MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචාමර සම්පත්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සුපිරිම දුෂ්ටයින්ගේ කල්ලිය අභිරහස් වස්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 55 votes.
Please wait...

Batman: Gotham by Gaslight (2018) චිත්‍රපටයට පස්සේ ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත්වුන DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වුණු දෙවැනි චිත්‍රපටය එක්කයි අද මේ හමුවෙන්නෙ.ඊයේ දිනයේ (27 වැනිදා) තමයි පිටපත් නිකුත් වෙලා තිබුණේ. මේ ගැන දැනුවත් කරලා චිත්‍රපටය බාර දුන්නට සමීර අයියටයි, හසන්ත අයියටයි හුගක් ස්තුතිවන්ත වෙනවා.

Suicide Squad කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දීත් කට්ටිය දන්නවා ඇතිනෙ. Batman: Assault on Arkham (2014) ඇනිමේෂන් චිත්‍රපටයෙන් වගේම DCEU හි තුන්වැන්න හැටියට Suicide Squad (2016) චිත්‍රපටයෙන් දකින්න ඇති Suicide Squad කියන්නේ මොන වගේ කණ්ඩායමකින් යුත් අයද කියලා. ඔය කතා දෙකෙන් එකකට සම්බන්ධ නැතුවයි මෙදාපාර මේ නිකුත් වුන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමැන්ඩා වෝලර් ටාස්ක් ෆෝස් එක්ස් නිර්මාණය කරන්නේ ඩෙෙඩ්ෂොට්, කිලර් ෆ්‍රෝස්ට්, කැප්ටන් බූමර් රෑන්ග්, ගන් මෑන්, ස්නේක් අයි වගේම හාර්ලි කුවින්ව පාවිච්චි කරලා. වෝලර්ට ඕන වෙනවා නැතිවුණු කළු පාට කාඩ් එකක් අරගන්න. මේක හුගක් බලගතු කාඩ් එකක්. ඉතින් මේක තියෙන තැනින් හොයාගෙන අරන් එන්නයි තියෙන්නේ. හැබැයි මෙදා පොටේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද ඔය කියන කාඩ් එක අරගන්න වැන්ඩල් සැවේජ් වගේම ප්‍රොෆෙසර් සූම් එනවා. සූම්? ඒත් කොහොමද? මම කිව්වනේ වෙනින් කිසිම Suicide Squad චිත්‍රපටයකට මේක සම්බන්ධ නැහැ කියලා. හැබැයි එකක් සම්බන්ධ වෙනවා Justice League: The Flashpoint Paradox (2013) කියන චිත්‍රපටය. ඒකෙ අපිට පෙන්නනවානෙ අනික් ටයිම්ලයින් එකක බැට්මෑන් වෙලා උන්නු තෝමස් වේන් සූම්ට වෙඩිතියනවා. හැබැයි එතැනදී අපිට පෙන්නුවේ නැහැ සූම්ට මොකො උනේ කියලා. මිනිහා සැහෙන්න දුර්වල වෙලා ඉන්නෙ. එයාට කොහොම හරි දැන් ඕන අර කාඩ් එක අරගන්න. එතනින් එහාට කතාවේ මොකක්ද වෙන්නේ කියලා කියන්න යන්නේ නැහැ. හැබැයි Justice League: The Flashpoint Paradox (2013) චිත්‍රපටය නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලා හිටියා නම් හොදයි.

මෙදාපාර මේ අරගෙන ආව චිත්‍රපටයත් වෝනර් බ්‍රදර්ස්ලගේ චිත්‍රපටයක්. සුපුරුදු පරිදි මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය වෙන්නේ සුපිරිම කෙනෙක්ගේ අතින්. The Batman vs. Dracula (2005), Superman/Batman: Public Enemies (2009), Justice League: Crisis on Two Earths (2010), Batman: Year One (2011), All-Star Superman (2011), Justice League: Gods and Monsters (2015), Justice League vs. Teen Titans (2016), Batman: The Killing Joke (2016), Teen Titans: The Judas Contract (2017) වගේම Batman and Harley Quinn (2017) වගේ DC ඇනිමේෂන් විශ්වයේ සුපිරිම චිත්‍රපට 10 ක්ම අධ්‍යක්ෂණය කරපු වගේම මාවල් විශ්වයේ Hulk Vs (2009), Planet Hulk (2010) වගේම Thor: Tales of Asgard (2011) වගේ තවත් මාවලස් ඇනිමේෂන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරපු චීන-ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂණය කල, දෘෂ්‍යකරණ කලාකරුවෙක් වගේම චරිත නිර්මාතෘ කෙනෙක් හැටියට Marvel Entertainment හා Warner Bros. Animation.තුලත් දැනට සේවය කරන “Sam Liu” තමයි මේ ඇනිමේෂන් චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම තිරපිටපත්වල වැඩේ ප්‍රධාන විදිහටම සිදු කරලා තියෙන්නේ මේ වෙද්දී ඇනිමේෂන් චිත්‍රපට සෑහෙන ගණනකට නිර්මාණය සදහා දායක වුණු Alan Burnett තමයි සිදු කරලා තියෙන්නේ. මිට අමතරව තවත් දොළොස් දෙනෙකු චරිත නිර්මාණයේ ඉදලම දායක වෙලා තියෙනවා. නිකුත්වෙන දිනය හැටියට නම් කරලා තියෙන්නේ 2018 මාර්තු 27’වැනිදා හැටියට. ඉතින් එදාම හවස් වෙද්දී පිටපත් නිකුත් වෙලා තිබුණා. සුපුරුදු පරිදි මේ කතාවත් Animation, Action කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ ධාවන කාලය හැටියට පැයකුත් විනාඩි විසි හයකුත් පුරාවටම දිවෙන චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකය තුල 7.5/10 ක අගයක් ලබාගෙන තියෙනවා.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip  පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11366 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

44 thoughts on “Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සුපිරිම දුෂ්ටයින්ගේ කල්ලිය අභිරහස් වස්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…. දිගටම සබ් ගේමු… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Sucide squad 2 eketh sub ikmnin dnna bomkala…✨️❤️

    Reply
  • Shehan Naveen

    Thnx bro sub ekata digtma sub krnna Good luck!

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Ela. Jaya wewa..

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • sajanasathira

    biscopdownload page eka thawa upgrade karanna

    Reply
  • DasunPancha

    thanks bro sub ekata

    Reply
  • Ela
    Nyzz work ⭕️⭕️⭕️

    Reply
  • Haashan Dhanushka

    thnxxxx
    br update karannooooooooo

    Reply
  • akashadhithya

    thanks………!!!!!!!!!!!!

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට DC ඇනිමේටඩ් අතඅරින්නෑ ලොවෙත් ෆිල්ම් කෙසේ වෙතත් ඇනිමේටඩ් ෆිල්ම් වලින් නම් DCල හුඟක් ඉදිරියෙන්

    SUPERMANගෙ ඇනිමේටඩ් එකක් එන්න තියනවද බන් මන් fb දැක්ක ශුවර් කරගන්න අහන්නෙ

    Reply
  • Sajithlakshan

    උපසිරසියට ස්තුතිය සහෝ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………………….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Sub ekata thanks sahoo
    Jaya

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි එල
    මන් කලින් කියපු එක බලල නෑ
    එක බලල මේක බලනවා

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    download කරා විතරයි සබ් එකත් දීලා…

    Reply
  • baiscope download eke dala nane download karannaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *