“දිනය 2008 මැයි 16 වෙනිදා. ඒ වෛද්‍ය තල්වාර් නිවස. වෙලාව උදේ 6ට විතර ඇති. නුපුර් තල්වාර් ඇහැරුනේ කවුදෝ දොරට ගහන සද්දයක් ඇහිලයි. ගෙදර වැඩට ඉන්න භාරතී උදේ පාන්දරම ඇවිදින්. නුපුර් ගිහින් නිදිමතේම දොර අරින්න හැදුවා. ඒත් දොර එළියෙන් අගුලු දාලයි තිබ්බේ. ගෙදර වැඩට ඉන්න හේම්රාජ් දොරත් අගුලු දාගෙනම කිරි ගේන්…
“දිනය 2008 මැයි 16 වෙනිදා. ඒ වෛද්‍ය තල්වාර් නිවස. වෙලාව උදේ 6ට විතර ඇති. නුපුර් තල්වාර් ඇහැරුනේ කවුදෝ දොරට ගහන සද්දයක් ඇහිලයි. ගෙදර වැඩට ඉන්න භාරතී උදේ පාන්දරම ඇවිදින්. නුපුර් ගිහින් නිදිමතේම දොර අරින්න හැදුවා. ඒත් දොර එළියෙන් අගුලු දාලයි තිබ්බේ. ගෙදර වැඩට ඉන්න හේම්රාජ් දොරත් අගුලු දාගෙනම කිරි ගේන්න ගිහින් වගේ. නිදිමතේම නුපුර්, හේම්රාජ්ට කෝල් එකක් ගත්තා. හේම්රාජ් කෝල් එක ඉස්සුවට කවුරුත් කතා නොකරම කට් කරා. “ඔයා පොඩ්ඩක් පැත්තකින් වාඩිවෙලා ඉන්නවද” නුපුර් බැරිම තැන භාරතීට කිව්වා. ඒත් භාරතී වැඩි වෙලා ඉන්න කැමති වුනේ නෑ.”නෝනා, ඔයාලා ගාව තව යතුරක් තියෙනවා නේද, ඒක එලියට විසි කරන්න. මං ඒකෙන් ඇතුලට එන්නම්”. භාරතී යෝජනා කරා. නුපුර් ඒ කිව්ව විදිහටම යතුර එලියට දාලා ආපහු කාමරේට යන්න ගියා. යතුරත් අරන් භාරති කොහොමහරි ගේ ඇතුලට ආවා. තමන්ගේ වැඩ ටික කරන්න පටන් ගත්තා විතරයි භාරතීට ඇහුනේ නුපුර් නෝනාගේ මර ලතෝනියක්. භාරතී අඩියට දෙකට සද්දය ඇහුනු පැත්තට දුවලා ගියා. සද්දේ ඇහුනේ ආරුෂි පොඩි බේබිගේ කාමරෙන්. කාමරේට ගිය භාරතී දැක්කේ, ගල් ගැහිලා මොකක්හරි දෙයක් දිහා බලාගෙන ඉන්න රාජේෂ් මහත්තයාවයි නුපුර් නෝනාවයි. දැකපු දෙයින් භාරතීට උඩට ගත්ත හුස්ම පහලට දාගන්න බැරිවුණා. ඇඳ මැදට වෙන්න ආරුෂි බේබි ලේ විලක් උඩ වැටිලා හිටියා. එයාගේ බෙල්ල මොකකින්දෝ කපාගෙන ගිහින් තිබ්බා’
කතාව ටිකක් හුරුපුරුදුයි වගේද? ඒ තමා 2008දී ඉන්දියාවම සසල කරපු “නොයිඩා ද්විත්ව මිනීමැරුම” වෛද්‍ය යුවලකගේ අවුරුදු 14ක් වයස එකම දුවව නිදි ඇඳේදීම කපලා කොටලා මරලා ගිහින්. සමහර අයට එහෙම කියද්දී මේ අවුරුද්දේ මුල නිදහස් වෙච්ච තව බොලිවුඩ් සලරුවක් මතෙකට එනවා ඇති. ඔව් ඒ Rahasya (2015). ඒ සලරුවටත් පාදක වුනේ මේ කතා වස්තුවම තමයි. අධ්‍යක්ෂක Meghna Gulzar ඒ සිදුවීමම පාදක කරගෙන Talvar (2015) නිදහස් කරා පහුගිය ඔක්තෝම්බර් දෙවැනිදා. හාහා එහෙම කියලා Rahasya (2015) බලපු අය Talvar (2015) නොබලා ඉන්න යනවා නම් අන්න ඔයාට වැරදුනා. ඔයා කොච්චර උත්සාක කරත් මේ සලරූ දෙකේ සමානකමක් නම් හොයාගන්න බැරිවෙයි. Rahasya සලරුවේ කතාව ඉදිරිපත් කරලා තිබුනේ එකම කෝණයකින්. මං ඒකේ කතාව කියන්න යන්නේ නෑ. බලලා නැත්තම් ඒකත් අනිවාර්යෙන්ම අරන් බලන්න. Talvar බලන ඔයාට මේ නොයිඩා ද්විත්ව මිනීමැරුම දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් වෙයි. කිසිම පැත්තකට පක්ෂ නොවී සමබරව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවසානයේදී ඔයාට පොඩි කම්පනයක් දැනෙන එක නම් වලක්වන්න බෑ. අනිවාර්යෙන්ම කුතුහලයෙන් රස විඳින්න පුළුවන් සලරුවක් කියලා ඉහලින්ම නිර්දේශ කරනවා.
ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.6ක අගයක් දිනාගෙනම ඉර්ෆාන් ඛාන්, කොන්කොනා සෙන් ෂර්මා, නීරජ් වගේ දක්ෂ පිරිසකගේ දායකත්වයෙන් වගේම තාබුගේ ආරාධිත රංගනයෙන් Talvar ප්‍රේක්ෂකයාගේ ඇස් විවර කරන්නට ඇවිත් තියෙනවා. අද නොයිඩා ද්විත්ව මිනීමැරුම් සිද්ධිය යන්නේ මොන අතටද කියලා මං කියන්න යන්නේ නැහැ. ඒත් මතුපිටින් දකින දේ හැමතිස්සෙම නිවැරදි දේ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සලරුව බලලා නිකන්ම ඉන්න එපා. ඒ ගැන ටිකක් කියවලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට එහෙම හිතෙයි. අර මොකකදෝ කියනවා වගේ බලා සැනසෙන්නට නොව, බලා විමසන්නට!!
749 MB (720p.x265.HEVC.BRRip) කොපිය මෙතනින් බාගන්න
BACF2072E158F316D726B4E6F194CEC8C683791F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,210 downloadsDownload Talvar-2015.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
55 comments
kanthaDLA
Saketha Pulasthi
IMD ratings 8.6ක් තියෙන නිසා අනිවා බලනවා.Drishyam (2015) Brrip එකටත් සබ් අප්ඩේට් කරන්න සහෝ...
උපසිරසියට බොහොම ස්තූතියි :)asiri
maxxama film akak meyka nam kalekta passe awa..
aniwa hamoma balannatxzzz lottt :) :) :)
asiri
maxxama film akak meyka nam kalekta passe awa..
aniwa hamoma balannatxzzz lottt
LaSa MaRLeY
ඉර්ෆාන් ඛාන් දක්ෂ නළුවෙක් ,,,මූවි එක හොඳ ඇති කියලා හිතනවා.අනිවා බෑමක් තමයි තියෙන්නේ ,,ට්‍රේලර් එකේ තියෙන සුපිරි ඉන්දියන් කමෙන්ට්ස් බලලා අයිඩියා එකක් ගන්නත් අමාරුයි.කොහොම උනත් බොහෝම ස්තූතියි "මයුර සුරාජ්" සහෝ උපසිරැසියට.
kalinga
maxxxa film akak
THANKS :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට නියමයි මයුර සහෝ
සුපිරි වැඩක්
රහස්‍යා එක නම් බැලුවා
ඔයා කියනවා වගේ මේකත් බලන්න ඕනේ
ඉර්ෆාන් ඛාන් ඉන්නත් එක්කනෙ
ඒ වගේ බලා සැනසෙන්නට නොව බලා විමසන්නත් උත්සාහයක් කරන්නම්කෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
ඒ වගේම ලිපිය සුපිරි
කතා පොතක් කියවනවා වගේ තිබ්බා
එලස් සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!naleen
THANKSSSS
kasun
maxxxxaa maxxxa machan
jayani
ගොඩාක් ස්තූතියි සහෝ :)
Lahiru
wow ... pattta film aka meyka
Ysa
thanks saho ela filumak wage.kalin 1th balala naa,2ma baanawa jaya wewaaaa........
fireballmovies
“මයුර සුරාජ්” සොහොයුරාගේ සබ් ෆයිලයට ගැලපෙන මූවී එක ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter ගිණුමට
Purnima
Tharindu
බොහෝම ස්තුතියි සබ් එක දෙනකම් බලා හිටියේ
achi
ගොඩක් ස්තූතියි සහෝ...
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Aditha Praween
චිත්‍රපටය නම් කලින්ම බැලුවා.
බොහොම ස්තුතියි මයුර සහෝ උපසිරසියට !D Chamara
kathwa hodai wage balanna oni
නිරෝෂ්
ස්තුතියි මයුර සහෝ.ජය වේවා !
yeshu
tnx
buddhika
aniwa balanawa machan
me
Thanks
Naveen Randika
බොහොම ස්තූතියි උපසිරැසියට.
මේක බලන්න හිටිය එකක්...
ජයවේවා !tikiri
කොර සුපිරි එකක් වගේ ......නියමයි ලොක්ක ......ස්තුත්යි
Jack
නියමයි මචෝ.....
ෆිලුම බලලමයි කමෙන්ට් එක දාන්නේ.
ෆිල්ම් එක හොදයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Chami
Thank you very much..
Sisila Prasad
හොඳ ෆිල්ම් එකක් කියලා හිතෙනවා.
ඒක නිසා ඔන්න ගන්නවා.
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
ජය...!sanju max
Yalu sing is bling dvdrip eke sub dannako 700mb
chathuranga
mmachan ajith kumarge vedalam movie ekata sub karahanko bn supiri bn
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila gihan
Patta machan.. ohoma karagena yamuuuuu... ohh yeah
DSA
me HEVC type movie play karanna bane
Mayura
KM player eka update karanna.
Naththam Pot player eka ganna
bassa
mata 100mb rip ekak hamba una.... :v eke hodai oi... sub ekata thankssss
කේ.යූ.ජී. උදාර
අද තමයි මේක බලල ඉවර කළේ. Rahasya ට වඩා මේක ඉස්සරහින් තියෙන බවක් තමයි තේරුණේ. මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි මයුර...............
Mayura
Aniwaryenma saho
chanmatara
පට්ට film එකක් සහෝ..... ඇයි අපේ අයට මේ වාගේ movies කරන්න බැරි ?
DDSameera
adenawa....thanks meka ta sub dunnata...maxxxi film ekak !!!!
wiki
Thanks......
hasitha prasad
film eke nam anivaryayenma honda athi. danui balanna hadanne sub eketa thanx. good luck
Ishara Ruchiranga
Niyama filumak bro.. Thnkz
madusha
Good luck bro..digatama sub danna
sachinnn
Fttama kathawk bn..thanx mchn sub ekta...
MadhuBandara
thank you yaluwa
an.learn
Thank you..!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
jello
Thanks for subtitle.good luck
Prabodha Jayakody
Thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chathura lakshan
Thanks
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Thank you
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Talvar (2015) with Sinhala Subtitles | නීතිය අපරාධකාරයෙකු වූ කල්හි. [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Talvar-2015.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!