අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඋදාර රාජපක්ෂඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසි

The Breed (2006) | සුනඛයන්ගේ දිවයින. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 6 votes.
Please wait...

The breed (2006)

කොහොමද යාළුවනේ? මෙන්න මගේ 6 වෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා. මේ මාසෙ මම සබ් නිර්මාණය කරන 3න්වෙනි ෆිල්ම් එක තමයි මේක. ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් එකකින් සප් එකක් දීපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූතිය පිරිනමනවා. මම අන්තිමට සබ් දීපු ෆිල්ම් දෙකම ටිකක් පරණ ඒවානේ. ඒත් මේ පාර ගෙනාවෙ කාටත්ම සෙට් වෙන සුපිරි ෆිල්ම් එකක්. අනිත් දේ තමයි මේක Horror/Thriller යටතේ වර්ගීකරණය කරල තිබුණට හොල්මන් කතාවක් නෙමෙයි තියෙන්නෙ.

මෙහෙමයි කතාව, මැට් සහ ජෝන් කියන සහෝදරයො දෙන්නා එයාගෙ යාළුවො තුන් දෙනෙකුත් එක්ක සති අන්ත නිවාඩුවක් ගතකරන්න මේ දෙන්නගෙ මාමාට අයිති දූපතකට යනවා. ඒ කියන්නෙ කෙල්ලො දෙන්නයි කොල්ලො තුන් දෙනයි. ඉතින් එයාලා ගියාට පස්සෙ තමයි දැනගන්නෙ මේ දූපතේ ජාන විකෘති කරල වෙනමම නිර්මාණය කරපු ප්‍රහාරක බල්ලො ඉන්නවා කියලා. දූපතට ඇතුළු වෙන කිසිම කෙනෙකුට මේ බල්ලොන්ගෙන් බේරිලා ඉන්න ලැබෙන්නෙ නැහැ. මේ අයට වෙන්නෙත් ඒ ටිකමයි. අනිත් කාරණය තමයි මේ ඉන්න බල්ලොන්ගෙ මොළෙත් සාමාන්‍ය බල්ලොන්ට වඩා දියුණු කරල හදල තියෙනවා. සහෝදරයො දෙන්නටත් පස්සෙ තමයි මතක් වෙන්නෙ එයාලගෙ මාමා ඉඳපු කාලේ දූපතේ පැත්තක ප්‍රහාර සඳහා බල්ලන්ව පුහුණු කරන පුහුණු කඳවුරක් තිබුණු බව. එයාලට දූපතෙන් පිට වෙන්න තියෙන ඔක්කොම මාර්ගත් බල්ලො ටික එකතු වෙලා අවහිර කරලා දානවා. එතනින් එහාට මම මොකුත් කියන්නෙ නැහැ. ඉතින් මේ මිනී කන බල්ලොන්ගෙන් බේරිලා දූපතෙන් පැන ගන්න මේ පස්දෙනාටම අයිත් එන්න පුළුවන් වෙනවද කියල වගේම, එයාලා බල්ලොන්ගෙන් බේරිලා පැනගන්න මොනවද කරන්නෙ කියල බලාගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. අනිත් දේ තමයි බල්ලොන්ට කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම එක බලන්නම වෙනවා. මොකද මේ ෆිල්ම් එකේ ඉන්න බල්ලො බොහොම විශේෂ වැඩ පෙන්වන බල්ලො ටිකක්. මේක මුල ඉඳල අවසාන වෙනකන්ම බොහොම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. 5/10 රේට් එකක් තමයි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නේ.

ඉතින් මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලනවා වගේම පහළින් කමෙන්ට් එකකුත් දාන්න කියලා. ඒ වගේම සිංහල උපසිරසි අවශ්‍ය සුපිරි ෆිල්ම් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඒ ගැනත් සලකලා බලන්න. එහෙනම් වෙනදා වගේම වැරදි තියෙනවනම් සමාවෙන්න කියල තමා කියන්න තියෙන්නෙ. තවත් උපසිරසි නිර්මාණයක් අරගෙන එනකම් කාටත් ජය වේවා!!

The Breed (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/TRYG” type=”icon” “center” newwindow=”yes”] 677 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5b45b9045d2099a24b90b1ce355f38e1d605b71d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “The Breed (2006) | සුනඛයන්ගේ දිවයින. [සිංහල උපසිරැසි සමඟ]

  • තාරක ජයසිංහ

    මගේ ආසම ෆිල්ම් එකක් බං… සිංහල සබ් එක්ක ආයේ බලනවා….

    Reply
  • ස්තුතියි සහෝ 😉

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    චූටි මලා එක්ක 100% එකඟයි.
    මේක නම් පට්ටම බලු සිරාම කතාවක්.
    නොබැළුවොත් ලොකු පාඩුවක්.

    Reply
  • “චූටී මල්ලි”

    බලු සීන් එකක් නෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • අමුතු ස්ටෝරියක් වගේ.සබ් එකට බොහොම ස්තූතියි…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ආහ් අමුතු එකක් වගේ..
    ආසාාායි…
    බලමු..
    සබට තුති
    ජය

    Reply
  • තන්කු අය්යා අනෙ පුලුවන්නම් මෙක සබ් කරන්නකො Saajan (1991)

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම උපසිරැසි දෙන්න .
    😀

    Reply
  • thanks ජයවේවා

    Reply
  • janaka kalu

    thanksss.. machoo

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මේක කාලෙකට කලින් බැලුවා. උපරිමයි………. නොබලපු කෙනෙක් ඉන්නව නම් අරගෙන බලන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….

    Reply
  • එල වැඩක් මචන්.
    ලිපියෙන්ම පෙන්නලා තියෙනවා කතාවේ ස්වභාවය…
    කොහොම උනත් සුපිරි…
    තව දෙමු….ජය!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඩීඩීයා

    නියමයි …….. තැන්ක්ස් හොඳේ 😉 ජය වේවා

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි උදාර සහෝ!

    ජය වේවා!

    Reply
  • thanks machan sub 1 ta man ada 2 ela ela

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *