The Mentalist [S02 : E10] | මතක මංපෙත හා බේස් බෝල්… [සිංහල උපසිරසි සමඟ]
අද දවසේ මම උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ, The Mentalist කතා මාලාවේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට. අද විමර්ශණයත් සාමාන්‍ය විමර්ශණයක් වගේම තමයි දිවයන්නේ. කොහොම නමුත් හැම සාමාන්‍ය කතාවකම පොඩි හෝ විශේෂයක් තියෙනවා වාගේම, මේ කතාවෙත් පොඩි සුවිශේෂ බවක් තියෙනවා. ඒක තමයි, පැට්‍රික් ජේන්ගේ ඔළුවේ බෝලයක් වැදිලා සිහිය නැතිවීමත් සමගම එයාගේ කුඩා කාලය ගැන දේවල් එයාගේ සිහියට එනවා. ඔයාලට මතකඇති Season 1 දී මෙයා කානිවල් එකක හිටපු බවක් ගැන සඳහනක් කලා. ඉතිං ඒක තමයි මේ එයාගේ මතකයන් වලින් පෙන්වන්නේ.
කොහොම වුනත් කතාවේ සාරාංශීය අදහස මෙහෙමයි.
CBI එකට මේසැරේ පැවරෙන්නේ, කැලිෆෝනියාවේ ආර්න්ට්ස්විල් ප්‍රදේශයේ තිබෙන, ස්ලූප් කියන බේස්බෝල් ඇකඩමියක සිදුවුනු මිනීමැරීමක් විසඳන්නයි. මේ විමර්ශණයේ ව්‍යසකයා (අනතුරට පත්වුනු තැනැත්තා) වෙන්නේ, එම ඇකඩමියේ ප්‍රධානීයා වන බාර්නි ස්ලූප් කියන තැනැත්තා. මෙතනදීත් ජේන් හොඳින් නිරීක්ශණය කරලා, එයාගේ ජීවිතය ගැන හොඳ දැනීමකට පත්වෙනවා. පස්සේ තමයි ඒක ගැන පැහැදිලි කිරීමක් අතරේ එයාගේ ඔළුවට බේස් බෝලයක් පහත් වෙන්නේ. ඒ වගේම, අනික් කතාවල වගේම තමයි මේ කතාවේත් මිනීමරුවා නොහිතන කෙනෙක්. ඒ වගේම දහසක් කරුණු නිරීක්ශණය කලත්, මිනීමැරුමට හේතුව කිසිසේත්ම හිතපු නැති එකක්. ඒත් ඒක ජේන් උප්පරවැට්ටියක් දාලා හොයාගන්නවා.
ඉතිං මිනීමරුවා හොයාගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. ඒත් කතාව බාගයක් බලද්දීම මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න උත්සාහ කරලා බලන්නකෝ…. කතාව බලනවාට අමතරවම, ඒකෙනුත් පොඩි ජොලියක් ගන්න පුළුවන්.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__
5340 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි
thanx
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
thanks mchng sub ekata ,,,, digatama denna ,,obata JaYa….
නියමයි ප්‍රණිත් සහෝ..
කතාව නිකම් බලලා වැඩක් නැ පොඩි ජොලියකුත් ගන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහෝම ස්තූතියි සහෝ…සබට
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. තාම බලන්නෙ පළවෙනි එකේ ඒවා ටික. ඒත් අනිවා සෙට් එකම බලනවයි පුළුවන් ඉක්මනට. ජය෴෴ 😛 😛
නියමයි..
සබට තුකි
ජය
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය………..
Thanks !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ඉස්තුති සහෝ සබට 😀 😀 ! දීගටම සබ් දෙන්න ……. ජය වේවා 😀 😀
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ela ela sahoo thankzzzzzz…….
😀 😀 😀