MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්

The Quiet Hour (2014) with Sinhala Subtitle | පිටසක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේකත් බාරදුන්නේ අපේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඉතින් එයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා. මේක ඇවිල්ලා බ්‍රිතාන්‍යය චිත්‍රපටියක්.’අපි නම් ඔය පරදේශක්කාරයින්ගේ ඒවා බලයි….’ එහෙම කියලා කට්ටිය මේක නොබලා ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න.මොකද මේක ගොඩක්ම වෙනස් විදියේ අත්දැකීමක් වේවි හැමෝටම. චිත්‍රපටිය 2014 එකක් වුණාට හොඳ පිටපතක් ආවේ සති දෙකකට විතර කලින්. ඒ නිසාඅපෝ මේක පරණ එකක්නේ…’ කියලා අතහරින්නත් එපා.ඒ වගේම මෙම චිත්‍රපටය 22වෙනි Raindance Film Festival හි, හොඳම බ්‍රිතාන්‍යය චිත්‍රපටය සඳහා යෝජනා වුණු චිත්‍රපටයක්. චිත්‍රපටය අයත් වන්නේ Sci-Fi, Thriller, Drama යන කාණ්ඩ සඳහා.

චිත්‍රපටය සඳහා පසුබිම් වන්නේ තෙරක් නොපෙනෙනා වනාන්තරයක්. මේ වනාන්තරය මධ්‍යයේ පිහිටි හුදෙකලා නිවසක් අසල සිටිනා තරුණියක් විසින් දැවී ගිය මෘත ශරීරයක් වළලන දර්ශනයකින් තමයි කතාව ආරම්භ වන්නේ.මේ මෘත ශරීරය කාගේද කියලා කතාව බලනකොට තේරේවි. මේ වන මැද පිහිටි නිවසේ ජීවත් වන්නේ ඇය සහ ඇගේ අන්ධ සොහොයුරා පමණි.ඔවුන් ජීවත් වන්නේද කොයි මොහොතේ ක්ෂණික මරණයක් තමාට ලැබේදෝයි යන මරණ බියෙනි. මෙයට හේතුව වන්නේ වසරකට පමණ පෙර එල්ලවූ හදිසි පිටසක්වල ආක්‍රමණයයි. මෙම පිටසක්වල ආක්‍රමණයත් සමගම බහුතරයක් මිනිසුන් මියගොස් ඇත. ජීවත්ව සිටින්නෙ ඉතාමත්ම අල්ප වූ මිනිසුන් ප්‍රමාණයකි. ඔවුන්ද මරණ බිය හේතුවෙන් ජීවත් වන්නේ කැලයට වී සැඟවීගෙනය.ප්‍රධාන නගරයන්හි කිසිඳු මිනිස් වාසයක් නොමැත.මෙම නිසාම වරින් වර අවනීතිය රජකරවන අවස්ථාද නැතුවා නොවේ. වසරකට වඩා කාලය ගතවුවත්, දිවි බේරාගත් මිනිසුන් මෙම පිටසක්වලයින් පිළිබඳව කිසිවක් නොදනී.ඔවුන් කවුද, කොහේ සිට පැමිණියාද, පැමිණි හේතුව…. මේ කිසිවක් නොදනී. ඔවුන් දන්නා එකම කාරණාව නම්, මෙම පිටසක්වලයි පැමිණිය දා පටන්ම දවසට හෝරා දෙක බැගින් නිශ්ශබ්දව සැඟවී සිටීමට අවශ්‍යය බව පමණි.

මෙසේ කාලය ගෙවී යත්ම හදිසියේ දිනක්, ඉහත කී තරුණිය සහ ඇයගේ අන්ධ සොහොයුරා සිටින නිවසට වෙඩි වැදුණු තරුණයෙක් බලහත්කාරයෙන් කඩාවදී.ඒ සමගම මෙම තරුණයා සොයමින් අමුතු ආකාරයේ අද්භූත මිනිසුන් පිරිසක් ඔවුනට තර්ජනය කරයි.වෙඩි වැදී නිවසට පැමිණි මෙම තරුණයා කවුද…ඔහුගේ පිටුපසින් පැමිණි අද්භූත මිනිසුන් කවුද…ඔවුනට ඉහත කී තරුණයා සමගින් ඇති සම්බන්ධය කුමක්ද…..පිටසක්වල ආක්‍රමණයට කුමක් සිදුවේද…..ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරිය බාරයි.ඉංග්‍රීසි චිත්‍රපටයක් වුණත් ඉතාමත් සංවේදී අවසානයක් තියෙනවා.පුළුවන් හැමෝම අරගෙන බලන්න.

කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉඳපු සුපිරිම හින්දි චිත්‍රපටයකින් ඉක්මනටම හම්බෙමු.හැමෝටම ජයවේවා….!

 

The Quiet Hour (2014) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇතිසියලුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5038 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “The Quiet Hour (2014) with Sinhala Subtitle | පිටසක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

  • හේමන්ත

    සිසිලගෙ 9 වෙනි උපසිරැසිය…
    අදයි බලන්නේ.
    ආව දුරක්..
    ෆිල්ම් එකක් බලන්න භාෂාව ප්‍රශ්නයක් වූ අය වෙනුවෙන් කළ කැපකිරීමක තරම

    Reply
  • Dumindu Ishan

    එල තෑන්ක්

    Reply
  • patta , supiri , thadha thadha………… thanks……………….

    Reply
  • ස්තුතියි සිසිල!
    අාසාවෙන් බැලුවෙමි. විද්‍යා ප්රබන්ධයක් ලෙස වර්ගීකරණය කොට තිබුණද එවැන්නක් නොදිටිමි.

    Reply
  • බලන්නම කියල හිටපු ෆිල්ම් එකක්… තැන්කු සහෝ සබට….

    Reply
  • Ai bn dan me torrent link denne naththe mokadda bn seen eka

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සබ් එකට බොහෝ තෑන්ක්ස්.

    Reply
  • aruna demel

    80AD37BDED7C3F02B9493C5B921F63B1B2B49D2F

    Reply
  • aththtama denakam hitiye
    thanks

    Reply
  • Bhashitha Dilshan

    torrent eka dennako

    Reply
  • Sajith Anthony

    මේක දානකල් බලන් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • චාරුක ඉඳුනිල්

    Sci-Fi කියන්නේ ඉතින් අනිවා බලනවා.
    බොහොම ස්තූතියි උපසිරැසියට.
    🙂 🙂 🙂

    Reply
  • පට්ට මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply

Leave a Reply to sajith Cancel reply

Your email address will not be published. Required fields are marked *