අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිදේශාන් කළුපහනනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

The Dictator (2012) Sinhala Subtitles | වඩියාවේ ආඥාදායකයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 55 votes.
Please wait...

The Dictator (2012)

මේ දවස් වල comedy සලරූ ලියවෙනවත් වැඩී වගේ. මම අන්තිමට ලියපු Identity Thief එකත් මේ වගේමයි. ඒත් The Dictator නොහොත් වඩියාවේ ආඥාදායකයා ඊටත් වඩා comedy කොටස් තියෙන සලරුවක්. IMDb මීටරේ 6.4ත් විතර අරගෙනත් තියෙනවා. ප්‍රධාන චරිතය වෙන ආඥාදායකයාගේ චරිතයට පනපොවන්නේ Sacha Baron Cohen. මෙයා සුප්‍රසිද්ධ 3D චිත්‍රපට මාලාවක් වෙන Madagascar වල ජූලියන්ගේ චරිතයට හඬ දෙනවා. ඒකේ වගේම තමයි මේකෙත් කටහඬ. බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන්.

ආඥාදයකයා, නැතිනම් ඒකාධිපති යන වචනය ඇහුවම ටිකක් බය හිතෙනවා. ඇත්තටම මේ සලරුව උතුරු කොරියානු ඒකාධිපති කින් ජොන්ග්ට එරෙහිව ගහපු එකක් වගේ. The Dictator වල ඉන්න ඒකාධිපති තමයි අද්මිරාල් ජෙනරල් ඇලඩීන්. මෙයා ඉන්න රට තමයි වඩියාව. කවුරුත් එහෙම රටක් ගැන අහලවත් නැතිව ඇති. ලෝකේ හිටපු ඒකාධිපතිවරුන් තමයි මෙයාගේ යාළුවෝ. ඇලඩින්ට එරෙහිව වචනයක් හරි කියන කෙනෙක් මරණයට නියම කරනවා. වඩියාව නම් දුප්පත්. හැබැයි ඇලඩින් නම් ගත කරන්නේ සුපිරි ජීවිතයක්. මෙයා ඉපදෙනකොටම අම්මා මැරෙනවා. අම්මා මැරෙන හැටිත් පෙන්නනවා. හැබැයි පට්ටම මෝඩයෙක්. මේ පාලනය නිසා දැන් ඉරානයට වගේ වඩියාවටත් සම්බාධක දාලා තියෙන්නේ. ආනයන අපනයන කරන්න බෑ. කිසිම අන්තර්ජාතික දෙයකට සම්බන්ධ වෙන්න බෑ. මේ නිසා ඇලඩීන් එයාගේ රටේ වඩියා ඔලිම්පික් උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම ක්‍රීඩකයත් එයාමයි. වඩියා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම නළුවත් එයාමයි. මෙහෙම ඇලඩින්ට කැමති දෙයක් කරනවා.

වඩියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා. ඒ ගැන ලෝකයාට කියන්නෙත් නෑ.. දැන් ඉරානය වගේ. මේ ගැන හෙළි නොකරොත් UN එකෙන් වඩියාවට ගුවන් ප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනයක් කරනවා. ඉතින් ඇලඩීන් එයාගේ පිරිවරත් පිරිවරාගෙන යනවා ඇමෙරිකාවේ UN එකේදි මේ ගැන කෙලින් ම කතා කරන්න. කියන්න අමතක වුනා. ඇලඩින්ටත් ගඩාෆිට වගේ ඉන්නේ කාන්තා ආරක්‍ෂක භටයින් 30ක්. අමෙරිකාවෙදි එයාගේ මාමා, ඒ කියන්නේ ප්‍රධාන උපදේශක ඇලඩින්ව උස්සලා එයාගේ රැවුල කපනවා. දැන් එයාව අඳුරගන්නත් බෑ. එයා වෙනුවට ඒ වගේම වෙන කෙනෙකු යවනවා. මේ නිසා වඩියාවේ ඒකාධපතිත්වය නැති වෙන්නයි යන්නේ. ඇලඩින්ට ඇමෙරිකාවෙදි යන එන මං නැති වෙනවා.

අන්තිමට මොකද වෙන්නෙ කියලා මේක බලලම දැන ගන්න. ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඇලඩින්ගේ මාමා ඇයි මෙහෙම දෙයක් කලේ? ඇලඩින් අමෙරිකාවේ තනි වුනාම මොනාද කලේ? වඩියාවේ ඒකාධිපතිත්වය නැති වෙනව ද? ඕවා ඔක්කොටම උත්තර බැලුවම හම්බවේවි.

තව දෙයක් කියන්න ඕනි. වඩියාව කියන්නේ අරාබි රටක්. ඇලඩින් සමහර වෙලාවට තේරෙන්නෙ නැති වචන කියනවා. ඒවත් බොහොම අමාරුවෙන් type කරා. ඒවා කිවනවට වඩා අහුවනම් හොඳයි. මොකද ඒවා කියවන්න අමාරුයි. මේ සාමාන්‍යෙයන් කතා කරන වේගය වැඩියි. මම පුළුවන් තැන් වල කාලය දික් කලා. අනිත් තැන් වල පේළි 3ක් එක frame එකකට දාලා ඇති. ඒකටනම් සමාවෙන්න. මොකද මේකෙ ඇත්තටම කියවන වේගය වැඩිය.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/01/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

67 thoughts on “The Dictator (2012) Sinhala Subtitles | වඩියාවේ ආඥාදායකයා [සිංහල උපසිරසි සමඟ]

  • Prasad Perera

    සුපිරි කලිං බලල තියෙනවා ගොඩක් කාලෙකට කලිං. ආයෙ බලන්න හොය හොය හිටියේ. ස්තූතියි සබ් එකට. දිගටම කරගෙන යන්න

    Reply
  • SuMedha Sandun

    ගොඩක් අය හොඳයි කියලා කියපු නිසා මමත් බලන්න කොයලා හදන්නේ.
    සබ් එකට thank you so much❤

    Reply
  • Thanks for sub………Good luck

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ravishashi

    Thanx sub ekata, jayawewa

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    කලින් බලලා තියෙනවා.
    yts එකේ කැරකි කැරකි ඉන්නකොට දැකලා ආයේ බලන්න හිතුනා

    Reply
  • Sandunprabath1230

    Thanks machan

    Reply
  • Gayan_madushanka_

    Thanks bro

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • බොහෝම ස්තුත්යි යාළුවා….
    ඔයාල මේ කරන සේවයට ගොඩක් ස්තුත්යි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • niyama sub eka macho.

    Reply
  • රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සබ් එකට!

    Reply
  • thanks machan….patta katawak meka….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • තැන්කු වේවා යාලු! මේ ෆිලුම මම ගොඩක් කල් ඉදන් හොය හොය හිටියෙ. අන්තිමට ලැබුනා. සබ් එකටත් එලම වේවා

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දේශාන් කළුපහන තැන්ක්ස් සබ් එකට.මම මේක බලල තියෙනවා ආයි බලනවා සබ් එකත් එක්කම.ජය වේවා..!!!

    Reply
  • meka mang balapu pattama comedyak! Ila adenna hinawela husmath hirawuna! Sacha Baron ge acting nam supiri!

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • පට්ටම කොමඩියක්.. මම මේක කලින් බැලුවා.. සමහර තැන් වලදි හිනාව නවත්තගන්නත් බෑ… බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • වතාවක් මම මේ චිත්‍රපටය බැළුවා.
    සිංහල උප සිරිසි එක්ක නැවත බලන්න ලැබුනඑක බොහොම වටිනවා.
    ස්තුතියි.

    Reply
  • බොහෝම ස්තුත්යි යාළුවා…. 🙂
    ඔයාල මේ කරන සේවයට ගොඩක් ස්තුත්යි
    ජය වේවා!!!

    Reply
  • patta film eka machan. thank you for subtitling this film.

    Reply
  • thanks machan…………… film ekanam thibuna sub enakan thama balan hitiye

    Reply
  • mudiya / මුදියා

    අඩේ පට්ට කතාවක් වගේ.නියමයි දේශාන්.බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්.පොඩි කොපිය බාන්න දැම්ම.දිගටම සබ් දියන් කොල්ලො.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • Kaushal manuranga

    Pattama kathawa macho….thanks a lot.
    digatama me wage katha walata sub denna.

    Reply
  • වෑඩෙනන් එල. පොඩි පොඩි වෑරදි තිබුනා. එවා හදාගෙන එස්සරහට යන්න. ජය වෙවා !

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • sachith lakshan

    ane machan thanx kollo meka hoya hoyama hitapu movie ekak..

    Reply
  • thanks… mama ahala thiyana vidihata meka patta.

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    පට්ට පට පට, ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    මේක මතක් වෙන කොටත්
    හිනා යනවා බන්……..
    මන් බලපු කොමඩි එව්වගෙන් හොදම එකක්
    එල එල මචන්
    සබ් දුන්න එක වටිනවා
    පුලුවන්නම් මෙන්න මේ වගෙ ඉල ඇදෙන්නෙ හිනා වෙන්න පුළුවන් එව්වා
    ටිකක් හොයල සබ් දියන්කො බොට පිං බන්
    එහෙනම් ඔබට ජය……………

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ….
    මැක්සා…
    මම මේක කලින් බලල තියෙනවා…
    ආයේ මම බලපු පට්ටම කොමඩියක්….
    කියලම අවැඩක් නැහැ..
    හිනා කාලා මැරෙනවා..
    නියමයි දෙලෝ(දේශාන්)..
    පෙට් නේම් එක හොදද මන්දා…
    කවුරුත් මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා…
    ජය වේවා!!!!

    Reply
  • එල මචං එල
    මම දන්න විදිහට මේකෙන් උපහාඅයට ලක් කරල තියෙන්නෙ ලිබියාවෙ හිටපු හමුදා පාලක ගඩා‍ෆිව
    පට්ටම විහිලුවක් කරවලයි තියෙන්නෙ එයාව මේකෙන්
    පිටපත් තියෙන නිසා ඔන්න එහෙනම් සබ් එක අරගන්නව සහෝ
    ජය 🙂

    Reply
  • Achintha Sameera

    pattam film eka yaluwane.aragena balanna supirima film eka kiyala wedak ne

    Reply
  • නලින්

    ස්තුතියි දේශාන් සහේ.

    මෙක නම් කලින්ම බැලුවා.

    සිංහල තියෙනව නිසා ආයිත් ඕං බලතැකි..

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. බලන්න අතපසු වෙච්ච චිත්‍රපටියක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • මෙක ගහල තියෙන්නෙ ලිබියවෙ හිටපු ගඩාෆිට නෙද.උතුරු කොරියාවට නෙවේ

    Reply
    • මාත් හිතන්නේ ගඩාපිට තමා

      Reply
  • ඔන්න කොල්ලෝ ඔ්‍ය වගේ කථාවකට සබ් එක දෙන්න පරක්කු වුණාට මම තරහයි හොදද?

    මේකේ ටයිටල් එකට 18+ කියලා නොදාපු එකනම් ඇත්තටම හොයලා බලන්න ඕන…

    තව දෙයක් කියන්න තියෙනවා…මේ වගේ පට්ට පතුරු කථා වලට දිගින් දිගටම සබ් දාන්න ලැබේවා කියලා පවසලා මම මෙතනින් නවතිනවා

    ජය වේවා!

    Reply
    • Dhanusha Buddhika $andaruwan

      Thankx bro …

      Reply
  • S H E N A L

    thanks deshan….

    Reply
  • ela eala ada mama 1st wage

    Reply
    • supiri eakak wage ada dawasa sinawenma aranba karanna puluwan
      thanks saho

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *