කොහොමද සුපර්ගර්ල් රසිකයිනි. මේ සූදානම පෙළක් කැමති පෙළක් අකමැති අර තමන් තරම් සුපිරියට කතා හදන්නේ නෑ කියාගන්න මහා විශ්වයේ ඇතැමුන්ට අනුව සිගිති සුරංගනා කතාවක් වන සුපර්ගර්ල් කතාමාලාවේ තෙවන සමය ආරම්භ කරන්ටයි. කට්ටියට මතක ඇතිනේ පෙර සමයන්වලදී සිදුවූ දේවල් එහෙම ? කෝකටත් කියලා පොඩියට වගේ පෙර සමයන් ගැන අතීතා…

කොහොමද සුපර්ගර්ල් රසිකයිනි. මේ සූදානම පෙළක් කැමති පෙළක් අකමැති අර තමන් තරම් සුපිරියට කතා හදන්නේ නෑ කියාගන්න මහා විශ්වයේ ඇතැමුන්ට අනුව සිගිති සුරංගනා කතාවක් වන සුපර්ගර්ල් කතාමාලාවේ තෙවන සමය ආරම්භ කරන්ටයි. කට්ටියට මතක ඇතිනේ පෙර සමයන්වලදී සිදුවූ දේවල් එහෙම ? කෝකටත් කියලා පොඩියට වගේ පෙර සමයන් ගැන අතීතාවර්ජනයක් කරලම වැඩේ පටාන්ගන්නම්කො.
පළමු සමය.
පළමු සමය ඇරඹෙන්නේ CBS නාළිකාවෙන්.ඒ 2015 වසරේදී. සුපර්ගර්ල් එනම් කාරා සෝර් එල් ක්‍රිප්ටෝනියන් ලොව විනාෂවිමේදී පෘථිවියට පලා එනවා. ඇය පෘථිවියට ආවට පස්සේ ඇයගේ පවුල වෙන්නේ ඩැන්වර්ස් පවුල. සාමාන්‍ය පවුලක සිය බලයන් සගවාගෙන හැදී වැඩෙන කාරා තමන්ගේ අනන්‍යතාවය ලෝකයාට හෙළිදරව් කරන්නේ අනතුරකට ලක්වෙන ගුවන්යානයක සිටින තම සොහොයුරියගේ දිවි ගලවාගැනීමත් සමගයි. ඉතින් ඊටපස්සේ ඇයගේ ජීවිතය සාමාන්‍ය එකක් වෙන්නේනම් නෑ. කාරා තම සොහොයුරිය සමගින් එක්ව පිටසක්වල තර්ජනවලින් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ සංවිධානයක් වන DEO සමගින් සිය නගරය සහ ලෝකය රැකගැනීමේ මෙහෙයුම අරඹනවා.පළමු කතාසමයේ ඇයගේ ප්‍රධාන හතුරෙක් වෙන්නේ අලුරා සෝර් එල් හෙවත් ඇස්ට්‍රා. ඒවගේම ලිලියන් ලුතර්වත් අපිට අමතක කරන්න බෑ ඉතින්.
දෙවන සමය.
දෙවැනි කතාසමයේදී සුපර්ගර්ල්ට මුහුණදෙන්න වෙන්නේ පෙරටත් වඩා අසීරු තර්ජනවලට. පළමු සමය අවසානයේ යානයකින් කඩාපාත් වූ අමුත්තා සමග කාරා පෙමින් බැදෙනවා. ඔහු ක්‍රිප්ටෝනියන් ලොවේ සතුරු ග්‍රහයා වන ඩැක්සම්වල කුමාරයා. ඉතින් ඔහුව සොයාගෙන ඩැක්සම්වල රජු සහ රැජිණ ද පෘථිවියට පැමිණෙනවා. ඉතින් කොහොමහරි මොන් එල්ගේ මව සුපර්මෑන්ව පවා මුළාවක දමමින් සුපර්ගර්ල්ව නසා දැමීමට එව්වා. කොහොමෙන්හරි යකඩ කෙල්ලට හැකියාව ලැබුනා සුපර්මෑන්වත් පරාජය කරන්න.අන්තිමට මතක ඇතිනේ කාරාගේ අවසන් සටන සිද්ධවෙන්නේ රෙයා එක්ක කියලා. ඒ කරලා ඩැක්සම් ආක්‍රමණයත් නැවැත්තුවානේ. හැබැයි මේ ආක්‍රමණය නැවත්වීම නිසා කාරාගේ ආදරවන්තයා මොන් එල්ටත් පෘථිවියෙන් යන්න සිද්දවෙනවා. මේ කතාසමයේදී අපිට දැකගන්න ලැබුනානේ ජේම්ස් ගාඩියන් ලෙස නගරයේ අලුත්ම වීරයා වෙන හැටිත්.
තෙවන සමය.
තෙවන සමය ගැන කතාකළොත් කියන්න කරුණු බොහොම තියෙනවා. මෙවර කතාසමය මොනවගේ වෙයිද ප්‍රධාන දුෂ්ටයා කවරෙක්වෙයිද යන කාරණාව මං හිතන්නේ දැනටමත් අපි හොදටම දන්නවනේ. දැන් කට්ටිය බලනවා ඇති කතාව පටන්ගන්නත් කලින්ම අපි ඒක දන්නේ කොහොමද කියලා? මතක ඇතිනේ දෙවැනි සමය අවසානයේ පෙන්නනවා ක්‍රිප්ටෝන් විනාශ වුන දවසේ කාරා සහ කැල් එල් පමණක් නොවෙයි කියලා යානයකින් පෘථිවිය බලා පිටත්වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තවත් බිළිදියක් ක්‍රිප්ටෝන්වලින් එනවා. ඇය කවුද කියන එක ගැනත් අපට එවලේම ඉගියක් ලැබුනානේ.
Is it ready? එය සූදානම්ද?
It should survive the journey. එය ගමනින් බේරේවි.
It will grow strong on Earth. එය පෘථිවියෙදී ශක්තිමත්ව වැඩෙයි.
And then what? ඊටපස්සේ මොකද?
And then… ඊටපස්සේ…
It will reign. ඒක පාලනය කරයි.
මතකද සුපර්ගර්ල් දෙවැනි සමය අවසානයේදී අපි දකින තෙවැනි යානය පිටත්වෙන අවස්ථාවේ මෙන්න මේවගේ දෙබස් පෙළක් තිබුනා. ඒක තමා අපිට REIGN ගැන ලැබුණු ඉගිය වුනේ. හරි එහෙමනම් අපි දැන් බලමු මේ reign ගැන විස්තර ටිකක්.
Reign චරිතය බිහිවෙන්නේ Michael green සහ Mahmud asrar දෙපළගේ එකමුතුවෙන් 2012 මාර්තු මාසයේ. ඒ NEW 52 REBOOT එකෙන් පස්සේ සුපර්ගර්ල්ගේ දුෂ්ටයන් අතර ප්‍රධානම දුෂ්ටයෙක් විදිහටයි.

Reign කියන්නේ ක්‍රිප්ටෝන්වල නිපදවා ක්‍රිප්ටෝන් විද්‍යා කවුන්සිලය මගින් නීතිවිරෝධී ලෙස නම් කළ ජෛව විද්‍යාත්මක ආයුධයක්.Reignව නිර්මාණයට මුල් වුන සෝර් එල් පසුව මෙවන් ලේ පිපාසිත සුපිරි බල තියෙන රාක්ෂයන් නිර්මාණය ගැන කණගාටුවට පත්වෙලා තියෙනවා. Reign සහ ඇයගේ සහායකයන් ක්‍රිප්ටෝන්වලින් දිවි ගලවාගත්ත Reign දැන සිටියේ නෑ ඇයගේ මූලාරම්භය ගැන තොරතුරු. ඇය දැන සිටියේ ඇයගේ නමත් ඇය WORLD KILLER එනම් ලෝකයන් වනසන්නට උපන් තැනැත්තියක බවත් ඇයගේ ජිවිතයේ රහස්වලට පිළිතුරු ක්‍රිප්ටෝන්වලත් පෘථිවියේත් තිබෙන බවත් පමණයි.
ක්‍රිප්ටෝන් විනාශ වුන බව දැනගන්නා Reign විසින් සුපර්ගර්ල්ගේ පසුපසින් නටබුන් වූ ARGO නගරය වෙත යනවා. Reign එහිදී සුපර්ගර්ල් හා සටන් වැදී ඇයගෙන් කිසිදු පිළිතුරක් නොලැබීම නිසා කාරාව ARGO නගරයේ මැරෙන්න දාලා පෘථිවිය යටත් කරගන්න එනවා. යළිත් සුපර්ගර්ල් පෘථිවියට පැමිණෙන තෙක්ම Reign සිය කෝපයට නිව්යෝක් නගරය යටත් කරගන්නට සමත් වෙනවා. සුපර්ගර්ල් යලි පැමිණ Reign සහ සහායකයින් සමග සටන් වැද ඔවුන්ගෙන් අයෙක්ට තුවාල කිරීමත් සමග Reign පෘථිවිය අතහැර යාමට තීරණය කරනවා යළිත් සුපර්ගර්ල්ගෙන් පලිගැනීමට පැමිණෙන බව ශපථ කරමින්. Reignට අනුව ඇය සහ ඇයගේ සහායකයින් තිදෙනාට අමතරව තවත් WORLD KILLERSලා ඉන්නවා.Reignගේ බලයන් සහ හැකියාවන් ගත්තොත් පිටසක්වල ශක්තිය,වේගය,සුවවීමේ හැකියාව යන දේවල්වලින් වගේම අසිපත් සටන් මෙන්ම සටන් කිරීමේ හැකියාවෙන්ද නිපුනයි. කතාවේදී මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් ඉතින්..
සුපර්ගර්ල් තෙවැනි සමයේ reign ගේ චරිතයට පණ පොවන්නේ BANSHEE සහ THE HOUSE කතාමාලාවල රගපෑ Odette Annable විසින්.
තවදුරටත් තෙවැනි කතාමාලාව ගැන විස්තර කළොත් අන්තර්ජංජාලයේ තියෙන විදිහට මොන්එල්ගේ වෙන්වීමෙන් පස්සේ සුපර්ගර්ල් ටිකක් අදුරු පැත්තට බරවෙලා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කලින් කතාවල වගේ විනෝදකාමී කාරා ඩැන්වර්ස් කෙනෙක්ව අපිට දැකගන්න නොලැබෙන්න පුළුවන්. එමෙන්ම මෙවර ලීනා ලූතර්ට කතාවේ වැඩි අවධානයක් යෙදෙන බවත් සදහන් වෙනවා. ඒවගේම නිෂ්පාදකවරු පවසලා තියෙන විදිහට සුපර්මෑන් වුනත් මෙවර කතාසමයෙන් අපි හමුවට එන්න ඉඩකඩ තියෙනවා. හරියටමනම් කියන්න බෑ ඉතින්.
සුපර්ගර්ල් තෙවන සමයේ පළමු කොටසට මේවන විට IMDB දර්ශකයේ 8.2ක අගයක් ලැබී තිබෙනවා. එහෙමනම් ඉතින් පළමු කොටස ඔයාලට කුතුහලය සමගින් නරඹන්න කියනගමන් මං කැපෙනවා.. 12වනදා shennara chronicles දෙවැනි සමයෙන් යලි හමුවෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,912 downloadsDownload Supergirl-S03E01.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
52 comments
Vidura
ut
thanks a lott
sandun
niyamai saho. puluwannam valor ekatath sub denno.
Lushan
Subata thanks...
Scorpion s04e01,02 ta sub dennako.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
VisH
thanks mcan :)
thusitha
thanks.....
Gugu
oh..thanks saho...adama sub dunna..ela....keep it up
JR
3 වෙනි සීසන් එකත් උඹම අරන් එන එක නම් සුපිරි බ්‍රෝ!
tharangani
thanx
Prabhath
thank you.... bro......
piyumal sanjeewa
උපසිරසියට ස්තුතියි, සහෝ.ඔබට ජයේන් ජය!
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Allen
Sub ekta thks,keep it up bro,aiye scorpion s04 eke sub kauruhari kenek krla danna kyndadako,,,please
Dhananjya Jagath
sub ekata thanx scorpian eke epi 2k awith thiyenne ekata sub ekath ikmanata denna
Tharaka Lahiru
tnx mcn
Thanusha
TV series baanna site akak kiyapanko
Nirodhauthpala
Mama dana gatta maduwa mekata suba denava kiyala supergirl nattan maduwa na maduwa nattan supergirl na.... ah na innava ne maduwa nattan api na ... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ඩිලාන් හසිත
Shannarachronicles එකත් දෙනවද හම්මේ
තෑන්ක්ස් සහෝ
එලමD.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
nirodha weranga
flash 4 eke sub denne kawadda..
shasith sandaruwan
සබ් එකට බොහොම තුති.
ඉක්මනට 300 ගහමු නෙහ්. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!oshanda
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
kevin D...
thankz...
sandaru maxx
thanx brother..... you are the best.. keep it up.....
Gathsara Umesh Kumara
Bhooom sthuuuthiy
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
දැන් සයිට් එකේ බොහොම ඉක්මනට සබ් එක වැටෙනවා..ඊට වඩා මොනවද ඉතිං.අරහෙන් එපිය ඩවුන්ලෝඩ් කරලා බලද්දී මෙහෙන් සබ් දලා.. සුරංගනා කතා නෙමෙයි සහෝ..DC,Marvel ගෑවිලා තිබ්බත් මමනම් අනිවා බලනවා..අනික තාත්වික දේවල් ඕනි නෑ. කොහොමත් අපි ෆිල්ම්,ටීවී සිරිස් බලන්නේ විනෝදයක් ලබන්න..නැතුව මේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ඒවා ඔලුවට දාගන්න නෙමෙයි. එහෙනම් දිගටම සබ් එක දෙන්න සහෝ. ජය වේවා.. සුපිරි කෙලී ආයෙත්!
******************බුදුසරණයි******************Kushan
Sub eka cmnt krn pluwanda download wen nh
Kushan
Sub eka download krn penan nh
mindika
Thanks !!!!!!!!!!!!
Nikagoda Nagitha
thanks
manoshi
thanks bro
HashanWijesuriya
thanks
Udara Damith B/K
අම්මේ ඇති යන්තන් දවස් දෙකක් try කරලා කමෙන්ට් එකක් දාගත්තා
sandaru maxx
aiye legend of tomorrow S03E01 ekata sub dennakoooo....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha madusanka
shannara season 2 sub nadda
ලහිරු ප්‍රසාද්
පල පල, කවුද බොල මේ සිරියාවන්ත කෙල්ලට අකමැති.
අපේ ඔය බේද නෑනෙ. බෝම ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Adithya
Thanks bro.......
Suu
Thank You
kushanmaxx
Patta mchn s3 enakn balan hitiye,Thanks Mchn.
tishan
goooooooooooooooooooooooooooooddddddddddddddddd
Dasun Chathuranga
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........
Thiwanka Mahesh Madusanka
SABATA GODA THUTHI SAHOOOOOOOOOO
Gayan_madushanka_
Thanks
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub ekata thanks :)