදුනු කතාමාලා ලබාදෙන්න
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේක නම් සුපිරිම සිරීස් එකක් ..බොහොම ස්තුතියි සබ් ගෙනාපු අය ඔක්කොටම ..තව තවත් මේ වගේ සිරීස් දෙනවනම් ආයි සුපිරි ..
Thanks Guyz
මේක දැනුයි බලලා ඉවර උනේ.ඇත්තටම සුපිරිම කතාවක්.මේ වගේ සීරීස් එකකට සබ් දීපු එකට ස්‍තූතියි.තව මේ වගේ සීරීස් එකකට සබ් දෙන්න.
thanks for sub all
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks broo mekata sub dunnata thawath me wage supiri TV series ekak denna
පට්ටම සීරීස් එක
සබ් දීපු බයිස්කෝප් සෙට් එකටම තෑන්ක්ස්
තව මේ වගේම crime,mystery එකක් දෙන්න බලන්න
බාසා කේස් නෑ ඕන එකක් දෙන්න
Sub akta thanks
20 dakika [ 2013] turkish series ekata sub denna meka netflix series ekak
thanks sub ekata…
—- y the last man ( 2021 ) Tv serious —— ekatath sub eka dennako plz…
Thanks…….good luck…