ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statha…

ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statham, Jet Li, Dolph Lundgren, Eric Roberts,Gary Daniels, Mickey Rourke වගේ අය. 2010 එලිදැක්වුණ Expendables අධ්‍යක්ෂණය කලේ අපි කවුරුත් දන්න Sylvester Stallone. ඒ වගේම IMDB අඩවියේ 6.5 ක රේටින් එකක් ලැබිල තියනව.
චිත්‍රපටය ගැන වැඩිදුර විස්තර කියන්න ඕන වෙන්නෙ නෑ, මොකද කලින් ලිපිය පළ කරපු දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරය සම්පූර්ණ විස්තරයක් කරල තියනව. හුඟ දෙනෙක් දැනටමත් මේ චිත්‍රපටය බලලත් ඇති. ඒත් මම මේ ලිපිය ගෙනාවේ තවමත් මේක බලන්න බැරි උන අපේ යාළුවො වෙනුවෙන්. එහෙනම් රසවිඳින්න.
මින් පෙර දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා විසින් පල කළ ලිපිය.
අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක්වත් නෑ. නමුත් දැනට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේ චිත්‍රපටයක් සති දෙකක් ඇතුලත අපේ බයිස්කෝප් රසිකයින්ට ලබාදෙන්න අපිත් වාසනාවන්තයි.මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙනවා.
චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ… හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.
Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ.
චිත්‍රපටයේ පිටපත ගැන දෙපාරක් හිතන්න එපා හරියට බ්ලූ රේ එකක කොලිටියටම තියනවා.
(මේ චිත්‍රපටයටම තවත් ලිපියක් ලිවූ අකිල ප්‍රනාන්දු සොහොයුරා හටද අපගේ හෘද්‍යාංගම ස්තූතිය හිමිවේ.)

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
9,217 downloadsDownload The.Expendables.2010.SinhalaSubs.Baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික මනෝජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20
Subtitles by
ශෂික මනෝජ්
Subtitles
150 comments
Gampolaya
වාසල
@Gampolaya,
දැන් හරි සහෝ.....මම දැනුත් දාලා බැලුවා ඩවුන්ලෝඩ් වෙන්න...වේගයනම් උපරිමයි...
dinu
me kiyana okkoma aya ennawanam nobala kohomada.onna mama banna damma.thanku wewa!!!
samee
ele ele elma ele thanks sahoo ....!!!!!
Lasantha
ela ela... onna mat baanna damma... thnx sahooooooo...!!!
chamath
ammata hudu elama kiri saho maxa film eka math meka enakan thamai balanna hitiye.ekla onnamath bawa saho thnksssss .habai oyala thama salt film eka danawa neda. eka amathaka welawathda aaaaaaaaaaaaaaaa
KOK
හොදයි හැබයි හිතපු තරම්ම සාර්ථක නැහැ. අරම්භක සති කීපය තුල වර්ථා අතරට ගියාට දැන් වන විට ප්‍රබල වෙනසක් කිරිමට හැකිවෙලා නැහැ මන්ද සාමාන්‍ය කාතා තෙමාවක් පදනම් කරගත් නිසාත් 2010 වසර තුල මෙවැනි චිත්‍රපටි 2ක්1.Losers 2.A Team මිට ඉහතදි නිකුත් විම නිසාත් මෙක අසාර්තකයි.
chndralal
ela mama meka hoya hoya hitiye
ThanxRumesh (HBK)
thanks machan, meka denakammai balan unne.ela ela baamu baamu....
GiHaN
thanx machan
අකිල ප්‍රනාන්දු
මේ බයිස්කොප් එක ගැන කවුරු කොහොම කිව්වත් සැබෑ රගපෑම් සහිත හොද එකක්.මොකද අද අපි දකින්නේ ගොඩක් ම ඩිජිටල් ඇනිමේෂන් සහිත ක්‍රියාදාම බයිස්කෝප්...ඉතින් ඒවා එක්ක බලන කොට මේක ඇත්තටම සුපිරි එකක් ..මොකද සියලු ජවනිකා සැබෑ මිනිසුන් විසින් රගපා තිබිම.කොහොම උනත් ඇ.ඩො මිලියන 80 ක් තරම් මුදලකට මෙවැනි නිර්මාණයක් කිරීම කාගෙත් විමතියට පත්වෙලා ලු...මොකද ඉන්න ඔක්කොම හොදම බුලට් ටිකක් නේ .කොහොම හරි පලවෙනි සුමානේ ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 30ක් වගේම පලවෙනි සුමාන 3න් ඒ වියදම නැවත ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ බයිස්කොප් එකේ ප්‍රධාන චරිත 2 ක් වෙනුවෙන් වෑන් ඩෑම් හා සැන්ඩ්‍රා බුලොක් ද නම් වී තිබිලා...නමුත් කාර්යබහුලබව නිසා දෙන්නටම මෙකට එන්න බැරිවෙලා.... ඉතින් යාළුවනේ බාගන්න බලන්න කොටන්න අමතක කරන්න එපා...... ජයවේවා රොකියෝ ! O:-)
Lasindu Nadishan | Slbloggs.com
ela ela
udaya
thanks macha.........
DJ GEHAN
me film 1ke sinhala subs naddoooo
h
Meke poster eka dakka dawase idala balanna henama uwamanawak thibuna. Inna set eka dakkama nobala kohomada? Ikmanatama dunnata bohoma thanks Rokiyooo :D
Sugeeth
Thanks, i will definitely watch this
sam
thnx machan.... hoda copy ekak hoya hoya hitiye
Confiuzd ප්‍රෝග්‍රැමර්
Jason Statham .Bruce Willis. කියන්නත් දෙයක්ද බානවා ... vin diesel. විතරයි අඩු ....ක්‍රියාදාම නලුවන්ගෙන් ....:D
රවි
පට්ට film එක ඔන්න එහෙනම් අපිත් බානව............
Matrix
Yes, this is a great film for all action films lovers. just watch then you will know.
Thanks Rokiya.Love Doc
hall එකේ බලන්න හිටියෙ, හොඳ වෙලාවට බැලුවෙ නෑ :P බොහොම ස්තූතියි!!!
nalin
hoya hoya hitiya movie ekak
thankz lotඋදාන
HAll ekath 2 parak baluwa surpi film eka BAnawaa danma...
IRON MAN 2 thama parakku Ai honda copyak....
Dan awith sahena KalneNiluka
Thanks,
Mama meke coming kali tikak beluwa MC ake Karate Kid baladdi. Holman una enna kattiya dakala
සයිලන්ට් හන්ට(ර්)
ඔබ දෙවියෙකු නොව දෙවාලයකි.... :) :P :D ;)
niranjala
thanks ayye.............
විකියා
maxxa..thnx
විකියා
ko kawadada salt denney????????????????
Anonymous
අයෙත් අහන්න දෙයක් නෑ...!! මෙහෙමම download වෙන්න දැම්මා.. Rokiyaට ජය වෙවා...
kathu
අයෙත් අහන්න දෙයක් නෑ…!! මෙහෙමම download වෙන්න දැම්මා.. Rokiyaට ජය වෙවා…
dhanunetg
Thanks macha maxxxa........
දිනුෂ්ක උදාර (රොකියා)
@ Gampolaya ; වාසල සහෝ කියුවා වගේ, අපි ලබාදීලා තියන ටොරන්ට් එකනම් ස්ලෝ වෙන්න බෑ. මොකද දැනට මේකට සීඩර්ස්ලම 9000 කටත් වැඩිය ඉන්නවා. ඒ නිසා ඔයාට ඔයාගෙ අන්තර්ජාල වේගයත් එක්ක උපරිම වේගයක් මේ ටොරන්ට් එකෙන් ලබා ගන්න පුලුවන් , බය නැතුව බාන්න දාන්න.
@ chamath ; SALT එකේ සිංහල උපසිරසි දාලා ඉවර කරලා තියෙන්නෙ. ලබන සතියෙ වගේ අපිට ඒක සිංහල උපසිරසිත් එක්කම දෙන්න පුලුවන් වෙයි.
@ KOK ; අසාර්ථකයි කියන්නනම් බැහැ. මොකද Box Office ranking වල මෙම චිත්‍රපටය තමයි 3 වන ස්ථානයේ මීවන විටත් රැඳිලා තියෙන්නෙ.
දිනුෂ්ක උදාර (රොකියා)
@ අකිල ප්‍රනාන්දු ; ඔය දීලා තියෙන්නෙ පට්ට විස්තරයක්.
@ DJ GEHAN ; සිංහල සබ් දාන්න තමයි හිතාගෙන හිටියෙ. නමුත් කට්ටියට උණු උණුවෙම දෙන්න ඕනෙ හින්දා තමයි ඉක්මනටම ලබාදුන්නෙ.
@ h ; :P
@ Confiuzd ප්‍රෝග්‍රැමර් ; නිකමට හරි මේකෙ Vin diesel හිටියනම් එයාට මොන චරිතය ලැබෙයිද ? මමනම් හිතන්නෙ බොහෝවිට Jason Statham ගෙ චරිතය ලැබෙයි.
Dinushka Udara | රොකියා
@ විකියා ; SALT එකේ සිංහල සබ් දාන වැඩේ ඉවර කරලයි තියෙන්නෙ. ලබන සතියෙ මුල අනිවා දෙනවා.
imi
Thank you....:)
Tharindudoo
Robin Hood 2010 ta Sinhala sub daanavada,,
Mama 1 download karannayi yanne,,eeta kalin kiyanavada oyaalaa 1 sub 1kama denavada,,Sanjee
meke trailer eka dekapu dawase idanma bala bala hitiye kawadda balanna labenne kiyala....... thankz share karata hemoma ekka...... :)
psw
Amooooo denakan balan hetiye;)
Tnx kiuwa kattiyatama.KOK
දරුවනි මම කියලා නැහැ චිත්‍රපටිය අසාර්තකයි කියලා එහෙම සදහනක් මම සදහන් කරන්නෙත් කරලාත් නැහැ නමුත් කතාවක් හැටියට අසාර්තකයි මන්ද මෙහි කතාව තියෙන්නෙ කෙල්ලෙක් බෙරා ගැනිමට යාමක් Box office weekend වලින් අපිට චිත්‍රපටියෙ සාර්තක බවය කිමට අමාරුයි මන්ද යත් 2010 තුල සතියක වැඩිම අදායම්ලාබි චිත්‍රපටිය වු Airbender නරක චිත්‍රපටි වල දෙවන ස්ථනය ගෙන ඇති අතරම මෙවනවිට 2010 හොදම චිත්‍රපටිය ලෙස ඇමරිකානු විචාරකයින් හදුන්වන්නෙ shutter island චිත්‍රපටියයි.එලෙසම රොකියාට මෙන්ම අකිල සොහොයුරන්ට ස්තුතිවන්ත වෙනවා මෙ චිත්‍රපටිය කට්ටිය එක්කම බෙදාගැනිම පිලිබදව, ඒමෙන්ම ඇන්ජලිනාගෙන් ච්ත්‍රපටිය නම් ඉතා ඉහල බවයි මගෙ අදහස.
Janaka
onna ehenam mamath bawa.Alvin and the Chipmunks 2 denna barida?
KOK
එලෙසම The Expendables එලෙසම චිත්‍රපටිය මුදල් එපයිමෙන් අති සාර්තක බව සැබැමය එමෙන්ම ස්ටෑලොන් ගෙ හා ජෙසන්ගෙ රගපැම මෙන්ම ජෙට් ලි ගෙ රගපැම විශිශ්ටය මෙ චිත්‍රපටිය නිපදවිමෙ මුලික අරමුන කුමක්දැයි ඔබ දන්නෙහිද? නොදන්නෙ නම් මෙන්න මෙය නිපදවිමෙ මුලික අරමුන ලෙස සටහන් වෙන්නෙ 2010 නිපදවු නව අවි අයුධ විශෙශ 17 ක් ලොවට හදුන්වා දිමටයි.
Tharindu
patttaaaaaaaaaaaaaaaaaaai
Asitha
සුපිරිනේ.... අනිවා බානවා...
එල මචෝ....Nirmal
Amma fatta fatta film ekanam action walin superb wage tamai penenne eth plot eka athin kohomada danne nehe??
kamakne baanawa monawa unath
thnx Golaya including the whole baiscope crew for such a action blow......Anonymous
sinhala subtitles upload karnawata loku deyak ,sinhala subtitles hama film ekata dennae bah nae,ah nisa english movies english subtitles wenama link dennae kiyala mama yojana karnawa,
chinthaka
onna mamath dl kara gatta.thanx machan me film ekatath
Uraj Deemantha
පට්ට සෙට් එකක්නේ ෆිල්ම් එකේ ඉන්නේ.... :D
සහන්
ශා මාරයි කියල වැඩක් නෑ ........
සුපිරි ෆිල්ම් එකක්,dasun
gene gindara elakire mama hetuwe ne mechchara ekmanata maka di keyala
kamal
i yooo meka slowne ane downta wada up wenawane .......( unlimited nemei mage net kaman ne balamu kohoma hari jaya wewa
chamila
Meka nobalana dada kumakatada...... :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela Ela mamai ada first..eeth meeka patta slow torrent ekak.mama baanna gihin atha erala damma kalin..dan harida danne nee