Watch Trailer

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්…

The Hunger Games Mockingjay Part 2 2015

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට ස්තුතියි කිව්වා ඔන්න. ඊට පස්සේ ඔහොම හෙමින් හෙමින් 2015 ඔක්තෝම්බර් මස 23වැනි දින HITMAN AGENT 47 සිනමාපටයෙන් මම 50වන කඩඉම පහුකලා.

මේ වන විට චිත්‍රපට 15කට සහ කතාමාලා 8ක උපසිරසි 84ක් නිම කරලා තියෙනවා. ඔය කොරපු චිත්‍රපටවලින්නම් බාගයක් වගේම කලේ සමීර චතුරංග අයියා කියපු එව්වා තමා. කොටින්ම කිව්වොත් මගේ මුල්ම උපසිරැසිය දුන්න චිත්‍රපටය එවගෙම් 50 මෙන්ම දැන් මේ දෙන සිනමාපටයත් හොයලා දුන්නේ ඔහු තමා. ඒවගේම මේ දෙක බාර අරන් ඉදලා ඉල්ලපු ගමන් බැහැයි නොකියා දීපු දෙන්නට ස්තුතියි. (50 නම මතක නැහැ) මේකනම් රොයිලි අයියගේ එකක් නිසා ඔන්න තැන්කු කිව්වා. ඒවගේම වචනෙකින් හරි උදව්වක් වෙන විමා, සමීර අයියා, හසන්ත අයියා (අනේ මන්දා හැමෝම මාමා කියලා තමා කියන්නේ) මෙන්ම සෑම ඇඩ්මින් කෙනෙක්වම මතක් කරනවා මේ අවස්ථාවේ.

ඒවගේම බයිස්කෝප් සාමාජික මණ්ඩලයටත් මේ අවස්ථාවේ ස්තුති කරනවා. බැරි වෙලාවකට සබක් බාර දීලා කරගන්න හරි ඉන්නේ ඒ සැට් එකනේ. ඒ නිසා ඔන්න මතක් කළා. මතක් කොරන්න වටින්නේ නැහැ මුන් කරන වැඩවලටනම්😁.

මම මුලින්ම උපසිරසියක් කරද්දී හිතුවේ මේ මොන කරදරයක්ද කියලා තමා. මට මතක හැටියට පළමු උපසිරසියට මට සතියක් ගතවුනා. ඒත් ඉතින් ඒක පලවුනාම ලැබුන ප්‍රේක්ෂක අදහස් නිසාම හිතුනා තව එකක් කරන්න. හැබැයි ඉතින් දැන්නම් දෙයියනේ කියලා මේකට ඇබ්බැහි වෙලාම තමා ඉන්නේ. සතියකට දවසක්වත් උපසිරසියක් නොකළොත් කෑවේ බිව්වේ නැහැ වගේ තමා ඉතින්. හැබැයි ඉතින් මෙහෙම වෙන්න එක හේතුවක් තමා ප්‍රේක්ෂක ඔබ දක්වන අදහස්. ඒ අදහස් නොවෙන්න මේ වැඩේ අතහැරලා ගොඩක් කල්. මොකද මේකෙන් වෙන ලැබෙන දෙයක් නැහැ නොවෑ කාටවත්ම. ඒ නිසා අපිත් සමග රැදී ඉන්න ප්‍රේක්ෂක ඔබටත් ස්තුතියි. දැන් මේ වල්පල් කියෙව්වා ඇති. දැන් හැරෙමු ෆිලුම පැත්තට.

Maduka 100 Wish

කට්ටිය මේක දෙනකම් නොවෑ බලාගෙන.මේ අරගෙන ආවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන The Hunger Games: Mockingjay – Part 2. imdb අගය 6.9. කලින් එව්වට වඩා අඩුවෙලා. හොද කොපියක් ඇවිත් දැන් දවස් දෙකක් වුනා. මේච්චර පමා වුන එකට සමාවෙන්න ඕනේ.

ඉතින් ස්නොව්ට එරෙහිව මොකින්ජේ ආරම්භ කළ සටන් ව්‍යාපාරය මතක ඇතිනේ කට්ටියට. පීටාව බේරගන්න ගිහින් කලින් ඒකෙ මොකින්ජේට තුවාල එහෙමත් වුනානේ. පිටාව බේරාගෙන ආවට මොකද මිනිහා තවම කැටනිස් එක්ක තරහයි. කොහොමහරි මේ පාර කැපිටල් එකට රිදෙන්නම පහර දෙනවා. ඒත් ඉතින් ක්‍රීඩා නිර්මාණකරුවෝ අඩි දහයෙන් දහය උගුල් අටවලා නිසා කැපිටල් එකට ලගාවෙන එක ලේසි පහසු කාර්යයක් වෙන්නේ නැහැ. යන අතරමග කණ්ඩායමේ බොහෝ පිරිසක් මියයනවා.

වැඩි විස්තර කිව්වම වැඩක් නැහැනේ මේ වගේ ෆිලුමක්. කට්ටිය කුතුහලයත් එක්කම බලන්නකෝ. එහෙනම් බාගෙන යමින් ගමන් සුපුරුදු පරිදි අදහසක් දක්වාගෙන යන්න අමතක කරන්න එපා. තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය.

Bridge of Spies (2015)

The Hunger Games: Mockingjay - Part 2 (2015) on IMDb

The Hunger Games: Mockingjay - Part 2 (2015)(Wikipedia)

 

 

 

865 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

445D1C83619750B2495BD791D05AAD5C9242DDFF

2.33 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

3050AD5FA2F435251CC8B8E2F30A58AF8A614DC7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,227 downloadsDownload The-Hunger-Games-Mockingjay-Part-2-2015-100-Br.zip290 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,227 downloadsDownload Subtitles290 KB

117 comments

  1. sanka

    ela kiri sahoooo...denakan hitiye

    1. lakmal

      100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…
      ගොඩාක් ස්තුතියි සබ් එකට,
      ජය වේවා…!!!
      tfpdlco.tk

  2. Achintha rajaka

    Thanks a lot bro.....

  3. නිෂූ

    එළකිරි ! අපි වෙනුවෙන් තවත් උපසිරැසි 1000 ක් කරන්න වාසනාව ශක්තිය ලැබේවා !
    මෙතුවත් අපිට කල සේවයට ගොඩක්ම පින් !

  4. නලින් පෙරේරා

    බොහොමත්ම ස්තූතියි මධුක සිංහල උපසිරැසියට. උපසිරස 100ක් කරනවා කියන්නේත් සෙල්ලම් කෙලියක් නෙවෙයි. විශේෂයෙන්ම ටිවි කතා.. හැම සතියකම නොවරදවා කරන එක. ඉතිං 100න් නොනැවති ඉතුරු කඩ ඉම් ටිකත් පහු කරමු! ජය වේවා෴

  5. channa

    ස්තූතියි සිංහල උපසිරැසියට
    ජය වේවා෴100ට

  6. manoj

    tnx bro. obata jaya...........!

  7. Sanka Perera

    obata jaya sahooo

  8. sajeevi

    100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....

  9. Kalum Gunasekara

    100 උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ.

  10. krishan

    denakamma balan hitiya ekak saho thank you wewa.. jayawewa thawath sub krnna lebewa :)

  11. Chämàrá Sâmpáth

    "අහ්හ්හ් මම නැති අතරේ මෙහෙමද වුණේ?!"

    ඇඩේනවා ඕයි මේ කරපු සබ් කිරිල්ල දිහා බලද්දී.
    ....උණුසුම් සුභපැතුම් නිලුපුල් ඔයාගේ 100 වෙනි උපසිරැසි ගැන්වීමට....
    ඔයාගේ උපසිරැසිත් මං බලලා තියෙනවා ආයේ කියන්න දෙයක් නැහැ නියමයි.
    එහෙනම් ඉතිං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200,300 වගේ කඩයිම් වලින් හමුවෙමු..
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මේක අනිවා බලනවා බ්ලුරේ ආවහම. (දැනටමත් ඩිවීඩි කොපිය ඇවිත්)
    ජය..!!!

  12. lakshan

    සබට ස්තුතියි. තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියල සුබපතනවා.

    Torrent file direct download කරන්න නියම site එකක් තියනවා කැමති අය ගිහින්
    බලන්න.https://www.seedr.cc/?r=93596

  13. Sajith Anthony

    100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…
    ගොඩාක් ස්තුතියි සබ් එකට,
    ජය වේවා...!!!

  14. thilan

    supiri thankssss

  15. සුරේෂ් ජයතිලක

    මං නං කලින් බැලුවා. ඒත් ඉතිං මධුවගේ වැඩක් කියල දැනගත්තහම ආයෙ බලන්න හිතෙනව නෙමේ ඉබේම ආයෙ බැලෙනව

  16. නිර්මාණි

    100 වෙනි උපසිරසියට සුභ පැතුම් නිලුපුල්. ඉක්මනින්ම 150, 200 කඩඉමටත් යන්න ලැබේවා කියලා පතනවා. ජය වේවා...

  17. Sanjaya

    100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්
    ස්තුතියි සබ් එකට,

  18. රයන් ද සිල්වා

    100 උපසිරසි නිමවුමට සුබ පැතුම් සහෝ...
    150 ත් කොහොමහරි ගහමු...
    ජය වෙවා...

  19. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    100 ට මගෙන් සුබ පතුම් කොල්ලො

  20. කවිදු රන්සර

    සබ් එකට තැන්ක්ස් මදුකප්‍රිය සහෝ
    ඊලග සබ් එකෙන් හමු වෙමු
    ජයෙන් ජය

  21. මිතුල් ලක්ශිත

    පට්ට මේ දීලාතියෙන්නේ
    මෙක දීලද බලන්න කීසැරයක් නම් ආවද
    සබ් එකට තුති ෴ජය෴

    1. මිතුල් ලක්ශිත

      ආආ අමතක උනානේ 100 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ....

  22. Sachintha

    sub ekata tnx bro
    jaya wewa

  23. Malindu

    thankssssss broooooo

  24. Manoj

    patttaaa brooooo sub ekata thanksssssss

  25. Himaru

    thankssssss bnnnn sub ekataaa
    jaya wewaaa
    150 th gahamu brooo

  26. Harshana Madu

    elama unusum suba pethum thawath ediriyata karagena yan

  27. විකියා

    100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…

  28. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සහෝ
    ඇඩෙන වේගයක් නොවෑ
    සුපිරි තමා ස්පීඩ් එක

    මෙපමණ කාලයක් තමාගේ කාලය ධනය, ශ්‍රමය, විවේක කාලය ආදී දේ කැප කරමින්, මේ 100 වෙනි උපසිරැසිය දක්වා ආපු ගමන ඉතාමත් අගය කල යුතුයි සහෝ.
    අප වෙනුවෙන් මේ කරනා අමිල සේවයට හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් සහෝ

    තවත් හැකි උපරිම කාලයක් උපසිරැසි කිරීමට අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    තව තවත් කඩයිම් පසු කරන්න සුබ පතමි!
    100 වෙනි සබ් එකටත්, 100 වෙනි එකට ගෙනාපු සුපිරි ෆිලුමට ත් ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !!!!!

  29. Sameera

    Thanks..

  30. thilan

    me links wadanahane

  31. Shadow

    Thanks :)

  32. Praneeth

    ela ela ohoma yan. jayen jaya

  33. excel dvd.

    ela ela....baiscope team eka tv serieswalata loku thanak denawa wagei dan dan...movies late wenawa aken.movieswala original daala godak dawas gihin sub eka dena eka hari na.movies walata mul thana deela inna.

  34. තිසර නියෝ

    හෙ හේ ටියුබ් ලයිට් 100 ගැහුවා එහෙනම්....
    කියන්න වචන නැහැ එනකල් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක්...
    100 උපසිරසියට හදවතින්ම සුබ පතනවා..…
    දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා...
    මේ වේගෙන්ම 150 ටත් ලං වෙන්න සුබ පතනවා...
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  35. chin

    උපසිරසි 100ක් කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි.සුබපතනව!!!මේ ‍යන වේගෙට ගියොත් 200ත් සතියෙන් දෙකෙන් ගහයි වගෙ සහෝ දිගටම සබ් දෙමු...

  36. mithun

    100වෙනි උපසිරැසියට හදවතින්ම සුභපැතුම් බ්‍රො.. සියවෙනි උපසිරැසියට නියම ෆිල්ම් එකක් නෙ දිල තියෙන්නෙ.. ලිස්ට් එකට දාගත්ත සබ් එකට බොහොම තුති බ්‍රො..((ඇත්තටම දැන් දැන් සයිඩ් එකෙ tv සිරියස් වැඩියි පුලුවන් තරමක් ඇලර්ට් එන්නෙ tv සිරියස් . මුවී වලට තැන අඩුයි. මෙච්චර ඇඩමින්ල ඉදලත් මෙ සයිඩ් එකෙ මුවී එකක සබ් එන්නෙ බොහොම අඩුවෙන්. මෙ ටිවි සිරියස් දෙන එකෙන් නම් වෙන්නෙ සයිඩ් එක එපා වෙන එක.. සබ් එක අරගෙන command එකක් දාල යාන්නෙ මෙ වැඩෙ නියමයි හින්ද ගොඩක් අසාවෙන් මුවී එකක් දැන් එනකම් මග බලන් ඉන්නෙ මොකද දැන් සයිඩ් එකෙන් අපු ගමන් උපසිරැසි දෙනව එකට ස්තුති කරල මදි.. එ නිස tv සිරියක් ටිකක් අඩු කරල movie වලට ටිකක් මුල් තැන දුන්නොත් නියමයි

  37. malik

    obata jayen jayama wewa, film ekak rasawindanaya karanna sahayogaya dena ekath loku pinak thama.mokada subtitle eka nathuwa kisima deyak therum ganna bari goda denek innawa. a wage aya oyala wage ayage sahayogen jeewithiya widinawa..ithin godak pin...

  38. හසන්ත මාලිංග

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් මධුක සහෝ,
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
    ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ...
    150ත් ඉක්මනටම ගහමු,
    ජය වේවා :D

  39. Gathsara Umesh Kumara

    100වෙනි උපසිරැසියට උබ පතන්වා අයියා.........හදවතින්ම

  40. දිල්ශාන් සචින්ත(සචී)

    නියමයි මචන් 200ත් ගහමු ඉක්මනටම.සුබපැතුම්...ස්තූතියි සබ් එකට.

  41. Menuka

    එළකිරි,සුපිරි දුන්නොත් සබක් එල කිරි පට්ටා.. මගේ උණුසුම් සුභ පැතුම් සහෝ...! ජය වේවා..!

  42. pramuk

    thankuuu wewa a saho....... ela ela ohoma yamu...................

  43. Janith Mathula

    Hello my friend. Wish u all the best.

  44. kavinda

    බොහොමත්ම ස්තූතියි මධුක සිංහල උපසිරැසියට.

    නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  45. කේ.යූ.ජී. උදාර

    100 ට සුබ පැතුම් මචෝ..............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.

  46. ප්‍රණීත් චින්තක

    එනකං නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටපු කතාවක්.
    මුලින්ම උපසිරැසියට බොහෝම ස්තුතියි කියලා ඉන්නං.

    වැඩේ පටන් ගන්න අමාරු නිසා ගොඩක් දෙනෙක් මේ වැඩේ පලමු උපසිරැසියෙන්ම නවත්තනවා.
    ඒත් දෙකක් තුනක් කරද්දී අනිත් අයගේ අදහස් නිසා අපිට දැනෙන සතුටත් එක්ක මේ වැඩේ දිගටම කරගෙන යනවා කියන්නේ, ඒ කෙනාගේ හිතේ ලොකු හයියක් වගේම අනිත් අය වෙනුවෙන් කැප කිරීමක් කරන්න හැකියාවක් තියෙන කෙනෙක්.

    එහෙනං දෙවනි 50ටත් සුබ පතනවා. :)
    මේ විදියටම දිගින් දිගටම තුන් වෙනි, හතරවෙනි, පස්වෙනි විදියට තවත් 50 ඒවා ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :D

  47. Ishan

    Gud luck saho.. suba pethum oyata.

  48. sanka

    බොහෝම ස්තූතියි සහෝ

  49. Jerome Valeska

    //හසන්ත අයියා (අනේ මන්දා හැමෝම මාමා කියලා තමා කියන්නේ)//
    ආයෙ ඉතින් උඹට අපි අර කියන නම කියන එක අහන්නත් දෙයක් නෑනෙ මෙහෙම කියද්දී... :3
    හදවතින්ම සුභ පතනවා උඹගෙ මේ 100 වෙනි උපසිරැසිය වෙනුවෙන්.
    මේක ඉතිං හැමෝම බලාගෙන හිටපු ෆිලුමක් නොවැ.
    අනිවා Br ආවම බානවා...
    එහෙනම් ඉක්මණටම 150න් හම්බෙමු...
    ජය වේවා...!!!

  50. kaveen

    amooh godak kal balan hitiye denakan.. patta.. godak pin..jaya

Load more comments