අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඋදාර රාජපක්ෂක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The First Purge (2018) Sinhala Subtitles | නිදහස් කිරීම.. [සිංහල උපසිරසි සමඟ] (50)

Rating: 9.2/10. From 62 votes.
Please wait...

කාලෙකට පස්සෙ උපසිරසියකුත් අරගෙන මේ පැත්තට ආවා.හැබැයි අද එක අනිත් ඒවට වඩා විශේෂයි.මේක මගේ 50 වැනි උපසිරසි නිර්මාණය .2014 ජූලි 14 වෙනිදා seal patrol ෆිල්ම් එකට සබ් දාලා පටන්ගත්ත වැඩේ මෙච්චර දුරක් අරගෙන එන්න මුලදිනම් මගේ බලාපොරොත්තුවක් තිබ්බෙම නැති බව මුලින්ම කියන්න ඕන.මම මුලින්ම උපසිරසිකරණයට යොමු උනේ A/L කරන දවස්වල. මගේ හොඳම යාලුවා කවිඳු සිත්මිණගෙන් තමයි වැඩේ අල්ලගත්තෙ. කවිඳුගෙන් විස්තරේ අහගෙන ගෙදර ඇවිත් ඉංග්‍රීසි සබ් විතරක් තිබ්බ ෆිල්ම් එකක් හොයාගෙන සබ් දාන්න ගත්තත් වැඩේ ලේසි නෑ කියලා තේරුනා පස්සෙ හොයලා බලද්දි ඒ ෆිල්ම් එකට සබ්ටයිටල් සයිට් එකේ තියෙනවා.අපරාදෙ මහන්සිය කියලා හිතුනත් වැඩේ අත ඇරියෙ නෑ තව ෆිල්ම් එකක් හොයාගෙන මේල් එකක් දාලා වෙන් කරගෙන වැඩේ පටන්ගත්තා.කොහොමහරි කවිඳුයි මමයි දෙන්නම අපි දෙන්නගෙ මුල්ම ෆිල්ම් එකට සබ්ටයිට්ල් කරලා එකම දවසෙ මේල් කලා මට අද වගේ මතකයි.කොහොමහරි මුල් කාලෙදි දිගටම වැඩේ අල්ලගෙන ගියා.මුලදි සිංහල කීබෝඩ් එක හුරු නැති නිසා මුල් ෆිල්ම් තුනම වගේ ටයිප් කලේ ඔන් ස්ක්‍රීන් කී බෝඩ් එකෙන්. අර රොයිලි අයියා කිව්ව වගේ ඇත්තටම මුලදි මේ වැඩේ හරියට කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි, එක ෆිල්ම් එකක් ඉවර කරද්දි තවත් ෆිල්ම් එකක් කරන්නමයි හිත.2014 ඉඳන් 2018 වෙනකන් මුල්ම කඩයිම පහු කරන්න මට අවුරුදු හතරක් ගත වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි මම වැඩේ පටන් ගත්තෙ AL විභාගෙට අවුරුද්දකට කලින්. මේ කාලය අැතුලත මම දෙසරයක් ඒලෙවල්ස් කරලා දැන් කැම්පස් ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටු වෙනවා.මේ අවුරුදු හතර ඇතුලත එක දිගට අවුරුද්දකට වැඩි කාලයක් මේ උපසිරසිකරණයෙන් ඈත් වෙලා ඉන්න සිද්ද වීමත් පලවෙනි කඩයිම සම්පූර්ණ කරන්න මෙච්චර කාලයක් යන්න හේතුවක්. ඉස්සර වගේ නෙමෙයි දැන් මේ වගේ දේකට යොදවන්න ලැබෙන කාලය බොහොම සීමිතයි.ඒ නිසා දැන් මේකෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නෙ.මේ ෆිල්ම් එක උනත් උපසිරසි ගන්නවන්න ලොකු කාලයක් ගත උනේ කාල වේලාව මදි කම නිසා තමයි.අනිත් දේ තමයි මම මේ වැඩේ පටන්ගන්න කාලේ බයිස්කෝප් රසිකයො ගොඩක් දෙනෙක් අපිව දිරිගැන්වීමක් වශයෙන් කමෙන්ට් එකක් දාන්න පුරුදු වෙලා හිටියා ඒත් දැන් ඒ දේ සිද්ද වෙන්නෙ බොහොම අඩුවෙන් කමෙන්ට් බලාගෙනම මේ දේ නොකලත් කමෙන්ට් එකකින් ලැබෙන දිරි ගැන්වීම ඊලග ෆිල්ම් එක උපසිරසි ගන්වන්න ලොකු දෙයක් අපි හැමෝටම.ඉතින් මාව මෙච්චර දුරක් අරගෙන එන්න කමෙන්ට් එකක් දාලා දිරිගන්වපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මම මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි. මම මේ තාක් කරපු ෆිල්ම් ටීවී සීරීස් පහලින් පෙල ගස්සන්නම්

ඉංග්‍රීසි චිත්‍රපට 20ක්
එක් තෙලිගු චිත්‍රපටියක්
ඩෙන්මාර්ක් චිත්‍රපටයක්
තූර්කි චිත්‍රපටයක්
චිලී චිත්‍රපටයක්
ජර්මන් චිත්‍රපටයක්
කොරියන් චිත්‍රපටයක්
In To The Badlands කතා මාලාවෙ එපිසෝඩ් 16ක්
Shooter කතා මාලාවේ එපිසෝඩ් 7ක්
Jessica Jones කතා මාලාවේ එක් එපිසෝඩ් එකක්

විදියට පෙල ගස්වන්න පුලුවන්. මේ අතරින් චිත්‍රපටි දෙකක් IMDB හොඳම චිත්‍රපටි 250ටත් ඇතුලත් වෙනවා. ඒ වගේම චිත්‍රපට දෙකක් උපසිරසි ගැන්වීම සිදු කලේ කවිඳුයි මමයි එකතු වෙලා. කවිඳුනම් චිත්‍රපට 14ක් විතර උපසිරසි ගන්වලා දැන් වැඩෙන් ඈත් වෙලා ඉන්නෙ.

බයිස්කෝප් හරහා හඳුනාගත් පිරිස ගැන මතක් කරනවනම් අංක එකට එන්නෙ මුල ඉඳලම දුකට සැපට දෙකටම ඉන්න හසන්ත අයියා තමයි.වැඩේ පටන්ගත්ත කාලෙ ඉඳලා තාමත් මම ඕන දේකට මැසේජ් එකක් දාන්නෙ හසන්ත අයියට.මේ ෆිල්ම් එකත් පරක්කු කලා කියලා මැ⁣සේජ් දාදා ⁣කීප සැරයක්ම ඇහුවා.ඊට අමතරව රොයිලි අයියා ,විමා අයියා ,ආසිරි අයියා(බයිස්කෝප් සෙට් එකෙන් ඇස් දෙකට දැකලා තියෙන්නෙ ටී ෂර්ට් එක ගෙනත් දුන්න ආසිරි අයියා විතරයි) රවිඳු රුක්ෂාන් මල්ලි, Shooter කතා මාලාව කරද්දි සෙට් උන මධුකප්‍රිය අයියා, In To The Badlands කතා මාලාව කරගන්න වෙලාව නැතුව හිර වෙලා ඉද්දි ඒක ඉවර කරල දෙන්න ඉදිරිපත් උන සමීර කරුණාරත්න අයිය,මාත් එක්ක In To The Badlands එපි දෙකකට සබ් කරලා දීපු මගේ ⁣අනිත් හොඳම යාලුවා අයේෂ් අකලංක සහෝදරයා ඇතුලු සියලුම බයිස්කෝප් උපසිරසි කරුවනුත් ඇඩ්මින් මඩුල්ලත් මේ වෙලාවෙ මතක් කරනවා.

බයිස්කෝප් එකට සබ්ටයිට්ල් කරනවා කියලා දැන ගත්ත ගමන් ඕනම කෙනෙක් අහන්නෙ කීයක් ලැබෙනවද කියලා. කීයක්වත්ම ලැබෙන්නෙ නෑ කිව්වම සමහරු පිලිගන්නෙත් නෑ, ඒ උනාට හැම උපසිරසි කරුවෙක්ම මේ දේ කරන්නෙ ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒක දන්නෙ තමන්ගෙ කාලය මේ වෙනුවෙන් වැය කරන අය විතරයි. උපසිරසි ගැන්වීම හරහා මං ලබාගනිපු දේවල් ගැන කියනවනම් මේ වෙනකන් විශාල ඉංග්‍රීසි වචන ප්‍රමාණයක් ⁣ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. උසස් පෙලට සහ කැම්පස් එකෙත් ඉංග්‍රීසි විශයක් විදියට හදාරන නිසා මට උපසිරසිකරණය හරහා ඉගෙනගන්න ලැබුන හැම අලුත් වචනයක්ම ගොඩක් වැදගත්. ඒ වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකට ස්තූති නොකරම බැහැ. ඒ වගේම මුල ඉඳලම මේ වැඩේට ඉතාම කැමැත්තෙන් උදව් කරන අක්කලවයි, අම්මයි තාත්තවයිත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි.

ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එක වෙන් කරලා දීමේ ගෞරවයත් වෙනදා වගේම යන්න ඕන හසන්ත අයියට. ඒ වෙනුවෙන් මුලින්ම ස්තූති කරනවා. මේක ටිකක් වෙනස් විදියක ෆිල්ම් එකක්. කතාව පොඩ්ඩක් කියනවනම් ඇමරිකාවෙ අලුතෙන් පත්වන ආණ්ඩුව ස්ටේටන් කියන දූපත පාදක කරගෙන පරීක්ෂණයක් කරන්න තීරණය කරනවා. පරීක්ෂණය තමයි පැය 12කට කිසිම නීතියක් බල පැවැත්වෙන්නෙ නැති වෙන්න මිනිස්සුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන එක .ඒ කියන්නෙ ඒ පැය 12 ඇතුලත දූපතේ මිනිස්සුන්ට තමන් කැමති ඕනම දෙයක් ඕනම විදියකට කරන්න පුලුවන් නීතියෙන් කිසිම බාදාවක් නැතුව. තව දෙයක් තමයි දූපතේ මේ කාලය ඇතුලත රැදී ඉන්න කැමති ඕනම කෙනෙකුට ඩොලර් 5000ක මුදලකුත් ඒ අය ගෙවනවා. මෙහෙම කරන්න හේතුව මොකද්ද? මේ දේ කොහොමද සිද්ද වෙන්නෙ කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.මේ චිත්‍රපටයට 5.1ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැහැ.වෙන්නෙ මොකද කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම උපසිරසිකරුවෙක්ම මේ වෙනුවෙන් තමන්ගෙ කාලය වැය කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඉතින් අපි මේ කරන කැප කිරීමට ලැබෙන එකම දේ තමයි ඔයාලා ස්තූතියි කියලා දාන කමෙන්ට් එක. ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.ආයෙ ෆිල්ම් එකක් අරගෙන එන කාලයක් හරියටම කියන්න බැරි උනත් පුලුවන් වෙලාවක ආයෙ එන පොරොන්දු පිට මම ගියා කාටත් ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

177 thoughts on “The First Purge (2018) Sinhala Subtitles | නිදහස් කිරීම.. [සිංහල උපසිරසි සමඟ] (50)

  • අමෝ! අමෝ!! තෑන්ක්ස් ක්ක්ක්… නමස්තේ..!

    Reply
  • Sachin Darkstar

    Supiri bn thanks

    Reply
  • Manawadasunperera

    Thanks brother

    Reply
  • හසිත

    SUB එක ලබා දීම වෙනුවෙන් බොහොම ස්තුතියි.

    Reply
  • arawindasunimal

    thanks sub ekata

    Reply
  • Chathu9090

    Supiri bro….❤️❤️❤️❤️❤️❤️

    Reply
  • බොහොම ස්තුතියි subtitle එකට, එවගෙම සුබ පතනවා ඔයාට මල්ලි

    Reply
  • බොහොම ස්තුතියි subtitle එකට, එවගෙම සුබ පතනවා ඔයාට මල්ලි.

    Reply
  • Supun Preemal

    උණුසුම් සුභ පැතුම් සහෝ .. උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • subapathum sahodaraya.supiri aaaaa.jayawewa

    Reply
  • lahiruhettiarachchi

    Congratulations bro.

    Reply
  • බොහොම ස්තුතියි යාළුවා ..විස්තරේ කියවපුවාම කමෙන්ට් එකක් දාන්න හිතුනා …වැඩක් නැතුව ඇති කියලා හිතපු චිත්‍රපටියක්. බලමුකෝ කොහොමද කිය⁣ලා..ඔබට ජය..

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

    Reply
    • නියමයි..best of luck!!!

      Reply
    • නියමයි..best of luck!!!

      Reply
  • haiyosalli

    Thanks…………….. good luck………

    Reply
  • Subtitles ekat thanks

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
    • නියමයි..best of luck!!!

      Reply
  • sanjeewakbg

    thanks sub ekata bro…

    Reply
  • Thanks ………………………good luck …………………………..

    Reply
  • Rajitha231

    බොහොම ස්තූතියි යාලුවා සබ් එකට

    Reply
  • nimesh_herath

    THANKS jaya wewa digatama sub denna sahoooo

    Reply
  • thathsaragayan

    Good working ️

    Reply
  • darshana100

    sua patum saho jaya wewaa

    Reply
  • උණුසුම් සුබ පැතුම් උදාර මලේ. ඒ වගේම සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාටත්. ඉතින් මෙතැනිම් නොනැවතීඕ ඊලඟ කට ඉමටත් යන්න සුබපතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • matrixfast

    stomp the yard sub eka puluwannam denako brooo

    Reply
  • isuru dilshan

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
    දිගටම මේ වැඩේ කරගෙන යමු…ජයවේවා!!

    Reply
  • thanks brother.. good luck

    Reply
  • Gd luck bro digatama sub denna thx macho.. ☝

    Reply
  • 50 වෙනි උපසිරසට සුබ පැතුම් ශාන් මල්ලි !!!

    ඉදිරියටම උපසිරසිකරණයේ යෙදෙන්න ලැබේවා කියල පතනවා! ජය !

    Reply
  • Charithnimesha

    Thanks kollo good luck

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • Shehan putha

    suba pathum…thanks bro !

    Reply
  • Vishma_buddhika

    වෙල්ඩන් සහෝ ඉස්සරහටත් ඔහොමම කරගෙන යමූ

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුබ පැතුම්

    Reply
  • Davinsibro

    සබ් එකට ස්තූතියි ජය වේවා

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • Amilperera

    Thnks bro sub ekata.. wish you all the best for baiscopelk stuff.. gd luck

    Reply
  • Dushan Tharuka

    good Luck….Thanks….Jaya wewa !!!

    Reply
  • Yasindu heshan 90

    Elh.. me wede digtama karagena ynna.
    Good luck

    Reply
  • Dineth Muthusara

    Congratulations bro. Keep it up.

    Reply
  • ජය වේවා සහෝදරයා…
    ගොඩක් පිං..
    බුදු සරණයි…

    Reply
  • 50 ටත් සුභ පැතුම් සහෝ…
    පුළුවන් නම් Purge 2018 TV Series එකටත් සබ් දෙන්න…

    Reply
  • හෂාන්

    50 වැනි උපසිරැසියට සුභ පැතම් !!!!!!. ඒ වගේම බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Nimesh sasanka

    suba enkal blan hitiye saho..thankx sub ekta..issarahata thwa sub kramu..jaya wewa

    Reply
  • ela thanx meke thawa fillm ekakthiye mathaka hatiyata 2016 2014 me post eke.ewage link.dammanam bala nathi ayata balanna puluwan

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • ස්තූතියි බ්‍රරෝ තව තව sub හදන්න ධෛර්‍ය ලැබැන්න ඕන.

    Reply
  • Elaine saho….50 yata congrats

    Reply
  • kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    50ට සුබ පැතුම්!!
    දිගටම සබ් කරමු..
    Purge ෆිල්ම් සෙට් එකම බලන්න ඕනේ..
    පුලුවන්නම් The Purge TV Series එකටත් සබ් දෙන්න…එකත් පට්ට වගේ…

    Reply
  • 50 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sumithpriyadarshana

    niyamai yaluwa

    Reply
  • එල සබ් එකට තැන්ක්ස්…සල්ලි වලින් ගන්න බැරි සතුටක් සබ් එකක් කරලා ගන්නවා කියලා මට සුවර්…පලවෙනි සබ් එක කරලා උබට ලැබුනු සතුට…

    Reply
  • 50 වන සිංහල උපසිරැසියට සුභ පැතුම්…ඉස්සරහටත් මේ වගේ සුපිරියට සබ් ඕනේ

    Reply
  • ChamathRulz

    බොහෝම ස්තූතියි උපසිරැසියට .ඒ වගේම 50වන උපසිරැසියට හදවතින්ම සුභපතනවා අයියා . ජය වේවා !

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම 50 වන උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ..තව තවත් ඉදිරියට උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ..!!!
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • HugA DawaskA EdaN BalaN HitiyA Me FilM 1kTa sUb DenakaN ThankS MachO……

    Reply
  • 50වන උපසිරසියට සුබ පැතුම්!!
    හෙමිට උනත් කම් නෑ කොහොමහරි 50 ගැහුවා නෙව..
    Shooter එක හිරවෙලා උන්න වෙලාවේ කරපු උදව්ව
    අමතක නෑ.. ඒ වගේම සහෝගේ උපසිරසිවලින්ම තමයි
    ඉන් ටු ද බෑඩ්ලෑන්ඩ් කතාමාලාව මේ දක්වාම නරඹන්නේ..
    ඉතින් කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි මෙතනින් නොනැවතී
    අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නා ලෙසම උපසිරසිකරණයෙත්
    නියැලෙන්න කියලා ඉල්ලීමක් කරනවා..

    ඔබට ජයෙන් ජය…

    Reply
  • දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොබී

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්. කවද්ද 51 වෙනි සබ් එක ගේන්නේ?

    Reply
  • nice one bro. thanks

    Reply
  • Thanks machan……..jayawewa…..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • chandika1975

    thank you for the sub and congratulation for your achievement and keep it going ………..good luck

    Reply
  • niyamai niyamai niyamai,,,,,,,,,,

    Reply
  • sachith manchanayake

    ස්තුතිය සහෝ ….ජය වේවා …

    Reply
  • harshani11112

    50 වෙනි උපසිරැසියට සුභපැතුම් උදාර මල්ලී….100ත් ඉක්මනින් සමරමු නේද?

    Reply
  • ela bn 100k ka lebewa

    Reply
  • Sasanka Madhumal

    උපසිරැසියට බොහොම ස්තූතීයී…!!!
    පුළුවන්නම් Genuis (2018) movie එකටත් උපසිරැසි හදන්න….

    Reply
  • Thanks a lot aiye,oyala sub kere nathnam api film balalath iwarai mamanam hithagena hitiye oyalata baiscope eken gewanawa athi kiyala thanks..

    Reply
  • kumarasinghedx

    good luck yalu shathaketh gahamu

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    පනස් වෙනි නිර්මාණයට සුබ පැතුම් මිත්‍රයා.. ජය වේවා.. ඉක්මනටම 100 ගහමු. 😀

    Reply
  • Sub ekata thanks saho jayawewa

    Reply
  • me film eka enkan balan hithiye. thanks bro..

    Reply
  • bohoma sthuthi saho, suba pethum 50ta…..

    Reply
  • Sudheera Kasun

    Thanks machan… Digtama karagena yamu…
    GOOD LUCK…!

    Reply
  • යුරාන් ධනුක

    සුභ පැතුම් සහෝ…!!!
    බොහෝම ස්තූතියි උපසිරැසියට….

    Reply
  • Nuwantha Dulan

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ!!!
    ඉක්මණින්ම අනික් කඩයිම් වලටත් යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • පැතුම් ඉෂාර

    50 වෙනි කඩයිමට සුභ පැතුම්!!! ඒ වගේම තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා!!! බයිස්කෝප් අඩවියට ජය!!!

    Reply
  • niyama wadak saho api wenuwen karana sewayata uththamacharaya….

    Reply
  • දිගටම කරගෙන පලයන් යාළුවා…උබ කරගෙන යන්නේ හොද වැඩක්…උබට ජය….

    Reply
  • thank you so much bro. Keep it up the good work. we will be with you always. god bless you.

    Reply
  • sampath n perera

    oba wisin kala sewaya godak watinawa
    jayawewa…….

    Reply
  • Hasitha Madush

    ඉදිරියටත් මේ වගේ සුපිරි සබ් ඕනේ සහෝ

    Reply
  • Hasitha Madush

    සිංහල උපසි‍රැසියට තුති…!!!! සහෝ…!!! 🙂

    Reply
  • 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Rashmika dumidu

    Thanks you bro
    Good Luck

    Reply
  • පළමු කඩඉමට සුභපැතුම් කොලුවෝ…
    හෙමින් ගමන දුරයි කියනවනේ…
    හෙමින් හෙමින් දිගු ගමනක් යමු.
    ඉගෙනීම් කටයුතුත් කරගන්න ගමන් සබ් කෙටිල්ලත් කරගෙන යමු ආ…
    ඔබට ජය!

    Reply
  • Thanks for the subtitle bro……
    Congratulations for the 50th….
    Good Luck….!!

    Reply
  • damithww99

    congratulations 50th bro. thenks

    Reply
  • ආහ් කියන්න බැරිවුනා 50 ට සුභ පැතුම් මචාං !!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඒවගේම 50 වෙනි කඩයිමටත් හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • gihan perera

    Congratulations 50th subtitle bro…..ස්තුතියි උපසිරැසි කරලා මහන්සි වෙලා මේ වගේ කතාවක් අපිට ලබා දුන්නට මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..

    Reply
  • thanks bro eye msg ekak damme puluwan nam dapanko kiyala

    Reply
  • එනකන් හිටියෙ බන් මරු බොහොම ස්තූතියි !

    Reply
  • Pathmila_kushantha94

    නියම වැඩක් සහෝ! සුභ පැතුම්… ජය වේවා!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • kasun_chathuranga10

    film ake link eka dennako plz

    Reply
  • Apsmdk.ampara

    එල එල මචං දිගටම මේ විදියට සබ් කරපන් බං.අපි උබලත් එක්ක හැමදාටම ඉන්නවා.

    Reply
  • Thanks Bro….congratz..Keep it up..

    Reply
  • naveenlakshitha

    Thanks sub ekta jaya

    Reply
  • digatama sub denna jaya wewa……….

    Reply
  • Dilshanfernando

    Thank you machan….!!! Sub eka hodataqma thyenawa

    Reply
  • 50ට සුබ පැතුම්.. ජයවේවා

    Reply
    • Apsmdk.ampara

      film එක ගත්තෙ කොහෙන්ද බං.ලින්ක් එකක් තියෙනව නම් දිපංකෝ

      Reply
      • kasun_chathuranga10

        film aka anith baiscope page ake pennannahane

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *