අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදසිත චාමිකප්‍රංශබලන්නසචින් දිල්හාරසිංහල උපසිරැසි

Taxi (1998) Sinhala Subtitles | ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සුරයා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 27 votes.
Please wait...

මේක 1998 ආපු ප්‍රංශ චිත්‍රපටයක්.  ඔයාලා මේක බලද්දී නම් තේ‍රෙන එකක් නෑ මේක ඒ තරම් පරණයි කියලා. මතකද smart phones එන්න කලින් W200,K700,N95 වගෙ phones ජනප්‍රිය කාලේ ගොඩක් අය ගාව ප්‍රසිද්ධ වෙලා තිබ්බා Sylvester Stallone එහෙම ඉන්න video clip එකක්,  “විනාඩි විස්සෙන් ගාලු කොටුවට” කියලා? අන්න ඒ video clip එක ආපු චිත්‍රපටිය අඩංගු චිත්‍රපට මාලාවේ මුල්ම චිත්‍රපටිය තමයි මේ. මේකත් මඟහැර ගත්තොත් අපරාදේ කියන ලැයිස්තුවේ තියෙන චිත්‍රපටියක්. මේක පොඩ්ඩක්වත් බෝරින් නම් නෑ.මේක Action, Comedy, Crime ගණයට තමයි අයත්වෙන්නේ. මේකට IMDB අගයත් 7/10ක් ලැබිලා තියෙනවා. 
  
මේ කතාව ගලාගෙන යන්නේ taxi රියදුරෙක් හා විශේෂ taxiයක් වටා. මේ කාර් එක විශේෂයි කිව්වේ මේක Peugeot 406 එකකට V6 engine එකක් තියලා තව racing modifications වගයකුත් කරපු කාර් එකක්. මේක හදිස්සියක් වෙනකන් සාමාන්‍ය taxiයක් විදිහට තමයි පේන්නේ. හදිසි ගමනක් යන්න, රේස් එකක් වගෙ යන්න ‍ආවොත් තත්පර ගානක් ඇතුළත මේ modifications ටික සෙ‍ට් වෙනවා. මේ taxi රියදුරා ඩැනියෙල්ට සිද්ධවෙනවා පොලිසියත් එක්ක එකතුවෙලා Mercedes Benz කාර් දෙකකින් ඇවිත් බැංකු කොල්ලකන හොරු වගයක් අල්ලාගන්න. ඒ ගැන තමයි කතාව යන්නේ. 
      
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Gérard Pirès. ලියලා තියෙන්නේ Luc Besson. මේකෙ නළු නිළියෝ නම් වැඩිය දැකලා පුරුදු අය නෙවෙයි ඉන්නේ. ඩැනියෙල් විදිහට Samy Naceri ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. Marion Cotillard මෙයාව නම් දැකලා ඇති Assassin`s Creed 2016 චිත්‍රපටියේ Sofia විදිහට. තව Frédéric Diefenthal, Emma Wiklund, Manuela Gourary රංගනයෙන් දායකවනවා.
 
මේකේ තියෙන ඇතැම් දර්ශන හේතුවෙන් වයස අවු18ට වැඩි අය පමණක් නරඹන්න.මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. හොඳ, නරක, අඩුපාඩු එහෙම තියෙනවා නම් චිත්‍රපටිය බලලාම ඇවිත් අදහස් දක්වන්න එනවා නම් කැමතියි. මට නම් මේ උපසිරැසි හදන වැඩේ සෑහෙන වෙලා යන, අමාරු වැඩක්. ඒ හින්දා සිංහල උපසිරැසි පළකරන  අනිත් සහෝදර ‍සහෝදරියන්ගේ සේවයේ වටිනාකම, අගය හොඳට තේරෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
ලිපිය : දසිත චාමික

.

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

 

47 thoughts on “Taxi (1998) Sinhala Subtitles | ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සුරයා…. [සිංහල උපසිරසි සමඟ]

  • 1080p walata sub waradee.

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • tharinduM

    බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට….!!

    Reply
  • Lasantharathnasirirox

    ඇත්තටම මග ඇරිල තිබුනෙ.යාළුවෙක් තමයි බලන්න නියමයි කියල කිව්වෙ..කොහොමත් කවදාහරි බලනව කියල හිතන් හිටපු චිත්‍රපටියක්…බොහෝම ස්තුතියි මහන්සිවෙලා අපිට බලන්න හදල දුන්නට…ජයවේවා !!!

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • kalanasa1996

    සුපිරි

    Reply
  • Dilruk lahiru

    Sub ekt thanx MCN digatama sub denna

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොක්ක මං එනවා ෆිල්ම් එක ලෑස්ති කරලා තියපාන්

    Reply
  • srilankatravel

    බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තුති සහෝදරයා සබ් එකට

    Reply
  • Pradharaka Maheeshan

    ටැක්සි 3 ෆිලුම නම් බැලුවා සුපිරි ඒකත්
    මේකත් ඒ වගෙම ඇතිනෙ…
    බොහොම ස්තුතියි මචන් සබ් එකට …

    Reply
  • Taxi ෆිල්ම්ස් සෙට් එකේම සබ් කරනවා නම් සුපිරියි. <3

    Reply
  • Thxx සහෝ..
    මේ ෆිල්ම් එකේ අනිත් ෆිල්ම් ටිකත් දෙන්නඩකෝ broo..

    Reply
  • neelanethra

    ස්තූතියි

    Reply
  • Udara Damith Dissanayaka

    niuamayi
    supiriyi

    Reply
  • thnx brooooooooooo……………
    oyage sub vela aulk ne digatama keragena yanna…oyata suba pathanawa….
    a wagema me fill tike ithuru film vela sub ehamath one kollo….api oyagen eka balaporoththuwenawa…ela…………

    Reply
  • meka pattama movie ekak ela adenawa

    Reply
  • බොහොම ස්තුතියී

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේකේ දෙවෙනි එකටත් සබ් එක දෙන්න….

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • ස්තුතියි.

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Ela saho thanx sub akta

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! බුදුසරණයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *