අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා. මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. එ…

අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා. මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් හිතෙන්නේ නැහැ. එහෙම හිතුනත් වැඩිම උනත් සතියක් දෙකක් යනකොට ඉන්න බැහැ 😛 මේ ගමනේදී හැමදාම වගේ ගෙදර උදවිය මතක් නොකර බැහැ. නොබැන ඉන්න එක ලොකු දෙයක් මේහෙම එයාලගේ වෙලාව මේ වගේ වෙන වැඩවලට යොදවනවට.
2012 දෙසැම්බර් 29 පටන් ගත්ත මට ඒ වසරේදීම 50 සමරන්න ලැබුනා පස්සේ 100 සමරන්න තරමක කාලයක් ගත උනා ඒ වගේම 150 වාර්තා වෙන්නේ ඊටත් වඩා වැඩි කාලයක්. වෙනදට වඩා වැඩ රාජකාරි බහුල වීම ලොකුම හේතුව වෙලා තියෙන්නේ. ඉතින් රොයිලි කියනවා වගේ මේ කොටි වලිගෙ දැන් අපේම වලිගයක් වෙලා වගේ. ඒක අතාරින්න කෙසේ වෙතත් කපලා දාන මට්ටමට අපිට සමීප වෙලා. ඒ වගේම මම මේ වෙබ් අඩවිය එක්ක එකතු වෙනකොට තිබුනට වඩා සශ්‍රික බවක් අද වෙනකොට යන එන හැමෝටම දකින්න ලැබෙනවා. ඒ අතින් බලනකොට ලොකු සතුටක් දැනෙනවා. මොකද අපි ආදරය කරන තැන තව තවත් හැමෝම අතරේ පැතිරිලා ජනප්‍රිය වෙනවා නේද කියලා.
ඒ වගේම හැමදාම වගේ මේ වෙබ් අඩවිය මෙහෙම පෙනුනට දර දිය අදින බොහෝ පිරිසක් ඉන්නවා. එයාල ඇඩ්මින්ලා විතරක්ම නෙමේ. එහෙම තානාන්තර නැති උනත් තමන්ගේ ගේ වගේ මේක රැක බලාගන්න ගෙදරට උවදුරක් ආවම ඒක බලාගන්න ආරක්ෂා කරගන්න හොඳ හදවතක් තියෙන කොල්ලෝ වගේම කෙල්ලෝ ටිකකුත් දැන් අපි එක්ක ඉන්නවා. කියන්න සතුටුයි උපසිරැසි 50 සීමාවට ආපු එක කාන්තා නියෝජනයක් අපිට දැන් තියෙනවා. ඉදිරියේ ඒවා එකින් එක ගොඩ ගැහේවි. ඒ වගේම දැන් ශතක ලාබීන් අර්ධ ශතක ලාබීන් බහුලයි. ඉදිරියේදී මේ වගේ කඩඉම් අවස්ථා ඔයාලට සුලබ දෙයක් වේවි. මොකද ඒ වගේ දක්ෂ සහ වේගවත් උපසිරැසි කණ්ඩායමක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ හැමෝටම පුද්ගලිකව නොකිව්වත් ඉදිරි මග සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ඒ උනාට නම් නොකිය බැරි කීප පොලක් ඉන්නවා. විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ල. වාසල, විකි, රොයිලි වගේම අලුත් සාමාජිකයා සමීර කරුණාරත්න කලක් වෙලාවක් නැතුව ඔයාලට මෙහෙම ලෙසියන් බලන්න පුළුවන් උපසිරැසි මෙසේ ඉදිරිපත් කරන්න වෙහෙසෙනවා. ඒ වගේම අපේ සහෝදර උපසිරැසි කරුවන් වන විමා, හේවා, පුබුදු, සමීර චතුරංග, දිනිඳු, නලින් වගේ එකී මෙකි නොකී හැමෝටම ස්තුතියි අපේ මේ ගමන යන්න එකට එකතු වෙලා ඉන්න එකට. ඉතින් වැඩි යමක් කියන්න වෙන්නේ නැහැ මේ ඇති කියල හිතනවා. වැඩ අධික අවස්ථාවක මේ උපසිරස කරන්න ලැබුනේ ඒ හන්දා තරමක විතර ප්‍රමාදයක් සිද්ධ උනා. එහෙනම් මම මේ කතාව දෙසට හැරෙන්නම්.
මේ චිත්‍රපටය ගැන නම් හැඳින්වීමක් අතිශයින්ම අනවශ්‍යයි.. කලින් 1, 2, 3 බලන්න ඇතිනේ. මොකෝ මේක නොදන්නා කෙනෙක්, බලන්න බලා නොවී උන්න කෙනෙක් නැති තරම්. නමුත් අපේ චාරිත්‍ර තියෙන්නේ පිටුපා යන්න නොවෙන එකේ පොඩ්ඩක් චිත්‍රපටයේ වටපිටාව ගැන බලලා ඉම්මු මුලින්, මොකෝ මේක තොරතුරු සාගරයක්….
Transformers චිත්‍රපට මාලාවේ සිව්වැන්න වන මෙහිත් අධ්‍යක්ෂකවරයා වෙන්න සුපුරුදු Michael Bay ම තමයි. මෙවර පිටපත Ehren Kruger ගෙන්, ඇය තමයි මුල් චිත්‍රපට වෙනුවෙනුත් පිටපත් සැපයුවේ. හැබැයි මේ වතාවේ තිරයේ දකින මුහුණු නම් පැහැදිලිවම වෙනස්… මේ වතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ Dwayne Johnson අපි හැමෝගෙම ආදරණිය “රොක්”.. නෑ ඔහුගේ කාල සටහන් ප්‍රශ්නයක් නිසා ඕක නතර වුනේ මේ වතාවේ Mark Wahlberg ලග.. එකත් නරකම නැහැ නේද. මේ වතාවේ සුරුපිනිය වෙන්නේ Nicola Peltz හැබැයි ඇය වීරයාගේ පෙම්වතිය එහෙම නෙමෙයි. මේ දෙන්නට අමතරව Stanley Tucci, Kelsey Grammer, Jack Reynor, Bingbing Li එකක් තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා තියනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පණ දෙන Mark Wahlberg තමයි ඔහුගේ ක්‍රියාදාම කෝස්ට් 90% එහා කරලා තියෙන්නෙත්. ලස්සන හෝ විනාස වුන පසු තල සපයන්නේ හොන්කොන් නුවරින් හා ඇමරිකාවේ ටෙක්සාස් නුවරින් තමයි බොහොම දුරට.
ලිපිය දිගයි නමුත් මේ කොටස නොකියා යන්න බැහැ මේ චිත්‍රපටය ලබාගෙන තියන IMDB අගය වෙන්නේ 6.1ක් ඒ තරම්ම හොඳ අගයක් නෙමෙයි කියලා කියන්න හැකි, හැබැයි පිස්සුම හැදෙන කොටස මේක මේ චිත්‍රපටය හදන්න ගිහින් තියෙන්නේ $210 million වගේ මුදලක්… ඇමරිකාව තුල අදායම වශයෙන් $245,112,671 වගේ මුදලක් හොයාගන්න සමත් වුනා නමුත් මේ වසරේ වැඩිම අදායම් ලාභියා වෙන්නේ මේ චිත්‍රපටය ඒ ලොව පුරා $ 1,080,612,671 වගේ ඇති විශාල මුදලක් උපයා ගනිමින් තවමත් සමහර රටවල ප්‍රදර්ශනය අහවර වෙලාත් නැහැ !!!
වල්පල් ඇති කතාව දිහාට හැරෙමු එහෙනම්…
කලින් ඔයාල බලපු කොටස් තුනට වඩා මේ වතාවේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නළු නිලියන් සහ යම් රොබෝවරුන් මෙහි දක්නට ලැබීම. මෙහෙමයි කතාව මේ කතාවට තුන්වෙනි චිත්‍රපටයේ යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් කොටසේදී සෙන්ටිනල් චිකාගෝ නගරය ආශ්‍රිතව ලොකු සටනක් කරනවා. එයින් ඒ නගරය විනාශ උනා වගේම මිනිසුන් බොහෝ පිරිසක් මිය යනවා. ඉතින් මේ ගැන මිනිස්සු කතා වෙන්න අරගෙන. ඇයි අපි පිටසක්වල ජීවින් මත යැපෙන්නේ කියලා. ඔවුන් අතර වෙන සටන් වල ගොදුරු වෙන්නේ මිනිසුන්. ඒ නිසා දැන් මිනිස්සු ඒ සඳහා විකල්ප සොයනවා. ට්‍රාන්ස්ෆොමරයන්ගෙන් මිදිලා ඔවුන්ගේම පාලනයක් ගෙනියන්න හදනවා. ඒ කියන්නේ රොබෝවරු මිනිස් දඩයම් බවට පත්වෙලා. ඒ උනාට මෙහෙම දඩයම් වෙන්නේ ඩිසෙප්ටිකෝන්වරු පමණක් නෙමේ ඔටෝබෝට් කණ්ඩායමත් මෙහෙම ගොදුරු වෙනවා. ඉතින් ඔප්ට්මස් ප්‍රයිම් ඇතුළු පිරිස සැඟවුන ජීවතයක් ගත කරන්නේ. එත් මේ අතරවාරයේ වෙන කෙනෙක් ඇවිදින් ඔප්ටිමස් ප්‍රයිම් හොයාගෙන ඒ එයාට තියෙන ආදරයට නම් නෙමේ. ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලාගෙන යන්න. ඒ කාගේ කීමටද කොහෙටද ඒ විස්තර මීළඟ චිත්‍රපටයේ දකින්න ලැබේවි. එහෙනම් කවුද මේ අමුත්තා? ඔප්ටිමස් හැංගිලා ඉන්නේ ඇයි? එතකොට කෝ අනික් ඔටෝබෝට් රොබෝවරු? මේ හැම දෙයක්ම දැන් ඉඳන් විසඳගන්න පුළුවන්. එහෙනම් සුපුරුදු පරිදි නැවත හමුවෙමු!!! හැමෝටම ජයෙන් ජය පතනවා!!!
“Humans have asked us to play by their rules.
Well, the rules have just changed.”
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
41,855 downloadsDownload Transformers-Age-of-Extinction-2014-BR.zip327 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
265 comments
NimeshNT
Tharindu Paranavithana
ජය වේවා! සෑහෙන දවසක් බලන් හිටියා
චන්දිම අමරසිංහ
ammo hasanta sahooo 150 subapatum hada patulenama... mama at hethuwa parakku wenakota makata thama kurumanama allanna kiyala niyamai suba patum 200 yat ikmanata yamu...
apei wenuwen kalaya sarmaya wayakaramin karana ma satkaryy''' degukal wajabawa''
jaya wewa. !
සමීර කරුණාරත්න
ඊයේ වේලාසනින් චැඩ ඇරිලා ඇවිත් අද නිවාඩුවක් එහෙම දාලා කොහොම හරි ඉක්මනින් උපසිරැස දුන්නා නේද.. බොහොම ස්තුතියි... ඒ වගේම තමයි වැදගත්ම දෙය 150 කඩ ඉම.. අපි හැමෝම දන්නවා නෙව ලේසි වැඩක් නොවෙන විත්තිය, නමුත් නිදි මරාගෙන පවුලේ උදවිය එකක් ගෙවන්න තියන කාලය අපි වෙනුවෙන් වෙන් කරගෙන මේ කල මෙහෙයට බොහොම පින් කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ... තව තවත් උපසිරැස කරන්නට, ජිවිතයේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්නට මම එක හිතින්ම සුභ පතනවා.. ඔබට ජය අයියේ ...!!!</sapn>
kumar - DOHA
දැක්ක ගමන් බා ගත්තා .. ගොඩාක් ස්තුතියි ඒ වගේම හසන්ත සහෝදරයට සුබ පතනවා අපි වෙනුවෙන් කරනා මෙහෙවරයට ..
ජයෙන් ජයම වේවා ... ! ඔබ සැමටතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
මුලින්ම කියන්න ඕනි 150 කඩයිමට උණුසුම් සුබපැතුම් හසන්ත අයියේ.. :)
බොහොම ස්තූතියි මෙතෙක් කලක් වෙහෙසෙමින් සබ් දුන්නාට..
ඉක්මනටම 200 කඩයිමටත් ලඟා වෙන්න සුබ පතනවා
:P
එනකල් මග බලන් ඉන්න ෆිල්ම් එකක්
br කොපිය එනකල්ම ඉන්නවා..
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kasun
Niyamai mchn sub ekta thankZz :D
AlOnE BoY
150 ට සුභ පැතුම් හසා....ජය වේවා!.....
Sanjaya
meka denakam balagena hitiye iye indan bagena :D 150 sub ekata suba pathana bro :)
කැලුම් ගුණසේකර
ඇත්තට ම සමීර සහෝ කියනවා වගේ 150 කඩඉම කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇත්තට ම සතුටුයි හසන්ත සහෝ ට මේ ඉලක්කේ සම්පූර්ණ කරන්න හැකිවුන එක ගැන. ඉතින්, ස්තුතියි ඔයාට මේ නිර්මාණය උපසිරසි ගැන්වීමට. ඒ වගේ ම හසන්ත සහෝ ගේ පවුලේ සමාජිකයන්ටත් ගොඩක් ස්තුතියි.
කේ.යූ.ජී. උදාර
මෙදා සැරේ නම් මං පොඩ්ඩක් වේලාසන වගෙයි.............
තව චිරාත් කාලයක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ඔබට ලැබේවා!!!
සබට බොහොම ස්තූතියි සහෝ.janaka
thanxxxxxxxxxxx...*****150*****
වරුණ රංගජිත් (වරූ)
නියමයි අයියේ... නියමයි
150 ට ජයම වේවා..
ඉක්මනට 200 ටත් යමු...
ජයම වේවා....shan
150 ට සුභ පැතුම්.........ගොඩාක් ස්තුතියි උපසිරැසියට ……
Ela Buwa
ela...thanaks... Maxxa...good luck....
හර්ෂණ
සුබ පැතුම් හසන්ත සහෝ
අදිත ප්‍රවීන්
සුභ පතනවා අයියා අලුත් කඩයිමට !
150ක් කියන්නේ ලේසි පාසු ගණනක්ද ?
කරන්න ඕන තරම් වැඩ කටයුතු තියෙද්දී මේ වැඩේ වෙනුවෙන් කාලය කැප කරලා
හොඳ ගුණාත්මක උපසිරැසියක් අපිට ලබා දෙන එක ගොඩක් වටින වැඩක් .
ඔය විදියටම 200 වෙනි උපසිරැසියටත් ඉක්මනින් යන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා .
ඒ වගේම උපසිරැසි ජීවිතයේ වගේම ඔයාගේ අනෙක් සියලු වැඩ කටයුතු
සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
:DSameera
හසා ගොඩක් ස්තුතියි මචන්...
උබ දීපු 150න් මම 140ක් වත් බලල ඇති..
මෙ කරන සත්කාරය දිගටම කරගෙන යන්න උබට තව තවත් ශක්තිය ලැබෙවා..
ජයවෙවා සහො....Ashan ravihansa
150 gahanava kiyanne lesi na ammo hithaganvath ba mekata kapa karapu kalaya gananam e kalaya api venuven kapa karapu ekatanam godak pin e gana kiyanda vachana nam na ketiyen kiyanavanm godak thankz ..........
meka enakam ammo sahena kalayak balan hitiya athi yantham danavth ava hasantha mama ta pinsidda venda sub ekath ikamanta labuna hinda on dan athal eke baluva haki ...........sub ekata godak thankzanuska
maxxa akak.. THANKS saho........
Gayan V.&.M.C
hurray!
sumith
thanks ජය වේවා
bryan
thn you.very much.sub ekata hada pathulenma sthuthi karanawa
Supun
TnZ saho sub ekataaaaaaa...
Elz, tava sub dannaaaaBiHaN®
****suba thathum shoo.....thawa digu kalayak apiwa rasawath karanna......:FL
Dhanushka
suba pethum!!!!!!!!! Thanksssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!1
nisha
ela machan thanks balan hitiye denakan godak kal indan
jayen jayama wewa...................Keshan Wasala
150 වැනි උපසිරැසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම් අයියේ .. :)
අපි වෙනුවෙන් මෙහෙම වෙහෙසී උපසිරැස 150 ක් රැගෙන ආවා එක ගැන වචන වලින් ස්තුතියි කරලත් මදි ... ගොඩක් පිං ඉදිරියටත් අපි වෙනුවෙන් සිංහල උපසිරැසි අරන් එන්න ශක්තිය නොඅඩුව ලැබෙන්න ඕනේ :D
මේකේ හොද කොපියක් එනකම් ඉන්නවා .. ගොඩක් ස්තුතියි !!!$uvin
ela kiri! Bohoma sthuthi sub ekata machan!
Lakshyan
Congrats bro!! keep it up!! B|
hasith
niyami
Thilina Lakminda
නියමයි හසන්ත අයියා... මේක දෙනකන් හිටියේ... මගේ දෙවෙනි උපසිරැසියත් ඉක්මණට කරන්න හිතෙනවා ඔයා 150 කරලත් ඉවරයි. පට්ට හොෙඳේ...
ලක්ෂාන් නිලංක
හද පතුලෙන්ම 150 නිර්මාණයට සුභ පැතුම් හසන්ත සහෝ...ඔහොම්ම 200ත් ගහමු.....ජය වේවා....!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි හසන්ත සහෝ, පළමුව මගේ උණුසුම් සුබ පැතුම් 150 වෙනි නිර්මාණය වෙනුවෙන්, ඒ වගේම මේ දීලා තියෙන්නෙත් සුපිරිම එකක් නොවෑ, එළකිරි, දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි හසන්ත සහෝ, පළමුව මගේ උණුසුම් සුබ පැතුම් 150 වෙනි නිර්මාණය වෙනුවෙන්, ඒ වගේම මේ දීලා තියෙන්නෙත් සුපිරිම එකක් නොවෑ, එළකිරි, දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්, ජයවේවා....
hetti
Jaya wewa ayee..!!
Sisira Hegoda
සුබපැතුම්
Kavindu Dias
ela ela bn.ada udeth serch ekak damma ;) thnxx hode (y) :)
kalum
amme saho......budhubawa athwenna on mek dunnata........onn bewa.
නලින්
උපසිරැසි 150ක් වෙනුවෙන් තමාගේ වගේම තමන්ගේ ආදරණියන්ගේ ද වෙලාව කැප කරමින්,
අනුන්ගේ සතුට වෙනුවෙන්, කළ මෙම අග්‍රගණ්‍ය උත්සාහයට, කැපවීමට මගේ මුළු හදින්ම ප්‍රණාමය පුදකර සිටිනවා..ඉතින් හසන්ත අයියට කමෙන්ට් කියවන්න වෙලාව ඉතුරු කරලා.. අවසානයේ මෙහෙම කියන්නම්.. මෙන්න මගෙන් උණුසුම්ම උණුසුම් සුබ පැතුම්.
අයියගේ ඉදිරි ගමන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!ජය වේවා!
Champ Nilaksha
ඉස්සල්ලම කියන්න ඕනි අය්යේ මෙච්චර කාලයක් උපසිරැසි 150 කරනවා කියන්නෙ පොඩි වැඩක් නෙමෙයිනෙ.....ඉතින් සුබ පැතුම්....කරන එකෙත් සුපිරිම ෆිල්ම් එකක් තමයි කරලා තියෙන්නේ.....ඔබට ජය....
Shalika Tiron
niyamai bro ...#Anjaan movie ekath ikmanatama ona hodhe.. :)
සමීර චතුරංග
හම්මේ මේ දීලා තියෙන්නේ.. සුබ පතන්න දැනටමත් ප්‍රමාද වැඩියි ද මංදා? ඕකත් කියන්න දෙයක් ද අයියේ.. අපි නොදන්නවැයි කොයිතරම් අපහසුවෙන් කාලය වෙන් කරගනිමින් වෙනත් රටකට වෙලා පවුලේ වැඩකටයුතු කරගන්නා අතරේදී අපි වෙනුවෙන් මේ උපසිරැසිකරණයේ යෙදෙන්නේ කියලා. ඒ වගේම අපේ කාලයත් අරගෙන හැමදාම අපි වෙනුවෙන් ඔයා මේ වැඩේ කරාවි කියලා හිතනවා.
ඔයා දැන් නව සාමාජිකයින්ට ගුරුවරයෙක් වෙලා. වෙලා කියන්නේ වෙලා පත් කරලා නෙමේ. එහෙම නොවුණොත් නෙහ් පුදුමේ වෙන්නේ. ඇත්තටම ජිවිතේ දැකල නොතිබුණත් මට හමු වෙච්ච ගොඩක් හොඳ කෙනෙක් අයියේ ඔයා. ඒ වගේම කරන කියන වැඩ කටයුතු වගේම සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම සුබ පතනවා. ඔන්න ඊලඟට තියෙන්නේ ද්විත්ව ශතකය.. ඒකට නම් මේ තරම් කාලයක් ගන්න බැහැ ඔන්න. :) :) :)
SAMEERA DILSHAN
බොහොම ස්තුතියි සහෝ ...................!
යශෝධ
ඊයේ සට පට ගාලා, සබ් වැටෙනකොට තේරුණා අද මේ සැරසෙන්නේ 150 ගහන්නට තමයි කියලා. බොහෝම සතුටුයි හසන්ත අයියේ ඔයා අද මේ කඩ ඉම පසු කරපු එක ගැන. අපි වගේ අලුත් කොල්ලන්ට ඉස්සරහට එන්න ඔයා අත දෙන හැටි හොඳාකාරවම දන්නවා. ඉතින් කිව්වත් වගේ ඔය අල්ලගත්ත කොටි වලිගේ කවදාවත් අත හරින්නට හිතක් පහළ වෙන්නට එපාය කියන ගමන් ස්තූති කරනවා උපසිරැසියට.. ජයම වේවා....! එලස්ස්ස්..................... :-D
Shyan Rhythmika
thanks for subtitle and my congratulations for the 150th sub....may u hv more more time for subtitling....thanks again......bro
Sohan
Niyamai hasa maame..subha pathum..!!!..roily aiya nam dan wadiya dakinnath ne..aida manda..oala me koti walige atharinna nam epa..api dan asawen film blnne me site eka nisa..idiriyta hmadamth me adawiya ekka inna shaktiya labewa..!.. (Dwithwa shathaketh gahamu neda?..)
Shashi
150 ni sub 1ta congratz...!!! me sub 1ta nm umma godaaaak denna hythenawa..thanQ wewaaaa... & jaya wewa...!!!!
Kulanjana Maduranga
issellama suba pathanawa HASANTHA aiyage 150 weni subata..........
sub 150k lesi na...kochara kalaya kapa kirimak wgema shakthiya waya kirimakda...hitha gnnawath ba. godak pin HASANTHA aiye.....kisima laba prayojanayak nobala krn me sewayata.oya baiscope 1kata inna bala kanuwak wgema ape aluth sub krn sahodara sahodariyanta hoda guruwarayek mm ehema kiwata waradi na.... aiya krn me sewawa digatama krn yn shakthiya dairya labewa.... ewgema aiyage personal life 1ke wada katauthu sarthaka wenn kyla hadawathinma prarthana krnawa....digatama sub demu.jaya wewa......
widuranga
good job bro.....
thanx for subKalinga
Elazzzzzzzzzzzzz............... niyamai machoooooo...... Danakan balan hitiye. Congratzzzzzzzzzzz 4 ur 150th sub..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Jaya Wewa ☺☺