MENU

18+Featured ArticlesMaxxASinhala Subtitleචමීර දිල්හාන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධවාර්තාමයසිංහල උපසිරැසි

The Thin Red Line (1998) Sinhala Subtitles | සෑම මිනිසෙකුම සටන් කරනුයේ තමාගේම වූ සංග්‍රාමයකි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

The Thin Red Line (1998)
මගේ තුන්වෙනි නිර්මාණයත් අරන් බයිස්කෝප් අඩවියට එකතු වුණා. මේ චිත්‍රපටය ගැන මට කිව්වේ විකියා සහෝ. මං හිතන්නේ මම කලින් දුන්න The Platoon (1986) චිත්‍රපටය දැකල තමයි විකියා සහෝ හිතන්න ඇත්තේ මේක මට බාර දෙන්න. ඒ හා සමාන යුද්ධය හා බැඳුණු සංවේදී චිත්‍රපටයක් මේකත්. IMDB අගය 7.6 යි. 1999 හොඳම චිත්‍රපටය ඇතුළුව ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වුණ විශිෂ්ට සිනමා සිත්තමක්.

මෙහි තේමාව දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකානු හා ජපන් හමුදා අතර ඇතිවන ගැටුම. “විට්” නමැති ඇමෙරිකානු සෙබළෙක් වටා තමයි කතාව ගලායන්නේ. නමුත් මෙහි එක් විශේෂයක් තියෙනවා. හැම චිත්‍රපටයකම වගේ එක ප්‍රධාන චරිතයක් වටා ගෙතුණු කතාවක් නෙමෙයි. අවස්ථානුකුලව අදාළ ප්‍රධාන චරිත වෙනස් වෙනවා. ඒ වගේම විශාල පිරිසක් මෙහි වෙදගත් චරිතවලට පණ පොවනවා.

යුද්ධයක තිබෙන වේදනාකාරී විනාශයන් තාත්විකව තිරයටගෙනෙන්න මෙහි අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනවා. අපි කිසි දිනෙකදී අත් නොවිදින, යුද සෙබළුන්ට උරුම සංවේදී සිදුවීම් බොහොමයක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. තම ඛණ්ඩයේ සියල්ලන්ම මියගිය පසු උමතුව යන සෙබළුන්, තම ජීවිතය පරදුවට තබා මියයමින් සිටින තම සගයා වෙත ගොස් වතුර ටිකක් බොන්න දෙන සහෝදර සෙබළුන් ඔබේ හදවතට සංවේගයක් එකතු කරාවි. තම සහෝදර සෙබළුන් අනතුරේ හෙළන, ඉහළින් එන නියෝග පවා ප්‍රතික්ෂේප කර පසුව අණදීමෙන් ඉවත් කරන කණ්ඩායම් නායකයන් මෙන්ම ජීවිත ගැන නොහිතන, අරමුණ පමණක් සලකන අණ දෙන නිලධාරිනුත් මෙහි හමුවෙනවා.

හදවතට දැනෙන චිත්‍රපටයක්. හමුදා සෙබළෙකුගේ ජීවිතය මොන තරම් සංවේදී, වේදනාකාරී සිදුවීම් වලින් ගහනද කියා හොඳටම වැටහෙනවා මේ සිනමා සිත්තමෙන්. ඔබත් බලල අදහසක් දක්වන්න. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6052 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමීර දිල්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “The Thin Red Line (1998) Sinhala Subtitles | සෑම මිනිසෙකුම සටන් කරනුයේ තමාගේම වූ සංග්‍රාමයකි. [සිංහල උපසිරසි සමඟ]

  • Sandhir Amri

    Thank you bro for the Sub Keep it up bro, Good luck!

    Reply
  • Meyoan_Sena

    thanq wewa sub ekata. supirima filumak

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • සාරංග ලියනගම

    බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක්. ගොඩක් ස්තූතියි සහෝ..

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    අනිව බලන්න වටින එකක් වගේ.
    නියමයි චමීර.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • සුමුදු

    බලන්නම හිටපු ෆිල්ම් එකක්.
    බොහොම ස්තුතියි සබට.
    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි චමීර සහෝ සිංහල උපසිරැසියට. ඉන්න කට්ටිය දිහා බලපුවහම නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks sahoo..jaya wewa…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • නලින්

    ස්තුතියි චමිර සහෝ

    මෙක නම් බැලුවා උනත් පට්ට කතාව

    ස්තුතියි

    ජය වේවා!

    Reply
  • ela ela kalekin me wage film ekak balane, thaxxxxxxxxx sahooo

    Reply
  • Download Manager

    Thanx machan

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • ගොඩක් ස්තූතියි.

    Reply
  • Aditha Praween

    නියමයි
    ඔන්න බානවා
    බොහොම ස්තුතියි

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    පරණ වුණත් හොඳ නිර්මාණයක් විදිහට මාත් මේක නම් කරන්න කැමතියි……
    සබට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • mama balapu supirima film ekak.ai balanawa.thanks..

    Reply
  • ජය වේවා සහෝ

    Reply
  • තෑන්ක් සහෝ

    Reply
  • ලක්මාල් ධර්මසේන

    එල එල… තවත් යුධ එකක් කරමු..

    Reply
  • nipuna prasad

    sha ela war film akak

    Reply
  • meyka patta film akak saho

    Reply
  • dinidu madushanka

    ela ela bro meka patta movie eka sub walata thanks jaya wewa

    Reply
  • බොහොම තුති!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහම ස්තුතියි සහෝ
    අනිවා බලනවා
    😀

    Reply
  • mama meka baluwa.////niymai…thnx saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *