තරමනි චිත්‍රපටය නැරඹූ ඔබට ස්තුතියි. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළේලේදීත් තරමනි විශේෂ දර්ශනයක් තිබුණා. අධ්‍යක්ෂක රාම් පවා පැමිණ සිටියා. තවමත් ඔබ නැරඹුවේ නැත්නම් අරන් බලන්න කියලා ඉල්ලන ගමන්ම, පොරොන්දු වුණ විදියටම තවත් සුපිරි චිත්‍රපටයකට උපසිරසි අරගෙන එනවා. අධ්‍යක්ෂක මිස්කින්ගේ සහ විශාල්ගේ නවතම එළ…

තරමනි චිත්‍රපටය නැරඹූ ඔබට ස්තුතියි. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළේලේදීත් තරමනි විශේෂ දර්ශනයක් තිබුණා. අධ්‍යක්ෂක රාම් පවා පැමිණ සිටියා. තවමත් ඔබ නැරඹුවේ නැත්නම් අරන් බලන්න කියලා ඉල්ලන ගමන්ම, පොරොන්දු වුණ විදියටම තවත් සුපිරි චිත්‍රපටයකට උපසිරසි අරගෙන එනවා. අධ්‍යක්ෂක මිස්කින්ගේ සහ විශාල්ගේ නවතම එළිදැක්ම තුප්පරිවාලන් (රහස් පරීක්ෂකයා). මේ චිත්‍රපටයේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගියා මොකද නාට්‍ය සංගමයේ සභාපති විශාල් නිසා. කෙසේ නමුත් ඔන්න දීපාවලී වලට තෑග්ගක් විදියට අද හොඳ කොපි ගණනාවක් නිකුත් කර තිබුණා. ඉතින් ඒ හැම පිටපතකටම ගැළපෙන්න උපසිරසි අරන් ආවා.
විශාල් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයට සුපිරියි කියලා මම කිවුවේ පුරුද්දකට එහෙම නෙවෙයි. ඇත්තටම දමිළ සිනමාවේ වෙනස්ම මානයක් හොයාගෙන ගියපු චිත්‍රපටයක්. විශාල්ගේ දැනට එළිදැක්වුණු හොඳම ෆිලුම කියලත් කියන්න පුළුවන්. අර මම කලින් දුන්නු කත්ති සන්ඩෙයි වගේ ගොන් පාට් එකක් එහෙම නෙවෙයි ඈ. විශාල්ටත් වඩා මිස්කින් චිත්‍රපටයක් විදියට කට්ටිය පුරසාරම් දොඩපු නිසා මමත් යාපනය රාජා සිනමාශාලාවට ගියා තුප්පරිවාලන් බලන්න. පටන් ගැන්මෙන්ම තේරුණා මේක නම් සුපිරියක්ම තමයි කියලා. ඒකට හේතුව වුණේ පසුබිම් සංගීතය. හරියට හොල්මන් චිත්‍රපටයක් බලන්න වාඩිවුණා වගේ දැණුනේ. මම එවෙලේම මේල් එකක් දාලා ෆිලුම ඉල්ලා සිටියා. අකුරු දාලා ඉවර වුණා. පසුබිම් සංගීතයෙන් මුළු සිනමා ශාලාවම නිහඬ කරලා. චිත්‍රපටය පටන් ගැන්මේදී අභිරහස් විදියට සිදුවෙන මරණ දෙකක් පෙන්වනවා..ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ.
විශාල් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. නම කනියන් පූංගුන්රන් (කනී). ඔහුගේ සහායට ඉන්නවා ප්‍රසන්න. (මනෝහර් නොහොත් මනෝ). හරියට ෂර්ලොක් හෝම්සුයි වොට්සනුයි වගේ. ඇත්තටම මේ ෆිලුමට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් බොහෝ ආභාෂයන් ලැබී තිබෙනවා. උදේ පාන්දර අබිරහසක් හොය හොයා පිස්සුවෙන් වගේ ඉන්න කනියන් පූංගුන්රන්ට හම්බුණේ පොමනේරියන් බලු කේස් එකක්. පොඩි දරුවෙක් තමයි මේ කේස් එක කනියන් වෙත ඇරගෙන එන්නේ. ඒ බල්ලාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත්, කවුරුන් හෝ කෙනෙක් ඒ බල්ලාව මැරූ බවත් දරුවා පවසනවා. ඒ දරුවා එයට සාක්ෂි පවා ඉදිරිපත් කරනවා. බල්ලා මැරුවේ කවුද? කනියන් මේ බලු කේස් එක බාරගන්නවා. මේ බලු කේස් එක බාරගත්තු කනියන් අන්තිමට ගිහින් නතර වෙන්නේ මහ විශාල අබිරසක් ඇතුළත. මිනී මැරුම් දාමයක අත්වැරැද්දකින් ලීක් වුණ පොඩි හෝඩුවාවක් තමයි මේ මැරිච්ච බල්ලා. ඉන් එහාට සිදුවෙන්න යන ඒ ත්‍රාසජනක අත්දැකීම් සමුදාය විඳින්න ඔබට ආරාධනා කරනවා. ආසාවට සිංදුවක් නැති.. විකටයෙක් නැති..ආදරය කරන පෙම්වතුන් නැති පට්ටම සීරියස්.. කතාවක්. හැබැයි දෙයක් කියන්නම්..පළවෙනි විනාඩි දහයේ ඔබ විශාල්ගේ රඟපෑම, ඔහුගේ ඉරියවු හා ඇඳුම් විලාසිතා දැකලා මට දොස් කියනවා සත්තයි. මොන ගොං පාට් එකක්ද මේ කියලා ඔබට සිතෙයි. සිනමා ශාලාවේ පිටිපස්සේ කෙනෙක් කෑ ගැහුවා මතකයි..මේකාගේ විගඩම් බලන්නද අපි සල්ලි දීලා ආවේ කියලා. හැබැයි ටික වෙලාවක් ගියාම හැමෝම කට ඇරන් සද්ද නැතුව බලන් හිටියා ඔන්න.
අධ්‍යක්ෂක මිස්කින් හුඟක් ප්‍රසිද්ධ ත්‍රාසජනක ෆිලුම් අධ්‍යක්ෂණයට. මේ ෆිලුමත් ලෙසටම කරලා තියනවා. ඇඟ කිළිපොලා යන තාත්වික මිනීමැරුම්, ලේ වැගිරීම්, විශිෂ්ට සටන් ජවනිකා, කුතුහලය වගේම ඇසට කඳුළක් නංවන දර්ශන පවා ඉතාමත් අපූරුවට පටිගත කරලා තියෙනවා. මා හුඟක්ම සංවේදී වුණ දර්ශණයක් තිබුණා. දරුණු මිනීමරුවෙක්ගේ අවසානය ! ඔහු මිනීමරුවෙකු වුවත් අවසාන මොහොතේ තම බිරිඳ වෙත දැක්වූ සෙනෙහස, ඔබේ ඇසට කඳුලක් නංවනවා ඇති. ඒ වගේම සාහසික දර්ශන වලට මා ටිකක් තැති ගැන්වුණ නිසා මා අසළ සිටි සහෝදරයෙක් පැවසුවා..මල්ලි මිස්කින්ගේ චිත්‍රපටි නම් ඉතින් මෙහෙම තමයි කියලා. මෙම චිත්‍රපටයේ වීශාල් සහ ප්‍රසන්නට අමතරව, ඇන්ඩ්‍රියා ජෙරමියා, සිම්රන්, භාග්‍යරාජ්, විනායි (දුෂ්ටයා), ජෝන් විජය්, ජයප්‍රකාශ් වගේ ජනප්‍රිය නළු නළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම මල්ලිකාගේ චරිතය රඟ පෑ අනූ එමානුවෙල්..මේ සියළුම දෙනා හොඳ රංගනයන් ඉදිරිපත් කරනවා. ඒ වගේමයි අරෝල් කොරේලි ගේ පසුබිම් සංගීතයත්. ඉතින්..මේ ෆිලුම නරඹන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා ! ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
33,437 downloadsDownload Thupparivaalan-2017.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
58 comments
Thilina
prabodha
Wow. Niyamai bro thank sub ekata..
Ranga Prasanna
James Bond Newei ban Sherlock Holmes. Habai patta film eka. Thanks
tharaka
godak stuti sub ekata
dasun kalahewaththa
THANKYOU FOR SUB
rasanga
උපසිරසියටත් ගොඩාක් ස්තුතියි, ජය වේවා!…
Naveen Lakshan NL
Ambo Very Fast Ne Bro Good Luck And Thank You Very Much Bro
දිගටම තවත් සිංහල subtitles කරන්න ලැබේවායි කියලා පතන්නව්
Naveen Lakshan NL
Mekamam Patta Balan Hitapau Film ekak Sub ekata Thank You !!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
chamara
film eka ganna widihak ne kollo.torrent nadda?kauru hari link ekak dapallako
තරිඳු රසාංග
මේ තරම් ඉක්මනටම සබ අරගෙන ආවට බොහොම ස්තුතියි සහෝ!
D.Chamara
bohoma sthuthi sahooo
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට. මේ තරම් හොද ෆිලුමක් කොහොම අතහරින්නද..ඔන්න එහෙනම් ලිස්ට් එකට දාගත්තා..ජය වේවා..බුදුසරණයි..!
rangika Kariyawasam
නියමයි සහෝ ෆිලුම බලන්න ඔිනෙ නෑ විස්තරය තියෙනවා ලෙසටම.
මෙතරම් ඉක්මනට සබ දෙයි කියලා හිතුවෙම නෑ.මහන්සියට ,කැපකිරීමට බෝම ස්තුතීයි ...osandha fernando
Tnx malliyo sub ekata..lipiya niyameta tiyenwa...vishal ge film super....
Nuwan
ෆිල්ම් එක download කරගන්න විදිහක් නෑ සහෝ.හොයගන්න බෑ ටොරන්ට් ලින්ක් එකක් වත් ඩිරෙක්ට් ලින්ක් එකක් වත්, හෙල්ප් එකක් දෙන්න.ලින්ක් එකක් දෙන්න බාගත්තු කෙනෙක්
dela
torrent link natho
Mithun
ගොඩක් ස්තුතියි සහෝ.. මෙකත් බලන්න ඔනෙ හොද කොපි එකක් එහෙනම් ඇවිත් නෙ.. මන් විසල්ගෙ චිත්‍රපට වලින් වැඩි රෙටින් එකක් දැක්ක පලවෙනි චිත්‍රපටයද කොහෙද 7.8ක්. ගන්නම ඔනෙ කතාව ඩ්‍රාම පැටිකිරියේ යන නිසා..
මෙක සුපිරි වගේ බලලාම කියන්නම්.ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ..නියමයි ජය ඔබට...Kaushan_P_Herath
එනකන් බලන් හිටියේ.සබට තෑන්ක්ස් සහෝ
kelum chathuganga abeysekara
thanks
අසිත
me wage tamil nam balanwa
thanks sahoc\hikuba
t\harama;nit\h baluwa mekat\h bala;nawa s\ha\hooooo@@@@@@@@@@@@
y ja
yin; ja
yama wea7waAnjana
Thanks....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Dhanush Narangoda
යාපනේ කියද්දීම හිතුනා උඹ කියලා... එල බ්‍රෝ තෑන්ක්ස්.... උඹ කිවා ඇත්ත අර කාකි සින් එක චොර තමා මුගේ... එල එල
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
විශාල්ගේ නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
ගොඩක් ඉක්මනට උපසිරැසිය අරන් ආවාට තුති.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Hiran sanjika
උපසිරසියටත් ගොඩාක් ස්තුතියි, ජය වේවා!…
Malan Madhushan
ආසාවෙන් හිටිය ෆිලුමක්. තෑන්ක්ස් බ්‍රෝ....
ජය....sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Sohan Jayasooriya
Hd rip එක ආවාම අප්ඩේට් කරන්න සහෝ හොදේ එතකොටම බලන්නම් ගොඩක් ස්තූතියි සබ් එකට
raveen
mcn mersal ekata sub eka diyan
maheshbabu
Supiri paharak saho...
enakan balan hitapu filumak
Jaya wewa!!!Chami.S
Thanks..
Good Luck..Krish
Sub eka ona bro
Film ekata thanksViraj
sub ekata thanks saho.. jaya wewa!!
Shani
Thkz bro...... Thkz a loooooooooooootttttttttttttttttttttt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
meke torrent ekak dapan machan actually man hewwa hambunne maara seen eka
lasantha
how to download dvdrip copy without using torrent................. i have hdrip
Visitha amaratunge
SUBTITLES download karanna BAAAAAA!!!!!!
Naveen Randika
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !KAVINDA GAMAGE
thank you
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)thilz
thanks for the sub superb film
oshanda
සබ් කරන කෙනෙක් කියන්නකො සබ් කරන්න ලේසි විදියක් තියෙනවද ? මොකක් හරි සොෆ්ට්වෙයර් එකක් වගේ ...
dasun
Me film eka patta bn. Meke deveni kotasukoth awoth asai. E tharam hithata danuna
N_R
Thanks for sub..
udithasanka
thnkz
Bandarajbandara
THanks broo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ammo patta ela sub ekata