ඉතින් යාළුවනේ.. මේ අවුරුද්දේ නිකුත් උන අති සුපිරි රූපවාහිණි කතා මාලාවක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 9.4/10ක් තරම් ඉතා ඉහල ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමය කතා 8කින් සමන්විතයි. මෙම කතා මාලාවේ පරීක්ෂක රස්ට් කෝල්ගෙ චරිතය The Wolf of Wall Street…
ඉතින් යාළුවනේ.. මේ අවුරුද්දේ නිකුත් උන අති සුපිරි රූපවාහිණි කතා මාලාවක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 9.4/10ක් තරම් ඉතා ඉහල ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමය කතා 8කින් සමන්විතයි. මෙම කතා මාලාවේ පරීක්ෂක රස්ට් කෝල්ගෙ චරිතය The Wolf of Wall Street (2013) හි Mark Hanna ගෙ චරිතය රඟ දක්වන සුපිරි නළු Matthew McConaughey විසිනුත් පරීක්ෂක මාටින් හාට්ගෙ චරිතය The Hunger Games: Catching Fire (2013) හි Haymitch Abernathy ගෙ චරිතය රඟ දක්වන සුපිරි නළු Woody Harrelson විසිනුත් රඟ දක්වනවා. මෙහි පළමු කොටස රූපවාහිනියේ ප්‍රදර්ශණය උනේ 2014 ජනවාරි 19 වෙනිදායි. කතාව සුපිරියි කියලා තව අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑනේ.
මෙහි කතාව ගෙතිලා තියෙන්නේ එකට එක්ව වැඩ කල රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ගැනයි. එයින් රස්ට් කෝල් කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන රහස් පරීකෂකයෙක්. මොහු අනිත් රහස් පරීක්ෂකයන් වගේ පොඩි සටහන් පොතක් තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. බදු අයකරුවන් වගේ ලොකු ලෙජරයක් යන යන තැන අරගෙන යන කෙනෙක්. ඒ නිසාම අනිත් නිලධාරීන් මොහුව හඳුන්වන්නේ “බදු අයකරු” කියලා. හැබැයි මොහු දක්ෂ පරීක්ෂකවරයෙක්. අපරාධයක් උන ස්ථානය ගැන ඉතා හොඳින් පරීක්ෂා කරන මොහු ඒ ගැන හැම දෙයක්ම තමන්ගෙ ලෙජරයේ සටහන් කර ගන්නවා. ඔහුගෙ හවුල් කාරයා වන මාටින් හාට් කියන්නෙත් ඒ වගේම දක්ෂ රහස් පරීක්ෂකයෙක්. විවාහකයෙක් වන මාටින්ට සුන්දර බිරිඳක් හා දියණියන් දෙදෙනෙක් සිටිනවා.
මේ වෙනකොට රස්ට් පොලිසියේ රස්සාවෙන් අයින් වෙලා පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්. හැබැයි මාටින් නම් තාම පොලිසියේ රාජකාරී කරනවා. ඔවුන් දෙදෙනා එකට වැඩ කල කාලයේ ඇමරිකාවේ ලුසියානා ප්‍රදේශයේ සිදු වන මිණීමැරුමක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා සිදු කල පරීක්ෂණයක් ගැන ඒ දෙදෙනා කරන විස්තරයක් වටා තමයි මේ පළමු කොටස ගෙතිලා තියෙන්නේ.
කාලෙකට කලින්, මාටින් හා රස්ට් එකට වැඩ කරන කාලයේ ඉරැත් නැමති ප්‍රදේශයේ වගා බිමක් තුල කාන්තාවක්ව මරලා දාලා තියෙනවා. ඇගේ හිසේ අං තට්ටුවක් පලඳලා, පිටේ අමුතු ආකාරයක සංකේතයක් ඇඳලා, පිහියකින් දෙතුන් වතාවක් ඇනලා, යම් කිසි ගුප්ත පූජාවක් සිදු කරන ආකාරයට තමයි ඇගේ මිණිය රඳවලා තියෙන්නේ. ඒ අවට ලී කෝටු වලින් හදපු අමුතු විදිහේ ත්‍රිකෝණාකාර කූඩු වගේකුත් එල්ලලා තියෙනවා. හැබැයි ඇගේ මිණියෙන්වත් ඒ අවටින් වත් මිණිමරුවා ගැන කිසිම සලකුණක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ.
ඉතින් යාළුවනේ… කවුද මේ මරලා දාලා තියෙන කාන්තාව? ඇයි එහෙම මරලා දාලා තියෙන්නේ? මේ කාන්තාවගෙ මරණය පිළිබඳ අභිරහස අපේ රහස් පරීක්ෂකයින් දෙපලට විසඳන්න පුළුවන් වේවිද? වසර ගණනාවකට පසුව පහුගිය සිද්ධියක් ගැන මොවුන් දෙදෙනාගෙන් විස්තර විමසන්නෙ ඇයි? රස්ට් කෝල් මොන විදිහේ පුද්ගලයෙක්ද? මේ දෙන්නා එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කරාවිද? කියලා කතාව බලලම දැනගන්න. එහෙනම්…, හැමෝටම ජයවේවා!!!
15,962 downloadsDownload True.Detective.S01E01.zip128 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
75 comments
BOZZ
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........tharanga
බොහොම තුති!!!!
ganidu
තෑන්ක්ස් සහෝ
asiri
bohoma pin patta akak wage
sisiya
ela machan ela ithuruwath demu
vee
maxxa kathwak machan 9.4 rate thiye kiyanne
nadika
මචන් එල.. දිගටම සබ් 1 ඕනේ ....
ccnp
Thanks
Lahiru
supirima akak
yasomal
supiri wadak digatama denna
එරංග
එලස් බාන්න දැම්ම
chami
thxxxxxxxxxxxxx
ranga
bohoma pin :D
gayan
digatama subs denna meykata epi ganath adune
quik
thanks
udara
patta pattaa saho
was
ජය වේවා සුපිරි පහරක් බස්සලා තියෙන්නේ ඔය
samith
maru :D
jana
elakiri hode
Dina
patta kathawak wage... ela ela.. digatama demu.. jaya wewaaaaa......
Aditha Praween
එළකිරි සහෝ
සුපිරි කතා මාලාවක්
දිගටම කරමුtharindu
Happaa..me atharinne kohomada ithi..balannama epaiii...naththan loku aparadayaknee..tv series 7 k tath vada bala bala inne dann...mekath patan gannava balanna onna ithinn..9.4 ratings sellan nahaa...onna ehenam bagaththaa sahoo.thanks sahoo sub ekatahh...
ගයාන් රූකාන්ත (ජෝනා)
සහෝ බාන්ඩේ දුන්නා නේද ඔන්න ගත්තා
සුපිරි වගේ සබට ජය වේවා ඔන්න එපි දෙකම ගන්නවා
අනිකත් ඉක්මනට දෙන්න හොදේharsha
දිනිඳු ඔයා ගේ විචාරය කිවලා තමයි මේක බාගන්න තීරනය කලේ. ඊට පස්සේ පොඩි සර්ච් පාරක් දැම්මාම මේකේ දෙවනි කොටසත් ඇවිල්ලා. රොයිලි කරනවා වගේ නියමිත දවසකට මේකේ සබ් එක දෙන්න පුව්ලුවන් නම් ( රොයිලි වරද්දන්නේ නැතුව බ්‍රහස්පතින්දා හවසට රෙවලූශන් දෙනවා ) ගොඩක් හොඳයි. එහෙනම් ස්තූතියි ඔබට
දුශාන්
තැන්ක්ස් සහෝ සබ් වලට
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
sachesc
එල එල මචෝ ... මේ කොටස බාලා හුගක් කල් ... ඉන්ග්ලිශ් එක්ක බැලුවා දැන් අයෙත් බලන්න ඕනි... මෙකෙ 2වෙනිකොටසත් ඇවිත් තියෙන්නෙ ... ඉක්මනට ඒකත් දුන්නොත් සීරිස් එකත් එක්කම සබ් දෙන්න පුලුවන් ... උබට පින් හොදේ ...
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..shani
thanks....
සමීර කරුණාරත්න
මේ වෙනකොට කතා දෙකක් ගිහින් තියනවා. මම ඒ දෙකම බැලුවා... කියන්න ඕනේ මේක බොහොම අගේ ඇති කතාවක් බලන්නම කියලා.... අනික උපසිරැස කරුවා නිකන් වැඩකට නැති එකක් නම් දෙන්නෙත් නැහැ, මතාකනේ හැනිබල්...!
බොහොම ස්තුතියි අයියේ..!හර්ෂ ලහිරු
ස්තුතියි දිනිදු සහො :D ජය
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔයා උපසිරසි දෙනවා කියලා දැනගත්ත හින්දම මඟ බලාගෙන උන්නා දෙනකම්. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ :P :P
dinidu madushanka
elazzzzzzzzzzz bro jaya wewa
dev
alut katawak neda....
ela ela bohoma stuti saho... .“චූටී මල්ලි”
එල එල
රහස් පරික්ෂක ඒවා නම් මරු බන්
එලමන්ටරි සීසන් 2 දෙන්නකො.....
සහෝඉ ඒක දෙනවනම් web dl කොපි එකටත් සබ් දෙන්න හොදේ
සබට තුති
ඔබට ජය.................දිනිඳු සම්පත්
මේක ඉවරඋන ගමන් එලිමෙන්ටරි 2 දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
“චූටී මල්ලි”
එල එල
720p web dl කොපි එකටත් සබ් දෙන්න ..............
නලින්
නියමයි දිනිදු අයියා!
එළ කථාවක් වගේ මෙකත් අර හැනිබල් එක වගේද
එළ එළ ජය වේවා!
mudiya / මුදියා
අපේ දිනිඳුව දුන්න නම් ලොවෙත් නැතිව ඇති.
අනිව බැලිල්ලක් තමයි.
දිගටම දෙමු මචෝ.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Chamindu
එල සහෝ ...හොඳ එකක් වගේ ....thank you .
galaya
patta machan..digatama demu
malinga
anik kotas valatath sub dennako kotas 4k ava neda, balana innooooooo tnx lokkaaaaaa
Sanjaya
Thanks..
Aluthma ewa denawata pin.
Digatama Denna.DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Rashmika
thanks saho!!!!!!!!!
shihan
meka nam pattama kathawak...maru..
thanks a lot for the sinhala sub...gayan
thz brther
Thisal
thanx bro
හුදකලාවූ වෘකයා
බොහොම ස්තූතී සහෝ... :)
Ishara
Thank u Very Much.
Tharindu
elkiri machn, jaya sri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S01 : E01] | කුරිරුම සතා මිනිසාය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/True-Detective.jpg)

Ane mata kalanthe wage. thanx bokka