The Terror [S01 : E07] Sinhala Subtitles | ප්‍රෝඩාකාර මිනීමරු ද්‍රෝහියා..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ හත්වෙනි කතාංගය.. දැන්නම් මම ලිපි ලියන්න ඕනෙත් නෑ ඇත්තටම.. ඔබ මේක බලන කෙනෙක්නම් මම කතාව ගැන පූර්විකා, අටුවා, ටීකා කිසි දෙයක් ලියන්න ඕන නැහැ. දන්නෝ දනිති.. නොදන්නෝ දනිත්වා! කියල කියමු නේහ්. සම්ප්‍රදායට අනුව මම ඉතිං පොඩ්ඩක් කතාව මතක් කරල දෙන්නම්..
පහුගිය කොටසින්..
කැප්ටන් ක්‍රොසියර් හදිස්සියේම අසනිප වුණු නිසා ෆිට්ජේම්ස්ට තමයි නැව් වල භාරකාරත්වය හිමි වෙන්නෙ.. දක්කනෙ කාලෙ ගෙවිල ගිහින් ඔවුන්ගෙ කෑම සීඝ්‍රයෙන් ඉවර වෙනව කියල කට්ටිය තේරුම් ගත්ත. කෑම ඉවර වෙනවටත් වඩා දරුණු ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනව කියල ගුඩ්සර් හොයාගන්නෙ අර වඳුර යොදාගෙන කරපු පරීක්ෂණයෙන් හොයා ගත්ත. ඒ අනුව ටින් කෑම වල ඇසුරුම් කිරීමේ දෝෂයක් නිසා ටින් කෑම වලින් විෂ රසායනයක් මුදා හැරල ඒකෙන් මිනිස්සු අසනීප වෙනව කියන කාරණා ඔහු හොයා ගන්නව. මේක ප්‍රධාන වෛද්‍ය ඩොක්ටර් මැක්ඩොනල්ඩ්ට කිව්වත් ඔහු ඒක යටගහන්න කතා වෙනව මිස තීරණේකට ආවෙ නෑ. තීරණේකට ආවෙ නෑ කියල හිතුවෙ අපිනෙ.. හැබැයි මැක්ඩොනල්ඩ් තීරණයකට ඇවිත් තිබුණ.ඔන්න ඔය අතරෙ තමයි කැප්ටන් ෆිට්ජේම්ස් තීරණය කරන්නෙ කානිවල් එකක් තියන්න. ඒකට හේතුව තමයි නැව අතෑරල පයින් යන ගමනට මිනිස්සුන්ට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම.. කොහොමහරි කානිවල් එක යන අතරතුර ඩොක්ටර් මැක්ඩොනල්ඩ් හරි හෝ වැරදි වේවා ඔහුගෙ තීරණය ක්‍රියාත්මක කරනව. ඔහු සාදය පවත්වන කූඩාරම වටේට තෙල් දාල, කූඩාරමෙන් පිටවෙන දොර වහල.. කූඩාරමට ගිනි තියල, ඔහුත් ගිනි තියාගන්නව.. හිකී එළියෙ ඉඳල එකෙක්ව මරල කූඩාරම කපල ඉඩ හැදුවෙ නැත්තං කට්ටිය අමු අමුවේ පිච්චිලා යනව. ඒ අස්සෙ සයිලන්ස් ලේඩිත් දිව කපාගෙන කූඩාරම ඇතුළට ඇවිත් ඉන්නෙ කියල මතකයිනෙ.
අද කොටසින්..
සාදයේ ගින්නෙන් පස්සෙ ඔවුන්ට තිබුණු පිරිස් බලයෙන් බොහෝමයක් අහිමි වෙනව. මේ අතරෙ කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි කෙටියෙන් විස්තර කෙරෙනව. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හිකී සහ දැන් හිකීගෙ මූණ මතකනම් මොකද්ද මේ වුණේ කියල හිතාගන්න පුළුවන්. කොහොමහරි අර්වින් සහ පිරිසට දඩයමක් නම් ලැබෙන්නෙ නෑ.. නමුත් ඔහුට ඇස්කිමෝවරු කණ්ඩායමක් හමු වෙනව.. ඔවුන් අර්වින්ට අලුත් මස්වලින් සංග්‍රහ කරනව. මේ සුබ ප්‍රවෘත්ති කණ්ඩායමේ අනික අයට කියන්න අර්වින් දුවගෙන එනකොට, මිස්ටර් හිකී?
අටවෙනි කොටසින් හමුවෙමු.. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3985 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ 🙁
ජය වේවා.!
Thanks …………..good luck …………….
thnxxxxxxxx
thanks bro..
thanks …………………..
Thanks !!!!!!!!!!!
thanks….ayye
thanks
thanks…
8 weni sub eke idan 404 not found watenwane
9 සහ 10 එපි තාම පළවෙලා නැහැ මිත්‍රයා.. ඒකයි ඒ.. තව දවසක් දෙකක් ඇතුළත ඒක පළ වේවි.
Thanks sub ekata..
subata thanks….
Thanks for sub
මේක බලන්නේ නැති අය පවු
උපසිරැසි සඳහා බොහොම ස්තුතියි.. .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thank You
මේ කතාව බලද්දි එන කුතුහලය මුසු භීෂණ හැඟීම වෙන එක කතාවක් වත් බලද්දි එන්නෙ නෑ…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
sub ekata thanks saho..jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thanz sahoo
thank
බොහෝම ස්තූතියි උදයංග. විස්තරයක් තියනවා නම් මම කැමතියි. බලපු නිසා කතාව මතකයි තමයි ඒත් ලිපිය කියවලා කතාව බලන්න ගියාම ඒක හොඳියි කියලා මම හිතනවා. මම කතාව බලන්න කලින් පසුගිය කොටස ගැන තියන ටික කියවනවා. ස්තුතියි ජයවේවා
thanks machn
Thanks saho…
බැලුවෙන් බැලුවෙ නෑ බං මෙහෙම කතාවක්..ඉක්මනට දාපන් සුපිරී..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ලොවෙත් නෑ තෑන්ක්ස් 🙂