අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Campaign (2012) Sinhala Subtitles | කතිර යුද්ධය [සිංහල උපසිරැසි]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

ඔන්න එහෙනම් මගේ The Murderer (2023) තායි ෆිල්ම් එකේ සබ් එකට පස්සේ අද ඔයාලට අරන් එන්නේ පට්ට සුපිරි ආතල් ෆිල්ම් එකක්. ඒ තමා 2012 නිකුත් උන The Campaign ෆිල්ම් එක. ඇත්තටම මේක තමා මගේ දෙවැනි සබ් එක වෙන්න තිබ්බේ. Grown Ups (2010) ට මම කරපු සබ් එකෙන් පස්සේ මම මේකට සබ් හදන්න පටන් අරන් ෆිල්ම් එකේ බාගෙකට වඩා සබ් හදල ඉවරකරලා තිබ්බේ. පස්සේ මගේ වැඩවලට කාර්‍යබහුල උන නිසා ඒවා ඉවරවෙනකන් මම මේකට සබ් හදන එක නැවැත්තුවා. කොහොම හරි අවාසනාවකට මගේ අතින් ඒ සබ් ෆයිල් එක ඩිලීට් උනා. ඉතින් ආපහු මුල ඉඳලා හදන්න වෙලාවක් වෙන්කරන්න බැරි නිසා මම මේක අතහැරලා දැන්මා. ඉතින් 2013 සිට බලද්දී තවමත් මේකට සිංහල සබ් එකක් ඇවිලලා තිබ්බ නැති නිසා මම තීරණය කරා ආපහු මගේ 4 වැනි සබ් එකට අපහු මේකට අතගහන්න. ඔන්න එහෙනම් ඒක.

මේකේ ප්‍රධාන චරිත දෙකත පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක නොකරම බැරි Zach Galifianakis නළුවන් දෙදෙනායි. මේ ෆිල්ම් එක කොච්චර ආතල්ද කියනවනම් මට හිතාගන්න බෑ කොහොමද මේකට මෙච්චරකල් සිංහල සබක් නිකුත් උනේ නැත්තේ කියලා. අපි මේකේ කථව ගැන පොඩ්ඩක් කියනවානම්, මේකෙ වෙන්නේ උතුරු කැරොලිනාවේ 14 වැනි දිස්ත්‍රික්කයේ කොන්ග්‍රස් සභිකයා තේරීමේදී ප්‍රධන පක්‍ෂ දෙකේ අපේක්ශකයන් දෙන්නා අතර සිද්ද වෙන ඡන් ද සටනයි.

Camden “Cam” Brady (Will Ferrell) කියන්නේ ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් නිතරඟයෙන් පිට පිට සිව්වතාවක් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වූ පුද්ගලයායි. ඔහු තරමක් සල්ලාලකමට බර, කිසි වගකීමක් ගන්නේ නැති තමන් ගේ ජයග්‍රහනය සහ තනතුර ගැන විතරක් හිතන කෙනෙක්. ඒ වගේම ඔහුගේ සෑම මැතිවරණ වැඩකටම සහය දෙන්න් ඔහුගේ හොඳම මිත්‍රයා වගේම කලමණාකරුවන Mitch Wilson (Jason Sudeikis)ය. හැබැයි මෙයා Camගේ සල්ලාල වැඩ වලටනම් කිසිම කැමැත්තක් නෑ. පස් වැනි පාරටත් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වෙන්න හිතන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රචාරණ වැඩ කරගෙන ගියත් ඔහුගේ අතින් සිද්දවෙන අවලං වැඩක් ප්‍රසිද්ධ වීමෙන් මේ පාර ඔහුට තිබෙන ජනතාවගේ කැමැත්ත අඩුවෙන්න ගන්නවා. ඒ නිසා ගෙන් දේශපාලන ප්‍රයෝජන ගන්න වගේම ඔහුගේ වැඩ වලට මුදල් වියදම් කරන අති විශාලා දේශපාලන බලයක් තියන ව්‍යාපාරිකයන් දෙන්නෙක් වන මොච් සහෝදරයන්ට Camගේ ජයග්‍රහනය ගැන තියන විශ්වාසය නැති වෙනවා.

එයාලා තීරණය කරනවා මේ ඡන් ද සටනට ඔවුන් ගේ වාසිය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරමින් කැම්ට විරුද්ධව තවත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න. ඒ එම දිස්ත්‍රික්කයේම දේශපාලනයට ස්ම්බන්ධ වංශවර් පව්ලක දෙවන දරුවා වන Marty Huggins “Zach Galifianakis”ය. මාටි හගින්ස් සාමන්‍ය පුද්ගලයන්ට වඩා අමුතු ගති පැවතුම් ඇති අහිංසක පුද්ගලයෙකි. තමන්ගේ තාත්තාගෙ වැඩ ගැන කලකිරීම නිසා පවුලෙන් ඈත් වෙල තමන් ගේ බිරිඳ හා ලමයි දෙන්නා එක්ක සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් පොඩි සංචාරක මගපෙන්වීම් ආයතකයක් කරගෙන යමින් හොඳ පව්ල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. කොහොම හරි මාටිගේ තාත්තාට මාටි ගැන විශ්වාසයක් නැතත් මොච් සහෝදරයන්ගේ ඉල්ලීම මත මොච් සහෝදරයන්ගේ යටි කූට්ටු වැඩ ගැන කිසි දෙයක් දන්නේ නැති ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ තමන් ජීවත්වෙන නගරයට හොඳ දේවල් කිරීමේ අරමුණකින්.

නාම යෝජණා බාරදීමේ අන්තිම විනාඩි කිහිපයේ මාටිගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන් මොන කුප්ප වැඩේ කරත් මැතිවරණ ජයග්‍රහනය ගැන 100% විශ්වාසය තියන් ඉඳපු කැම්ට මේක හිතාගන්න බැරි දෙයක් වෙනවා. හැබැයි කුඩා කාලයේ සිටම මාටිගේ අමුතු ගති පැවතුම් ගැන දන්න නිසා කැම් මේක ලොකුවට ගන්නෙ නැහැ. මේ සේරටම පස්සේ මොච් සහෝදරයන් විසින් මාටිගේ ඡන් ද වැඩ වල උදව්වට මාටි ලගට Tim Wattley (Dylan McDermott) එවනවා. ටිම් විසින් මාටිගේ සාමන්‍ය ජීවිතය මැතිවරණයට ගැලපෙන විදියට උඩු යටිකුරු කරනවා. මේ වෙනස්කම් වලින් පස්සේ කැම්වත්, මාටිවත් හිතපු නැති විදියේ ඒ මහා ඡන් ද සටන පටන් ගන්න අතර දෙන්නට දෙන්න තමන්ව උඩට ගන්න හිතාගන්නවත් බැරි විදියේ දේවල් කරන්න පටන් ගන්නවා. මම හිතනම කතාව මෙතනින් ඇති කියල. මේ ඡන් දෙන් දිනන්නේ කව්ද වගේම කථවේ ඉතුරු විස්තරය දැන ගන්නනම් දැන්ම ෆිලිම් එක හොයාගෙන බාගෙන සබ් එක අරන් බලන්න. මේ ෆිලිම් එක පුරාවටම ඔයාලට හිනාවෙලාම බලන්න පුලුවන්.

සිංහල සබ් එක සාදා ඇත්තේ extended copy එකට වන අතර, කරුණාකර ෆිල්ම් එක නැරඹීමට extended copy එක Download කරගන්න.

එහෙනම් තවත් මෙච්චරකල් සබ් එකක් නිකුත් උනේ නැති ආතල් ෆිල්ම් එකක සබ් එකක් අරන් එනකන් මම සමුගන්නවා. ජය වේවා සේරටම!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය EXTENDED BRRip පිට‍පත සඳහා ලබා දී ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පතිරණගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-10-26
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Campaign (2012) Sinhala Subtitles,The Campaign (2012)

9 thoughts on “The Campaign (2012) Sinhala Subtitles | කතිර යුද්ධය [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • රංදික උබ ගැම්මක් චොල්ලෝ 🙂

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි!
    තවත් උපසිරසියකින් මුණගැහෙමු එහෙනම්…

    Reply
  • එකෙන්ම සුපිරී රැන්ඩී

    Reply
  • thank you wewa bosaaa..

    Reply
  • ගොඩක්ම ස්තූතියි රන්දික……..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *