ඔන්න මං කියපු විදිහටම මේ නිවාඩු කාලෙදී දෙනව කිව්ව අර වාර්තා චිත්‍රපටි අතුරින් තවත් එකක් අරන් ආව, සිංහලත් එක්කම. මේ කතාව නැතිනම් විස්තරය කියමුකෝ; කුරුලු වර්ගයක් ගැන. මේ මිහිතලය මත වෙසෙන එක්තරා සුවිශේෂී කුරුලු විශේෂයක් ගැන ගොඩනැගුණු එකක්. මොවුන් ඉන්නේ අප්‍රිකාවේ විතරමයි. ඉන්නේ කීවට උපදින්නේ අප්‍රිකාව…

ඔන්න මං කියපු විදිහටම මේ නිවාඩු කාලෙදී දෙනව කිව්ව අර වාර්තා චිත්‍රපටි අතුරින් තවත් එකක් අරන් ආව, සිංහලත් එක්කම. මේ කතාව නැතිනම් විස්තරය කියමුකෝ; කුරුලු වර්ගයක් ගැන. මේ මිහිතලය මත වෙසෙන එක්තරා සුවිශේෂී කුරුලු විශේෂයක් ගැන ගොඩනැගුණු එකක්. මොවුන් ඉන්නේ අප්‍රිකාවේ විතරමයි. ඉන්නේ කීවට උපදින්නේ අප්‍රිකාවේ විතරමයි. හේතුව මොවුන්ගේ අනන්‍ය වූත් ආවේණික වූත් ජන්මෝස්ථානය. එය පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේයි. වෙනත් කිසිදු තැනෙක මොවුන්ගේ උපත සිදුවන්නට අවශ්‍ය පාරිසරික තත්ත්වයන් සැකසෙන්නේ නැහැ. ඒ හා සම කළ හැකි වෙනත් කිසිදු තැනක් මේ ලෝකය මත ඇති බවටත් මෙතෙක් වාර්තා වී නැහැ. ඉතිං මේ තැනට මොනවහරි වුණොත් ඒ කියන්නේ ලෝකය ලස්සන කරන මේ කුරුලු වර්ගයා මේ ලෝකෙන් අතුගෑවිලා යනවා කියන එකයි.
ඒ පුදුමාකාර කුරුල්ලෝ තමයි ‘ෆ්ලැමින්ගෝ’ කියන්නේ. පාරිසරික විද්‍යාඥයන් එකතු පහදු කරගෙන තියෙන තොරතුරුවල හැටියට මොවුන් මේ ලෝකයේ වාසය කරන්නේ වසර මිලියන විස්සක් තිස්සේයි. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ දෙසීයක්. නමුත් අදවන විට මේ කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා. හේතුව ඔවුන්ටම අනන්‍ය වූ සැකැස්මක් හොබවන ඔවුනගේ ජන්මභූමිය වැනසී යාමේ තර්ජනයකට මුහුණ දීලා. මේ තර්ජනයට හේතුව හිතාගන්න පුළුවන්ද? මිනිසා තමයි. මිනිසාගේ ඉවක් බවක් නැති ලෝක විනාශය. ඉතිං මං ඉල්ලනවා මොවුන් රැකගන්න ඔබටත් හැකි යමක් කරන්න කියලා. අපි අප්‍රිකාවේ නොවන නිසා මේ අය වෙනුවෙන් අපි මොනවා කරන්නද? නේද?
ඒක හැබෑව; නමුත් පොඩ්ඩක් හිතුවොත් අපේ රටෙත් මේ වගේ මහ අරුම පුදුම සත්තු කොච්චරනම් ඉන්නවද? අපේ රටේ පමණක් ඉන්න බිම් බස්සා, ගෙඹි කට බස්සා… ඔය වගේ තවත් අය ඕනි තරම්. අපට ෆ්ලැමින්ගෝවන් රැකගන්න ඉඩක් නොතිබුණත් අපට අපේ අය රැකගන්න ඉඩක් තියෙනවා. ඒක නිසා ඒ අය වෙනුවටවත් මේ අයව රැකගන්න අපි කටයුතු කරන එක අපේ යුතුකමක් කියලා මට හිතෙනවා. අනිත් කාරණේ අපි නොහිතා කරන සුළු දේකින් මේ වගේ අය සහමුලින්ම වඳවෙලා යන්න ඉඩ පාදනවා වෙන්න පුළුවන්, ඒ නිසා ඔබෙන් ඉල්ලනවා ඔබ කරන හැම කටයුත්තක්ම පරිසරයට ආදරයෙන් කරන්න කියලා. එතකොට මේ අපේම හිත මිත්‍රයන්ගේ ජීවිතත් රැකගන්න අපට පුළුවන් වෙයි.
මම හිතන හැටියට මේක අපේ පුංචි නංගිලා මල්ලිලාට සුරංගනා කතාවක් තරම් ලස්සන කතාවක් වෙයි. ඒ විතරක් නෙමේ අපේ අනෙකුත් පාසල් යහළුවන් කාටවුණත් දැනුමට සැහෙන ප්‍රයෝජනවත් වෙයි. ඇරත් ඉතිං අපේ පක්ෂි ලෝලීන්ටනම් මේක සෑහෙන රසවත් චිත්තරපටියක් වෙයි. මං බලාපොරොත්තු වෙනවා අපේ බයිස්කෝප් යාළුවෝ කාටත් මේක අමුතුම අත්දැකීමක් වගේම රසවින්දනයක් වෙයි කියලා. මම මේ කටයුත්තට අතගැහුවේ අපේ පාසල් නිවාඩුකාරයන් වෙනුවෙන් වුණත් මේකත් පරිසරයට පෙම් කරන කාට වුණත් එකසේ ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒ වගේම මේ ලෝකේ අරුම-පුදුම විශ්මයක අමුතු රහස් එළි කරන මේ කතාව බැලුවහම හිතෙයි මේ විශ්වය කොයි තරම් නම් පුදුම සහගතද කියලා, ඒ වගේම තව කොච්චරනම් අමුතු රහස් සැඟවිලා ඇත්ද කියලා…
ඉතිං තවත් එකක් ඉක්මනින්ම අරගෙන එන්නම් පාසල් නිවාඩුව ඉවර වෙන්න කලියෙන්… එහෙනම් එතෙක් ආයුබෝවන්!
ප.ලි. :- අපේ යාළුවො අතරේ කුරුල්ලෝ ගැන හදාරපු; ඒ අය ගැන විස්තර දන්න; කවුරුහරි ඉන්නවනම් මට මේල් එකක් දාන්න. මාත් හරි කැමතියි කුරුල්ලන් ගැන තව තව විස්තර දැනගන්න. ඉතිං එහෙම කෙනෙකුගේ උදව් ලැබුණොත් ආයෙ මෙහෙම එකක් කරනකොට ඒක තවත් ලස්සන කරගන්න හැකිවෙයි. ඒ නැතත් මම මේ ෆ්ලැමින්ගෝලගේ සිංහල නමක් දන්නේ නැති නිසා ඒ ගැනත් දැනගන්න හරිම ආශයි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
54 comments
uda
හශාන්
අම්මටසිරි අද මං එක...........:D
කේ. යූ. ජී. උදාර
අද මේක දෙයි කියල හිතපු හින්දම ඊයේ මං මේකෙ trailer එකකුත් බැලුවා. oceans එක වගේම මේකත් ගතියට ඇති කියල හිතෙනවා. මේ ජාතියේ තව වටින documentary ටිකක් සිංහල සබ් එක්කම ඉස්සරහටත් අරගෙන එන්න.
මේ වැඩේට උදාට බොහොමත්ම ස්තූතියි.sanju
thanx
හශාන්
උදා සහෝ ඒක ගින්දර පික්චෑර් එකක්......ඔයා එල කොල්ලෙක්නෙ.........සුපිරි ආ........තවත් මෙහෙ පට්ට පට පට....ගිනි ගින්දර......ෆිල්ම් වලට සබ දාන්න වාසනාව ලැබේවා කියල මං ප්‍රාර්තනා කරනව........ඔයාගෙ වැඩ සියල්ල සාර්ථක් වේවා........ජයෙන් ජය.......!
Tharanga Darshana Ekanayaka
එළ ඈ..........
නියමයි...........සංදීප
නියම එකක් වගේ......මාත් download වෙන්න දානවා...
chamila
thanks....
D_DASH
Thanks..... Machan
විකියා
එළනේ..මරු මරු..එහෙනම් බොහොම ඉස්තූතී සහෝ..
මේ වගේ වැදගත් බයිස්කෝප් දෙන එක ගැන...ජයෙන් ජය~!
$uvin
එල වැඩක් මචෝ.. මාත් බානවා එහෙනම්..
Earth, March of the Penguins, Planet Earth කියන Documentary ටිකත් එල මචන්ලා.. පුළුවන් නම් බාගෙන බලන්න.. එල.. ජය වේවා..
“උදා” සොහොයුරාට මගෙත් ස්තූතිය..ආරච්චිල
පිස්සු හැදෙන සඳ, මේවා නොබලන දෑස් මක්කටෙයි කිව්වලු.... "උදා" කොලුවගේ සිලෙක්ෂොන් එක නම් මල් හතයි ආ........!!!
" ඩිස්නි නේචර් " එකෙන් කරපු එකක් නොවැ, අති සුපිරි විදිහට ඇති. කලින් වතාවේ දුන්න " Oceans " එකත් සුපිරියටම තිබුනා..... :D
සිංහල සබ් දෙන මේ අත් වලට දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි කිව්වා ඕං....
කොළුවගේ ලිස්ට් එකේ ඊළඟට තියෙන්නේ " African Cats " ද.....??? හප්පේ..... පට්ට පදිරි ආ......!!!අනුත්
බොහොම ස්තුතියි
charith
නියමයි සහො..........මේවා තමයි බලන්න ඔනේ දෙවල් ඒ වගේම මේක ගොඩාක් වටිනා නිර්මානයක් මේවැනි නිර්මානයකට සිංහල සබ් දාපු එක ගොඩාක් වටිනවා......ස්තුතියි සහො....මේ වගේ නිර්මානයක් සිංහල සබ් එක්ක ලබාදිම පිලිබද........තව තව නිර්මාන ඉදිරිපත් කරන්න සිංහල සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා.........!!!
කේ. යූ. ජී. උදාර
මෙයාට කියන්නේ "සියක්කාරයා" කියලයි.
සෙමි. 127ක් පමණ උසවු සිහින් සිරුරක් ඇති අලංකාර පක්ෂියෙකි. නොගැඹුරු ජලයේ ඇති ආහාර එක් රැස් කල හැකි ආකාරයේ පහතට නැමුණු ලාක්ෂණික හොටක් ඇත. රංචු වශයෙන් ජිවත් වන මොවුන් බාහිර පෙනුමෙන් ගැහැණු පිරිමි ලෙස වෙන්කර හදුනාගත නොහැක.කෘමින්, කුඩා සතුන් මෙන්ම ඇල්ගේ වැනි කුඩා ශාකද ආහාරයට ගනි. මඩ සහ වැලි උපයෝගිකරගෙන කොණාකාර කුඩු තනයි. ආයු කාලය වසර 50 ඉක්මවයි.
මූලාශ්‍රය-
k bandara
බොහෝම ස්‌තූතී සහොදරයා...
පොඩි දෙයක් කියන්න තියනවා.උපසිරස් දෙන rar File එක අතුලේ තියන Read me - Subtitle help file එක ගැන.එකේ තියෙන්නේ උපසිරස් ගැන ගැටලුවක් අති උනාම අපේ කට්‌ටියට එක විසදගන්න විදිය.නමුත් වෙන කෙනෙක් කරපු උපසිරස් file එකක තව කෙනෙක් පුද්ගලික නමකින් E-mail ලිපිනයක් Facebook ලිපිනයක් ,Fan page දැමීම නම් එච්චර හොද නෑ කියල මට හිතෙනවා.අඩුම තරමේ උපසිරස් කරපු කෙනාගේ නම වත් දාලා ඔහුට ස්‌තූතිය හිමිවිය උතු බව සදහන් කරානම් හොදයි.DAMER
එළ එළ... 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා කිවුවා හැමෝටම…! 👍uda
@ $uvin & ආරච්චිල
ඕවැයින් කිහිපයක් දෙන්න කියල තමා සූදානම් වුණේ. කට්ටිය දැනටම බලල ඉවරනම් දෙන එක නිෂ්ප්‍රයෝජන නිසා,,, එපා නම් මම ඒවා නොදී ඉන්නම්.
@ කේ. යූ. ජී. උදාර
ගොඩක් ස්තුතියි සිංහල නම කීව එකට. කලින් දැනගන්න ලැබුනානම් ඒ නමම යොදාගන්න හිබ්බා. නමුත් මට දැනගන්න ලැබුණේ නෑනේ.
සහෝ පුලුවන්නම් මේ වගේ සත්ත්ව තොරතුරු සිංහලෙන් අඩංගු වෙන වෙබ් අඩවි මුකුත් හෙම තියෙනවානම්(ඔයා දන්න ඒවා), මට ඒ විස්තර මේල් කරනවද? ඒක සෑහෙන පොරෝජං වෙයි ඉස්සරහට.
mudiya
වාර්තා චිත්‍රපටි කියපු නිසා නොබලා ඉන්නව කියල තමයි හිතුවෙ.ඒත් කමෙන්ට්ස් ටික දැක්කම බලන්ඩ පට්ට ආසාවක් ආවනෙ.ෆිල්ම් දෙකම බාන්ඩ දැම්ම.ඉංග්‍රීසි එක්ක බැලුවම තේරෙනවා තමයි.ඒත් නියම රසය විඳින්ඩ වෙන්නෙ නෑ.සිංහල සබ් දෙන ඔයාලා ඔක්කොටම පිං.බොහෝ............ම ස්තූතියි...!
Damith Akalanka
Thnkxxx......ජයවේවා !
@ k bandara
උබෙ කතාවට මමත් එකගයි මචන්.සිරා කතාව...theekshanax
thanks saho
Anonymous
film eka ela athi case eka dubai wala me site eka block.
Anonymus
good keep it up .
රාම් රාජ්
thanks
janaka
එළනේ..මරු මරු..එහෙනම් බොහොම ඉස්තූතී සහෝ..
AMBARELLA
ELA MACHOOOOOOOOOOO
අමීර
thanks machan....
Gordonia Ceylania
Nice work...
It must be a nice film...
Visit my blog...
Wish You can do more nature works...Air Bender
ela elaa,,,maxxxaaaaaa,,,Thaankzz 4da sinhala sub,,, :)
ආසියාවේ ආශ්චර්යය
දැන් ඉතින් ජනවාරි ඉඳන් මේවා බාලා ඉවරයි! SLT transfer cap දැම්මම ලොවෙත් නෑ. ආසියාවේ ආශ්චර්යය part4
kkg
නියමයි යාලු සබ් දාන්න හැකිවේවා තවතව
dinnu
බොහෝම ස්තුතීයි සහෝ.ජයවේවා!!!
sUranga
National Geographic channel
Discovery,BBC documentary ත් වලට සබ් දෙන්න
බොහොම ස්තුතියි.හසිත
සත්ව ගවේශකයන්ට විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් පරිසර හිතකාමියෙක්ට උනත් ඉතා වටිනා තොරතුරු තියෙන වාර්තා වැඩසටහනක්. බොහොම ස්තූතියි මේ වගේ එකකට උපසිරැසි දුන්නට. සාමාන්‍ය චිත්‍රපට වල ඒකාකාරීත්වයෙන් මිදිල මේ වගේ පරිසරය,සතුන් ගැන තොරතුරු දැන ගන්න එක මනසටත් හොඳයි. "උදා" දිගටම කරගෙන යන්න සුභ පතනව...
ගලේබන්ඩාර
thnk u mchn....patta...
rar File එක අතුලේ තියන Read me – Subtitle help file එක ගැන katha nam atta tama...Chiro Theeta
Niyamai macho 'Earth' saha 'African Cats' thuth danna!!!!!!!!!!!!!!!!!!!!!!
Bohoma Sthuthi!!!!!!!!!!!!!!!!!!!
:) :) :) :) :)
කේ. යූ. ජී. උදාර
@උදා
හොඳ සයිට්ස් ටිකක් හම්බවුණොත් අනිවාර්යයෙන්ම මේල් එකක් දාන්නම්. ඒ වගේම ඉස්සරහටත් මේ ජාතියේ Nature Documentary ටිකක් ඔන්න අපි බලාපොරොත්තු වෙනවා මචෝ....uda
කොමෙන්ට් කළ කාටත් ස්තුතියි. හැබෑටම මට හරිම පුදුමයි 'Nature Documentary' වලට කැමති අය මෙච්චරවත් ඉන්නවයි කියන එක. ඇත්තම කියනවනම් මම හිතුවේ නෑ කොමෙන්ට් 10 යක්වත් මේකට තියෙයි කියලා.
කොහොම වෙතත් මේ කොමෙන්ට් කරාපු අය ඉල්ලීම් කරපු අනිත් Nature Documentary ටිකත් මම සිංහල එක්ක දෙන්න බලාගෙන ඉන්නවා. ටිකක් කල්නම් යාවි ඔක්කෝම දෙනකොට, ඒ වුණත් ඒවාත් දෙන්න බලාපොරොත්තු වෙන බව කියන්නයි මම මේක දාන්නේ.
මේවගේ ඒවා තවත් දෙනවද නැද්ද කියලා දෙගිඩියාවකින් හිටියා වුණත් මේ කොමෙන්ට ටික සහ ප්‍රමාණය අනුව ඒක නැතුව ගියා. ඉදිරියේදී තවත් මේ වගේ ඒවැයින් හමුවෙමු!
ආයෙමත් කොමෙන්ට් කරන හැමෝටම තුති!
හේමාල්
බොහොම ස්තුතියි මෙ වගෙ ඒට සබ් කරනවට.මමත් වැඩිපුරම බලන්නේ ඩොකියුමෙන්ට්‍රයි ෆිල්ම්ස්.විශේෂයෙන් මෙ වගෙ එවා.මෙකත් මම බාන්න දැම්මා.තවත් ඉදිරියට මෙ වගේ එවට සබ් කරන්න.
Dina
thanx uda.. wish u all the best
සෝරෝ
මමත් බෑවෙන්න දැම්මා... මොහොම තුති..!!
තිවංක
Godaaaaaaaaaak Sthuthi,,,,
රසිකයෙක්
මේක නම් නියම වැඩක් සහෝ. හැමදාම එක එක චිත්‍රපට බලන අතරේ මේවගේ දැනුමට යමක් එකතු වෙන දෙයක් දෙනවා කියන්නේ ලොකුම දෙයක්. පුලුවන්නම් මේ වගේ වාර්තා වැඩසටහන් ඉදිරියටත් සිංහල උපසිරැසි සමග අමුණන්න. ෆිල්ම් එකක් වගේ බලල ඩිලීට් කරන දෙයක් නෙමෙයි නේ මේක.
ආරච්චිල
අමු කැවිලද කොලුවෝ...... කවුද කිව්වේ නිශ්ප්‍රයෝජනයි කියලා..... grrr
මේ වගේම ඒවටත් සබ් දාලා අමුණනකං මග බලාගෙන අපි මේ ඉන්නේ......!!! ඒවා නොබලන දෑස් මක්කටෙයි කිව්වලූ...... අනික් කාරනාව තමයි " African Cats " කියන්නේ "ඩිස්නි නේචර්ස්" ඇත්තන්ගේ අනිතිම Last අවසාන Final බයිස්කෝප් එක කියල අන්තර්ජංජාලේ කියලා තියෙනවා මම දැක්කා පහුගිය දොහක. :'( :'( එහෙව් එකේ එක නොබලා කොහොමද කොලුවෝ......*&!*##&#(#@තව දෙයක්, මෙ වගේම Nature එක ගැන කොරපු තවත් බයිස්කෝප්පුවක් ඇවිත් තියෙනවා " One Life " කියලා. ඒක කොරාලා තියෙන්නේ " BBC EARTH " එකේ ඇත්තෝ කියලා තමයි ආරංචිය. හොඳ පිටපතක් ඇවිත් තියෙනවා. ගොහින් ඒක ගැනත් ටිකක් බලාලා කියන්න අමතක කොරනව එහෙම නෙමේ ඕං....
සබ් එක්ක බයිස්කෝප් දෙනවට ජාති ජාතිත් පිං ........!!!ishanka
godaak sthuthi saho... mamath parisara loliyek... wedi yen baiscope sub karanna hekiwewa....!!!
roshan amarakoon
මෙවැනි වාර්තා චිත්‍රපට ළමුන් අතරේ විතරක් නෙවෙයි තරුණ වැඩිහිට හුගාක් අය අතර ජනප්‍රියයි.විශ්වයේ ඇති මෙවැනි විශ්මය ජනක අභිරහස් ගැන ලොකෙ කීයෙන් කී දෙනාද දන්නේ.කෙනෙකුට හිතන්නවත් බැරි තරම්.ඒත් ඒවා මොනතරම් ලස්සනද.ගහ කොළ සතා සිව්පාවට ආදරය කරන්න කෙනෙකුට අලුතින් පුරුදු කල යුතු නැහැ ඔව්නටත් මේ සොභාදහමේ අපූර්වත්වය වැටහෙනවානම්.ලෝකෙ වෙනත් රටවලනම් මෙවැනි වාර්තා ගනයේ වැඩසටහන් රූපවාහිනීවල විකාශය වුවත්,ලංකාව කොහොමත් අමුතු රටක් නිසා මෙවැනි වැඩසටහන් වලට එතරම් ප්‍රමුක බවක් දෙන බවක් පේන්න නැහැ.සූරිය අරණ ආපු දවස්වල ස්කෝල ළමයි වැල නොකැඩී ගියා ඒක බලන්න.ඒත් ඒක ඉතාම අතාත්වික කතාවක්.ළමයි හරියටනම් ඒ විධියට යන්න ඕන මෙවැනි දේ බලන්නයි.උදා සොයුරා දුන් oceans එකත් බැලුවා.මේ දෙකටම ගොඩාක් ස්තුති කරන්න ඕන සබ් එක්කම දුන්නට.සොභාදහම ඔඹව සුරකීවා!!!
kalu samanh
supiri aaaaaaaaaaaa
Jayan Chamal
ela balama balamu thanks a lot sinahala sub valata
Shi
documentary වලට වෙනම title bar එකක් තිබ්බොත් හොදය්, then it will be much easy
sandun
niyamai hemoma balanna. sinhala sub lassanata dala thiyenawa.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මට මේල් කරනවානම් මෙන්න වි-ලිපිනය:
udamemawi{@}gmail{.}com