අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේයස්මික සෞභාග්‍යයරහස් පරීක්ෂකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 7 votes.
Please wait...

The Babadook (2014)

ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ.

චිත්‍රපටියේ නම The babadook (ද බාබාඩුක්) කියලා ඔයාලා දන්නවනේ. මුළු චිත්‍රපටියම දිවෙන්නේ එක්තරා අත්භූත ගණයේ පොතක් එක්ක. ඒ පොතේ නම The babadook. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවණ, ඇමෙලියා කියන්නේ මවක්. සැමුවෙල් කියන්නේ ඒ මවගේ ළමයාට. සැමුවෙල්ගේ තාත්තා භයාණක රිය අනතුරකින් මරණයට පත්වෙලයි ඉන්නේ. ගෙදර තනිවෙලා ඉන්නේ මේ පුංචි පුතයි අම්මයි දෙන්නා විතරයි. දවසක් රෑක, අම්මා තම ගෙදර තිබුණු පොතක් අරගෙන මේ පුංචි පුතා සැමුවෙල්ට කියවනවා. ඒ පොත මම කලින් සඳහන් කළ The babadook. පොත පෙරලන පෙරලන පිටුවක් පාසා තියෙන්නේ, දරුණු ගණයේ රූප. මේ රූප දැකලා පුංචි සැමුවෙල් බය වෙනවා. ඒ දවසේ ඉඳන් සැමුවෙල් පිස්සුවෙන් වගේ විකාර දොඩවන්න පටන්ගන්නවා. සැමුවෙල් හිතන්නේ බාබාඩුක් නමින් හදුන්වන අර පොතේ හිටපු රාක්ෂයා තමුන් සහ තමුන්ගේ මව බිලි ගැනීම සදහා පැමිණෙන බවයි… මම වැඩිපුර කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ ඉතිරි පෙළගැස්ම බාර ඔබටයි. අපි දැන් බලමු මේකේ වටාපිටාව දිහා.

“The babadook (ද බාබාඩුක්) කියන්නේ ඕස්ට්‍රේලියානු හොල්මන් සිනමා සිත්තමක්. මෙහි IMDb අගය ගැන කතා කලොත් 7.0ක් ද, Rotten Tomatoes හි විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරය 97% (දළ වශයෙන් 8.0ක්) ද ඒ වාගේම, Metacritic රේටිංස් 86ක් ද වශයෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් බාබිඩුක් සිනමා සිත්තමට හිමිවී තිබීම විශේෂයක්. සාමාන්‍යයෙන් IMDb හි හොල්මන් චිත්‍රපටයකට ඉතා ලේසියෙන් රේටින්ග්ස් ගන්න බැරි බව ඔයගොල්ලො හැමෝම දන්නවානේ. එහෙම තිබුණත් තියෙන්නේ, හොල්මන් චිත්‍රපටි අතළොස්සක් විතරයි. ලෝකයේ දස අත සිටින හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂක ජනතාවගේ ඉහළම ජනාදරයක් මෙන්ම ඉහළම ගෞරවයක් මෙම චිත්‍රපටිය සඳහා ලබා දී තිබෙන බව කිව යුතුයි. චිත්‍රපටය අන්තර්ජාලයේ දැක්වෙන හැටියට සිනමා සම්මාන උළෙලයන් 8කදී ඉතා විශිෂ්ඨ ලෙස මෙම චිත්‍රපටිය නිර්දේශගත වී තිබෙනවා. Austin Fantastic Fest සිනමා උළලේ දී මෙන්ම සහ තවත් සිනමා උළෙලයන් 6 කදී මෙහි අධ්‍යක්ෂක මෙන්ම තිර රචනා කාරිනිය වන Jennifer Kent ඉහළම අධ්‍යක්ෂක/තිර රචක සම්මාන වලින්ද පිදුම් ලැබී ඇති බව කිව යුතු කරුණක්. මුළු චිත්‍රපටයම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5ක් ගණන් බලා තිබෙන අතර, ඇමෙරිකානු ඩොලර් 3,917,000ක් මේ වන විට උපයා අවසන්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම තිර රචනා කරන්නේ ඉහතදී පැවසූ පරිදි Jennifer Kent විසින්. මේ චිත්‍රපටිය දිවෙන්නේ Jennifer Kent විසින්ම 2005 දී නිර්මාණය කළ “Monster” යන කෙටි චිත්‍රපටයේ අනුසාරයෙන්. ඒ වගේම චිත්‍රපටය තුළදී, Essie Davis ඇමලියා ලෙසත්, Noah Wiseman සැමුවෙල් ලෙසත් ඉතා විශිෂ්ඨ රංගනයකින් දායක වී ඇති බව කිව යුතුමයි. “

“If it’s in a word,
Or
It’s in a look,
You can’t get rid of…”

The Babadook (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/KjNBoF” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

a41d63a0d16db9fc8f07642416b9e78cd08407d2

[button link=”http://goo.gl/NtJnJl” type=”icon” “center” newwindow=”yes”] 1.27 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5421ac9b999a41e7970c8e9a2f51452cdb5b44ca
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much for the Sub!!! 🙂

    Reply
  • Sandaruwan

    thnQu macho! niyama flm eka………….

    Reply
  • රොෂාන්

    නියම කතාවක් හොදේ , ස්තුතියි උඹට 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • Patta Kathawa Saho…. Thanks

    Reply
  • ela ela…………………

    Reply
  • “චූටී මල්ලි”

    බාබඩුක් නෙහ්
    බලමුකෝ ට්‍රයි එකක් දීලා
    බලන්න යස්මික එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Holman filmes nam ela. thank you…

    Reply
  • ගොඩක් ස්තුතියි යශ්මික සහෝට….!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • මට නම් කියන්න තියෙන්නේ මහම ගොන් horror චිත්‍රපටියක් තමයි මේක ගත යුත2 කිසිම දෙයක් නැ හැබැයි මම ඔයාට දෙන්න එලකිරි චිත්‍රපටි ටිකක් ඔයාට පුලුවන් නම් මෙි චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්නකෝ හැබැයි මෙිවා horror ගනයට වැටෙන එවා හැබැයි ඉතින් මෙිවා එලකිරි කියලා තමයි මල්ලියෝ කියන්න තියෙන්නේ ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් සබ් කරලා දෙන්න. තව තියෙනවා එවා ඉදිරියට දෙන්නම් මේ ටිකෙන් පුලුවන් එකක් දෙකක් හෝ වත් සබ් කරලා දෙනවා නම් ඔයාට ගොඩක් තැන්ක්ස් ඔන්න මම ගියා චිත්‍රපටි ටික පහල අැති අවුරැදු ටිකත් එක්ක

    1.the cave(2005)
    2.the fog(2005)
    3.below(2002)
    4.deep rising(1998)
    5.rogue(2007)

    Reply
    • Mewa holman newei ne…
      The fog vitarai holman
      Below ekat tikak holman kiyanna puluwan

      Reply
  • අසිත

    නියම හොල්මන් ෆිල්ම් එකක්.”The Conjuring (2013)” හොල්මන් ෆිල්ම් එක බැලුවට පස්සේ බැලුව මතක හිටින ෆිලුමක් තමා මේක.අමුතු රහක් තියෙන්නේ.බගෙන බලන්න.පාඩුවක් නෑ.

    Reply
  • හොරෝර් කොතනද අපේ යක්මික මලය එතන තමා ඇත්තටම…
    හොදා….එල වැඩක්….බාන්න වෙනවා සිරාවටම
    බාලම බලමුකො එලද කියල
    හොද රෑන්ක් එකකුත් තියෙන්නේ ඔය දලා
    ඊගාව එකත් ගේමු (හෝරොර්) ඉක්මනට
    ජය!

    Reply
  • patta boring machanlaa..math aran baluuwa

    Reply
    • ඒ වුණාට කතාවේ හොඳ තේරුමක් තියෙනවා සහෝ 🙂

      Reply
  • නියමයි සහෝ.
    හොද හොල්මන් කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • Hungama (2003) hindi film 1ta sinhala sub ekak karannako…

    Reply
  • මම මේ ලිපිය කියවන්න කියලත් ආවේ අමුතු මාතෘකාවක් නිසා.
    පේන විදියට නම් හොඳ කතාවක් වගේ.
    ඉඩ තියෙන වෙලාවක බාගන්නවා සහෝ.
    උපසිරැසියට ස්තුතියි සහෝ…. 🙂

    Reply
  • madusanka jayasooriya

    පටිට මචන් ෙමිකට සබි ෙදනකමි බලාෙගන හිටිෙය්.තැන්කු

    Reply
  • මාලින්

    සබට තෑන්ක්ස්, බට් – 700mb එක ගන්න බෑනෙ මල්ලි

    Reply
    • කිසිම ප්‍රශ්ණයක් නැහැ සහෝ. බාගන්න පුළුවන්..

      Reply
      • මාලින්

        Try කළා, බෑ, “Firefox can’t establish a connection to the server at 182.79.237.182“ Massage එකක් එනවා..මං හිතන්නෙ මගෙ Machine එකේ හරි Network එකේ හරි Fault එකක් වෙන්න ඇති. Sorry මල්ලි.

        Reply
        • aiyo 182.79.237 kiyala watenawa mokada karanne???page eka penne nane…

          Reply
  • නලින්

    ස්තුතියි යෂ්මික සහෝ..! මෙක ආපු ගමන් බැවා එත් බැලුවේ නැහැ …

    දැන් ඉතිං සබත් එක්කම බලනවා..

    ජය වේවා!

    Reply
    • plz help karanna meke page eka aulne….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *