අද මට ඉතා විශේෂ වගේම ඉතා සතුටුදායක දවසක්. ඊට හේතුව තමා මේ මම ඔබට දෙන 200 වැනි සිංහල උපසිරසිය වීම. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් ගත්තා වුණත් අතර මැද සෑහෙන කාලයක් උපසිරසිකරනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් ඒ සඳහා වැයකරපු සමස්ත කාලය නම් ඉතා අධික වුණත් ලැබූ තෘප්ති…

අද මට ඉතා විශේෂ වගේම ඉතා සතුටුදායක දවසක්. ඊට හේතුව තමා මේ මම ඔබට දෙන 200 වැනි සිංහල උපසිරසිය වීම. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් ගත්තා වුණත් අතර මැද සෑහෙන කාලයක් උපසිරසිකරනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් ඒ සඳහා වැයකරපු සමස්ත කාලය නම් ඉතා අධික වුණත් ලැබූ තෘප්තියනම් අනන්ත අප්‍රමාණයි. මගේ 50 වෙනි උපසිරසිය 2012 අගෝස්තු 18 දිනත්, මගේ මගේ 100 වෙනි උපසිරසිය 2013 ජනවාරි 21 ත් 150 වැනි උපසිරසිය 2013 සැප්තැම්බර් 02 දාත් ලබා දී ඉන් අනතුරුව මේ සන්ධිස්ථානයට අද ලඟා වෙන්න හැකියාව ලැබුණා.
ඇත්තෙන්ම මම ස්තූතිය පළකළ යුතු අය අතරට මගේ මේ කරන කාලය වැය කිරීමට උපේක්ෂාවෙන් ඉවසන පවුලේ අයටත්, මට විශාල වශයෙන් උපකාර කරන සහෝදර ඇඩ්මින්වරුන්ට වගේම මේ අවුරුදු 5 පුරාවටම එක වචනයකින් හෝ මහා ශක්තියක් වෙමින් කමෙන්ට් මඟින් අදහස් දැක්වූ සියලු දෙනාම අයිති වෙනවා. කියන්න අවශ්‍ය නැහැනේ. මේ අපි දාන උපසිරසියකින් කවුරුන් ආර්ථික ලාභ ලැබුවත් මම ලබන එකම ලාභය නම් ඔබ ඉතිරි කර යන කමෙන්ට් එක පමණයි.
බයිස්කෝප් සිංහලෙන් අඩවිය ගැනත් යමක් කිව යුතුයි. බයිස්කෝප් අඩවියේ පාලනාධිකාරවරු නෑ. මේක කරන්නෙ ඔබ වගේම කොල්ලො සෙට් එකක් විතරයි. එක ඇඩ්මින් කෙනෙක්වත් තමුන් අයදුම් කරලා ඒ තනතුරට ඇවිත් නෑ. කොටින්ම කියනවනම් හැම ඇඩ්මින් කෙනෙක්ම බලෙන්ම වගේ තමා ඇදලා දාලා තියෙන්නේ. 🙂 නිදහසේ, දාලා තියෙන චිත්‍රපටියක් බලාගෙන ඉන්න තියෙන කාලය කැපකරගෙන තියෙන සල්ලිත් පුච්චගෙන තමා මේ ලංකාවේ හොඳම විනෝදාත්මක වෙබ් අඩවියට කඹුරන්නේ. පොතේගුරා මුල ඉඳන්ම කියන එක දෙයක් තමා ඇඩ් නම් දාන්නෙ නෑ කියන එක. එයා මාව ඇඩ්මින් කළේ මගේ අකමැත්තෙන්. මම වාසලව ඇදලා ගත්තා විතරක් නෙවෙයි අන්තිමට වාසලටම සෑහෙන කාලයක් තනියම මේක ඇදගෙන යන්න වුණා. ඒ වගේම තමා විකියව හා හසන්තවත්. කොටින්ම කියනවනම් බයිස්කෝප් සිංහලෙන් කියන්නේ සොඳුරු කොටි වලිගයක්. 🙂 මේ උපසිරසි දැමීම පටන් ගත්තු කාලෙ මම සතියට දුන්නෙ එක උපසිරසියක් වුණාට දැන්නම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දවසට උපසිරසි 5-6 දෙනවා වගේම මට පවා වෙලාවක් වෙන් කරගැනීම අභියෝගයක් මෙන්ම වඩා හොඳ තත්වයෙන් උපසිරසියක් ලබා දීම අනිවාර්යය දෙයක් බවට පත්වීම ඇත්තටම සතුටට කාරණයක්.
මම අවසාන වශයෙන් ඉල්ලන එකම දෙය නම් නිකන්ම නිකන් බාගත කරගෙන යන්නෙ නැතුව විනාඩියක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියන එකයි. මොකද තවමත් ගූගල් පරිවර්තකය සිංහල භාෂාවට සහයෝගය නොදක්වන නිසා උපසිරසියක් වෙනුවෙන් සෑහෙන වෙලාවක් ඕනම කෙනෙක් වැයකළ යුතු වෙනවා. ඒ මහන්සිය දන්න නිසාම තමා මම අලුත් පරණ කාට වුණත් එක වචනයකින් හරි ස්තූතියි කියලා කමෙන්ට් එකක් දාන්න මැලි නොවෙන්නේ.
හොඳයි මම 200 ට දෙන චිත්‍රපටය විදියට තෝරගත්තේ ඔයාලා කවුරුත් ආදරයෙන් වැළඳගත්ත The Hunger Games චිත්‍රපටයේ දෙවැන්න. Suzanne Collins ගේ තුන් ඈඳුතු නවකථා වල දෙවැනි පොත ආශ්‍රයෙන් නිපදවූ මේ චිත්‍රපටයෙන් පසුව මෙම වසරේ නොවැම්බර් මාසයේ හා ලබන වසරේ නොවැම්බර් මස අවසාන ග්‍රන්ථය ආශ්‍රයෙන් කොටස් දෙකකට නිපදවෙන ඉතිරි චිත්‍රපට දෙක නිකුත් වීමට නියමිතයි.
කතාව පටන් ගන්නේ 74 වැනි තරඟ වාරයෙන් දිවි ගලවා ගත් කැට්නීස් එවර්ඩීන් ව හමුවීමට ජනාධිපති ස්නෝව් පැමිණෙනවා. ඇය හා පීටා ගේ තර්ජනය මත ඔවුන් දෙදෙනාගෙන දිවි ගලවාගන්න සිදුවීම හේතුවෙන් ඔවුන් දිස්ත්‍රික්ක වල කැරලි වලට ආනුභාවය සපයන බව. මේ හේතුවෙන් ඔහු ඇයට පවසනවා ඇය පීටාට ඇති බව පෙන්වූ ආදරය ව්‍යාජ මවාපෑමක් නොව සත්‍ය එකක් බව ඒත්තු ගන්වන ලෙස ඇයට බලපෑම් කරනවා. විශේෂයෙන්ම ජයග්‍රාහකයින් අනිකුත් දිස්ත්‍රික්ක වලට කරන සවාරිය එයට උපකාරීකරගන්නා ලෙස මෙන්ම එය නොකළොත් පවුලේ අයට හිරිහැර කරන බවට තර්ජනය කරනවා. ඒත් ඒක නෙවෙයි ඇයට මුහුණ දෙන්න වෙන අභියෝගය වෙන්නේ. ඒක කවුරුත් නොහිතපු අභියෝගයක්.
කතාව ගැන ඔය ඇති. හැමෝම බලයි කියලා හිතනවා. හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා.
නම් වශයෙන් එකිනෙකාට ස්තූති කිරීමේ අවදානම නොගෙන නැවතත් මම ඔබ සැමට බොහොම ස්තූතියි කියලා කියන්නම්. බොහොම පිං දීපු හැම ශක්තියකටම හා ධෛර්යයකටම. ඉදිරියටත් එය ඔබගෙන් මම බලාපොරොත්තු වෙනවා. 276
Due to copyright issues, we do not provide any torrent links.
18,138 downloadsDownload T.Hunger.Games_.C.Fire_.2013.baiscopelk.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
588 comments
Dhananjaya Nuwan
“චූටී මල්ලි”
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ මචන්
අද වගෙ මතකයි 100නි සබ් එක දුන්නු දවසත්
උපසිරැසි 200ක් කියන්නෙ පොඩි ගානක්ද?
අපි හිතමු එකකට පැය 2ක් ගියා කියලා ( සාමාන්‍යෙන් ඊට වඩා යනවනෙ )
ඒ කියන්නෙ පැය 400ක් ඒ කියන්නෙ දින 17 වගෙ
ඔබ අනිකුන් වෙනුවෙන් සත 5ක් නොලබා වටිනා ජිවිතයෙන් දින 17ක් කැපකරලා
නිකන් හිතපන් උබ දුන්නු 200 එකක් පැය එකහමාරක් තියෙ කියලා ඒ කියන්නෙ 200ටම පැය 600ක් නිකන් හිතමු උබගෙ සබ් 200යෙ ඩවුන් වාර ගානෙ එකතුව ලක්ෂ හයක් කියලා ( දිදුල සහෝගෙ 100 වෙනි 1 දෙන දවසෙ එයාගෙ සබ් වල ඩවුන් වාර ගානෙ එකතුව 400,000 කියලා තිබ්බා )
ඒ කියන්නෙ පැය 600 x 600,000 = පැය 3600,000 ඕක පැය 24න් බෙදුවම දින කියද රොයිලි උබට සතුටු හිතෙයි දින 150,000 යකෝ උබ දින 17 ජිවිතෙන් කැපකරලා අනික් උනෙගෙ ජිවිත වල පැය 150,000ක් සතුටු කරලාඉතින් මට අපේ උන්ට කියන්න තියෙන්නෙ තප්පරයක් වැය කරලා අදහ්සක් දාන්න කියලා
මේක අනිවා බලනවා බන්
සබට තුති.....................
ඔබට ජයAsanka
Never commented before, This time i couldn't get away without commenting. Its an honor to appreciate you.
Naween
පට්ට සහෝ පට්ට...දිගටම කරගෙන යමු.ඔබට සදා ජය.....
තරුෂ නයනජිත්
thank bro.. good job..good work...god bless you... max sub
i wish youJanaka Udayanga
patta sahooo...... ela digatama karagena yanna mn subapathanawa
නලින්
අඩේ චුටියා! නියම කථාව බං!
සිරවට තත්ත්පරයක් වැය කරලා කමෙන්ට් එකක් නොදාන්න තරම් මිනිස්සුත් අපි අතර ඉන්නවා!
තරිඳූ පෙරේරා
fattama comment eka.......fattama fatta.....
ravindu
පට්ට වැඩක් සහෝ!
සුබ පැතුම්!!!shan
රොයිලි uba nam edeiyek neme DEWALAYAK, sellanda SUB 200k kiyanne
grait job bromadusha05
godak isthuthi oyata,thanks api wenuwen kapa karana kalayata
LOL
yeah of course.... problem?
was
උණුසුම් සුභ පැතුම්!
hk_rabbit
thanks brother,
ohoma yan
good luck !!!!!!!!!!!!!!!!yasomal
thanks all the best
සමීර චතුරංග
නියමයි අයියා මේක දෙනකම් උන්නේ,ඒ වගේම සුබපැතුම්...
දර්ශන හර්ෂ කුමාර
200 වෙනි සබට ජය රොයිලි සහෝ.අපි වෙනුවෙන් කරපු දේවල් වලට ගොඩක් පින්.ජය වේවා.ඉක්මනටම 250ත් ගහන්න ලබෙන්න කියල සුබ පතනවා. :)
vee
maxxxa wadak
Thisara Neo
උණුසුම් සුභපැතුම් සහෝ.
මෙතැකින් නොනැවති තව තවත් ඉදිරියට මේ වගේ ගුණාත්මකතාවයෙන් ඉහල උපසිරැසි අපට ලබාදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ද්විත්ව ශතකයක් සම්පූර්ණ කරනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි.කාලය වශයෙන් සැළකුවත් ඔබ විශාල කාලයක් මේ වෙනුවෙන් කැපකරල තියෙනවා.මම මගේ ආචාරය ඔබට පුද කරනවා.රෝයිලි සහෝ... ජයවේවා!ජය වේවා…
ශක්තිය නොඅඩුව ලැබෙන්න ඕනේ තව තවත් නිර්මාණ බිහි කරන්න ..ගොඩක් ස්තුතියි …………..sikka34
ela ela
RICHI
mage unusum subapathum aiye....
LOAD KING@EK
සුභ පැතුම් අයියේ
අයියා බයිස්කෝප් එකේ මුදුන් මුල වගේ
ජය වේවා
අයියට පුලුවන් නම් Last Vegas (2013) එකටත්
සබ් දෙන්නකෝ :)තරිඳූ පෙරේරා
thava davasakin ekata aniva labenavaa sahooo..poddak inna man ekata sub karana gaman inne...thava lines poddak thiyenava etika ivara karala aniva heta vage denna balannam........
ccnp
Thanks
tharanga
ලොවෙත් නෑ මේක නම් අනිවා බලනව හද පිරි සුභ පැතුම්!
උදාන
සුභ පැතුම්!
ositha
bohoma pin 200ta suba pathum
Navodya Deshan
මෙපමණ දුරක් ආ ගමන,මෙම කර්තව්‍යය තව දුරටත් මේ ලෙසටම කරගෙන යාමට ධෛර්යය ලැබේවා යැයි හදවතින්ම සුභ පතනව.....
quik
thanks
Sahan
apen subama suba pathum bro.. thankz a lot sub ekata..
panditha sasika
gr8 work ayya baiscope is best site frver <3
Shaggy
සුබ පැතුම් සහෝ
බාන්න දැම්මDhanushka
උණුසුම් සුභපැතුම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
anil
bohoma pin
pirate boy
200 වැනි උපසිරැසියට මගේ ආචාරය සහ හද පිරි ස්තූතිය.කොහොම උනත් සබ් දාන අය තමා සබ් දාන එකේ අමාරුව දන්නේ ,නැවතත් මාගේ ස්තුතීය!!!!!!!!!!!!!!!!
Ashan ravihansa
me karana sevaya ta thankz karanda matanam vachana na kisima labayak balaporoththu novi hudekma athama thupthiya nisama sub ekak apita denne e thin e nisama e karana mahansiya venuven api comment ekakvath sangaha karanne nathanam me karana sevayena vadak na shao. ithin saho obe 200 veni upasirasa venuven unusum suba pathum!.......
KAL32
අපි වෙනුවෙන් උපසිරැසි 200ක් ම කලා නේද?
බොහෝම ස්තූතියි සහෝදරයා.හැකි ඉක්මනින්ම 250 Target එකටත් යන්න හැකි වේවා :DDilanH
උණුසුම් සුබ පැතුම් !! රොයිලි සහෝ
wow
wow,, maru :D
රාම් රාජ්
රොයිලියෝ මම සෑහෙන කාලෙකින් වුනත් ඔන්න උබ වෙනුවෙන් කමෙන්ටියක් දැම්මා.මම මේසයිට් එකට ඇවිත් සබ් ගන්න පෙලබුනේ උබගේ සබ් දැකලයි.ඉතිං තවත් කල් අපි එක්ක ඉන්න.තව දුරටත් අපිට සබ් දෙන්න කැමැත්තක් හා ආශාවක් ඇති වේවායි මම සුබ පතනවා.මේ සයිට් එකේ ඉන්න කොල්ලෝ ටික නම් රත්තරං වටින උන් ටිකක් බං.මේ වගේ දෙයක් තමන්ගේ කාලය කැප කරලා කරනවා කියන්නේ ආය කියන්න වචන නෑ.උබ ඇතුලු ඔය කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම ජය.
thilan
OBATA MAGENUTH SUBAPATHUM MEWAGEMA IDIRIYATATH KARANNA OBATA JAYENJAYA..............PATTAI.
Kasun
Pattaaaaaaaaaaaa vedak aaaaaaaaaaaaaaa
Jayen Jaya Patanavaaaaaaaaaaaමිහාන්
200 ට උණුසුම් සුභපැතුම් අයියේ ......................!!!
මේ සබටත් බොහෝම තුති.rusuru | රුසිරු
සුභපැතුම්!!!!!! :)
යශෝධ
රොයිලි සහෝ අද තමයි මම පළමු වතාවට ඔයා දාපු උපසිරසකට කමෙන්ට් කරන්නේ....
ඒත් ඔයා අපි බයිස්කෝප් එකට අලුත් අය වෙලත්, දාපු හැම උපසිරසකටම කමෙන්ට් කළා.. ඇත්තටම ඔයාගේ කමෙන්ට් එකක් දාපු ලිපියකට ලැබුනම පට්ටම සතුටක් තමයි දැනෙන්නේ... අද ඔයා මේ පහු කරපු කඩ ඉමට ඉත සිතින්ම සුභ පතනවා...! ඒ වගේම ඔයාගේ 500 වෙනි සිංහල උපසිරස.. ඒක තමයි ඕනේ.... ජයෙන් ජය පතනවා...! :-DEsha
Thanks ayiya..
Erängä
200ට උනුසුම් සුබ පැතුම්........!!!!
100000ක්ම කරන්න ශක්තිය ලැබේවා...
බොහොම පිං සිංහල උපසිරැසි වලට.. ^_^jack
නියමයි රොයිලි අයියේ. උපසිරැසි 200 ක් කරන්න කොච්චර කාලයක් නම් කැප කරන්න ඇතිද ? හිතා ගන්නත් අමාරුරි. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව මේ කරන කැපකිරීම. එහෙනම් 200 වෙනි උපසිරැසියට සුබ පතන ගමන්ම සබ් එක මමත් ගත්තා. හැකි ඉක්මනින්ම 250 ට යන්න හැකිවෙන්නත් කියලා හදවතින්ම සුබ පතනවා.... ජයවේවා.
Dilan Sachinthaka
well done BROwww...
:-D :-Dnuwan
supiri machan....
thank you wewaaaaa................!Kanishka Wijewardana
ඉතාමත් හොද දෙයක්. ඔය ගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ වැඩේ දිගටම කරන් යන්න. සුබපැතුම්.
vee
maxxa maxxa saho
Sanath Indika
thx u sahoo. තවත් ඉදිරියට පවත්වාගෙන යාමට හැකි ෙව්වා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D :P
200ක් සබ් දානවා කියන්නෙ ඒ ගැන හිතනකොටත් බය හිතෙනවා :P
ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා :D :D ජයවේවා සහොchanaka
උණුසුම් සුභ පැතුම්!
bee
patta patta awsome
janaka
උණුසුම් සුභ පැතුම් සහෝ! :)
Binara Ravinash
මගෙනුත් සුභ පැතුම්
ගයාන් රූකාන්ත
හද පිරි සුබ පැතුම් රොයිලි අයියේ ඔයාට තව තවත් උපසිරසි දෙන්න ලැබේවා
ඔබට සුබ අනාගතයක් ජය වේවා !nipuna prasad
cngrtzzzzzzzzzzzzzzzzz ayyya
Dar[K]
මගෙන් සුභ පැතුම් සහෝ….
දිගටම කරගෙන යන්නතරිඳූ පෙරේරා
aththatama supiri sahoooo......fattama fatta...mata nikamata hithuna mekenma 200 veni upasirasiya aran ei kiyalaa.....fattama fatta.......thava loku durak yathahaki sahooo........250.300,350.400,450,500........aththatama suba pathanava me apu loku gamanata....digatama yamu sahoo thava loku durakk........apita aththatama film vala niyama rasaya kiyala dunne me website ekenn.....ekata godak loku dayakathvayak dila thiyenava sahoo oyaa......ekatath godakma sthuthi.....ayeth subapathanava sahoooo 200 veni upasirasiyata...man hithanne oba thuma venna athi lankave upasirasi 200 k karapu palamu pudgalaya......thankss sahoo thankss thavath digatama demuu me vageee.....godak thankss.....thava loku gamanak yathahaki......godak pin mekarana samaja sevayata.............
තරිඳූ පෙරේරා
evagema api aluth aya velath ape sub valata commentuvak dana ekatath godakma godakma godakma sthuthi sahooo......oyage commentuvak thibbahama aththatama thava upasirasiyak danna anivama hithenava...ayeth 200 veni sub ekata subapathum....
lahiru
niyami kalayak balan hitapu ekak...niyamai bro.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මගෙන් සුභ පැතුම් සහෝ....
දිගටම කරගෙන යන්න..