The Mentalist [S04 : E04] | දිගු රැවටීම….. [සිංහල උපසිරසි සමඟ]
මනෝවේදිකයාගේ කතා මාලාවේ තවත් අළුත් කතාවකට උපසිරැසි අරගෙන තමයි මම අදත් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. අද සූදානම් වෙන්නේ සිව්වන සමයේ 4 වන කතාවට උපසිරැසි සපයන්න. අද කතාව තරමක් අමුතු කතාවක් කියලා දැනේවි. කතාව ආරම්භයේදීම නගරාධිපති විසින් රැලියක් පවත්වනවා. ඒ පිලිබඳ ආරක්ශාව පොලිසියට මෙන්ම CBI එකට තමයි බාරවෙලා තියෙන්නේ. ඒ අතරතුර මිනීමැරුමක් සිදුවෙලා තියෙනවා ස්කොට් ගිබ්සන් කියලා තැනැත්තෙක් තමයි මැරිලා තියෙන්නේ. පිහි ඇනුමකින් තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේ අතරේ ජේන් අපරාධ ස්ථානයට පැමිණෙන අතරතුරේ දැකගන්න ලැබෙනවා සැකසහිත මිනිහෙක් රැලිය පවත්වන පාරේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. කොහොම වුනත් ජේන් මේක ගැන ලිස්බන්ට කියනවා. ඉතිං ඔහුව පරීක්ශා කරද්දී ඔහුගේ ලඟ තිබිලා තුවක්කුවක් හමුවෙනවා.
මේ තැනැත්තාගේ නම තමයි හෙන්රි ටිබ්ස්. මොහුට කැලිෆෝනියාවේ ඕනෑම තැනකට තුවක්කු ගෙනියන්න බලපත්‍රයක් තියෙනවා. නමුත් මේ තැනැත්තා නෙමෙයි මිනීමැරුම සිදුකරලා තියෙන්නේ. ජේන් විසින් කියන්නේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඔහු ඕනෑම වෙලාවක මිනිහෙක් මරන්න සූදානමින් ඉන්න විදියේ කෙනෙක් විදියට තමයි ජේන් විසින් ඔහුව හඳුන්වන්නේ. ඒ වගේම CBI එකට අළුතින් ලොක්කකෙක් එනවා. ඔහුගේ නම තමයි ලූතර් වේන්රයිට්. මෙයා ගොඩක්ම තරුණ කෙනෙක්. සාමාන්‍යයෙන් CBI එකට ආපු හැම ප්‍රධානියෙක්ම වගේ තරමක් වයස අය. ඒක නිසා හැමෝටම මේක අමුතුම අත්දැකීමක්. ඒ වගේම රිස්ග්බි ඒ වගේ තරුණ කෙනෙක් යටතේ වැඩ කරන්න තරමක් අකමැත්තෙන් තමයි ඉන්නේ. කොහොම නමුත් ජේන් කියපු කතාව හරිද බලන්නත් එක්කලා අළුත් ලොක්කා වේන්රයිට් විසින්, ජේන්ට ඉඩ දෙනවා මිනීමැරුමක් නොකරපු මිනීමැරුමක් කරන්න ඉන්න මිනිහෙක් අල්ලන්න. නමුත් ඔහු මිනීමරන්න කලින් තමයි ඒක සිදුකරන්න ඕනේ. ඒක නිසා තමයි අද කතාව විශේෂිත එකක් වෙන්නේ. කොහොම නමුත් ජේන් දිගු රැවටීමේ උපායක් යොදනවා, ඔහු මිනීමරන්නට බලාගෙන ඉන්න විදියේ මානසික අබාධයක් තියෙන කෙනෙක් බව ඔප්පු කරන්න.
අපි බලමු මිනී නොමරපු මිනීමරුවා කොහොමද ජේන්ගේ උප්පරවැට්ටියෙන් අල්ලගන්නේ කියලා. ඒ වගේම මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියලා මම මෙතැනින් නවතිනවා.
ආයු – බෝ- වේවා !!!
4839 downloads
Godak sthuthi,,jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
maxxxa kolloo
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති සහෝ !!!!!!
Niyamai Bro
Ikmanata denna anith Sub tikath
Dawasata 2k hari kamak na
jaya wewa
THANKS bro