අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Secret Invasion [S01 : E06] Sinhala Subtitles | නිවහන… [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 24 votes.
Please wait...

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියළු දෙනාටම. මේ උණු උණුවේ අරගෙන එන්නේ Marvel/Disney එකමුතුවෙන් ගහන අලුත්ම සීරීස් එක වන Secret Invasion එකේ අවසාන එපිසෝඩ් එක. මේක නම් කරලා තියෙන්නේ “Home” හෙවත් “නිවහන” කියලා. සීරීස් එක බලනවා නම් දන්නවා ඇතිනේ ‘නිවහන’ කියන තේමාව මේ කතාවේ ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය අංගයක් කියලා.

කලින් එපිසෝඩ් එකේ වැදගත්ම දේ වුණේ “අස්වැන්න” කියලා කියන දෙයයි. එපිසෝඩ් එක නම් කරලා තිබුණේත් එහෙමනේ. මේ “අස්වැන්න” කියන්නේ Endgame සටනෙදී හැලුණු ඇවෙන්ජර්ස්ලාගේ ලේ වලින් ලබාගත්ත DNA. ග්‍රැවික්ට මේක ඕන කරලා තියෙන්නේ මේවයේ ගබඩා වෙලා තියෙන බලයන් ලබාගෙන සුපිරි-ස්ක්‍රල් කෙනෙක් වෙන්න, සහ එයාගේ මිනිස්සුන්ට ඒ බලයන් ලබා දීලා පෘථිවිය අල්ලගන්න.

ග්‍රැවික් සහ එයාගේ මිනිස්සු ගැන කතා කරනකොට අපි දැක්කනේ එයාගෙම නියෝජිතයෝ ටිකක් එකතු වෙලා එයාව බෙල්ල හිර කරලා මරන්න හදපු හැටි. ග්‍රැවික් මේ කැරැල්ලට සහභාගි වෙච්ච හැමෝවම මැරුවා. ඊටපස්සේ අණ කළා රෝඩිට එයාලගේ ගොඩනැගිල්ල තියෙන තැන එළිකරලා ජනාධිපති රිට්සන් ලවා ඒකට පහර දෙන්න කියලා. මේ ඔක්කොම කරන්නේ ෆියුරිට කියලා ‘අස්වැන්න’ ගෙන්න ගන්න. ඒක අන්තිමේදී හරියනවා කියලා අපි දැක්කනේ.

එපිසෝඩ් එක ඉවරවුණේ cliffhanger එකකින්. ෆියුරි ගිහින් එයාගේ සුපුරුදු ඇඳුම, eyepatch එකත් ඇතුළුව, දාගෙන ‘අස්වැන්න’ත් එළියට බහින්නේ ග්‍රැවික් එක්ක තියෙන ගනුදෙනුව ඉවරයක් කරලා දාන්න. ඉතින් ඒක කොහොමෙන් කොහොම ඉවර වෙයිද කියන එක මේ එපිසෝඩ් එක බලලම දැනගන්න.

Secret Invasion කොමික් සීරීස් එක Marvel Comics විශ්වයට විශාල බලපෑමක් කළා වගේම (ඒක ගැන තියෙන ලිපිය බයිස්කෝප් මංසලෙන් කියවලා බලන්න) මේ කතා මාලාවත් MCU එකේ ඉදිරියට ලොකු බලපෑමක් කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී එන Armor Wars ෆිල්ම් එක මේකෙන් set up කරනවා කියන්න පුළුවන්.

කතාව ගැන කියන්න තියෙන දේ තමයි; Marvel/Disney Plus එකමුතුවෙන් ගහපු හොඳම කතා මාලාවලින් එකක් කියන එක. ඒත් ෂෝ එකට තියෙන low ratings වලින් පේන්නේ කිසිම හයිප් එකක් නැති බවයි. Fandom එකේම ගොඩක් අයට වුණත් දැන් She-Hulk වගේ සීරීස් එක්ක Marvel/Disney Plus shows එපා වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ සුපිරි කතා මාලා මඟහැරෙන එක නම් කණගාටුවට කරුණක්.

එහෙනම් ඉතින්, මගේ තුන්වෙනි MCU කතා මාලාවේ උපසිරසි ගැන්වීම මෙතනින් අවසාන කරන්නම්. මුල සිට අග දක්වාම හැම එපිසෝඩ් එකක් ම නැරඹුව අයට ස්තුතියි. එහෙම නම්, අලුත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

19 thoughts on “Secret Invasion [S01 : E06] Sinhala Subtitles | නිවහන… [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • එහෙනම් ඒකත් අහවරයි නේද මලේ. බොහොම ස්තුතියි රියලබල් විදිහට මේ වැඩෙත් කලට වෙලාවට අවසන් කළාට.
    ආයෙ තව මාවල් කතා මලයාගේ අතින් පරිවර්තනය වෙලා ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනව ඉදිරියෙදි. 😀
    ජය! ✌

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහෝම ස්තූති සබ් එකට.පුළුවන්නම් FOUNDATION S02 එකටත් සබ් දෙනවද

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • thank you wewa brother…

    Reply
  • ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • ada dawasema meka koi welaweda danne kiyala balagena idiye.. thanx brother.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *