The Mentalist [S04 : E17] | කල හොඳ පස්සෙන් එලවීම… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ 17 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන තමයි ඔන්න අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව නම් ටිකක් අමුතු කතාවක් වේවි. පටන් ගැන්මේදීම සමාගමක තරුණ ගැහැණු කෙනෙක් ඝාතනය කල සිදූවීමක් පිලිබඳ මාධ්‍ය හමුවක් මගින් ආරම්භ වෙනවා. මේ මියගිය තරුණියගේ නම තමයි මැටිල්ඩා කෘස්. මැය සති දෙකක් අතුරුදහන් වෙලා ඉඳලා පසුව ඇයගේ ශරීරය කානු පද්ධතියක හමුවෙලා තියෙන බවක් කියනවා. ඉන් පස්සේ තමයි මැය පිලිබඳව ඇයගේ සමාගමේ වැඩ කරපු ප්‍රධානියා කතාවත් පවත්වන්නේ. මුලදීම ජේන් විසින් ඔහුගේ මූණටම චෝදනා කරනවා ඔහු විසින් තමයි ඇයව මැරුවේ කියලා. මේ හේතුවෙන් ජේන්ට මාධ්‍ය ඉස්සරහාම නහය තලා ගන්නත් වෙනවා.
මේ අතරතුර ලිස්බන්ට ඇමතුමක් ලැබෙනවා නියෝජිත වේන්රයිට් ගෙන්. ඒ අනුව එතැනට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා, ලොකු පවුලක මිනීමැරුමක් විසඳන්න FBI නියෝජිත ඩාර්සිට ඇරයුම් ලැබෙන බවක්. ඒ වගේම ජේන්වත් තමුන් සමග සම්බන්ධ කරගන්න කියලා උපදෙස් ලැබිලා තියෙන බවක් ඇය කියනවා. මේ ඇරයුමට ජේන් කැමති වුනත් ලිස්බන් නම් ඉන්නේ බොහෝම හිත් අමනාපයෙන්, ඒ වගේම නියෝජිත ඩාර්සි තමයි රෙඩ් ජෝන් මැරුණේ නෑ කියලා ඔප්පු කරන්න හදන්නේ. මේ විදියට ජේන් විසින් කලින් අත ගහපු විමර්ශණය ලිස්බන් සහ කණ්ඩායමට තනියම ගොඩදාගන්න දීලා, ජේන් යනවා නියෝජිත ඩාර්සි එක්ක කේස් එක විසඳන්න. මේ විදියට කතාවේ තවත් හුටපට ගොඩක් වෙනවා. ඒ වගේම තමයි අන්තිමට ඩාර්සිට කරපු හොඳ ජේන්ගේ පස්සෙන්ම තමයි එලවන්න පටන් ගන්නේ. අපි බලමුකෝ මේ කේස් අස්සේ මොනාද වෙන්නේ කියලා.
දිගට ලිව්වට කතාවේ තියෙන දේවල් එක්ක මම ලියලා තියෙන්නේ අංශු මාත්‍රයයි. කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4730 downloads
Thanks..
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks
සබට තුති සහෝ !!!!
thanks praneeth.
Maruu.sub ekata thanxx