ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. මොක…

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. මොකද හැමෝම දන්නවා අතේ ඇගිලි පහ එකිනෙකට වෙනස් කියලා. ඉතින් මේ පස් දෙනත් එකිනෙකට වෙනස් පස් දෙනෙක්. ඔය නිසාම තමයි මේ සංවිධානය හස්තය එහෙමත් නැත්නම් හෑන්ඩ් කියලා හදුන්වන්නෙ.
මැඩම් ගාඕ

මැඩම් ගාඕ ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. මොකද මෙයා අපිට ඩෙයා ඩෙවිල් එකේදි වගේම අයර්න් ෆිස්ට් එකේදිත් හම්බුනා. මුලින්ම මැඩම් ගාඕ සම්බන්ධ වෙලා හිටියෙ විල්සන් ෆිස්කෙ සංවිධානයත් එක්ක. පස්සෙ ඉතින් දන්නවනෙ මිනිහගෙත් ලොක්කා වගේ වුනා. කොහොමහරි මෙයා නිව්යෝක් වලින් කාලෙකට ගියත් ආපහු ඩෙයාඩෙවිල් සීසන් 2 වලදි එනවා. එයාගෙ හතුරෙක් වෙච්ච බ්ලැක්ස්මිත්ව විනාශ කරන්න ඩෙයාඩෙවිල්වයි පනිෂර්වයි මෙහෙයවන්න. ඒත් අයන් ෆිස්ට් එකේදි මැඩම් ගාඕ මතුවුනේ හෑන්ඩ් නැත්නම් හස්තයෙ ප්‍රධානියා විදිහට.
බකූටො

බකූටො අපිට දැකගන්න ලැබුනෙ අයන් ෆිස්ට් තුලින්. කොලින්ගෙ සෙන්සෙ විදිහට. අන්තිමේ මිනිහත් හස්තයෙ කෙනෙක් කියලා දැනගන්නවා. මතකනෙ ඔය හාදයා මැඩම් ගාඕ හිර කරගෙන එහෙම හිටියා. අනික මේ දෙන්නා අතරෙ ප්රශ්න තියෙනවා කියලා පෙන්නුවා. මං හිතන්නෙ එහෙම කලේ ඩැනීව අන්දන්න කියලා. කොහොමහරි අයන් ෆිස්ට් අවසාන වෙනකොට බකූටො පිහි පාරක් කාලා මැරෙනවා. ඔව් අපි හිතුවෙ මලා කියලා. ඒත්…
ඇලෙක්සැන්ඩ්රා
ඇලෙක්සැන්ඩ්රා පහුගිය කොටහින් අපිට දැකගන්න පුළුවන් වුනා. මෙයා තමයි හස්තය හසුරුවන කෙනා කියලා පිළිගන්නෙ. අනික මැඩම් ගාඔත් එයාට ගෞරව කලා. අනික තමා ස්ටික් ඒක තහවුරු කරනවා. ස්ටික් කියන්නෙ ඇලෙක්සැන්ඩ්රා “led them since the beginning.” එතනින් පැහැදිලි වෙනවා මෙයා තමා හස්තයෙ ප්‍රධානියා කියලා. එහෙම නැත්නම් හස්තයෙ ඇගිලි පහේ මැද ඇගිල්ල. තව කියනවනම් මෙයා වසර සිය ගානක් එහෙමත් නැත්නම් ඊට වඩා කාලයක් ජීවත් වෙනවා. ඒත් මෙයා රෝගාතුව ඉන්න හින්දා තේරුම් ගන්නවා තවත් වැඩි කාලයක් ඉතුරුවෙලා නැති විත්තිය. ඉතින් ඇලෙක්සැන්ඩ්රා අනික් අයව එකතු කරනවා නිව් යෝක් විනාශ කරන්න. ඒකෙ ආරම්භය තමා පලවෙනි කොටසෙ වෙච්ච භූ කම්පනය.
ස්වොන්ඩේ

ස්ටික් ස්වෝන්ඩේව හදුන්වලා දෙන්නෙ අප්‍රිකානු යුධ නායකයෙක්, හොර තුවක්කු ජාවාරම් කාරයෙක් විදිහට. අනික තමා ස්ටික් මෙයා ගැන කියනකොට තව හැකියාවක් ගැන කියනවා. ඒ තමා පියවර කිහිපයකින් නාඩි වැටෙන එක නවත්තන්න පුළුවන් හදවත නවතින කම්ම. මෙයා මුල්ම වතාවට ඩිෆෙන්ඩර්ස් තුලින් තමා හදුන්වලා දෙන්නෙ. මේ හාදයා හස්තය වෙනුවෙන් අපරාධ සංවිධානයක් කරන් යන කෙනෙක්. කොටින්ම කියතොත් හස්තයෙ හැම කුණු ජරා වැඩකමට සුද්ද වන්තයො වෙන්නෙ මෙයාලා. ස්වොන්ඩේ කට්ටිය බදවගන්නෙ හාලම් වලට ඔලුව දාපු හින්දා තමා ලූක් කේජ් මිනිහා පස්සෙ වැටුනෙ.
මුරකාමි

මෙයා නම් අපිට මීට කලින් හම්බෙලා නැ. ඒත් ඔයාලට මතකනෙ නෝබූව. නෝබුව මෙහෙයවපු කෙනා තමා මුරකාමි කියන්නෙ. මැඩම් ගාඔත් ඇලෙක්සැන්ඩ්රට ගරු කලා. ඒත් මුරකාමි වෙනස් කෙනෙක්. මිනිහා ඇලෙක්සැන්ඩ්රට කතා කරන විදිහ නායකයෙක්ට කතා කරනවා වගේ නෙවෙයි. අනික තමා තමා ස්ටික් මුරකාමි ගැන කියන ඒවගෙන් ඒක පැහැදිලි වෙනවා. මොකද මුරකාමිව හදුන්වලා දෙන්නෙ ගුප්ත කෙනෙක් විදිහට. ඒත් එලියට ආවොත් අන්තිම නපුරු කෙනෙක්. ඔය දේවල් වලින් පැහැදිලි වෙන්නෙ මේ අයගෙන් දරුණුම කෙනා මුරකාමි කියලා.
හරි ඔය තමා හස්තයේ ඇගිලි පහ, එහෙමත් නැත්නම් හස්තයේ ප්‍රධානින් පස්දෙනා. මේ අය වැඩිය එකතුවෙන අය නෙවෙයි. මෙයාලා තම තමන්ගෙ රටවල ඉදන් හස්තය මෙහෙයවන අය. ඕවා මං කිව්වෙ මේ කට්ටිය ගැන පොඩි අවබෝධයක් අරගන්න. ලොකු විස්තරයක් කිව්වෙ නැ. ඔයාලා දන්න ඒත් අමතක දේවල්. අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ අය කොහොමද මෙහෙම සංවිධානයක් හදාගත්තෙ, ඒකට හේතුව මොකක්ද කියලා. එහෙනම් මම යනවා. ඊලග කොටස අපෙ අනුරුද්ධ (ලියෝ) සහෝ අරගෙන ඒවි. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
11,565 downloadsDownload The-Defenders-S01E04.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
53 comments
Kavinda Buddhika
Kasun Widusha
Tnx mchooo
Kasun
බොහොම ස්තූතියි සහෝ......
nuwan
thanks mcn!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~shehan
niyamai kollanee mekata pissu vatila inne
Nimesh
Puluwn ikmntama dunnata thanxx saho...blagena inne anith ewath enakal...
Pradeep Anuruddha Dissanayake
සබට තුති අයියේ :D
isuru
Big thank you bro..
madhawa supun
ela ela sahooo digatama ohoma yamu
tharindu gunarathna
thanks
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්shan
හොඳ විස්තරයක් ලහිරු සහෝ.. ;)
sub එකටත් බොහොම ස්තුතියි.
තව පුංචි දෙයක්, මම කලින් කොටසෙදිත් මේ ගැන කිව්වා.
ඒත් ඒ ගැන ආපහු මතක් කරන්න කැමතියි. :)
අතරමග නවත්තල තියෙන series වලටත් පුලුවන්නම් මේවගේම ඉක්මනට sub කරලා සම්පූර්ණ කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා.
ජය වේවා!!ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Lakshan
Thanks Bro.
Sajeevi
thanks
Nuwan Dewappriya
thanks machan ikmanata denwata
ithuru tikath ikamanta dennachalitha
බොහොම ස්තුතියි සහෝ
එල්.සී. දමැල්
Thanks fo sub Lahi
C. R. ජයලත්
නියමයි ලහිරු සහෝ ජය වේවා!!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Saman Ranasinghe
පිස්සු කොර ආ.....මාවෙල්ලා දීල තියෙනව මේ පාර
රිදෙන්නම.... බොහොම පිං ඔයාලට....සිංහල එක්ක
මේව අපි බලන්නෙ ඔයාලගෙ කැපවීම හින්දනෙ...
ජයෙන් ජයම වේවා.....මේව මේ ආත්මෙම පලදෙන කුසල කර්ම හොදේ......Oneee
tanks for sub
Udara Damith B/K
dc ලට බනින අය baiskop මන්සලේ ඇති
``````````මුල් චරිත අනුකරණයෙන් නව චරිත බිහිවීම````````
කියලා ලිපියක් එක කියවල ඉන්ඩකෝ
එතකොට තේරෙයි මේගොල්ලෝ ඔක්කොම වගේ කොපි කරපුඒවා කරන්නේ කියලා හේ...
0000000
උපසිරසට ස්තුතියිAnonymous
marvel > Dc
Anonymous
dc appiriyai bn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saaho thanks
Chamara Asanka
Thnx ළහිරු
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
මිතුල් ලක්ශිත
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
#ජය වේවාNadeera
Thanks Bro
Ruwintha Sandaru
Thanks For Sub
tharangani
thanx
lahiru
tanxxx bro supirii
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ.
silent$
Paharaaaaaaaaaaaaa
Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ……
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Vikum
Thanks.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
shasith sandaruwan
සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
ලහිරුගේ ලිපිය නම් මරු ආ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
Thanks sub ekata
lakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Janitha Pasan
බොහොම ස්තූතියි!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Milinda Sadaruwan
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා..