ඔන්න එහෙනම් කාලෙකින් තවත් කතාවක් අරගෙන මම ආවා. imdb වල 8.2 ගානක රේටින්ග්ස් තියෙන, ඒ වගේම ලෝකෙ හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ 143 තියෙන the sixth sense කියන චිත්‍රපටය තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්න Bruss Willis තමයි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ. මේ කතාව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුල…

ඔන්න එහෙනම් කාලෙකින් තවත් කතාවක් අරගෙන මම ආවා. imdb වල 8.2 ගානක රේටින්ග්ස් තියෙන, ඒ වගේම ලෝකෙ හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ 143 තියෙන the sixth sense කියන චිත්‍රපටය තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්න Bruss Willis තමයි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ. මේ කතාව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් සම්මාන 6කටම නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කතාවෙ විශිෂ්ටත්වය ගැන.
හොඳයි කෙටියෙන් කතාව මෙහෙමයි. මැල්කම් ක්‍රෝ කියලා ළමා මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. දවසක් මෙයා බෙහෙත් කරලා සනීප නොවිච්ච ළමයෙක් මෙයාගෙ ගෙදරදි, නෝනා ඉස්සරහදිම මෙයාට වෙඩි තියනවා. ඉතින් ඒ සිද්ධියෙන් අවුරුදු ගානකට පස්සෙ මේ මැල්කම්, හැමෝගෙන්ම කොන්වෙලා, හැම තිස්සෙම බයෙන් වගේ ඉන්න කෝල් කියන තවත් පුන්චි ළමයෙක්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර කරන්න හදනවා. එයාට ඕන මේ පුන්චි කෝල්ව අනිත් පොඩි ළමයි ඉන්නවා වගේ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. ඉතින් මෙයා ටික ටික කෝල් එක්ක යාලු වෙනවා. කාලයක් ගියාම කෝල්, ජීවිත කාලෙදි කාටවත් නොකිව්ව රහසක් මැල්කම්ට හෙළිකරනවා. ඒ තමයි එයාට මැරිච්ච මිනිස්සුන්ව, ඒ කියන්නෙ හොල්මන් පේනවා කියන එක. මේ කියන කාරණාව උඩ තමයි ඉතින් කතාව එතනින් එහාට ගලාගෙන යන්නෙ. අන්තිමේදි වෙන්නෙ හිතන්නෙවත් නැති, කතාව බලන කට්ටියව කරකවලා අතාරිනවා වගේ වැඩක්. ඒක දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බාගෙනම බලමු. හැබැයි ඉතින් පුලුවන් නම් මේ කතාව එකදිගට බලන්න. එතකොට තමයි නියම රසය විඳින්න හම්බවෙන්නේ…
මීට පෙර සංදීප සොහොයුරා විසින් පළ කළ ලිපිය.
හෙලෝ යාලුවනෙ…..මේ මගේ පළමු ලිපිය, කියන්නේ යන්නේ 1999 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන. මේ movie එක බයිස්කෝප් එකේ නෑ කියනකොටත් පුදුමයි. IMDb වල 8.2 ක රේටින් එකකුත් අරන් තියනවා. මම දන්න තරමින් Mystery,Thriller ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන ඉහලම රේනින්ග්ස් තමා ඒ. සාමන්‍යයෙන් Mystery,Thriller ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන් නෑ. මේක සම්මාන බොහොමයකට නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් Academy Awards වල විතරක් සම්මාන හයකට නිර්දේශ වෙලා තියෙනවා. කලාත්මක අතින් පමනක් නෙමේ, වානිජ අතිනුත් අති සාර්ථක ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්ද ආදායම…. ඇ.ඩොලර් මිලියන 672 වඩා හොයගෙන තියෙනවා. ඒ එදා මෙදා තුර Thriller ෆිල්ම් එකක් හම්බකර තිබෙන ඉහළම ආදායම කියලා තමයි කියන්නේ. මම ෆිල්ම් එක ගැන මෙහෙම විස්තරයක් දුන්නෙ ෆිල්ම් එකේ quality එක ගැන යම් අදහසක් ඔයගොල්ලන්ට දෙන්න.
හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ.
මේ මාගෙ පලමු ලිපිය නිසා අඩුපාඩු ඇති. එවාට සමාවෙලා comment එකක් දාලා යන්න හොඳේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
3,910 downloadsDownload The.Sixth_.Sense_.1999.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/20
Subtitles by
දිනීෂ පතිරේ
Subtitles
128 comments
විකියා
Alaya
Kolla 2nd ada..onna baawa lokka..bohoma sthuthiy..jaya \m/
Amila Gihan
1ena gini ginadara 1k wenna ethi,...thnxxix machanlazz...
සංදීප
මගේ ලිපියේ මම තමයි මුලින්ම comment කරන්නේ .මම දන්නවා ...ගොඩක් කට්ටිය කැමති සිංහල subtitle එකක් එක්ක දානවනම්.මම මීලග එකෙන් එක කරන්න බලන්නම්.
සංදීප
එත් 4 වුනා .කමක් නැහැ.
Nimal
thanks dear...
kte
thanks bro...good luck...
uda
මරුනේ, මමත් මේ බලන්න ශිරා ගතියක් තියෙන ෆිල්ම් එකක් ගැන හිත හිතා හිටියේ.මේක මතක් වුණේම නෑනේ... දැන්මම බලන්න ඕනේ... දැන්මම කිව්වට දැන්මම නෙවේ ඉතින්,
දන්නවනේ....කේ. යූ. ජී. උදාර
මට මතක විදිහට මේකට සිංහල සබ් දෙනවා කියල කාලයක් තිස්සේ මේ ෆිල්ම් එක ලිස්ට් එකේ පරණ වුණා. අන්තිමට සබ් දෙනව තියා ෆිල්ම් එකවත් ලැබුණේ නැහැ. බැරිම තැන මාත් බාගත්තා. කොහොම වුණත් සංදීප සහෝ හරි මේක දුන්න එක වටිනවා. ස්තූතියි සහෝ....
Dilshan
tnx
D_DASH
Ela Ela Thanks....... 283mb thiyana aka q aka hodada machan....??
සංදීප
ඔව් ....283 mb එකේ quality එක හොදයි.
ashen malinda
මේක තාම තියෙනවා වැඩිම ආදායම් ගත්ත ෆිල්ම් ඇතුලෙ. ත්‍රිලර් ගතිය තියෙනවනම් බඩු හෑව්
chathura
thanka bro.jaya weva.....
AL1717
Ade thanks Machan mama Meka Baluwa Wage mathakai. Eth Hariyatama Sure Ne
Kokatath Kiyala Onna Banwa thanks Machan Me Film Eka Gena Kiwwata
jaya Wewaaa
madusanka
niyamai macho.....welldone.....
සංදීප
විකියා,Alaya,Amila Gihan ,Nimal ,kte ,uda,කේ. යූ. ජී. උදාර ,Dilshan,D_DASH ,ashen malinda ,
chathura,AL1717,madusanka ,ඔක්කෝටම හුගක් ස්තූතියි......comment කලාට..
Rajitha Jagoda
patta film eka saho, sub ekkama damma nam mal 7i
cc
sirawata meka baiscopelk site 1ke tiyennama ona 1k machn. thnkzz
සංදීප
thanks මචං දෙන්නාටම.....මම sub දාන්න දන්නැතිව හිටියේ....ඒත් දැන් දන්නවා දාන හැටි.මටත් දැන් හිතෙනවා මේක sub එකක් එක්කම දාන්න තිබ්බා කියලා.ඊළග movie එක දානකොට අනිවාර්යෙන් දාන්නම්.
රාම් රාජ්
ela.thanks.
aa
ela...supiriiiiiiiiiiiii
හශාන්
පලවෙනි බයිස්කෝප් එකට සුබ පැතුම්........
Hasitha
එල මචෝ ඔන්න මාත් බෑවා
Nishantha
thanx
me
Thanks
lah
tika kaalekata kalin mata mai film1a set unaaa ... mama hithuwe chaater seen1k kiyala...aunaata uda thiyana wistharai baluwama baaganna hithunaa... thanxx macho....
rK
ela ela machooooooooooooooooooo math bami . danui lipiya dakkke nathinam melahakatha bala.
susantha
mekata sin sub dammanam maru... thnxxxxxxxx
mihiran
film ekata godak thanx.sinhala sub thibunanam thawath maru.kamak ne elaga film ekath ekka sinhala sub dei kiya sithanawa.thanx sahooooooo.
Pasindu
මෙන්න බයිස්කෝප්... :D
Madushanka Gamage
අවුරුදු 5කට විතර කලින් මම ඔය ෆිල්ම් එක බැලුවා....1ක පාරක්ම නෙවී දෙතුන් පාරක්ම...පට්ට ෆිල්ම් එක.... :) මගේ ලඟ තිබිලා මේ ලඟදි තමයි මකලා දැම්මේ....නියම ස්ටෝරිය.....පුලුවන්නම් මලයෝ සිංහල සබ් දැන් හරි දියන්.....තැන්ක්ස් මචෝ ලිපියට... :)
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි... පළමු ලිපියට සුභ පැතුම් සහෝ...
Tharanga Darshana Ekanayaka
හ්ම්ම්........
මම බලලා නෑනේ........
තැන්ක්ස් මතක් කරලා දුන්නට.........
300MB කොපිය දුන්න එකටනම් පට්ට තැන්ක්ස් ඈ.............Uraj Deemantha
ලිපිය කියෙව්වහම මේක නොබා ඉන්න හිතුනේ නෑ..... බාමි :)
charith
එල එල ...........නියමයි තව තව මුවි දෙන්න...බොහොම ස්තුතියි සහො........ජය...ශ්‍රි
Air Bender
maxxxaaaa,,,,,downloading,,,,,
anu
maxxa thanks bro.....
post another film like this...
සංදීප
ඔව් මචං අනිවා....තව දාන්නම්......මම දැං the perfect storm කියන movie එකට sub දාගෙන යනවා...ඒක ඉවරවුන ගමන් ලිපියකුත් එක්ක දෙන්නම්.comment කරපු හැමෝටම ස්තූතියි..
kas
Hey, Thank you very much. Specially for 283MB copy.
B .V.Kajja
සන්දීප මල්ලි හා හා පුරා කියල අත ගහපු වැඩේ නෙ.මම කිව්වෙ මෙ ඇතේ ගහපු නෙවේ,අත ගහපු කියල ඕන්.
6 වෙනි සන්වේදි ඉන්ද්‍රිය ගැන තමයි මේකෙ කියන්නෙ.මගේ නම් ඉතින් සන්වේදීම ඉන්ද්‍රිය තමඉ දිව.මොකද මම නිතරම පාවිච්චි කරනව නෙ.
එව්වයින් වැඩක් නෑ.මෙ පිල්ම්ස් එකේ ඉන්න සුපිරි නලුව ගෑන වචනයක් කියන්න ඔනේ.56ක් වයස උනත් බලන්නකො තාම කොල්ලෙක් වගේ ඉන්න හැටි.අපි එහෙනම් පිල්ම්ස් එකත් බලලම ඉම්මුකො.
ganesh
meka baluve natham kavath na vage sub nathath kamak na thanks a lot
සංදීප
283mb copy එක ගැන කියනවානම්.ඒකට ස්තූති කරන්න ඕන වාසල සහෝදරයාට,ඔහුතමයි ඒක දැම්මේ.
Sha
Ela ela Thankzzzzzzz film 1ata :)
Jayawewaaaaaaaaaaaaaaaaaaa :D
Anonymous
සබ් තිබුනනම් හොදා, ඒත් ලිපියට තුති.
@ B .V.Kajja,
ඔයාට පොඩ්ඩක් විතර ලිංගිකත්ව මැන්ටල් අප්සෙට් එකක් තියනව නේද?
Chika
maxxxxxxxxxxxxxa kiyala wedak ne
Priyantha De Silva
ඇත්තටම සබ්ස් දන්න බාරගත්තෙ මම. මෙකේ 50% ක් විතර සබ්ස් දාල තියෙද්දී, මගේ PC එකේ අවුලක් ආවා වගේම, වෘතීය වශයෙන් කාර්ය්‍යබහුල උනා. මේකට සබ්ස් දාද්දී අනිත්වා වගේ නෙමෙයි. කතාවේ අන්තර්ගතය හොඳට තේරුම් ගැනීමත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මානසික පසුබිම නැතුව ගියා.
නමුත්, යථාපරිදි කලය ලැබෙද්දී , මාස ගනනාවක් ගිහින්, මගේ ජීවිතේටම මෙහෙම බරගත්ත වැඩක් අතපසු උනේ නැති උන ලැජ්ජාව නිසාම , ආයේ මේ ගැන හිතුවේ නෑ.කොහොම නමුත් දැන් Movie එක ලැබිලා තිබීම ගැන සතුටුයි. මට හිතුනා නවත්තපු වැඩේ ආයෙ කරන්න, පහුවෙලා මේ පැත්තෙ එන අපේ යාළුවෙකුට හරි ප්‍රයෝජනවත් වෙන්න කියලා, නවත්තපු තැන ඉඳන් මේකේ සබ්ස් ටික හදලා දාන්න ඕනේ කියන එක.
සංදීප
Priyantha De Silva,
ඒකනම් ලොකු දෙයක් සහෝ...මමත් මේ දවස් වල වෙන බාරගත්ත movie එකකට sub දාගෙන යනවා.ඒ නිසා පහුවෙලා හරි මේකට මම sub දාන්න හිතාගෙන හිටියේ.නමුත් මේ movie එකේ sub භාගයකටත් වඩා ඉවරනම්,එකේ ඉතුරු ටිකත් කරලා,දාන්න පුලුවන් නම් ලොකු දෙයක්...
ඉෂාර ඩයස්
මරැ මරැ.....
සංදීප
comment කරපු ඔක්කෝටම තුති........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේක මම බලලා තියේ...මැක්සා බයිස්කෝප් එකක්,,අනිවා
හැමෝම බලන්න...
පලවෙනි ලිපියට මගෙන් සුබ පැතුම් :)
ජයෙන් ජය!~