Watch Trailer

Forrest Gump (1994) Sinhala Subtitles | වාසනාවන්තයෝ බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් කන්ඩායමෙන් කරන හොඳම චිත්‍රපට 250ට මගේ මුල්ම උපසිරැසිය වන මෙයින් සහයෝගය දැක්වීමට ලැබීම සතුටට කරුණක්. මේ සඳහා මට නොමද සහයක් ලබා දී මගේ අවශ්‍යතා තේරුම් ගනිමින් නිතරම ඒ ගැන සොයා බලමින් තමන්ගේ පුද්ගලික දෙයකට මෙන් වෙහෙසෙන විකියා සහෝදරයාට මුලින්ම ස්තුතියි. හරි…. චිත්‍රපටය ගැන කියනවා න…

ආයුබෝවන්…! බයිස්කෝප් කන්ඩායමෙන් කරන හොඳම චිත්‍රපට 250ට මගේ මුල්ම උපසිරැසිය වන මෙයින් සහයෝගය දැක්වීමට ලැබීම සතුටට කරුණක්. මේ සඳහා මට නොමද සහයක් ලබා දී මගේ අවශ්‍යතා තේරුම් ගනිමින් නිතරම ඒ ගැන සොයා බලමින් තමන්ගේ පුද්ගලික දෙයකට මෙන් වෙහෙසෙන විකියා සහෝදරයාට මුලින්ම ස්තුතියි.

හරි…. චිත්‍රපටය ගැන කියනවා නම් 1986 දී ලියලා තියෙන ෆොරස්ට් ගම්ප් කියන පොතෙන් තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ. IMDB rating 8.7ක් අරගෙන ලෝකේ හොඳම චිත්‍රපට වලින් 20 වන තැන මෙම චිත්‍රපටය හිමිකරගෙන තියෙනවා. හොඳම නළුවා, ‍හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක්, වෙනත් සම්මාන 37ක් අරගෙනත් තියෙනවා. The Terminal හි වික්ටර් නවෝස්කි (Tom Hanks) මතකනම් ඔහු තමයි මේ ෆොරස්ට් ගම්ප් කියන ප්‍රධාන චරිතය කරන්නේ. දන්නවානේ ඔහු අති සියුම් විදියට රඟපාමින් මේ චිත්‍රපටය පුරාවටම බලන අය ප්‍රබොධමත් කරලා මේ චිත්‍රපටය තවත් එක චිත්‍රපටයක් නොවන්න වග බලාගන්නවා.

මේක ටිකක් අඩු බුද්ධි මට්ටමක් ඇති කෙනෙක් වටා ගෙතුන කථාවක්. ඒත් සමහර වෙලාවට හිතෙනව බුද්ධිය අඩු ඔහුටද අනිත් මිනිස්සුන්ටද කියලා.‍ ඒත් මොහුගේ තිබෙන උනන්දුව මොහුගේ ජීවිතේ කොතරම් සුන්දර කරනවාද බලන්න. ඇත්තටම ආදරේ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේ චිත්‍රපටය හැමෝම අනිවාර්යෙන් බලලා ඇති ටී වී එකෙත් පෙන්නුවා. ඒත් සිංහල සබ් නැතුව නම් හැබැයි බලලා වැඩක් නෑ. මොකද චිත්‍රපටයේ හැම වචනයක්ම හැම රූප රාමුවක්ම එකකට එකක් සම්බන්ධයි. හුගක් අවධානයෙන් බැලුවොත් කවදාවත් කිසිම චිත්‍රපටයකින් ලැබෙන්නේ නැති වින්දනයක් ලබාගන්න පුළුවන්. ගොඩක් විනෝදාත්මක සහ මොනම චිත්‍රපටයකවත් නැති තරම් නිර්මාණාත්මක විදියට හදලා තියෙන මේම චිත්‍රපටය අර අපි කියන මෝඩ ජෝක් වලින් බලන කෙනාව හිනස්සන්න උත්සහ කිරීමක් නෙවෙයි.
ස්තුතියි.

මීට පෙර පල කළ ලිපිය

අද වැදගත් දවසක් නිසා වැදගත් ලස්සන ෆිල්ම් එකක් ගැන කියන්න හිතුන..මුලින්ම කියන්න ඕන මම මේක බෑවෙ චමිතගේ සිහින කොදෙව්වෙ තිබුන ලිපියක් දැකල..ඇත්තමයි මේ ගැන වර්ණනා කරන්න වචන මදි මට..මානසික වර්ධනය අඩු පුද්ගලයෙකුගේ ඇසින් බොහොම සරළ විදියට ලෝකය දකින හැටි තමයි මේකෙන් දක්වන්නෙ..මේ චරිතයේ සුවිශේෂී ලක්ෂන ගොඩක් තියෙනව..ඔහු දෙයක් කරන්න ගියොත් ඒක උපරිමෙන් කරනව වෙන කිසි දෙයක් ගැන හිතන් නැතුව..ඒ වගේම යම් පමණක වාසනාවකුත් ඔහුට තියෙනව..මම දැන් කතාවෙන් ටිකක් කියන්නම්..එක්තරා ළමයෙක් ඉන්නව කකුල් වල ආභාද සහිත,ඒ වගේම මේ ළමයගෙ බුද්ධි වර්ධනයත් අඩුයි පොඩි කාලෙ..කොහොම හරි මේ ළමයට කුඩා කාලයේම හොද යෙහිලියක් හම්බෙනව..ඇයත් එක්කම ඔහුත් උසමහත් වෙනව..ඔහුගේ ජීවිතය ගෙවෙන අයුරු තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..පුදුම සංවේදි කතාවක්..බලන්න පටන් ගත්තම එක මොහොතකට වත් කතාවෙන් බාහිර දේවල් හිතට එන්නෙ නෑ..ඇත්තටම මෙහෙම පොඩි ලිපියකින් මේ කතාව බලනකොට අපේ හිත වැඩ කරන හැටි ගැන ලියන්න බෑ..ඒ නිසා කතාව බලන්න කියලමයි මම කියන්නෙ..ඇත්තටම පුදුම ලස්සන කතාවක්!

හ්ම්ම්..මේ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න හිතුනෙ නැද්ද?කමක් නෑ..මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 6ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 38ක ට නිර්දේෂ වී 32ක් දිනාගෙන තියෙනව..ඒ වගේම IMDB වර්ගීකර්ණය අනුව ලොව හොදම/ජනප්‍රියම චිත්‍රපට අතුරින් 42වන ස්ථානයෙයි මේක තියෙන්නෙ..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

27,245 downloadsDownload Forrest.Gump_.1994.SinhalaSubs.Baiscopelk.zip196 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සහන් කහටපිටිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/24

Subtitles

27,245 downloadsDownload Subtitles196 KB

130 comments

  1. පොතේ ගුරා

    මෙන්න මෙතනින් යන්න පුලුවන් චමිත සහෝදරය මේ චිත්‍රපටය ගැන ලිව්ව විචාරය කියවන්න..තව දුරටත් මේ ෆිල්ම් එක ගැන අවබෝධයක් ලබාදේවි එතනින්!

  2. අනූ

    මරු ෆිල්ම් එකක්. කතාව ටිකක් බොරු කියල දැනුනට සම්පූර්ණ කතාවම හරියට හිතට වදිනව.

  3. wasala

    Menna methaninuth baanna puluwan.

    ************

  4. Chamitha

    අති විශිෂ්ටයි :) මේ වගේ ෆිල්ම් එකක් බලන්න නම් කෙනෙක් ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනෙ.

  5. zoniczz

    මචන් සිරා ෆිල්ම් එක...හිතට වෑදුනා.... :(

  6. ganindu

    Machan maru film aka...Keyanna wachana nahe...

  7. රොයිලි

    ඇත්තටම ලස්සනයි. cast away බැලුවට පස්සේ tom hanks ගෙ නියම රගපෑමක් බලා ගන්න පුලූවන් උනා

  8. පොතේ ගුරා

    එළ එළ..හැමෝම ආසාවෙන් බලලනෙ..නියමයි.. :D

  9. මසාච්චි

    ලස්සන ෆිල්ම් එක....

  10. Uraj Deemantha

    ටොම් හෑන්ක්ස්ගේ ෆිල්ම්ස් වලින් මම දැකපු හොදම ෆිල්ම් එක මේක තමා.........!!

  11. wanni

    එළ මචන්.......

  12. රිවස්

    එල ,එල කියන්නෙ එලම එල: ටොම් හෑන්ක්ස් රගනව කියන්නෙ පට්ට

  13. රිවස්

    Life is like a box of chocolates

  14. Ishi

    Really NIce!!

  15. ravinsp

    පොතේ ගුරෝ. බලල නැත්තම් මේ ‍ෆිල්ම් එකත් බලල review එකක් දාපන්.

    Shawshank Redemption [1994] (IMDB rating 9.2)

    හිරකාරයෙක් ගැන කතාවක්. පිස්සුම පිස්සු කොර. Maxxa level එක Forest Gump ට සමානයි කිවුවහැකි.

    Forest Gump ට ආසනම් අන්වාර්යයෙන්ම බැලිය යුතුයි!

  16. Anonymous

    ela movie ekak niymai .........ela ela

  17. Ruchira

    This is one of Great movies i ever watched..itz awesome

  18. jeewithemal

    a wonderful , unforgettable movie...no doubt

  19. arkimideas

    චිත්‍රපටත් බලල තියනව මෙහෙම ඵකක් බලල නෑ ජීවිතේට

  20. Akalanka

    අනේ මේකට සිංහල subtitles තියන තැනක් හොයල දාන්නකො!!

  21. tharanga

    Thanks 1st sub.gr8 film

  22. chamara

    Maxxxa machan.wadey karagena yamu...

  23. eranga

    Niyamai....niyamai palamu sub aka patta.digatama subs denna

  24. didula

    meyka nam maxxa wage thanks

  25. quik

    thanks lot

  26. mihin ලංකා

    පළමු සබ් එකට සුභ පැතුම් මේවා තමයි ෆිල්ම් ඇත්තටම බයිස්කෝප් එකේ උන සත්කාර්යය තේරෙනවා මේවා දැක්කහම එදා සබ් දෙන්න බැරි උනත් හොදම ෆිල්ම්ස් වල ලිපිවත් ලියලා කටිටිය අතරට මේවා ගෙනිහින් තියෙනවා... ජය

  27. akila

    පට්ට කතාවක් ,,, නියමයි සහන් දිගටම වැඩේ කරගෙන යන්න ජය වේවා

  28. rusuru | රුසිරු

    පරණ උනත් මැක්සා මේක...අනිවා වාසනාවත් තියෙන්න ඕනේ මේ වගේ එකක් බලන්න.නොබලා ඉන්න එපා හැමෝම බලන්න .. සහන් සහෝට බොහෝ පින්

  29. kalinga

    ලස්සන ෆිල්ම් එකක් වාගේ බලන්න ඕනේ මේ වගේ සුපිරි ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකටත් අලුතෙන් එකතු වූ සහන් සහොටත් බොහෝ තුති

  30. ccnp

    jaya wewa..thnxxxxx

  31. හොට්ටා

    අනිවා බලනවා මේක..බයිස්කෝප් ජය වේවා

  32. f_live

    නියමයි නියමයි බලන්න ඕනේ :)

  33. elakiri

    මේක නම් එල කිරී ෆිල්ම් එකක් ආයේ බලන්න ඕනේ සබ් එක්කම මොකද මේක සබ් නැතුව බැලුවට මට හරියට අල්ල ගන්න බැරි උනා..සහන් සහෝට පින් අත්වේවා ආයේ සබ් දුන්න එකට

  34. lasidu

    බොහොම ස්තූතී

  35. ganidu

    ජය වේවා නියම කොල්ලෙක් නේ හොදම ෆිල්ම් එකකට මුලින්ම දුන්න එහෙනම් මගෙන් සුභ පැතුම්!!!

  36. අසංක

    සුපිරි සහෝ මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවනි ...

  37. chamath cafe

    මමත් බලන්න ඕනේ මේක බලලා නෑ ඒත් පට්ට එකක් කියලා අහලා තිබුනා

  38. pubudu

    thxx saho maxxa film akak

  39. vee

    නියමම ෆිල්ම්ස් මේවා.. :)
    දිගටම දෙන්න

    ජය...

  40. මංජුල

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ පට්ට

  41. වෙනුර

    උපරිමයි සහෝ හොදම ෆිල්ම්ස් දෙන ඔයාලට පින් අත් වේවා

  42. chamila

    Moda Joke...
    nattam balamu ne...

  43. නෙරංජි සුලක්ඛනා

    නියමයි.... දිගටම කරන්න...මේ වගේ ඒවා!!

  44. g-a-n-d-u

    සුපර්..දිගටම සබ් දෙන්න සහෝ

  45. නිසල නිර්මාණ

    මරේ මරු බොහොම ස්තුතියි

  46. mudiya / මුදියා

    කාලෙකට කලින් මේක බෑව.ඒත් බලන්න බැරි උනා.සිංහල සබ් දුන්න එක නම් ‍ලොකු දෙයක්.අනිව බලනව මේක.එල සහන් සහෝ පළවෙනි වැඩේම.ජයවේවා.බොහෝ...........ම ස්තූතියි...!

  47. vernie

    බොහොම ස්තුතියි sahan..................

  48. suranga

    Ela,
    thank you very much

  49. nishadip1

    Good film. thanks!!!

  50. Harsha Lahiru

    Thanks Saho....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.