Watch Trailer

Little Manhattan (2005) | අමතක කරන්න පුළුවන් ද, පළමු ආදරය? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි ලබලා…

Little Manhattan 2005

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි ලබලා ඇති කියලා. ඒ වගේම ඉදිරියේ දී ලබන්න ඉන්න අයත් ඇති. ඒ හැමෝම සලකලා මම කියන්න යන්නේ නිව් යෝර්ක් නඟරේ සිද්ධ වෙච්ච අපූරු ආදර කතාවක් ගැන. මේක ඇත්තටම මට විශේෂයි. මොකද ඒක මගේ පළමු ආදරය නිසා…

එයාගෙ නම රෝස්මෙරී ටෙලස්කෝ. වයස අවුරුදු 11යි. මම හිටියෙත් එයා හිටපු පන්තියෙමයි. අපි පුංචි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියේ කෙල්ලො කියන්නේ හෙනම හෙණ වසංගතයක් කියලා. ඒ කාලෙදි කොල්ලෙක්ගේ ඇඟේ කෙල්ලෙක් ගෑවුණොත් ඌට අපි වචනෙට කියන්නේ ‘හරකා’ කියලා. එදා දවසම ඌ ඉන්නේ හෙනම හෙණ අවුලෙන්. අපි ඒ කාලෙදි කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලලා නෑ. ඒත්, අපි එන්න එන්න ලොකු වෙන කොට ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. අනිත් හැමෝටම වගේ මටත් එහෙම දෙයක් වුණා. එයාව දකින්නැතුව ඉන්න බෑ. කතා කරන්නැතුව ඉන්න බෑ. ඒත් එයාගෙන් ආදරේ අහන්න තාම මම බයයි. මම එයාට ලං වෙන්න පුළුවන් හැම දෙයක්ම කළා. එයත් එක්ක එකට කරාටි ඉගෙන ගත්තා. එයාගේ ගෙදර, එයාගේ කාමරේ… මේ හැම තැනකම මම හිටියේ එයත් එක්ක. ඒ වගේම හැමෝටම වගේ මේ වගේ සීන් වලදි ලොකු පොලුත් එනවනේ. මටත් ඒ වගේම දෙයක් සිද්ධ වුණා. කොහොමින් කොහොම හරි අපි යාළුවෝ වුණා. ඒත් තාම ආදරවන්තයෝ නම් නෙවෙයි. දවසක් අපි තරහ වුණා. ආයේ යාළු වුණා. ආයේ තරහා වුණා. ආයෙත් යාළු වුණා. දන්නවනේ ඔය ප්‍රශ්න?? දවස ලං වුණා. මගේ හිතට මම ලොකු ධෛර්යයක් අරගත්තා. මම එදා මගේ හිතේ තිබුණු හැම දෙයක්ම එයාට කිව්වා. ඔයාල දන්නවද එයා මට දීපු උත්තරේ??

මම වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම කිව්වොත් කතාවෙ රසය නැතිවෙන නිසා. මගේ මේ ආදර කතාවට IMDb එකෙන් ලැබිල තියෙන අගය 7.6/10ක්. ඒ වගේම Rotten Tomatoes වලින් ලැබිලා තියෙන අගය 76%ක්. ඉතින් ඔයාල හැමෝටම මම ආරාධනා කරනවා මගේ කතාව බලන්න එන්න කියලා. බලලා ඔයාලගේ හිතේ තියෙන දේ එහෙම පිටින්ම කියන්න. මම එහෙනම් නවතින්නම්…”

Little Manhattan (2005) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

5ec28d831030b217a7d9d4e2aa1a2ba4ea0355c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,757 downloadsDownload Little-Manhattan.2005.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,757 downloadsDownload Subtitles56 KB

36 comments

  1. චන්දිම අමරසිංහ

    niyami onna bawa subapatum..

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි
    අනිවා බානවා හොඳේ
    ස්ටොරියක් වගෙ හොඳ
    ජයම වේවා..!!!

  3. කැලුම් ගුණසේකර

    ලිපිය නම් එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    ලිපිය නම් ලෙසටම ලියලා තියනවා
    ෆිලුමත් හොදයි වගේ එහෙනම් අරගෙනම බලමුකෝ
    කොහොමද කියලා ඔන්න ගත්තා මචං සබට තුති ජය!! :) :)

  5. chamara buddhika

    Sub dunnata THANKS...:-)

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    බාගෙන හිටියේ දෙනවා කිව්වා දවස්වලම..
    වෙලාවක් ලැබුණු හැටියේ බලනවා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. #YasmikaSH

      ඔව්.. ඒ දවස්වල තමයි දෙන්න හැදුවේ. ඒත් පොඩි කේස් එකක් ගියපු හින්දා දෙන්න බැරිවෙලා ගියා..

  8. අදිත ප්‍රවීන්

    ලිපිය නිසා බාන්නම හිතෙනවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    සුබ පතනවා !
    :D

  9. prabhath

    thanks

  10. නලින්

    යස්මික කියලා තියන විදිහටම මම එහෙනම් බලලම මේ පැත්තේ එන්නම්, හරිය...

    දැනට සබට තුතිකොල්ලෝ.

    ජය වේවා.

    1. #YasmikaSH

      හා.. එහෙනම් බලලම එන්ටකෝ...

  11. Kulanjana Maduranga

    Good post Friend....filumath hadai wge bagena balamu....subata thanks YASMIKA saho.digatama subv denn.jaya wewa.............

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යස්මික සහෝ.. :-P
    බැලිය යුතු එකක් වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. Jack

    නියමයි මචෝ.
    ලිපියත් තියනවා සුපිරියටම.
    ෆිලුමත් ඒ වගේම ඇතිනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  14. “චූටී මල්ලි”

    පොඩි එවුන්ගෙ පලහිලව්වක්
    සෙට් උනොත් බලනම්කො ඈ
    ලිපියනම් එල
    සබට තුති ග
    ඔබට ජය..........

  15. Sandun Bandara (thadia)

    thanks download kara welawak labunu gamn balanwa digatama wan:)

  16. sriyan

    thanks.. sub ekata. good luck!!!.

  17. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ :P :P

  18. D.Chamara

    thanks.... sahoo :D

  19. isuru

    ela kiri saho

  20. Menu

    ඔයාගේ ලිපිය නිසා තමයි මේ චිත්‍රපටිය බලන්න හිතුනේ... ඔයා සිංහල උපසිරැසි ලස්සනට ලියලා තියෙනවා... අපට දැනෙන තේරෙන විදියට... චිත්‍රපටියත් ගොඩක් ලස්සනයි.
    ගොඩක් ස්තුතියි :) සුබ පතනවා ඔයාගේ අනාගතයට !

  21. Emi

    Thank you..............

  22. me

    Thanks

  23. Rakitha ranathunga

    Mama film eka beluwa
    Patta thamai
    Supiri film ekak
    Hondata wedenawa
    Sub ekata thanks
    Puluwannam me wage thawa film denna

  24. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  25. sachith devinda

    niyamai machoooo
    onna danui banna yanne.....
    sub walata thanks

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බලමු මේක ලස්සන කතාවක් වගේ, ජයවේවා

  27. Charith

    Sub ekata thanx so much saho. hitahta danena adahas godak film eka pura thiyenawa. me ewain kipayak.
    1. "Love is an ugly, terrible business practiced by fools. It'll trample your heart and leave you bleeding on the floor. And what does it really get you in the end? Nothing but a few incredible memories that you can't ever shake. The truth is, there's gonna be other girls out there. I mean, I hope. But I'm never gonna get another first love. That one is always gonna be her."
    2. "There are very few things more painful than watching the woman you love grapple with another man. Actually, I take that back. There are no things more painful."
    3. "It was the pain that had no name. [talking about love]"
    "Old Man on the Street: I had a girlfriend once upon a time, too. She trampled my heart. Left me bleeding on the floor. Run.
    Gabe: What?
    Old Man on the Street: Run while you still can, brother. Take my advice. Make like the wind."

  28. Manjula Kumara Gamage

    උපසිරැසියට තුති…… :)

  29. #YasmikaSH

    කමෙන්ට් කළ, නොකළ ඔය හැමෝටම බොහොමත්ම ස්තූතියි :) :D

  30. yasantha

    me sub eka patta machan... meka thama sira sub system eka... e kiyanne film eke ridmaya sub eka thula thiyanawa... wachana wala arthaya denawath ekkama hithanna oni deyak thama film eke tempo ekath ekka ewa galapenawada kiyala... meka mam balapu patta sub kirillak.... jaya...

  31. P.K

    Thanx for the sub saho...

  32. Isuru

    උපසිරැසියට තුති…… :)

  33. ricadodamien

    thank you Yasmika brother & Baiscope team for the sub, all the best to baiscope team..........

  34. Gayan Chathuranga

    Thanks bro!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.