The Mentalist [S05 : E15] | වෝගල්සන් මරණය… [සිංහල උපසිරසි සමඟ]
මිනීමැරුමක් වුනත් අරුම පුදුම එකක්. ඔන්න අදත් ඔයාලට පුළුවන් ජේන් විසින් මිනීමැරුමක් විසඳන විදිය ගැන බලා ගන්න. අද කතාවේ මැරුණු කෙනාගේ නම තමයි එලීස් වෝගල්සන්. ඇය සැක්‍රමැන්ටෝ නගරයේ සුප්‍රකට චරිතයක් විදියට තමයි සලකන්නේ. ඇයගේ ජීවිත කතාව නිසා තමයි ඇය එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ. මරණය සිදුවෙලා තියෙන්නේ නම් පිලිස්සීමකින්. මනුශ්‍යයෙකුගේ ශරීරයක් පිලිස්සුනාම අපි දන්න විදියට අස්ථි කැබලි අළුත් සමග නොදැවී ඉතිරි වෙනවා. නමුත් මේ තැනැත්තිය දහනය වීමෙන් ඉතිරි වෙලා තියෙන්නේ ඇයගේ සෙරෙප්පු දෙක විතරයි. ශරීරයේ අනි හැම කොටසක්ම අළු වෙලා ගිහිල්ලා. නමුත් ඇයව පුච්චපු දෙයක් පේන්න නෑ. මේක සිදුවෙලා තියෙන්නේ මේ විදියටයි.
මැය මරණයට පත් වෙන්න කලින් හොඳටම මත්පැන් පානය කරලා. සාමාන්‍ය තැනැත්තෙකුට දරා ගන්නටත් වඩා වැඩි ප්‍රමාණයක් මැය බීලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ඇල්කොහොල් කියන්නේ ගිනි ගන්නා ද්‍රව්‍යක්. මත්පැන් බිව්වා කියන්නේ ඇල්කොහොල් අපේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වෙනවා. රුධිරයේ ඇල්කොහොල් මට්ටම වැඩි වෙනවා කියන්නේ, රුධිරය පවා ගිනි ගන්න තත්වයට පත් වෙනවා. මේ විදියට බොන කෙනෙකුගේ ශරීරයේ ඇඳුමට ගිනි ඇවිලුනොත්, රුධිරයේ නොවියැකුණු ඇල්කොහොල් නිසාවෙන් ශරීරයේ දාහක මට්ටම වැඩි වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ඇති මේද තට්ටුව රත් වීමෙන් ශරීරයේ ඇති ගින්න තවත් ඉහල නගිනවා. මේකෙන් ශරීරයේ ඉපදුනු ගින්නකින්ම ශරීරය දැවිලා අලු වෙනවා. අන්න ඒ විදියට තමයි ඇය පිච්චිලා මැරිලා තියෙන්නේ. (කතාවේ කියන්නේ නම් එහෙමයි). මෙතන මරණ පරීක්ශකට ඇවිල්ලා තියෙන්නෙ ජේන්ගේ දෑහට එපා කරපු පාට්රිජ් කියන කෙනා. ඔයාලා දන්නවා ජේන් පාට්රිජ්ව හඳුන්වන්නේ වේතාලයා කියලා. ඒ තරමට ජේන්ට එපා කරපු ජාතියේ මිනිහෙක් තමයි මෙයා. කොහොමහරි කතාව ගලා යන ආකාරය අනුව ජේන් තියෙන විදියට හොයලා බලලා මිනීමරුවා අල්ලනවා.
එහෙනං කතාව බලලාම දැනගමු කතාවේ අවසානයේදී මොකද වෙන්නේ කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4290 downloads
සබ් එකට බොහොම ස්තුතියි..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
thanks praneeth.
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
ජයවේවා..!
එල ඈ..
පට්ට ප්‍රණිත් පට්ට.
ජය වේවා. !
16 ඉක්මනට දාන්ඩෝ… 15 ට ගොඩාක් ස්තුතී…. අපි බලන් ඉන්නව සහෝ…
Mentalist sub ai parakkuuuuuuuuuuuuuuuuuuuuu
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයම වේවා…!!!
16 පරක්කුයි නේහ්!
thanks praneeth saho
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thankz sooo much bro
thanks bro
සබට තුති සහෝ !!!!