The Mentalist [S07 : E04] | උස්සපු රෝස දියමන්ති. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං පුරුදු විදියටම අලුතින් සීසන් 5 බලන අතරේ, සමගාමී විකාශය වශයෙන් මම මේක ගෙනාවා. මේ දවස් වල නම් ගොඩක් කතා නත්තලට නවත්වලා නේද? දෙසැම්බර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නේ. වැඩේ කියන්නේ පිටරට මිනිස්සුන්ට නිවාඩුපාඩුවේ TV බලන්න තියෙන කාලෙටම තමයි බෝරිං නත්තල් වැඩසටහන් වෙනුවෙන් කතා මාලාවන් නවත්වන්නෙත්. කොහොම වුණත් මේ කතාව නම් නවත්වන පාටක් නම් නැති ගානයි. ඒක නිසා බලන්න මේකවත් ඉතුරු වෙනවා. කොහොමහරි අද කථාවත් නත්තල වගේම නැගලා යන කතාවක් තමයි. වෙනදට වඩා පොඩ්ඩක් ෆන් කතාවක්.
අද සිදුවීම යන්නේ දියමන්ති හොරකමක් ගැන. කතාව පටන්ගත්තු ගමන්ම වෙච්ච දේ එක්ක මම බැලුවේ “අඩේ මේ මොකද වෙන්නේ” කියලා. කතාව බලද්දී ඔයාලට මම කියපු එක තේරේවි. කොහොමහරි මෙදාපාර FBI එක වැඩ කරන දියමන්ති කොල්ලය ගැන හොයන්න පටන් ගත්තු විමර්ශනයක් අතරමැද කොටසෙදී තමයි මේ කතාව පටන් ගන්නේ. ඒ කියන්නේ වෙනදා වගේ අපරාධයක් වෙච්ච තැනින් නෙමෙයි. කොහොමහරි ආභරණ කඩ වලට ගිහිල්ලා බලනවා රෝස දියමන්ති හොරකම් කරපුවාද කියලා. ඊට පස්සේ එයාලා ඒ දියමන්ති මිලදී ගත්තු තැන් ආපස්සට හොයාගෙන යනවා. මේ විදියට මෙයාලා යොමු වෙන්නේ මැණික් ප්‍රදර්ශනයක් වෙත. මේ මැණික් ප්‍රදර්ශනයේ කෙනෙක් මේ මැණික් විකුණුවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ අතරේ ජේන්ට උණ හෙම්බිරිස්සාව හැදිලා ඔන්න ඔහේ කවිච්චිය උඩට වැටිලා ඉන්නවා. ඒක නිසා ජේන්ට මේ කේස් එකේදී වැඩිය කරන්න කියලා දෙයක් ලැබෙන්නේ නෑ. පහුගිය කථාවේ සිදුවීමක් නිසා චෝ වේගා එක්ක තරමක් හිත් අමනාපයෙන් ඉන්නේ කියලා ඔයාලා දන්නවා ඇති. අදත් එහෙම තමයි. ඒ වුණත් වේගා කොහොමහරි චෝගේ හිත දිනාගන්නයි හදන්නේ. ඔයාලා දන්නවානේ චෝගේ හැටි. මිනිහා කවදාවත් මූණට පේන්න හිනා වෙන ජාතියෙක් කෙනෙක් නෙමෙයි. කොහොමහරි චෝට තමයි ඒ මැණික් ප්‍රදර්ශනය තියෙන තැනට යන්න වෙන්නේ. චෝ ලිස්බන් එක්ක යන්න හැදුවත්, ඇබට් බල කරනවා වේගාව එක්කගෙන යන්න කියලා. චෝ අකමැත්තෙන් වුණත් වේගා එක්ක තමයි යන්නේ. ඔන්න ඉතිං අද එළියේ වැඩකිඩ බලාගන්න වෙන්නේ වේගාට සහ චෝට. චෝ සහ වේගා මේ ප්‍රදර්ශනයට ගියපු අතරේ එතැනදී හමුවෙන කෙනෙක්ව ටික වෙලාවකදී මරලා දාලා තියෙද්දී හමුවෙනවා. මේක ගැනත් චෝ සහ වේගාට බලන්න වෙනවා. ඒ වගේම තමයි අවසානයේදී හැමදාමත් වගේ හැමෝටම ජේන්ගේ පිහිට පතන්න වෙනවා. ඒත් ජේන්ට මේකට උදව් කරන්න විදියක් නෑ. එයා ලෙඩ වෙලා ඔළුවේ ඉඳන්ම බෙඩ් ශීට් එකකින් වහගෙන තමයි ඉන්නේ. අන්තිමේදී ලිස්බන්ට ජේන්ගේ වැඩේ කරන්න වෙනවා. මම හිතන්නේ ඔයාලා ඒ කොටස ගොඩක් හොඳට රසවිඳීවි කියලා.
කතාව ගැන පොඩ්ඩක් විතර ලිව්වා. දැන් තියෙන්නේ උපසිරැසි බාගෙන බැලිල්ලක්. කතාව බලලා රසවිඳින්න. මිළඟට 28 වෙනිදාට 7 වෙනි සමයේ මිළඟ උපසිරැසියෙන් හමුවෙමු කියලා කියන ගමන්, අදට සමුගන්නම්. පුළුවන් නම් කතාව අවසාන වෙන්න කලින් මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න බලන්න. මම නම් පොඩ්ඩක් විතර ළඟින් ගියා. ඒත් හරියටම අනුමාන කරන්න බැරි වුණා.
ආයු -බෝ -වේවා !!!
4395 downloads
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි
Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2014/12/The.Mentalist.S07..E04.baiscopelk.zip on this server.
Error එකක් එනවනේ සබ් එක ඩ්වුන් කරන්න බෑ :/ :/ :/
thanks
supiri sub eka lokka .JAYEN JAYA««╬«♫☻««╬«♫☻
ela ela
thnx machn
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියටම යමු…
ජයෙන් ජයම වේවා…!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ප්‍රනි
සබට තුති
ඔබට ජය………..
thanks
සබට තුති !!
Thanks. Pillars of the earth part 8 Dennako
මම මේක ගැන ඇහුවේ නම් අද.
ඒත් මම පොඩ්ඩක් බලන්නම්.
මේක හදන්න නම් පුළුවන් වේවි. එපිසෝඩ් 8ක එකක් නිසා.
ඊට කලින් මේක මම බලලා ඉන්නත් එපැයි.
කතාව කම්මැලි වුනොත් මට සබ් එක ගහන්නත් කම්මැලි හිතෙනවා. 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මම නම් අර දෙන්නාව චෝ හම්බ උණු වෙලේම දැනගත්තා
මුන් දෙන්නගෙන් එකෙක් තමා කියලා.සබට තුති ප්‍රණීත් සහෝ ජය!! 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……