The Conversation (1974) Sinhala Subtitles | සංවාදය [සිංහල උපසිරසි]
The Conversation (1974) Sinhala Subtitles
“බයිස්කෝප් සිංහලෙන්”… ලංකාවේ සිනමා ලෝලීන් අතරෙන් මේ නම අහලා නැති අය ඉන්නේ අතළොස්සක් වෙන්න ඕනේ. ලංකාවේ අපි කවුරුවත් උපතින් ඉංග්‍රීසි කතා කරන අය නෙමෙයිනේ; දැන් විවිධ භාෂා ඉගෙනගෙන සිංහල සබ් නැතුව ෆිල්ම් බලන අය පවා පොඩි කාලේ ඒකට පන්නරය ගත්තේ සිංහල උපසිරසිවලිනුයි. මට වගේම ලංකාවේ බොහෝ දෙනාට “සිංහල උපසිරසි” සහ “බයිස්කෝප් සිංහලෙන්” කියන්නේ සමාන පද දෙකක්. මොකද මේක තමයි “නිදහස් සිංහල උපසිරසිකරණය” කියන දේ හඳුන්වා දුන්න සයිට් එක. ඒවගේම අදටත් ලංකාවේ අංක එකේ සිංහල උපසිරසි අඩවිය විදියට ඒ legacy එක නොකඩවා අරගෙන යන සයිට් එක. මං සයිට් එකට ඇවිත් තාම වුණේ අවුරුදු දෙකක් වුණත්, 2009 සිට 2024 දක්වා ඒ පහළොස් වසරක ගමනේ කොටස්කාරයෙක් වෙන්න ලැබීම ගැන මට ආඩම්බරයි.
ඒ ඔක්කොම පටන් ගත්තේ 2009 වසරේ දිනක කාටවත් නොදැනී අපේ ඉසිර ගුණතිලක හෙවත් “පොතේගුරා” සොහොයුරා තමන්ගේ බ්ලොග් අඩවියේ තමන් බලපු චිත්‍රපටයක් ගැන තැබූ සටහනකිනුයි. එදා තමන්ගේ බ්ලොග් අඩවියේ පළකරපු ඒ පෝස්ට් එක, අවුරුදු 15කට පස්සේ මෙච්චර ලොකු දෙයක් බවට පරිවර්තනය වෙයි කියා එතුමා හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. ඉතින් පොතේගුරා සොහොයුරා සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරා එකතු වෙලා මේ අඩවියට සිංහල උපසිරසියක් කරන්න ගන්නවා. නමුත් රොයිලි අයියා ඒ උපසිරසිය නිම වෙන්න කලින්ම වෙන උපසිරසියක් නිම කරනවා. ඒ උපසිරසිය තමයි 2009 මාර්තු 10 වෙනිදා “Déjà vu (2006) | අතීතය, වර්තමානය සහ අනාගතය” නමින් පළවෙන්නේ. එදා ඉඳන් ක්‍රම ක්‍රමයෙන් උපසිරසිකරුවන් එකතු වෙමින්, උපසිරසි බාගන්න අය වැඩිවෙමින්, රසිකයින් ඇති වෙමින් 2024 මාර්තු 10 වෙනිදා වෙනකන් අවුරුදු 15ක් පුරා ආ ගමනේ ප්‍රතිඵලයක් විදියටයි ඔයා දැන් මේ ලිපිය කියවන්නේ. මේ කතාව මින් පෙර අවස්ථා කීපෙකදිම කිව්ව කතාවක්. නමුත් කොච්චර ඇහුවත් ආපහු අහන්න හිතෙන කතාවක්.
මේ වගේ සංවත්සරයකදී මොකක් හරි විශේෂ දෙයක් කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අපේ 15 වෙනි සංවත්සරයට අපි තෝරගත්තේ කලාවට නියම ඇගයුමක් ලබා දෙන සම්මාන උළෙලක් ලෙස නම් දරන කෑන්ස් සම්මාන උළෙලේ විශිෂ්ඨතම සම්මානය වන Palme d’Or සම්මානය ලබාගත් චිත්‍රපටි පෙළක් ඔබ හමුවේ තබන්නයි.
ඒ අනුව මේ සිංහල උපසිරසි අරගෙන ඇවිත් තියෙන්නේ 1974 වසරේ කෑන්ස් සම්මාන උළෙලේ Palme d’Or සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටිය වන The Conversation (1974) චිත්‍රපටියටයි. ඔව්, මේක සියවසකින් බාගයක්, ඒ කියන්නේ අවුරුදු 50ක් පරණ චිත්‍රපටියක්. ඒවගේම මම සාමාන්‍යයෙන් උපසිරසි ගන්වන චිත්‍රපටි කුලකයෙන් බාහිරව තියෙන චිත්‍රපටියක්.
මේ චිත්‍රපටියේ ප්‍රධාන ෆෝකස් එක වෙන්නේ “හැරී කාල්” නම් වයර්ටැපර් කෙනෙක්. 1970 ගණන්වල තිබුණේ දැන් තියෙනවා වගේ ජංගම දුරකථන නෙමෙයිනේ. ඒකාලේ දුරකථන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දෙන එක අද කාලේ එහෙම කරනවට වඩා හුඟක් ලේසියි. ඉතින් මෙන්න මේක තම රාජකාරිය කරගත්ත කෙනෙක් තමයි “වයර්ටැපර්” කෙනෙක් කියන්නේ. හැරී කාල්ගේ අනුග්‍රාහකයෙක් එයාට දීලා තියෙනවා තරුණයෙක් සහ තරුණියක් අතර සිද්ධවෙන කතාබහක් පටිගත කරන්න. ඒ වටා තමයි මුළු ෆිල්ම් එකම ගෙතිලා තියෙන්නේ. කතාව ස්පොයිල් වෙන නිසා මං එතනින් නවත්තන්නම්කෝ.
චිත්‍රපටයේ මුල ඉඳන් අග දක්වාම මේ ‘සංවාදය’ සහ එහි තේරුම මොකක් ද කියන එක හරහා ඔයාව කුතුහලයෙන් තියාගන්න සමත් වේවි. ඒවගේම අවුරුදු 50ක් පරණ ෆිල්ම් එකක් නිසා අද කාලේ ෆිල්ම්වලට වඩා වැඩි attention span එකක් ඕන වේවි. ඒවගේම මේක ටිකක් අමුතු ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉවර වෙනකොට, ප්‍රශ්නවලට උත්තර ලැබුණද? නැත්නම් ප්‍රශ්න දෙගුණ වුණාද කියලා බලලා ඇවිත් කොමෙන්ටුවක් කොටාගෙන යන්නකෝ.
එහෙනම්, අද දවසේ පැය දෙකෙන් දෙකට සයිට් එකට ඇවිත් යන්න. මොකද පැය දෙකෙන් දෙකට වගේ හැම භාෂාවකින්ම වගේ උපසිරසියක් බැගින් වැටිලා තියේවි. ඒවායින් බොහොමයක් Palme d’Or දිනපුවා. එහෙනම්, සුබ 15 වෙනි උපන්දිනයක් වේවා බයිස්කෝප්! ඒවගේම වසර 15ක් පුරා අප සමඟ රැඳී සිටි ඔබට ස්තුතියි! වසර 15ක් පුරා රොයිලි අයියාගේ ඉඳන් සයිට් එකට උපසිරසි සපයපු හැම උපසිරසිකරුවෙක්ටම, සයිට් එක බලාගත්ත හැම ඇඩ්මින්වරයෙක්ටමත් ස්තුතියි! තව වසර 30කින් හෝ 40කින් අපි මෙතන නැතිවෙන්න පුළුවන්, නමුත් “බයිස්කෝප් සිංහලෙන්” ඔබ සමඟ ඉඳීවි! පීස් ✌️.
The Conversation, The Conversation (1974) Sinhala Subtitles, The Conversation Sinhala Sub
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත සඳහා ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 786 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
The Conversation, The Conversation (1974) Sinhala Subtitles, The Conversation Sinhala Sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks….
Thanks
15වෙනි සංවත්සරයට සුබපැතුම් බයිස්කෝප් ටීම් එකට..
තව අවුරුදු100කටත් එහා උපසිරැසිකරනයේ යෙදෙන්න ලැබේවා….
බොහෝම ස්තූතියි මේ උපසිරැසියට……..
Happy 15th Anniversary Baiscope.lk
Happy 15th Anniversary! Thanks to All the Admins
thanks bro
Happy 15th Anniversary
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.
Thanks…
❤️❤️❤️