Watch Trailer

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ…

 

The Martian (2015)

2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක ඉතිං. මේ ගමන එනකොට අතරමගදී අතහිත දුන්නු පිරිස් බොහොමයක් ඉන්නව, අදවගේ දවසකදී ඒ අයව අමතක කරන්න හොඳ නැහැ, මුලින්ම, සොඳුරු මනුසත් කැලකට එක තැනකට එක්කාසුවෙලා ඉන්න ‘බයිස්කෝප්’ කියන සොඳුරු තෝතැන්න අපිට හදල දුන්න ඉසිර ගුණතිලක සහෝදරයා, නිල වශයෙන්ම නඩේ ගුරා වෙච්ච රොයිලි අයිය, උමේෂ් ලීලසේන සහෝදරයා, අඩවිය ආරම්භයේ පටන් මෑතක් වනතුරුම අපිත් එක්ක හිටිය මිස්ටර් ඇඩ්මින් වාසල අයියා, අඩවියේ වැඩකටයුතු වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විකියා, හැම වෙලේම මඩ ගහන්න බලං ඉන්න හසන්ත අයිය මාමා 😛 , මේ වෙනකොට අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ ඉන්න මගේ මිත්‍රයා සමීර කරුණාරත්න සහෝදරයා. සියවැනි කඩයිම සටහන් කරන්න ෆිල්ම් එකක් නැතුව ඉන්නකොට මචං මෙහෙම ෆිල්ම් එකක් තියනවා මේක ගනින් කියල මේ ෆිල්ම් එක හොයල දුන්නු සමීර චතුරංග සහෝදරයා, මං වෙනුවෙන් ශිල්ඩ් කෝච්චියට බෙල්ල තියාපු යශෝධ ශ්‍රීමාල් කොලුවා.  පනස්වැනි උපසිරසෙදි කිවුව වගේ වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ල කියල හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා, අලුත් ඇඩ්මින්තුමා.. ආසිරි ප්‍රියන්ත(හේවා) ලොක්කා, ඒ වගේම නව ඇඩ්මින් පත්වීම් ලද අපේ අඩවියේ ඉන්න බොහොම රහට උපසිරසි කරන අයගෙන් කෙනෙක් වෙච්ච ප්‍රණීත් චින්තක මලයා, බයිස්කෝප් මංසල සාර්ථකව කරගහගෙන යන තිසර සහෝදරයා. අපි ලබාදෙන හැම උපසිරසකටම සුපිරි මුවි පෝස්ටර් එකක් නිර්මාණය කරල දෙන නලින් අයියා. ඒ වගේම හිතාදර මිතුරා කැළුම් ගුණසේකර අයියා, නුවරඑළිය පැත්තේ යනකොට මගෙන් බොහොම කරදර විදින දිනිදු අයියා, ලඟදීම ආයේ එනවා 😀 . දැන් හැංගිලා හිටියත් ඒ කාලේ අඩවියට නැතුවම බැරිවෙච්ච පුබුදු සුපුන් සහෝදරයා, (ඔන්න 93 අපෙන් උබයි සමිරයි වගේම මාත් සියය ගැහුවා කොහොමින්හරි :p ) අපේ අඩවියට එකතුවෙච්ච දවසේ ඉඳන්ම මට ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් නොදී කාටුන් අක්කා කියල නමකුත් හදාගත්තු ඕන වෙලාවක උදව්වට එන නිර්මාණි අක්ක. මචං මොකෝ අවුල, බං අර ෆිල්ම් එක මං ගන්නව උබ එහෙම ඒකට කෙල හලන්නෙ නෑ, හම්මේ බන් ගෝතම්, DC තමා හොඳම යකෝ, රියලි රියලි මෑඩ්, කාවද මතක් උනේ, පූසෙක්ව නේද? හෙහ් හේ ඔව්, අඩවියට එකතුවෙච්ච කාලේ ඉඳන්ම වගේ සෙට් වෙච්ච සමන් ප්‍රසාද් සහෝදරයා, ඉක්මනටම කෙල්ලෙක් සෙට් වේවායි පතනවා 😀 . බයිස්කෝප් අඩවියේ අයගෙන් මුලින්ම හමුවෙච්ච කෙනා  දිල්ශාන් කාලිංග සහෝදරයා, එදා කෝච්චියේදී මචං උබ නේද විමා කියල මගෙන් අහපු වෙලේ නෑ කියන්න තිබ්බෙ මට 😛 ඒ වගේම ගයාන් රූකාන්ත කොලුවා, අයියෙ ඔන්න ඔයා කැමති ටයිප් එකේ ටැමිල් ෆිල්ම් එකක් ඇවිත් කියල නිතරම වගේ මාව දැනුවත් කරන අපේ සිරාජ් මලයා, බයිස්කෝප් ඩිරෙක් ලින්ක් ෆේස්බුක් පේජ් එක කරගෙන යන අපේ සඳුන් ධනුෂ්ක සහෝදරයා. බ්ලැක් ලිස්ට් සුරේනි අක්කා, ඒ වගේම ෂෙරින් අක්ක, ඔන්න අක්ක ගෙට්ටුව දවසෙ හොරාට අරගත්තු ෆොටෝ එක එවල කියපු දේවල් උනේ නෑ 🙁 වැඩත් එක්ක හොඳටම හිරවෙලා හිටිය කාලේ වයිකිං කරල දුන්නු ගයේෂා සත්සරණී සහෝදරිය. දසන් බුද්ධික මලයා. නෝට් 3 බෘම් බෘම් කිනා (චලිඳු දේශාන්). ඒ වගේම සබ් එකක් කරන වෙලාවට ඔන්න පටන් ගත්ත ඉතිං කියල පලු යන්න බැන බැන තේ එකයි කෑම එකයි ලගටම ගෙනත් දීලා ඉක්මනට නිදාගන්න යවන්න හදන අම්මටත් බොහොම ස්තුතියි 😀 . මේ වැඩේට උනන්දුව ඇති කරවපු හැම වෙලෙම සහය දුන්නු තව කෙනෙක් හිටියා එයාටත් බොහොම ස්තුතියි.ඒ විතරක් නෙමේ විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕන තව පිරිසක් ඉන්නවා ඒ තමා “බයිස්කෝප් අඩවියට එකතුවෙච්ච කාලේ ඉඳන් මේ වෙනකම්ම අදහස් පලකරල මාව දිරිමත් කරපු ඔබ සියලුදෙනා, බොහෝම ස්තුතියි ඔයාලටත්”, කමෙන්ට් එකක් දාගෙනම උපසිරස අරගන්න සුපුරුදු මුහුණු ටිකක් ඉන්නවා ඒ අය නොවෙන්න මෙ වැඩේ නවත්තල ගොඩක් කල් මම ඇත්තටම, ඒ අයගෙ කමෙන්ට් එක ලොකු සවියක් උනා මෙච්චර දුරක් එන්න, පැය ගණනාවක් වෙහෙසී පරිවර්තනය කර ඔබලාට ලබාදෙන උපසිරසට ඔබලා විසින් වචන දෙක තුනකින් පලකරන අදහස කියවා ලබන තෘප්තිය පමණයි අපට හිමිවන්නෙ අවසනදී, එය අමිලයි. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන පනහ හැට වගේම සද්ද නැතුව උපසිරස අරගෙන ගිය අය දසදහස් ගානක් හිටිය මෙ උපසිරසි සියය අතරේ. පැය හත අටක් සමහර වෙලාවට පැය විසිහතරම එක දිගට මහන්සි වෙලා උපසිරස කරන්න අපිට කාලය සහ ආසාව තිබ්බට කමෙන්ට් එකක් දාල යන්න විනාඩියක්වත් එයාලට නැතුව ඇති මං හිතන්නේ. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන එක මදිකමක් කියල හිතෙනවද දන්නෙත් නෑ 😀 ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අද මතක් කරන්න බැරුව මගහැරුණු කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න, නැවතත් බොහොම ස්තුතියි ඔය හැම දෙනාටම, අද වෙනකම් මාත් එක්ක හිටියට. ඒ වගේම කැමති නම් ලයික් එකක් ගෙන යන්න ඔන්න ඕකටත් 😀 දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට.

vima 100

කාල යන්ත්‍රය, අතීතයේ ඉඳන්ම මිනිසාගේ හිතේ තිබ්බ සිතුවිල්ලක් තමා කාල යන්ත්‍රය, හැමෝම හිතන්නේ තවම කාල යන්ත්‍රයක් හොයාගෙන නැහැ කියල, මිනිසා කාල යන්ත්‍රයක් හොයාගෙන බොහෝකල්. හැබැයි ඒ යන්ත්‍රය භාවිතා කරලා කාලය හරහා ගිහින් වෙනස් කරන්න පුළුවන් අනාගතේ විතරයි,  ඒ කාල යන්ත්‍රය හඳුන්වන්නෙ “විද්‍යා ප්‍රබන්ධ” යන නමින්. වර්තමානයේදී කරන්න බැරි ගොඩක් දේවල් ගැන මේ විද්‍යා ප්‍රබන්ධ වලින් කියවෙනව-කෙරෙනව, ඒ කාල යන්ත්‍රය විවිධ ස්වරූප වලින් වත්මනේදී අප ඉදිරියට පැමිණෙනව, අන්න ඒ විදියට අනාගතෙන් ආපු දෙයක් තමා මේ සිනමාපටයත්. මේක එන්නෙ 2030 වසරෙන්. නාසා ආයතනය 2030 වසරෙදි අඟහරු මතට මිනිසුන් යවන්න සැලසුම් සකස් කරමින් ඉන්නකොට, Prometheus (2012) වැනි මෙවැනිම ආකාරයේ සිනමා සිත්තමක් අප හමුවට ගෙන ආ Ridley Scott අධ්‍යක්ෂකතුමා විසින් 2015දීම Mark Watney (Matt Damon) සමගින් අපව අඟහරු මත තනි කරනව, ඔහු විතරක් නෙමේ, මේකට දායක වෙන තවත් ප්‍රසිද්ද නළු නිලියන් පෙළක්ම ඉන්නව. Jessica Chastai, Kristen Wiig, Jeff Daniels, Michael Peña, Sean Bean, Kate Mara, Sebastian Stan. වැනි පිරිසක් තමයි මෙ සඳහා එකතුවෙලා තියෙන්නෙ. තව විස්තර ටිකක් කියනවනම් මේ සුපිරි සිනමා පටයට මේ වෙනකොට IMDB 8.2ක් වැනි ඉහළතම අගයක් ලැබිල තියනව, ඒ වගේම මේක IMDB top 250 අතුරින් 157වෙනි තැන දිනාගන්නත් සමත් වෙලා තියනව මේ වෙනකොට. 

කතාව දිව යන්නේ අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් සමගයි. ඉතිං අවසනදී ඔවුන් අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව, එවෙලේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් අජටාකාශගාමී මාක් වොට්නිව මගහැරෙනවා, අනිත් අය කුණාටුවෙන් බේරිලා පෘථිවිය බලා එනකොට ඔහු හුදකලා නිරුදක ග්‍රහ ලෝකයක තනිවෙලා. ආහාර ජලය සීමිත ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙන්නෙ, ඊටත් වඩා නාසා ආයතනය සම්බන්ධ කරගෙන සන්නිවේදනය කරන්නවත් ක්‍රමයක් නෑ දැන්. ඊටපස්සේ මොකද වෙන්නෙ…?  ඒ ටික දැනගන්න ඔයාලට බාරයි. අහ් ඒ වගේම මෙ සිනමාපටය මුදාහැරෙන දිනයට කලින් දවස වෙච්ච 2015 සැප්තැම්බර් 28 වෙනිදා නාසා ආයතනය නිල වශයෙන් නිවේදනය කරා අඟහරු මත තවමත් ලවණ ජලය ගලාගෙන යන බවට සාධක හමුවුණා කියලත්. එහෙමනම් ඉතිං හැම කෙනෙක්ම වගේ මේක බලන්න කලින් දැනගන්න ඕනවෙයි කියල හිතිල ලියල දාපු පොඩි ලිපි කෑල්ලක් එහෙම තියනව, ඒකත් කියවගෙනම මේක බලන්න ගත්තනම් හරිම අගෙයි. එහෙමනම් හැමදාම කියන්න වගේ අදත් හැම කෙනෙක්ටම ජයෙන් ජයම වේවා. ගිහින් එන්නම් 😀   

“At some point, everything’s gonna go south on you and you’re going to say,
සමහර අවස්ථාවලදී හැම දෙයක්ම නොකෙරෙන තැනට පත්වේගෙන එනකොට ඔයා කියනව,
This is it.
මේක තමයි ඒ.
This is how I end.
මට මෙච්චරයි කරන්න පුළුවන් කියල.
Now you can either accept that, or you can get to work.
ඔයාට පුළුවන් එක්කො ඒක ඒ විදියටම පිලිගන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් කොහොමහරි ඒ දේ කරන්න දැන්.
That’s all it is.
එච්චරයි”

~ මාක් වොට්නි ~ 

 

Far from the Madding Crowd (2015)on IMDb

 

 

21,529 downloadsDownload The.Martian.2015.br_.zip197 KB

 

Due to copyright issues, We do not provide any torrent links.

HD-TS / HDTC/ HD/ BR

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා ලබා දි ඇත

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

21,529 downloadsDownload Subtitles197 KB

186 comments

  1. Roshen

    2nd download thank for the sub bro

  2. heshan

    thanks

  3. නලින් පෙරේරා

    නුඹ වැනි පුතෙකු බිහි කල අම්මටයි තාත්ත‍ටයි මගේ ප්‍රණාමය...

    100ක් සබ් කරනවා කියන්නේ ඇත්තෙන්ම ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන දෙයක්. බලන අය ලෙසියෙන් බැලුවට කරන්න ගියාම තමයි රගේ තේරෙන්නෙ... ඇත්තෙන්ම සන්තෝසයි. තවත් මේ වගේම නොනැවති ඉදිරි කඩඉම් ටිකත් පන්නමු කොල්ලෝ!

    ජය වේවා!.

  4. මධුකප්‍රිය පෙරේරා

    ආ විමා සහෝත් එහෙනම් සියා කෙනෙක් වුනා..
    හම්මේ සහෝ හෙමින් හෙමින් හරි නොසැලී
    සියවෙනි උපසිරැසිය දක්වාම ආපු එකට සුබ පතනවා.
    වසර 2ක් මේකේ ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් ඈ..
    ඒවගේම දිගටම ඔහොම 150,200 දක්වා යන්න ලැබෙන්න කියලා පතනවා.
    අපිට අඩුපාඩු නැති උපසිරසි ලබාදෙනවාට ස්තුතියි.දිගටම උපසිරසිකරණයේ
    යෙදෙන්න අවශ්‍ය කාලය හා ශක්තිය ලැබේවා..
    එහෙනම් සහෝට ජයෙන් ජය..

  5. Saketha Pulasthi

    එහෙනම් 100 ගහන්න තමා ජෙසිකා ජෝන්ස් සබ් එක පරක්කු කලේ :) .මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලපු දවසේ ඉදන් ෆිල්ම් එක බලන්න ලොකු ආසාවකින් හිටියේ.ඒක නිසා කැම් කොපියක් බලන එක හිතට හරි මදි වගේ.හොද කොපියක් එනකන් ඉන්නව.

    :) :) 100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් :) :)

  6. කේ.යූ.ජී. උදාර

    දැන් මාස කීපෙක ඉඳන් මාත් බලාගෙනයි උන්නෙ උඹ කවද්ද සීය ගහන්නෙ කියල... ඔන්න එහෙනම් දැන් ඒකත් හරි.
    උපසි‍රැසිකරණයේ නවමු ශතකලාභී උඹට මං හදවතින් ම සුබ පතනවා.....
    එහෙම නම් තව චිරාත් කාලයක් මේ වැඩේ කරගෙන යාමේ හැකියාව ලැබේවායි පතන ගමන් ඉක්මනට ම 150 ත් ගහමු කියලත් මතක් කරන්න කැමතියි.
    සිංහල සබට බොහොම ස්තූතියි ශාන්............

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    හම්මේ , මෙන්න මෙයා සියය ගහලා නේ
    එලස් ශාන් අයියේ
    කියන්න වචන නෑ
    සුපිරියි අප්පා
    ඔයාගේ සබ් වලින් නම් ගොඩාක් ෆිල්ම් බලලා තියෙනවා
    කමෙන්ට් එකක් දාන්න මග හැරිලා තිබ්බ නම් සමා වෙන්ඩෝ
    මාවත් මතක් කරලා නොවෑ
    මං ඉතින් එහෙම මතක් කරන්නේ ඔයාගේ නව වෙනස් වීම හින්දා නේ
    ගොඩ දෙනෙක්ට ඒක පේන්න ලැබෙනවා වගේ

    මෙච්චර කාලයක් අපගේ රස වින්දනය උදෙසා, දිවා රෑ කියලා වෙන්සක් නොබලා අප වෙනුවෙන් කට්ට කාලා උපසිරැසි නිර්මාණය කරනවාට, මේ 100 වෙනි කඩයිමේදී හදවතින්ම ගෞරවනීය ප්‍රණාමය හා ස්තූතියි ආචාරය පුද කරමී ශාන් අයියේ
    (අපත් ඉතින් වේලාසනින් නිදා ගන්ඩෝ කියන අම්මගේ ආදරනීය වගේම ටිකක් කෝපයෙන් කියන වචන අහනවා තමා )

    100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා අයියේ
    තවත් දිගින් දිගටම හැකි උපරිම ලෙසින් උපසිරැසි කරන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා ශාන් අයියේ !!!

    අද දීපූ සබ් එකටත් ගොඩාක් ස්තූතියි !

    ජයෙන් ජයම වේවා අයියේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!

  8. රවිඳු තේනබදු

    100 ට සුභපැතුම් මුලින්ම...

    මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ තව ටිකක් ඉවසලා HDRip එක ආවම වත් බානව. මේව cam බලල වැඩක් නෑ නොවැ...

    සබ් එකට බොහොම ස්තූතියි කිව්වා... :-D

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. සමන් ප්‍රසාද් [ පූසා ]

    අඩෝ මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ.
    හදවතින්ම සතුටුයි බං උඹ අද 100 ගහපු එකට.
    උඹ සබ් දුන්න හුඟක් ෆිල්ම් මම බලලා තියෙනවා. කැපා, ෆ්‍රොසන්, නව් යූ සී මී, හචී, ද බෙස්ට් ඔෆ් මී ඔය වගේ උඹ දුන්න හුඟක් ඒවා මං බලලා තියෙනවා. තව කීපයක්ම බලන්න ඕන ලැයිස්තුවෙත් තියෙනවා ඔන්න. :D
    අපි දන්නවා උඹ ඔය සබ් එක කරන්න පහුගිය දවස් ටිකේ කාපු කට්ට කොච්චරද කියලා.
    ෆිල්ම් එකේ එන සමහර වචන වල තේරුම් හොයන්න නාසා එකේ වෙබ් අඩවියේ පවා උඹට පැය ගණන් ගතකරන්න වුණා කියලා දන්නවා. මම හිතනවා උඹ මේ සබ් එක ඉවර වෙනවත් එක්කම උඹේ PhD එකත් ඉවරකරගන්න ඇති කියලා. :D :P :3
    එහෙනම් ඉතින් ඔච්චර දවස් ගාණක් කට්ට කාපු ඒ සබ් එකෙනුත් නිදහස් වුණානේ.
    හෙ හේ... ලිපියෙදි මාව මතක් කළාටත් ගොඩක් තුති උඹට. :D
    උඹ කියන්නවා වගේ මේ වගේ ෆිල්ම් එක්කට සබ් එකක් කරන්න කන කට්ට දන්නෙ සබ් කරන උන් විතරයි. ඉතින් කට්ටිය ඔහේ ඇවිත් සබ් එක බාගෙන යනවා. පොඩ්ඩක් අදහසක් දක්වලා ගියානම් සබ් එක කරපු කෙනාට දැනෙන සතුට කියාගන්න බෑ. මොනා කරන්නද බං, මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ වෙනකම් ඔය කිසිදෙයක් අපි කිවුවට වැඩක් නෑ. :/
    එහෙනම් උඹගේ 100 වෙනි කඩ ඉමට පූසා වෙන මම මුළු හදවතින්ම සුභ පතනවා.
    තවත් ඉස්සරහට සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
    ටයිම් මැෂීන් ගැන නම් මම මුකුත් කියන්න යන්නෙ නෑ නෑ නෑමයි... :3
    හිටහං තව මාසයක් යද්දි මාත් 50 ගහනවා යකෝ... :P
    ජය වේවා...!!!
    Br ආවම සබ් එක ගන්නවා එහෙනම්...
    ජය...!!!

    1. සමන් ප්‍රසාද් [ පූසා ]

      අඩෝ තෝ මේ දාලා තියෙන්නෙ අර මල් වත්තේ ෆොටෝ එක නේද... :v :v
      මේක හසන්ත මාමාට නෝට් වෙයි කියලා හිතනවා... :D :3

    2. ප්‍රණීත් චින්තක

      මෙතන ටයිම් මැශින් ඇදලා ගන්න එපා.
      මම මෙතන තනිකරම රචනාවක් කරන්න කලින්.

    3. නිර්මාණි

      හෙ හේ. ටයිම් මැෂින්. ෂා......

  11. Lakitha

    Thanks machan digatama karagena yanna ela.

  12. නිර්මාණි

    හෙ හේ. PhD එක complete කරලා.
    මේක කරන්න මහන්සි වුන මහන්සිය අපි දැක්කානේ.
    ඇත්තටම මේ උපසිරසිය ගොඩක් වටින එකක් වෙයි අපි හැමෝටම. මොකද උපසිරසි නැතුව තේරුම් ගන්න පුළුවන් දෙබස් නෙවෙයිනෙ තියෙන්නෙ.
    ඉතින් 100 වෙනුවෙන් ගෙනත් තියෙන්නෙ ගොඩක් වටින උපසිරසියක්.
    බොහොම ස්තූතියි සෑහෙන දවසක් තිස්සෙ උපරිම කට්ටක් කාගෙන උපසිරසිය අරන් ආවට.
    ඒ වගේම 100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්. 100 තව 200ක්ම ඉක්මනටම ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔව් ඔව් ඇනිමේෂන් එකක් දෙන්නෙ නෑ. හෙ හේ. මාවත් මතක් කරාට බොහොම තුති හොදේ.
    ජය වේවා........

  13. Dilan Sachinthaka

    GooD LuCk Bro =D Thanks For Subtitles

  14. ෂෙරින් සමාධි ගිනිගේ

    ඔන්න කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුනෙ... කැම්පස් වැඩ කටයුතු වලට හිර වෙලා මාස 2,3 ක් මේ පැත්තට එන්න බැරි උනා... දැන් ඇවිත් බලද්දි අපේ විමා සහෝ 100 කණුව පහුකරලනේ.... බොහොම සතුටුයි... බොහොම ආඩම්බරයි...මූණු පොතේ මේ ෆිල්ම් එක ගැන ලිපියක් හීනියට වගේ දැක්කා උනාට විමා ඒක කොරන්න බාර ගත්තු බවක් නම් දැන ගෙන හිටියෙ නැහැ. මොනවා උනත් ලයින් බර ගානක් තියෙන ෆිල්ම් එකක් කියද්දි මම නම් ඇත්තටම ටිකක් අදිමදි කරනවා ඉක්මනින් දෙන්න බැරි වෙන නිසා.. ඒකට අපේ විමා කොළුවා... කොටියා බදාගෙනම වල්ගෙ පාග ගෙනම :D කට්ට කාගෙන සබ් එක හදපු බවක් තමයි පූසා මල්ලි කියපු කතාවෙන් තේරුණේ... මට හිතෙන්නෙ PhD එක එක්කම නාසා එකේ ජොබ් එකකුත් ෂුවර් කොළුවො... එහෙනම් ඉතින් දැන් ෆිල්ම් එක බාන්න ඕනේ... මම ඔයාට හදවතින්ම සුභ පතනවා තව දුරටත් කොටි වල්ගය සහ කොටියා සමඟ :P සතුටින් දිවි ගෙවන්න වාසනාව ලැබේවා කියලා....

    ප. ලි.

    ලිපියේ මගේ නම සඳහන් කොරලා පොටෝ කෑල්ලක් ගැන කතාවක් කියපු එක අමතක උනානේ... ඒ පොටෝ එකේ වැඩේ එතැනින් එහාට ඇද ගෙන නොගියේ අනෙක් පාර්ෂවයට මඩ ගැසීමට කිසිඳු අභිප්‍රායක් නැති බැවින් බව කරුණාවෙන් සලකන්න... හැබැයි ඉතින් විමාට මඩක් ගහන්න නම් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ... :P

  15. jonny

    උබට වැඩි වැඩියෙන් sub කරන්නත්..කරන කියන හැමදේම සර්වාප්‍රකයෙන් සාර්ථක වෙන්නත් කියලා ප්‍රර්ථනා කරනවා

  16. Asiri

    100 වෙනි උපසිරැසියට සුබ පතනවා විමා අයියේ.150 ත් ගහමු මේ වගේම.br ආවාම උපසිරැසිය ගන්නම්.සබට තැන්කූ.ජය වේවා.

  17. උදාර රාජපක්ෂ(ශාන්)

    සුභ පතනවා තවත් ඉදිරියටම යමු කියලා.. විමා අය්යේ ..කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකත් අරගෙන ආවට බොහොම පින් !!!

  18. එල්.සී.දමැල්

    ඇත්තටම ගොඩක් සතුටුයි විමා අයියේ...
    "100 වෙනි උපසිරස නම් කවද ගහන්න වෙයිද දන්නෙ නැහැ මලයෝ" කියල කිය කිය හිටියට ඉක්මනින්ම ඔය ගෙනල්ලා තියෙන්නේ 100...
    හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරස කඩඉම පසු කිරීම ගැන...
    කමෙන්ට් ගැන කියනවනම් ඔයාගේ සබ් එකක් ගත්තානම් අනිවාරෙන්ම කමෙන්ට් එකක් දීලා ඇති, අපි මහන්සියෙන් හදන සබ්වලට කමෙන්ට් නොදාන අය ගැනනම් ඉතින් මටත් කියන්න තියෙන්නේ පූසා කියලා තිබුණු ටිකම තමයි. සබ් කරන්න වෙන වෙහෙසිල්ල අපිනෙ දන්නේ :( ...
    ඔයාගේ උපසිරසි ගැන කතා කරද්දිනම් කියන්න කිසිම අඩුපාඩුවක් නෑ, නියමම, සම්පූර්ණ උපසිරස... අදහසට හානි නොවී ලස්සනටම උපසිරස කරන කෙනෙක් තමයි විමා කියන්නේ...
    ඔන්න එහෙනම් 100 විතරක් නෙමෙයි 150, 200,... 500,... 1000 විදිහට ඒ ඒ කඩඉම් පහු කරන්න පුළුවන් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔන්න...
    ඒ වගේම මේ ගෙනල්ල තියෙන උපසිරසටත් ස්තුතියි...
    ජයෙන් ජය :) ...

  19. ayesh

    jaya wewa..
    api wenuwen mehema mahansi wela sub karala denawata thank you..
    nattam itin film ekakwat balala iwarai..

  20. Madusanka Jayasooriya

    100 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා! දිගටම සබ් කරන්න කාලය ශ්‍රමය ශක්තිය ලැබේවා

  21. Tharindu Lakmal

    thanks good luck

  22. achi

    ගොඩක් ස්තූතියි අයියෙ උපසිරැසියට...
    ඒවගේම 100ට සුබ පැතුම්...
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව...
    ජය වේවා!!!

  23. කැලුම් ගුණසේකර

    කොහොම හරි 100 ගැහුවා නේ? මගෙන් උණුසුම් සුභපැතුම් විමා. මං ඒත් කල්පනා කරා වෝකින් ඩෙඩ් කරන් යද්දි 100ට මොනවගේ එකක් දෙයි ද කියලා. මේ තියෙන්නේ සුපිරි එකක්. හොද කොපියක් එනකන් ම ඉන්නවා. බොහොම ස්තුතියි උපසිරැසියට. මේ අවුරුද්දේ නැතත් ලබන අවුරුද්දේ වත් ඔය බොට්ටුවේ පිංතූරේ වගේ එකක් අපිටත් බලන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා. :D

  24. thisal

    සුපිරිනෙ සුබ පැතුම් සහො දිගටම කරමු හොද කොපියක් ආවම බලමු

  25. widuranga

    congratz broooo
    200th gahamu hodeeeeee :)

  26. w.c.lasantha

    gud luck for ur 100 milestone that u hv achieved... v hope v vil c more movies in the future...

  27. “චූටී මල්ලි”

    ගොඩාක් හැපී මචන්
    100 ගහන්න කියාපු ෆිලුම
    ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙමු
    මම නම් බීඅර් එනකම් ඉන්නවා මේකෙ
    සබට තුති
    ඔබට ජය............

  28. Tharusha Dinujaya

    100ට සුබ පැතුම්…
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…
    ජය වේවා!!!

  29. ලසා

    අම්මෝ සීය නේහ්!
    එළ හොඳේ.
    වැඩිය අල්ලන්නේ නැතත් මරු රොමෑන්ටික් ෆිල්ම් සෙට් එකක් බැලුවේ සහෝගේ සබ් හන්දා.
    150 මොකෝ ගහමු 200 යම එකසැරේ. :D (Y)

  30. D Chamara

    niyami sahoo niyami thawathessarahata me wagema karagena yamo jaya jaya.... :D

  31. ROSS

    THX FOR SUB

  32. Dhanushka

    සුභපැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. fireballmovies

    “ශාන් විමුක්ති [විමා]” සොහොයුරා ලබා දී ඇති මෙම සබ් වලට හරියටම ගැලපෙන ~~ 339 MB ~~ තරම් වූ කුඩා මූවී ෆයිලය ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.“ශාන් විමුක්ති [විමා]” සොහොයුරාගේ 100 වැනි සබ් නිර්මාණයට සුභපැතුම්...!!!

  34. පැතුමි ඉෂාර

    එළම❗ හමිමට විමා ශතකේ ගහලා❕ සීය ගැහුවට සුභ පැතුමි මචං✌ තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා❕ සීයට දෙසියක් ආයු බෝ වේවා❕ ඕං සබත් බාගත්තා ඕං✌

  35. Sajith Anthony

    ගොඩක් ස්තූතියි උපසිරැසියට…
    100ට සුබ පැතුම් …
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…
    ජය වේවා...!!

  36. හේමන්ත

    ගොඩක්ම ස්තුතියි මල්ලී.. ඔයාලා කරන මේ සේවය... විශිෂ්ටයි.. අපි නිසා ඔයාලා වැය කරන කාලයට, මහන්සියට, ... “පිං“ කියනව මිසක් වෙන මොනව දෙන්නද...?

  37. Yashiru Shehan

    ආඩම්බරයි සහෝ.... ජයෙන් ජය.

  38. sajeevi

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....

  39. දිනිඳු සම්පත්

    අැති යන්තම් විමා 100 ගහලා.. බොහොම සතුටුයි මචං. මේ දවස් වල සයිට් එක පැත්තෙවත් එන්න වෙලාවක් නෑ. බුකියෙන් තමයි දැක්කේ.. කොහොම උනත් මගේ සුබපැතුම්!!! ජයවේවා... (අර ඩීවීඩී ටික තාම තැපෑලෙද? )

  40. kasun

    ela ela. HDRip 1 enakanma innawa. Kata hari puluwanda I hear your voice korean series 1ta sub denna.

  41. Mithun Wijethunga

    ශාන් විමුක්ති(විමා) නම ෆිල්ම් වල සබ් වල දැකලම පුරුදුයි.ජය වේවා සහෝ!

  42. Tharaka

    මුලින්ම 100 වෙනි උපසිරැසි නිර්මාණයට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ෆිල්ම් එකනම් ලස්සනම එකක් වගේ. මම ආස වර්ගයේ කතාවක්. ඒ නිසා මම මේකෙ හොඳම කොපියක් ආවම බානවා මචන්. උපසිරැසියට බොහෝම ස්තූතියි. ඔබටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේවා.

  43. hivin

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    1. best

      fuck

  44. Nimesh

    Supiri Talk eka. Film ekata wada Poem eka maru

  45. kasun

    thanks and good luck

  46. Charith

    අද දීපූ සබ් එකටත් ගොඩාක් ස්තූතියි !
    ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. Pushpa

    thanx wewa sub ekata

  48. ඉසුරු දිල්ශාන්

    100වෙනි උපසිරැසියට සුභ පැතුම් විමෝ!
    උබේ සබ් වල කොලිටිය ගැන ආයේ කියන්න දෙයක් නෑ නොවැ!
    එහෙනම් ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න සුභ පතනවා!

    මේකත් එනකම් බලන් උන්නු ෆිලුමක් තමා, මෙච්චර කල් හිටිය එකේ හොද කොපියක් එනකම් ඉන්නවා!
    ජය!!!!!!!

  49. DASUN

    100 ට සුභපැතුම් මුලින්ම…
    ගොඩක් ස්තූතියි අද දීපූ උපසිරැසියට… තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…

  50. aravinda

    maru kolllo kiyala wedak patttta thawa karapan matat idea ekak thiyenawa sub denna et ekata A/L exam iwara karala inna oni ............................supppppppppaaaaaaaaaaaaaaaaaaaaaaaa

Load more comments