අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 121 votes.
Please wait...

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව තේරෙන සිංහලෙන් ආසාවෙන් බලන්න සිංහල සබ් එක පුලුවන් තරම් ඉක්මනින් වගේම ගොඩක් නිරවද්‍ය විදියට මම ඔයාලට අරගෙන ආවා. ඒ වෙනුවෙන් ගොඩක් අය මට මල් වලින් ප්‍රසංශා කලා වගේම සමහරක් අය මට ගල් මුල් වලින් පහර දීලත් තිබුනා. වැඩේ කියන්නේ මේ ලගක ඉදන් සැවටාර් බෙරිත් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. 😀 කමක් නෑ ඒ අයත් මට ශක්තියක්. කොහොමත් එදා ඉදන්ම ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි මම මේ සබ් කරන්න පටන් ගත්තේ. (ලංකාවනේ… නිකන්නෙ දෙන්නේ… එතකොට අගයක් නෑනේ… :p ) ඒ වුනාට කියන්නම ඕනි සමහර අය මගේ අම්මට තාත්තට පවා බැනලා තිබුනා. ඒ ගැන නම් ගොඩාක් ලොකු පසුතැවීමක් ඇතිවුනා. බනින්න ඕනෑ තරමක්. හැබැයි මට විතරක්. මගෙ අහිංසක දෙමව්පියෝ ගාවගන්නේ නැතිව. ඒ වගේම කියන්න ඕනිම හැමදාම වගේ ඉවසිමෙන් ඉදලා සබ් එක ඩවුන්ලෝඩ් කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, අර මට බැනපු අයට මං වෙනුවෙන් කතා කරපු ඒ වගේම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ බහුතරයක් දෙනා වෙනුවෙන් තමයි තවමත් සැලෙන්නේ නැතිව හැම කට්ටක්ම කාගෙන අපි සබ් දෙන්නේ. හරි දැන් පදුර වටේ තැලුවා ඇති නේද? කෙලින්ම කතාවට. 😀

තමන්ට හතුරුකම් කරපු අය පරාජය කලාට පස්සේ ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න කියලා හිතාගෙන බෙරී ඇලන් එයාගේ අම්මව මරන එකෙන් බේරාගෙන ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා වෙනස් අලුත්ම ටයිම් ලයින් එකක ජිවත් වෙන්න පටන් ගත්තානේ. ඒත් ඉතින් එයාට පවුලේ අය ලැබුනත් ෆ්ලෑෂ් ටීම් එකේ අනිත් හැමෝම මගහැරුනා කියලා තේරෙද්දි ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. ඒ නිසා ආයෙමත් කලින් තිබුන ටයිම් ලයින් එකම ගන්න හිතාගෙන එයා වෙනස් කරපු හැමදේම හරිගස්වනවා. ඒත්.. නොහිතපු විදියට ඒ ටයිම් ලයින් එකත් ගොඩක් වෙනස් වෙලා. ටයිම්ලයින් එක විතරක් නෙවෙයි මිනිස්සු, ටීම් එකේ අය, එයාලගේ හැකියාවන් මේ හැමදේම වෙනස් වෙලා. බෙරීට එයාට කරපු වැඩේ බරපතලකම එතකොටයි හරියටම තේරුනේ. ඉතින් මේ දේ ගැන ෆ්ලෑෂ් ටිම් එක දැනගත්තම එයාලත් ගොඩක් අවුල් ගියා වගේම සමහර අය බෙරිත් එක්ක තරහත් වුනා. කොහොමෙන් කොහොම හරි ඒ අවුල් ටික ලිහාගත්තට පස්සේ තමයි බෙරීට ෆ්ලෑෂ් පොයින් එක නිසා වුන ලොකුම වෙනස්කමට මුහුණ දෙන්න වුනේ.

සැවටාර්… එහෙමත් නැත්නම් වේගයේ දෙවියා කියලා කෙනෙක් සෙන්ට්‍රල් නගරයේ මතු වෙනවා. ඇත්තටම එයා දෙවියෙක් වගේ තමයි. මොකද බෙරීට එයාව අල්ලනවා තියා එයත් එක්ක තරගෙට දුවන්නවත් බෑ. ඒ තරම් එයා වේගවත් කෙනෙක්. ඉතින් නගරයේ සිද්ධවෙන අපරාධ නවත්වන එකට අමතරව මේ සැවටාර් කරන වැඩ නවත්වන්නත් මෙයාලට සිද්ද වෙනවා. ඔය අතරේ තමයි සැවටාර්ගේ ගෝලයෙක් වුන ඇල්කමි ෆිලොසිෆර් පාෂාණය කියන බලගතු පාෂාණයෙන් ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් මෙටා බලයන් තිබුන ඒත් දැන් ඒ බලයන් නැති අයට ඒ මෙටා බලයන් ආපහු දෙන්න පටන් ගත්තේ. කොහොම හරි අවසානයේදි ඒ පාෂාණයෙන් වොලිටත් ෆ්ලෑෂ්ට වගේ වේගයෙන් දුවන්න බලය ලැබෙනවා. ඒ වගේම ඇල්කමිවත් මෙයාලා නවත්වනවා. අවසානයේ වොලි කිඩ් ෆ්ලෑෂ් විදියට නගරයට සේවය කරන්න පටන් ගන්නවා.

මෙහෙම හැමදේම සිද්ධවෙද්දි එක දවසක් අහම්බයෙන් බෙරී අනාගතයේ දවසකට යැවෙනවා. හැබැයි ඉතින් ඒ සුන්දර දවසක් නෙවෙයි. ඒ තමයි සැවටාර් බෙරීගේ ජිවිතයේ ආදරය වුන අයරිස්ව මරන දවස. බෙරිගේ ඇස් ඉදිරිපිටම සැවටාර් අයරිස්ව මරලා දානවා. හැබැයි ඉතින් ඒක නවත්වන්න තරම් බෙරී වේගවත් වෙන්නේ නම් නෑ. ආපහු වර්ථමානයට ආව බෙරී ඒ සිදුවීම නවත්වන්න පුලුවන් හැමදේම කරනවා. අනාගතයේදි වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න හදනවා. එක එක පරික්ෂණ කරනවා. හැබැයි ඉතින් ඒ කිසි දේකින් ඒ වෙන දේ වෙනස් කරන්න බැරිවෙනවා වගේම එයාට අනාගතය වෙනස් කරන්නත් බැරි වෙනවා. අවසානයේදි බෙරී වගේම ෆ්ලෑෂ් ටීම් එක ඒ මොහොතට මුහුණදෙන්න සුදානම් වෙනවා. නිකන් නෙවෙයි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්න හිතාගෙන ට්‍රේසි කියන දක්ෂ විද්‍යාඥයාගෙ උදව් ඇතිව ස්පීඩ් ෆෝර්ස් බසූකා කියන තුවක්කුව හදනවා. අවසානයේදි… ඒ දවස උදා වෙනවා. අයරිස් සැවටාර්ගේ අතින් මැරෙන දවස. ඒ මොහොත ටිකෙන් ටික ලගාවෙනවා. ෆ්ලෑෂ් ටිම් එක සැවටාර්ව හිර කරන්න හැමදේම සුදානම් කරගෙන ඉන්නවා. ඉතින් අන්තිමේට ඒ වෙලාවට එනවා. බෙරී අනාගතයට ගිහින් දැක්කා වගේම ඒ දේවල් සිද්ධ වෙනවා. හැබැයි බෙරීලග ස්පීඩ් ෆෝර්ස් බසූකා එක තියෙනවා වගේම එයා ඒකෙන් සැවටාර්ට වෙඩි තියනවා. හැමෝම සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙනකන් බලාගන හිටියත් ඒ උත්සහයෙනුත් වැඩක් නැතිවෙනවා. සැවටාර් ෆිලෝසිපර් පාෂාණය පාවිච්චි කරලා ඒ උගුලෙන් බේරෙනවා. බෙරී වගේම එයාගේ ටීම් එකේ අයත් මෙච්චර කාලයක් පුරාවට වුන මහන්සියේ වතුර යමින් සැවටාර් අයරිස්ව එතනදි මරලා දානවා. අනාගතය වෙන්න තිබුන විදියටම බෙරීගේ අතේ අයරිස් අවසාන හුස්ම හෙලනවා.

ඉතින් හැමදේම විනාශ වුනාට පස්සේ බෙරී වගේම අනිත් අය මේ දේට කොහොම මුහුණ දෙයිද? සැවටාර් සදහටම ජීවත් වෙයිද? මේකද ෆ්ලෑෂ්ගේ අවසානය? මම මොකුත් කියන්නේ නෑ. මේ ගැන දැනගන්න මේ කොටස බලමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි :
ආරංචි විදියට CW නාලිකාව ෆ්ලෑෂ් කතාවේ 4වෙනි සිසන් එකකුත් එවන්න තිරණය කරලා තියෙනවා. ගොඩක් දුරට 4වෙනි සීසන් එක ඔක්තොම්බර් මාසයේදි විතර විකාශය වෙන්න පටන් ගනිවි. මොනවා කරන්නද ඉතින් ඒ වෙනකන් ඔයාලට ඉවසා වදාරා ඉන්න වෙනවා. 😀

ප.ප.ලි:
ආයෙමත් කියන්න ඕනි සබ් ඩවුන්ලෝඩ් කරපු වගේම කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ වැඩත් එක්ක ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න නම් බැරි වුනා. ඒ වුනාට ඒ හැම කමෙන්ට් එකක්ම මම අනිවාර්යයෙන්ම කියවනවා. මොකද ඔයාලගේ එය පුංචි රිප්ලයි එක නිසා තමයි අපිට අපි මේ සල්ලි, කාලය නාස්ති කරගෙන කරන වැඩේ ගැන ආඩම්බරයක්, වටිනාකමක් වගේම සතුටක් දැනෙන්නේ. එහෙනම් ඉදිරියටත් ඒ විදියටම සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ජය… !

 

NEW

 

 The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E23.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

215 thoughts on “The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]

  • Janindu Yukthila

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • සබ්ටයිටල් Download කරන්න බැ Error කියලා වැටේනව

    Reply
  • Vihanga Randunu

    මේ සබ් එක ආයෙ කලොත් නරකද අයියෙ

    Reply
  • hiran_madhuka

    sahoo udawak oona oyalagen me mata flash season 1 eka download karaganna web site ekak kiyanawada

    Reply
    • විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් ගන්න

      Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට

    Reply
  • Sajith Roxx

    Mechchara deyak karana oyata kauda banne…. Ane man danne na lankawe un nam…. mona unath me site eka naththan api film blalah iwarai bn…. jayawewa machoo

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • thiwanka anuhas

    thanks bro sub walata onna hoda vate eakkuth damma

    Reply
  • සබ්ටයිටල් හැම එකටම ගොඩක් ස්තුතියි….
    ජයෙන් ජයම වේවා….!

    Reply
  • YasasPerera

    thank you bro.. best of luck

    Reply
  • kavinduchathurangaz

    Thank you…….

    Reply
  • pasindu sahan

    arrow s6 flash s4 i wala subtitle dennako

    Reply
  • Season 4 episode 1 ekath puluwan ikmanin ewanna machan…

    Reply
  • Kalin season dunna wage demu bro

    Reply
  • Season 4 denne kawadda

    Reply
  • Season 4 Denna,Please!

    Reply
  • thank you again man. digatam subtitle denna. jayawewa.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Akash De Silva

    උපසිරැසියට බොහෝම ස්තුතියි. ඉදිරියටම මේ වැඩෙ කරගෙන යන්න ජයවේවා.

    Reply
  • machan man nam katha serama ekathu karan eka paratamai balanne..ithin Sub ekata Thanx machan..jayawewa.. god bless

    Reply
  • tharindu dilhara

    Ptta ,kollo අපි උබලත් එක්ක නියමෙට වැඩේ කරගෙනයනවා ජයවේවා !!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sub eka nam elama ilaga season eketh sub denna………….

    Reply
  • sub eka dunnata dohoma pin.

    Reply
  • Thank u very much bro

    Reply
  • MADHURANGA DASSANAYAKE

    Supiri oyage sub tika maremaru. season 4 walath oyage udu one. thankx bro very much.

    Reply
  • දසුන් හසන්ත

    ඉදිරියටත් මේ වගේ වැඩවලට ශක්තිය, ධෛර්ය හා වාසනාව ලැබෙන්ඩෝන… තෙරුවන් සරණයි…!

    Reply
  • Chamith kanishka

    Thank you brother kagewath benum walata wetenna apa.good luck

    Reply
  • Udara Damith B/K

    ඊලග සීසන් එකේ මේ බැරිට රගපාන පොර නැද්ද
    එහෙම උනොත් නම් වැඩක්ම නෑ

    Reply
  • Thanks saho sub valta eka eka kariyo kiyana ewa ganan gnna epa..keep this work up..and see u soon bro..

    Reply
  • Arrow Flash The 100 Aphu enakam balan inna eka thama wade 🙁 Kamak na ita kalin GOT relese wei ne 😀 Subtitles walata tanx bn 😀 jaya wewa …

    Reply
  • ashan chathuranga

    Thanks bro . …………flash season 04 eketh subtitle denna……….

    Reply
  • Malith Priyashan

    Thank a lot

    Reply
  • bohoma sthuthi sahooo degatma karagena yamooo oyal nisa thami me katha seram tharumak athuwa balanne
    bohoma sthuthi sahooo

    Reply
  • tnx .. gobbayo kiyana eva ganan ganna epa bro 🙂

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • Ubata godak thankx machan. Tv serious ekakata kiyala balanne meka witharai. Ada baluwama eelaga eka enakan agili gana gana balan inne. Dawas 7 complete unama site ekata awith refresh kara kara innawa dan watei dan watei kiyala. Chuttak tharaha yanawa. Ubath ekka neme. Thyna asawata. Melo rahak nathi english ain karala aathal eke filumak tv serious ekak hari balanne baiscope eke ubalata pin sidda wenna. Aththatama karana de godak watinawa machan. Ubatath team eke hamotamath bokkenma wish karanawa. Season 04 eken ikmnata hamba wemu machan. Jayen jaya !!

    Reply
  • Dhanuka Pradeep

    Thank machan mechchara dawas apita sub..dunnata godak watinawa me karana wade…

    Reply
  • Thanks Bro. Keep it up…

    Reply
  • Thilak asela

    elama elama machan

    Reply
  • මෙම කථාමාලවට උපසිරැසිය රැගන ඒම සදහා නන් අයුරින් සහය වූ සැමට
    මාගේ අවංක ආදර ස්තුතිය !!!!!!!!

    Reply
  • tnx bor………………..good luck…………….

    Reply
  • sub eka rip ekat ekka match wen nane please machan puluwannam hadapan

    Reply
  • ashan lankanath

    thanks …….good luck

    Reply
  • මචන් උබට ගොඩක් ස්තුති කියනවට වැඩිය ගොඩක් පින් කිව්වොත් හරි..
    ඉස්සරහටත් මේ වගෙම සබ් දීපන්..

    Reply
  • Ela ela machan. Supiri. Tawa duratat sub denna shaktiya dairiya lebewa. Bs

    Reply
  • parivarthanayata sthuthi saho !!!

    Reply
  • Ela bokka subs set 1ktma patta thnx kolla.. uba selenna epa. Ubata pulwn ilaga subath krmu. Ubta jaya wewa kolla..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thanks machan jaya wewa

    Reply
  • Danushka Sanjeewa

    Pahara machan supiriyatama thiyenwa sub eka… ewagema kalin ewath. Godaaaak pin

    Reply
  • Rachitha Isanka

    සබ් එකට ගොඩක් පිං සහෝ…

    Reply
  • Deshitha Gallage

    api dannawa oya godak wada thiyagena thamai me sub dana eka karanne, e wena mkakwath nisa nemei api wenuwen, eth samahara ayata eka therenne nh, kohomaunath flash kathawe sub tila dunnata oyta godak thanxs. flash season 4 awa gaman eketh sub danna labewa kiyala prarthana karanawa. jayen jaya…..

    Reply
  • ස්තුතියි සහෝ..

    Reply
  • SANDANUWAN

    Sub Dunnata Thank You ! Meka Mage like TV Series aka.

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි mc sub එකට…..,ඊලග season එකත් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා…..,

    Reply
  • tharangani

    thanks malli,,puluwan nan x files tika karannako

    Reply
  • Chamath Shalinda

    thanks sahoo sub ekata!!! mechchara kal deepu hema sub ekatma thankyou!!!! eelanga season ekath karanna hekiyaawa lebewa kiyala prarthana karanawa!!! jaya!!!!

    Reply
  • Hashan Madhuwantha [The HASH]

    Thanks & waiting for season 4 with your own sinhala subtitles… 😎

    Reply
  • Thank u sooooooo much bro….Wish u all the bst & wish u a bright future….gd luck..

    Reply
  • Dhananjya Jagath

    soo much thanx for the subtitals good luck all the best

    Reply
  • උපසිරැසියට බොහෝම බොහෝම බොහෝම ස්තූතියි සහෝ.. පොඩ්ඩක් පරක්කු උනා කමෙන්ට් එක දාන්නත්.. සොරි ඈ.. තාම එපිය බැලුවෙත් නෑ.. හැමදාමත් කියනවා වගේ, බොහෝම පින් උඹල මේ කරන සේවයට.. සහෝ, පරක්කු උනාට කමක් නෑ.. වැඩ තියනෝ, හැමදාම එක වගේ නෑ නේ.. ඒකට කමක් නෑ බං.. නවත්තන්නේ නැතුව දෙමු.. නවත්තන්න එපා බං..
    ඒ වගේම මම බලන හැම Tv-series උපසිරැසියකට ම වගේ මගේ කමෙන්ට් එක වැටිලා ඇති.. මම මේක ගන්නෝ වගේම මට කියල කරන්න පුළුවන් දේත්, කමෙන්ට් එකක් දාන එක, ඒක මම අනිව කොහොමහරි කරනවා.. උඹ ල නිසා තමයි අපි Tv-series බලන්නේ, ඒකට ස්තූති කරන්න වචන නෑ බං.. ❤️ Flash ❤️ කියන්නේ මගේ 1st place තියන Tv-series එක.. 2014 දි මේක ආපු දවස් වලම තමයි, ෆිල්ම් කඩේ අයියා කියනවට එපි දෙකක් දාගෙන ඇවිත් බැලුවේ.. එදායින් ඒ ඇති වෙච්ච Tv-series පිස්සුව, දැං Film එකක් වත් බලන් නැතුව Tv-series ම බලනවා.. විශේෂයෙන් ❤️Flash ❤️ .. මොන Tv-series එක බැලුවත්, කවදත් මට 1st place එක Flash තමයි.. මේ විදියට ම 4 වෙනි සීසන් එකටත් සබ් දෙමු සහෝ.. 4ක් නෙමෙයි සිසන් 100ක් ආවත්, වෙන මොන Tv-series එකට නැතත්, මේකට සබ් දාමු හොදේ බං.. එහෙනම් මේ සීසන් 3කම සබ් දුන්නට බොහොම ස්තූතියි, බොහොම පින් කියන ගමන්, සහෝගෙත් ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.. 4 වෙනි සීසන් එකෙන් හමුවෙමු.. ජය වේවා..

    Reply
  • බොහෝම ස්තූති සහෝ…..

    Reply
  • thisura godage

    godak sthuthi sabata.

    Reply
  • bro….Constantine season 2 gana aranchiyak nadda bn…..?

    Reply
  • Ravindu Nethsara

    minisa thirisanek widiyatane ipadune…….tawa ewun innawa e gathiya arila nathi…..ganan ganna epa ewun kiyana katha………
    ——-THANK U VERY MUCH BRO——
    api umbath ekka innawa sho…….

    Reply
  • Barry alan

    TNX MACN SUB EKATA

    Reply
  • Ado bokh thanks bn aniwa bn lankawe unt nikn denakota agayk na bn

    Reply
  • elama bn. godak thank. uba nethnam api kohoma meka sinhalen balannada bn. meka me widiyatama digatama geniyapan. elzzzzzzzzzzz. thank you and baiscopelk……..

    Reply
  • Thaaaaaaaaaaaaaaaaaaaanx Bro………………….!

    Reply
  • Thank you very much Brother…

    Reply
  • Samuditha sankalpa

    Plz api daana comment balanne nethuwa inna epa ada hawasa 6ta withara arrow subtitles dannakooo plzzz

    Reply
  • thnqu mcn..gdk thnkz..me krna de wenuwen..gud luck

    Reply
  • REALY GOOD BEST LUCK

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . සමහර අයගේ කමෙන්ට් එහෙමත්
    හරිම කැත විදියට ලැබුණා,
    ඒත් ඒ කිසිම දේකින් සහෝ සැලුනේ නෑ.
    ඒවගේම තමයි සහෝගේ උපසිරසි නිකන්ම උපසිරසියක්
    නොවෙන වග, මොකද අපිට ඒකෙන් කතාව ගැන විතරක්ම ගන්න
    අවබෝධයකට වඩා වැඩි අන්තර්ගතයක්, වැඩි වටිනාකමක් තිබුණා.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • 100 magen. Tanx a lot bro

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • thnx bokka keep it up……..

    Reply
  • Great work brother!! Keep it up

    Reply
  • සුපිරි වැඩක්. සබ එක ස්තුතියි. එල… ජයෙන් ජය….

    Reply
  • Season 4 eka purawatama sub dunnata thanx.season 4 eken hammbawemu saho.

    Reply
  • Ela broo so4 eken hambemu

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේ පාරනම් හිතුවේ නැති දෙයක් උනේ…
    ඊලග සීසන් එකෙන් හම්බවෙමු..

    Reply
  • Kavidu thanks machan… Ubata godak pin
    Aniwa ubama season 4 ekatath sub denna.

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • super machan.. thnx.. 😀 😀

    Reply
  • balapan download karala thiyenawa 2700,,,,, comments 100 wath na,,,, onna okai ban api ratak widhiyata thama wala palle,,,, thx karannawath uwamanawak na,,,,

    Reply
  • සැවටාර් බෙරිත් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. patta wadhana bro,,,,,, machan matath tharaha gihin thiyenawa sub eka nathi unama,,, eth kavadawath nikan dena dhe koi welawe dunnath kamak na kiyala balan hitiya,,,, ape ewunta vibe karanna ehema puluwan unanan sub eka ganna ubawa lagata awith ussai ban,,,, ha ha,,,, ela machan thx,,apita sub eka dhenna kattak kavata

    Reply
  • Dulan randika

    sub එකට thanks සහෝ……

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ .ගල් මුල් ඉවසන් season එක ඉවර වෙනකම් sub එක දුන්නට.(ගල් පර දැක පෙරමුනේ,මොන ගගුලද නැවතුනේ…)
    ⚡️Season 4t sub එක දෙන්න.
    එතෙක් ඔබට ජය!!!

    Reply
  • thanx saho ubata me mulu series ekema sub dunnata,api hema welawema mekata ewilla balanne sub dalada kiyala e ahinsaka balaporoththuwa ubala hema kenama eshata karana puluwan tharam ekmanata,thanx brooo ubala me karana deta

    Reply
  • ඔයා තමයි සහෝ බයිස්කෝප් ෆ්ලෑෂ් ඔයා ඒක ඔප්පු කරා…
    වේගවත්, කිසිම දේකට සැලුණෙත් නැහැ, නියමයි…
    බොහොම ස්තුතියි එහෙමනම් මේ උපසිරසටත්…
    මමනම් ඔන්න 2018 හෝ 2019 එන එස්රා මිලර් ඉන්න ෆ්ලෑෂ් එකටත් සහෝගේ උපසිරස බලාපොරොත්තු වෙනව…
    ලබන සීසන් එකෙන් මුණගැහෙමු…

    Reply
  • Bohoma shuthuthiy saho sub ekata… comment ekak demme uda kiyala thibba ewa dekka nisa.. mokada flash s20k awath balana type eke ekek mn.. e nisa sub ekath ekka balana hema welekama ubata thank karala thama balanne…

    Reply
  • thanks …. saho…sub akta dunnata…

    Reply
  • Vimukthi Abilasha

    sub එකට thanks සහෝ……

    Reply
  • thanks machan sub walata samahara welawata late unama kenthi enw eth banne na mkd hitha dannawa ubala meka denne sewayak widihata kiyala ithin suba anagathayak gd luck

    Reply
  • Sanjaya Vimukthi Cooray

    Lollo ka gahuwata ganan ganna epa bro.Ada samaja sewakayek wath krnnethi wadak oya apita me krla denne.English therunath eka digata kiyana kiyana yaddi therum ganna apita sub aniwaren one.

    Ilaga season ekath one bro……
    Weldone……

    Reply
  • Thank you very much friend for the sab

    Reply
  • Lasit_Lahi

    ස්තූතියි! මෙච්චර දවසක් Subtitles දීපු එකට. කියන්න වචන නෑ සුපිරි වැඩක්. Season 4 එකේදි ආයි හම්බවෙමු. Good Luck!

    Reply
  • nishan kelum ruchiranga

    Good job bro

    Reply
  • ලක්ෂාන් පියුමන්ත

    මම සබ් එක නම් ඩවුන්ලෝඩ් කරගත්තේ නෑ flash season finally නිසා එක ගැන ලියල තිබ්බ ලිපිය නම් කියෙව්වා…ඒ කොහොම වුනත් සබ් කරලා දෙනවට මේ විදිහට බොහොම ස්තුතියි..තව ඉදිරියට මේ වගේ සබ් කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

    Reply
  • Nirodha uthpala

    Thx for all subs obata jaya digatama demu

    Reply
  • තිරාන්

    Ela sho….elaga season ekatath sub denna..me widiyatama..kauru mona kiwath flash apata therumak athuwa blanna puluwan wela thiyenne oba krana me sewaya nisai…

    Reply
  • Unicorn258Prasanna

    Awesome work from u broo..thankz for all 23 episodes..23 that may be a number,but lot of time,hard work in it..keep it up broo..gd luck..wsh u all the best

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lakshan sanjeewa

    Dont give up bro. Thankz for sub.

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා!…

    ඔක්කොම ඉවර වෙනවා බන් ලඟ ලඟ..

    Reply
  • Palinda Madubashana

    thanks brother…

    Reply
  • Tharindu Madhuranga

    බොහෝම ස්තුතියි උපසිරසියට !!!

    Reply
  • සුපිරි ලිපිය සහෝ…….
    බොහොම ස්තූතියි

    Reply
  • krishan Gayantha

    ගොඩක් ස්තුතියි සහො

    Reply
  • Ranil P.J

    බොහොම ස්තූතියි සහොදරයා. ඔයාටත් බයිස්කෝප් කණ්ඩායමටත් ජයෙන් ජය…!!

    Reply
  • comment nodammata season 3ma sub gatta saho
    thank you sooooomuchhhhhhhh
    digatama sub denna

    Reply
  • ඉස්මත්

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ . . . .!!

    Reply
  • Rashi Iddamalgoda

    Tnx, saho

    Reply
  • godak sthoothiy saho sub ekata. oyalata kiyalath pudgalika jiwithayak wada rajakari nathuwa nemeine saha oyalata sathayakwath hambakaraganna karana deyak nemeine meka. e nisa e kapakirima gana wataheemak nathi sulu pirisak parakku wunama saha eka eka adupadu pennala dewal kiyawi. me wagema idiriyatath ewata salennepa. jaya wewa!!

    Reply
  • ස්තුතියි…..

    Reply
  • ආසම් . දැන් පොඩි විවේකයක් හම්බුන එකේ පුලුවන් නම් ලුසිෆර් සබ කරන සහෝට සප් එකක් දෙන්න කියල ඉල්ලනව.. පීස්ස්

    Reply
  • anthima epiyen hari ape kolla kalin seson 1 wage ikamanata sub 1 dunna 1 nam loku deyak. mokada kalin epi godak dawas late unu nisa tikak kenthi giyath sup 1 denna comment nokara giye nette ubala api wenuwen karana de nisa. anthimedi flash wage anthima epiyata ikmanata sub dunnu uba me parath flash widiyatama wede dunna. arrow 1tath ikmanata heta sub 1 diyan machan. octomber walath flash wagema sub 1 ikmanata diyan machan. ela kiri. baiscopelk 1ta tnx karana gaman mechchara kal asawen balapu flash ta thawakalika samudimak denna wena 1 gena nam pattama apset

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Thank u pathum ayye oyaya godak goddak pin

    Reply
  • ela kollo me dana palaveni comment eka antima sub ekata danne mcn godak thankz kiyanna vachana na uba hinda danna sinhalen s03 baluva on godak pin ……….

    Reply
  • thanks machan sub 1kata ilaga season 1ken hambemu

    Reply
  • Gathsara Umesh Kumara

    Kathwa nathr karakmm sub eka rmmii sahoo..nawaththn epaa

    Bohoom sthuthiy sub ekta shoo…

    Reply
  • tharusha rupasinghe

    Tnx bn sub ekata

    Reply
  • Ade godak thanks ada wenakn baluwe nikn dena sub eka nikan dwn krla tama… api banin na bn kawadawath.. nikn dena deta banina unta apie baninne.. amma thaththata bannata owa wadin na saho salenna epa… api oya ekka bro season kiykda enne e hama ekedima api oyath ekka… pin mcho… thnks…

    Reply
  • mecchara kalayak apita sub dunna apita meka teren sinhalrn balanna chance eka dunnata godak thanks….. flash iwara wena eka gana nam podi dukak tyenawa aya enakal iwasan imu…. thanks… goda…

    Reply
  • Chamod sasitha

    සිරා ම කියන්නම් උබ නම් පට්ටම පොරක්. උබ මෙච්චර කාලෙකට කරපු සේවය, අපිට හුඟාක් වටිනවා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.ඒත් උබ මෙ season එක පුරාම අපිට දුන්න subtitle එක නිසා තමයි අපි මේක මෙච්චර හොඳට බැලුවේ. ඒකෙ කිසිම රහසක් නෑ.
    කවුරු මොනා කිව්වත් උබ සැලෙන්න එප.උබට අපි හැමදාම ඉන්නවා උදව්වට.
    උබ මේ අපිට දුන්න sub එකත් එක්කම මේකට එකතු වෙච්ච ගොඩාක් දෙනෙක් ඉන්නවා. මාත් ඇතුළුව.
    උබට ඉදිරියටම යන්න පුළුවන්. අනිවාර්යයෙන් උබ ඉදිරියටම යන්න ඕනෙ.උබට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එකතු කරනවා සහෝ…

    Reply
  • Sub එකට ස්තුතියි මචෝ……season4 එකෙන් හම්බෙමු හෙනන්….ජය වෙිවා…

    Reply
  • uba kapu me katta api wenuwen. thanks kiwwata hithata madi bro.

    Reply
  • anthima epiya wenakan sub dunnata tnx bn.

    Reply
  • Ela mchn.arrow sub ekth dpn puluwn ikmnta

    Reply
  • thanks machan subekata enakam balan hitiye

    Reply
  • madhawa supun

    thank you apita sub karala denawata. good luck.

    Reply
  • udaya asinka

    elama . good luck mchn ubata

    Reply
  • ඔන්න මුලින්ම downlod කරේ මම………යාළුවා ඔයාට සුභ පතනවා මෙච්චර කාලයක් අප වෙනුවෙන් කරපු සේවයට………ගොඩාක් ස්තුතියි සහෝදරයා……..ඔයාට ගොඩාක් පින්…….නැවතත් ඉක්මනින්ම හමුවේමු……….බුදු සරණයි……ජේසු පිහිටයි……..

    Reply
  • ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    උබනම් සිරාවට එලම පොරක් බන්. මොකා මොන ගොන් කතාව කිවුවත් උබ උබේ ගමන නැවැතුවේ නෑ. නවත්වන්නත් එපා සහෝ. කවුරු මොනවා කියුවොත් හැමදාම උබලා කරන සේවය අගය කරන ලොකු පිරිසක් ඉන්නවා. මාත් ඒ අතරින් එකෙක්. එහෙනම් සහෝ ඊලග season එකත් ඔයාගේම සබ් එකෙන් බලන්න බලාපොරොත්තු වෙනවා. මේ season එකට අඩු පාඩුවක් නොකර ලස්සනට සබ දාල දුන්නට ආයෙත් සැරයක් බොහෝම ස්තුතියි සහෝ..! ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaama
    thanxxxx yaluwane..

    Reply
  • ela machan thanx for the sub,

    Reply
  • Lahiru Ruwanga

    mn ada 1st…godak tnx..jaya

    Reply
  • අවසාන කොටසේ පළවෙනියා මං….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *