MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවිතානගේ ප්‍රියන්තසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Shagird (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

Rating: 7.4/10. From 14 votes.
Please wait...

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, මහාචාර්ය බ්‍රිජ්මෝහන් කාන්තාවන්ට, ප්‍රේමයට හා විවාහයට වෛර කරයි. ඔහු තම ශිෂ්‍ය රාජේෂ්ටද උපදෙස් දෙන්නේ කාන්තා ආදරය ප්‍රතික්ෂේප කරන ලෙසයි. රාජේෂ් අන්ධ ලෙස මහාචාර්යවරයා අනුගමනය කරන්නේ පූනම් නම් රූමත් තරුණිය හමු වෙන තුරු පමණි. පූනම්ගේ භාරකරු, මහාචාර්ය බ්‍රිජ්මොහාන්ගේ ගුරුවරයා වේ. ඔහු මහාචාර්යවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමා දීර්ඝ වන්දනා ගමනකට යන නිසා පූනම්ව රැකබලා ගන්නා ලෙසයි. පූනම් මහාචාර්යවරයා සමඟ රැඳී සිටිමින් ඔහුට මාමා ලෙස ඇමතූ නමුත් මහාචාර්යවරයාට ඇයව විවාහ කර ගැනීමට අවශ්‍යවේ. ඔහු තම මැදිවියේ පෙනුම වෙනස් කර පූනම්ගේ සිත දිනා ගැනීමට උත්සාහ කළද පසුව පූනාම් තම ශිෂ්‍යයා වන රමේෂ් වෙත ආකර්ෂණය වන බව ඔහුට පෙනී යයි. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ජෝ මුකර්ජි සහ සහිරා භානු ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවනා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා“. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ SHAGIRD Bollywood Full Movies # Hindi Movies Full Movie # Bollywood Movies Full යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්හතයි, තත්පර දාහතක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 634 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

14 thoughts on “Shagird (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • oya deepu parana filmss wala link hoyaganna ba .. puluwannam help ekk dennna 🙂

    Reply
    • Oya Priyantha Dayakeerthi namin athi face book account ekata gihin mata message ekak daanna. ma e gana thorathuru dennam.

      Reply
  • කවිඳු ජයවර්ධන

    සබ් එකට ගොඩක් ස්තූතියි.

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • දහරා මුතු අමා

    ඉස්සර බැලුවා වගේ මතකයක් තියෙනවා. මේකෙ සිංදු ටික නියමයි. බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • Thanks for your subtitle, “Old is gold”.I suggest Janwar 1965 film.

    Reply
  • පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් කරන මේ සේවය ඉතාමත් අගය කරමි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *