අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅරාබිඉංග්‍රීසිඉතිහාසමයචරිතාපදානචිත්‍රපටිතීරණය ඔබේදිල්ෂාන් කරුණාරත්නනාට්‍යමයපවුලේ සැමටබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitles | සාගතය පැරදවූ සුළං බලය [සිංහල උපසිරසි]

Rating: 6.6/10. From 37 votes.
Please wait...

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්.

නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්.

කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්.

මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්.

2019 වසරෙදි Netflix හරහා නිකුත් වුන විශිෂ්ඨ ගණයේ සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. මේක 20′ දශකයේ මැද බාගෙදි පමණ නැගෙනහිර අප්‍රිකානු රටක් වන මලාවි වල වෙච්ච සිදුවීමක් අලලා නිර්මාණය වුනු, IMDB හි 7.6 ක් සහ Rotten Tomatoes හි 86% ක් ලබා ගැනීමට සමත් වුන චිත්‍රපටයක්. ඒ වගේම, 92 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම අන්තර්ජාතික චිත්‍රපටයට හිමි සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනවා. මේක අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු Chiwetel Ejiofor ගේ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය, වගේම ඔහුත් මේකට ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. Chiwetel Ejiofor ගේ මේ අධ්‍යක්ෂණය පිළිබඳව ගොඩක් ධනාත්මක ප්‍රතිචාර හම්බ වෙලා තියෙනවා කියලත් මතක් කරන්න ඕන. මෙම චිත්‍රපටය තුල අපිට ඉංග්‍රීසි සහ ගිනිකොන දිග සහ නැගෙනහිර අප්‍රිකානු රටවල භාවිතා කරන “චිචේවා” යන භාෂා දෙක බලාගන්න පුළුවන්.

මෙම චිත්‍රපටයට,

  • William Kamkwamba ලෙස Maxwell Simba
  • Trywell Kamkwamba ලෙස Chiwetel Ejiofor
  • Agnes Kamkwamba ලෙස Aïssa Maïga
  • Annie Kamkwamba ලෙස Lily Banda
  • නායක Wimbe ලෙස Joseph Marcell
  • Edith Sikelo ලෙස Noma Dumezweni
  • Mike Kachigunda ලෙස Lemogang Tsipa
  • Gilbert Wimbe ලෙස Philbert Falakeza

යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුණොත්,
විලියම් කම්ක්වම්බා කියන්නේ මලාවි වල “කසුන්ගු” කියන ගමේ ගොවි පවුලක ඉපදුන අවුරුදු 13 ක කොල්ලෙක්. මෙයාට කැඩිච්ච රේඩියෝ එහෙම හදන්න පුළුවන්. මෙයා කුණු ගොඩෙන් එලෙක්ට්‍රොනික් කෑලි අරන් ඇවිල්ලා එක එක ගැජමැටික් හදන්න ගොඩක් දක්ෂයි. ඉස්කෝලෙ යන්නත් ගොඩක් ආසයි. මෙයාලට ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා. මේ නිසා මෙයාව සැරයක් ඉස්කෝලෙනුත් එලවනවා, ගාස්තුව ගෙවාගන්න විදිහක් නැතුව. ඔහොම යනකොට 20′ දශකයේ මැද වෙනකොට මෙයාලා ඉන්න ප්‍රදේශයට සාගතයක් එනවා. ඉතින් මේ අවුරුදු දහතුනේ කොලු ගැටයා මේ සාගතේට අභියෝග කරන විදිහ, එයා මේකට හොයාගන්න විසඳුම මොකක්ද කියලා දැනගන්න කැමැතියිම්, චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

බඩගින්න මිනිස්සුන්ව මරණ විදිහ, මිනිස්සුන්ව තිරිසනුන් කරන විදිහ, ආණ්ඩුවල තියෙන වගකීම් විරහිත කම නිසා මිනිස්සුන්ට විඳින්න වෙන දුක් වගේ දේවල් ඉතාම තියුණු ලෙස මේ චිත්‍රපටය තුලින් ප්‍රේක්ශකයා වෙත ගෙනහැර දක්වනවා. ලංකාවේ අපිටත් ගොඩක් වැදගත් පණිවිඩ කීපයක්ම මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මේ විශිෂ්ඨ සිනමා නිර්මාණය නරඹන්න කියලා.

විශේෂයෙන් මතක් කරන්න ඕන, බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න තිබ්බ කැමැත්ත නිසාම කරපු මගේ පළවෙනි උපසිරැසිය තමයි මේ. ඒ නිසා චිත්‍රපටය නරඹලා, උපසිරැසියේ තියෙන අඩුපාඩු, හොඳ නරක ඔක්කොම කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලත් මතක් කරනවා. ඒ වගේම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තිසර නියෝ සහෝදරයටත් ඇඩ්මින්ලා ඔක්කොටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

එහෙනම්, තවත් මේ වගේම සුපිරි චිත්‍රපටයකින් හමුවෙනකන්, පරිස්සමින් ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

28 thoughts on “The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitles | සාගතය පැරදවූ සුළං බලය [සිංහල උපසිරසි]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Nadun Piyumantha

    බොහොම ස්‍තූතියි සහෝ උපසිරසට සුභ පතනවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Tharindu Kapuwatta

    godak stuti saho…jaya wewa

    Reply
  • Tharindu Kapuwatta

    godak stuti dilshan saho…jaya wewa

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
    • Dilshan Karunarathne

      ස්තූතියි…

      Reply
  • පළමුවන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!

    Reply
  • Buddhika Lakmal

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.. ඉදිරියටත් උපසිරැසිකරනයේ යෙදීමට කාලය ලැබේවා…
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
    • Dilshan Karunarathne

      ගොඩක් ස්තූතියි සහෝ.

      Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Film downloads Karen kohomada

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
    • දීපු සහයෝගයට බොහොම ස්තූතියි සහෝ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *