අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටයුද්ධරුසියානුවික්‍රමාන්විතසිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්ළමයින්ටෆැන්ටසි

The Guardians (2017) AKA Zashchitniki with Sinhala Subtitles | ලොවක් සුරක්ෂිත කළ, සුපිරි වීරයන්ගේ සම්ප්‍රාප්තිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 102 votes.
Please wait...

වර්තමාන හොලිවුඩ් සිනමා කර්මාන්තය කොච්චර දියුණු මට්ටමක තියෙනවද කියනවා නම්, සුපිරි වීරයින්ගේ චිත්‍රපට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත්, හොලිවුඩ් වලින් පිටතට නම්, මේ කාරණාව වෙනස් ස්වරූපයක් ගන්නවා. ඇමරිකාවෙන් පිටත, අනෙකුත් රටවල් පවා, ක්‍රම ක්‍රමයෙන්, තම රට තුල, සුපිරි වීරයන් සහිත චිත්‍රපට නිෂ්පාදනය කරන්න පෙළඹුණා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව පවා, අති සාර්ථකව සුපිරි වීර සිනමාපට කිහිපයක් නිෂ්පාදනය කරද්දී, අවාසනාවකට වගේ, අපේ රටේ සිනමා කර්මාන්තයෙන් නම්, ඒ පිළිබඳව කිසිම හාවක් හූවක් වත් නැහැ. කොහොම වුණත්, හොලිවුඩ් සිනමාවට කවදත් තර්ජනයක් එල්ල කරන, සෝවියට් ජනපදයේ සිනමා කර්මාන්තයෙන්, ප්‍රථම වතාවට සුපිරි වීරයන් සහිත සිනමා නිර්මාණයක් මේ වර්ෂයේදී එළි දැක්වූවා. සුපිරි වීරයන් එක්කෙනෙක් නෙමෙයි, මදි නොකියන්න හතර දෙනෙක්ම ඉන්නවා. මේ වගේ දැවැන්ත වැඩකට රුසියාව අතගහපු පලවෙනි වතාව නිසා, වැරදි අඩුපාඩු නැතුවාම නෙමෙයි. නමුත්, මෙම චිත්‍රපටයත් සමගින්, හොලිවුඩ් සිනමාවට රතු එළියක් දල්වන්න රුසියාව සමත්වුණා කිව්වොත්, අතිශයෝක්තියක් නෙමෙයි.

2017 වර්ෂයේ පෙබරවාරි මස 23 වෙනි දින, රුසියාවේදී නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වන මෙම සලරුව නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පහක බරපැනක් දරා ඇති අතර, බොක්ස් ඔෆිස් ආදායම ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 4.7 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. ඒ වගේම, කුමන හෝ කාරණාවක් නිසා, Imdb දර්ශකයේ 3.4 ක් වැනි අගයක් තමයි මේ චිත්‍රපටය වෙනුවෙන් වෙන්වී තිබෙන්නේ. නමුත්, imdb අගයෙන් ඔබ චිත්‍රපටය ගැන පූර්ව නිගමනයකට එනවා නම් කියන්න තියෙන්නෙ, කිසිම කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් තමයි ඔබ මේ මගහැරගන්න හදන්නේ. වගකීමෙන් කියනවා, මේ ලැබිලා තියෙන අගය සම්බන්ධයෙන් නම්, මගේ කිසිම ආකාරයක තෘප්තියක් නැහැ. හොලිවුඩ් මට්ටමේ ගැඹුරු කතාවක් අන්තර්ගත නොවුණත්, ප්‍රශංසනීය ලෙස චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ පිළිබඳව අංශු මාත්‍රයක හෝ සැකයක් තියෙනවා නම්, කරුණාකරලා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට කිහිපය නරඹලාම ඉන්නකො.

මීට ප්‍රථම, යුශාන් සොහොයුරා සමගින් උපසිරැසි ගන්වපු Attraction (2017) චිත්‍රපටය නැරඹුවා නම්, ඔබ තේරුම්ගන්න ඇති රුසියානු චිත්‍රපට කෙතරම් උසස් මට්ටමින්, ඉහල තාක්ෂණයත් සමගින් නිෂ්පාදනය කෙරෙනවාද කියලා. ඒ නිසා, මෙම චිත්‍රපටය පිළිබඳවත්, පුංචි හෝ සැකයක් වත් තියාගන්න එපා.

සෝවියට් රුසියාවේ වර්ෂ 1940 දී ඇතිවූ සීතල යුද්ධයෙන් පසුව, රුසියානු සමූහාණ්ඩුව විසින් අතිශය රහසිගත ලෙස ජානමය ව්‍යාපෘතියක් ආරම්භ කළා. අනාගත යුධ භූමිය තුල, පහසුවෙන් සතුරා විනාශ කර දැමිය හැකි, සුපිරි බලයක් සහිත මිනිස් අවියක් නිර්මාණය කිරීමයි මෙහි පරම චේතනාව වූයේ. පියවරෙන් පියවර, මොවුන් සිය අරමුණ කරා ලඟා වුණා. නමුත්, කුමන හෝ අවාසනාවන්ත තත්වයක් නිසා, මෙම අත්හදා බැලීම් අසාර්ථක වුණා. මෙම අසාර්ථකත්වයත් සමගින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා.

කාලය ශීග්‍රයෙන් ගෙවී ගියා. කිසිවෙකුට හෝ නොදැනී, එක්තරා විද්‍යාඥයෙක්, මෙම පර්යේෂණ දත්ත උපයෝගී කරගනිමින්, මෙම ජානමය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන ගියා. නමුත්, විද්‍යාගාරය තුල සිදුවූ පිපුරුමක් නිසා, මෙම විද්‍යාඥයා, දැවැන්ත කාය ශක්තියක් සහිත අර්ධ මෘගයෙක් බවට පත්වෙනවා. මීට අමතරව, කිසිවෙකු සිහිනෙන් පවා නොසිතන අන්දමේ ඉතාමත් බලවත් බලයන් රාශියක් මොහුට උරුම වෙනවා. නමුත්, මොහු මේ බලයන් උපයෝගී කරගන්නේ, ලෝකය විනාශ කර දමා, තම අරමුණු කෙසේ හෝ ඉටුකර ගැනීමටයි.

මහත් ව්‍යසනයක පෙර නිමිති පහල කරමින්, රුසියානු හමුදාවට, ඇදහිය නොහැකි ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ප්‍රහාරයත් සමගින්, රටේ ආරක්ෂාව පිළිබඳව සැකයක් පහල වුණා. මේ නිසාවෙන්ම, මෙම උවදුර දුරලීම සඳහා, රසායනාගාරයක නිෂ්පාදනය කරන ලද, සුපිරි බලයන් සහිත මිනිසුන් හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපනය කරනු ලැබුවා.

ඛාන් – පවන මෙන් අතිශයින්ම වේගවත්ය. කඩු හරඹය පරතෙරටම ප්‍රගුණ කල, මාරාන්තික රණශූරයෙකි. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.

ලෙර් – තමා අවට පවතින ඕනෑම මට්ටමක පාෂාණයක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ බලයක් සතු වේ. මෙසේ තමන් වෙතට ආකර්ෂණය කරගන්නාවූ පාශාණයන්ගේ බලයෙන්, සතුරන්ට පහර දෙයි. මාරාන්තික විද්‍යුත් චුම්භක ආවේගයන් සහිත බලයක්ද සහිත වේ. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.

අර්සස් – අර්ධ මිනිස්-මෘගයෙකි. තමන්ට අවශ්‍ය වූ විටෙක, වලසෙක් බවට පරිවර්තනය විය හැකිය. අතිශය දැවැන්ත කාය ශක්තියකට උරුමකම් කියයි. කණ්ඩායමේ ශක්තිමත්ම සාමාජිකයා වේ. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.

ශීනියා – තමන්ට අවශ්‍ය විටෙක, නොපෙනී සිටීමේ හැකියාවක් ඇත. ඇයගේ ස්පර්ශය සහිත ඕනෑම වස්තුවක්ද, අදෘශ්‍යමාන කිරීමේ හැකියාව ඇත. අවශ්‍ය පරිදි, උෂ්ණත්වය පාලනය කළ හැකිය. සීතල-උණුසුමට සංවේදී නොවේ. සටන් කළාවේ ප්‍රවීණයෙකි. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.

එකිනෙකට වෙනස් වූ සුපිරි බලයන් සහිත සිව් දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමකට, අතිමහත් වූ ව්‍යසනයක් නවතාලීමට හැකියාව ලැබේවිද? සියල්ල ඔබට බාරයි…

කැමති අය අරගෙන බලන්න. මගේ අනුමානය අනුව නම්, ඔබට පසුතැවෙන්න වෙන එකක් නැහැ. ඒ වගේම, චිත්‍රපටය නරඹපු අය, කැමති නම් චිත්‍රපටය හොඳද නරකද කියලත් අදහසක් දාගෙන යන්න. චිත්‍රපටය නරඹන්න දෙගිඩියාවෙන් ඉන්න අයට ඒක උපකාරී වේවි.

එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමදෙනාටම ජයවේවා!!!

The Guardians (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Guardians.2017.RUSSIAN.1080p.BluRay.x264.DTS-FGT

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

76 thoughts on “The Guardians (2017) AKA Zashchitniki with Sinhala Subtitles | ලොවක් සුරක්ෂිත කළ, සුපිරි වීරයන්ගේ සම්ප්‍රාප්තිය [සිංහල උපසිරැසි සමඟ]

  • piyumantha

    අඩෝ සබට තෑන්ක්ස්.. පට්ට ෆිලුමක් බන්.. එල් එල

    Reply
  • nadeesh Dilshan

    Thank you brother

    Reply
  • shenalpriyamantha

    sub ekata thansk

    Reply
  • shenalpriyamantha

    link ekak ona private ek evannako

    Reply
  • Supun Madhusanka

    Thanks Saho…..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • ratinuth na imdb eke.uba kiyana nisa download karanawa.chater unoth thota hena gahapan.sub ekata thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kill Command 2017 film ekatath sub eka demuda sahoo..

    Reply
  • gb 8 K FILM EKAK BAANNE KOHOMDA BN ADU SIZ COPY AWA GAMN DENNA PULUWANDA?

    Reply
    • ඕනෑම BluRay කොපි එකකට සබ් ගැලපෙනවා.

      Reply
  • Ruwan tharindu

    Blu-ray up date krpnko

    Reply
  • සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    🙂 🙂 🙂 🙂

    Reply
  • praneeth madu

    බෙිහොම ස්තූතියි සහෝ මේකනම් බලන්නම ඕනි

    Reply
  • Dilshan prabath

    Baagena thibune.. sub eka denakn hitiyee.. thanx machan… suppa filmak… digatama sub drmu.. good luck…

    Reply
  • Sanjula Madushan

    Me Wage Film Thamai Bro ONEE.. SUPIRI.. ThnX Mchan ThnK You Very Much..

    Reply
  • මේනක...

    adoo meka supiri film ekak sub ekata thanx

    Reply
  • චින්තක

    ඔන්න බාගන්න දැම්මා .ජයවේවා

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • eloooooooooooooooooooooo

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔයාගෙ උපසිරසිනම් මරු අනිව බලනව,සිසිල සහොගෙ වැඩනම් කියල වැඩක් නෑ.
    ජය වේවා

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට සිසිල

    Reply
  • නිවන්ත

    නියම චිතපටියක් බොහොම ස්තතියි.

    Reply
  • Bhagya sadamali

    Thank you very much Mr. Sisila Prasad.

    Reply
  • Thilina Jayasekara

    WOW Man THank you so SOOOOOOO much Keep up the good work bro

    Reply
  • CHANAKA WITHARANA

    Tanx bro, hodai film ekat

    Reply
  • mevage sagaunu supiri film balanne ubala nisa thamai nathnam api mehema ava thiyenavada kiyalavath danne naa

    Reply
  • D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • okkoma russion ewa ne thiyenne

    Reply
  • Umba kiyana handa kolla gaththa….nethnam IMDB rate eka mehema dekkama ain karanwaa misak… Ara

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි
    මේකට ඔය මොකක්ද අගය අඩු වෙලා ඇත්තේ මේක රුසියන් එකක් නිසා වෙනද ඇති
    ඇයි ඇමරිකන් කාරයෝ හෙන තරහයිනේ

    Reply
  • ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • Nejai Nayanajith

    film එක බාපු කෙනෙක් link එක දෙන්නකෝ …

    Reply
    • සචින් දිල්හාර

      menna hash 1a.
      google karala baaganna…. 🙂

      BA2535F972847DD5F7439E859FD557C18873BB33

      Reply
      • nejai nayanajith

        තැන්කු සහෝ …

        Reply
  • Sanjaya Chathuranga

    pattta aaa saho…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila Kaushalya

    Thanx saho sub nathuva hari balanna hitiya film 1k thanx subata

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Imesh Akalanka

    Sub ekata Thanks… Commando 2 hindi Sub ekath ikmanata ona…..

    Reply
  • Mekata aduma IMDB 5/10 wath denna watinawa. Special effect hodata paawichchi karapu film ekak
    Sub ekata thanks saho

    Reply
  • ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    සුපර්හීරෝ ෆිලුමක් නම් කොහොම මග අරින්නද සහෝ…
    රේටින් නම් අදාලම නෑ 🙂

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • නියමයි සහෝ පට්ටම ෆිලුමකටනේ සබ් දීලා තියෙන්නේ….
    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Commando 2 (2017) Hindi – 720p DVDRiP – x265 HEVC – 750MB – ShAaNiG
    මේ හින්දි ෆිලුමටත් හැකි නම් සබ් දෙන්න සහෝ
    ජය වේවා

    Reply
    • අනිවා සහෝ Commando 2 ෆිලුමටත් සබ් ඉක්මනට ඕනා
      ඒකත් මේ ගැම්මට ඩවුන් වෙන්න දැම්මා සහෝ…

      Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • Film eka download karala tibuneee. Thanx brooo..

    Reply
  • Nipun Pramuditha

    elama mcn thnx aaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *