අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleUD Shehanඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Spanglish (2004) sinhala subtitles | ඇමරිකානු පවුලක මෙහෙකාර සේවයට යන ඉංග්‍රීසි නොදන්නා මෙක්සිකානු කත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 24 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම ! මීට කාලෙකට කලින් මම බලපු සැබෑ සුන්දර අර්ථයකින් යුත් 2004 වසරේ නිකුත් වූ චිත්‍රපටියක් තමයි මේක. සමාජ තත්වයන් හා සමාජ දුෂ්කරතා පිළිබද ගැඹුරු අන්තර්ගතයක් මේ චිත්‍රපටියේ අඩංගු වී තිබෙනවා. කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නළු ඇඩම් සැලැන්ඩර් මෙහි මෙහෙකාර සේවයට යන කාන්තාවගේ නිවසේ හමිකරු හැටියට ප්‍රධාන චරිතයකටද පණ පොවනවා. තමා සේවය කිරීමට යන අදාල රටෙහි භාෂාව නොදැනීම නිසා සිදුවන අපහසුතා සහ එම නිසා ඇති වන විවිධ අපූරු හාස්‍ය සිදුවීම් ඔබට මෙම චිත්‍රපටයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ මේ කාරණා නිසා මෙම චිත්‍රපටියට උපසි‍රැසි යෙදීමට මා තීරණය කරා.

කතාව ගැන එහෙනම් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්, මෙක්සිකෝවේ පිටිසර පළාතක ජීවත් වෙන අම්මා කෙනෙකුයි පොඩි ගැනු ළමයෙකුයි ඉන්නවා, මෙයාලගේ තාත්තා පොඩි කාලෙදිම මෙයාලව අත ඇරලා දාලා යනවා. මේ නිසා මේ අම්මට තමන්ගේ කුඩා දියණියව හදාගන්න කිසිම අදහසක් නැති අසරණ තත්වයකට පත්වෙනවා. තමන්ගේ දියණියට තිබෙන දැඩි සෙනහස නිසා මේ අම්මා තීරණය කරනවා රැකියාවක් කරලා ළමයව ජීවත් කරවන්න විදියක් හොයා ගන්න. මේ නිසා ඇය දේශ සීමාව හරහා ඇමරිකාවට ඇතුළු වෙනවා. මෙහිදි ඇය මුදල් ඉපයීම සදහා විවිධ ‍රැකියා වල නිරත වෙනවා. දිනක් ඇය මෙහෙකාර ‍රැකියාවක් සදහා ඇමරිකානු පවුලක සේවය කිරීමට යනවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඇය දැඩි ලෙස මෙහෙදි අපහසුතාවයන් වලටද නිරන්තරයෙන්ම පත් වෙනවා. මෙලෙස කලක් මෙම පවුලේ සේවය කිරමින් සිටින අතරතුරදි යම් කාරණයක් හේතුවන් තමන්ගේ දියණියවත් එම නිවසට ‍රැගෙනවිත් තම ‍රැකියා කටයුතු සිදු කිරීමට ඇයට සිදු වෙනවා. එම පවුලේ සිටින ප්‍රධාන කාන්තාව විසින් ඇගේ දියණියට දක්වන විශේෂ ආදරයක්, සෙනහසක් සහ උනන්දුවක් හේතුවෙන් මෙහෙකාර කාන්තාව දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ දෙනවා. මේ නිසා ගැ‍ටුම්කාරි තත්වයන්ද නිවස තුළ හට ගන්නවා.

හොඳයි, එහෙනම් චිත්‍රපටිය ගැන මම තවදුරටත් කියන්න යන්නේ නෑ. අරගෙනම එහෙනම් බලන්න. ලස්සන අර්ථයක් තියන, දුක හිතෙන සහ ටිකක් හිනා යන කතාවක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

22 thoughts on “Spanglish (2004) sinhala subtitles | ඇමරිකානු පවුලක මෙහෙකාර සේවයට යන ඉංග්‍රීසි නොදන්නා මෙක්සිකානු කත [සිංහල උපසිරසි සමඟ]

  • predeeptha

    thanks haho.ogollo karanne katawath karanna amru honda deyak.api oyalath ekka hamadamath innawa yalu.

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට……..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you

    Reply
  • ricadodamien

    thank u shehan brother & baiscope team for the sub, all the best to baiscope team……..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • supiri saho idiriyatama yamu

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    කොමඩියක් වගේ…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thanks machan…….jayawewa…..!

    Reply
  • thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොබී

    වෙනස් ආරක කතාවක් වගේ. අනිවාර්යයෙන් බලනවා. දිගටම සබ් දෙමු සහෝ.

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *