Watch Trailer

Avatar: The Last Airbender [S02 : E16 – E17] Sinhala Subtitles | ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද මට හරිම විශේෂ දවසක්! ඒ වගේම මම හරිම වාසනාවන්තයි! රොයිලි අයියා සහ දිදුල අයියාගෙන් පස්සෙ බයිස්කෝප් සයිට් එකෙන් උපසි‍රැසි 50ක් සම්පූර්ණ කරන මුල්ම කෙනා මමනෙ! ඉතිං ඒක එහෙම නොවෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ තුන්වෙනියා… හරිම සතු‍ටුයි. මම තවම සිංහල උපසි‍රැසිකරණයට එක්කාසු වෙලා මහ ලොකු කාලයක් වුණේ නෑ. හරියටම කිව…

අද මට හරිම විශේෂ දවසක්! ඒ වගේම මම හරිම වාසනාවන්තයි! රොයිලි අයියා සහ දිදුල අයියාගෙන් පස්සෙ බයිස්කෝප් සයිට් එකෙන් උපසි‍රැසි 50ක් සම්පූර්ණ කරන මුල්ම කෙනා මමනෙ! ඉතිං ඒක එහෙම නොවෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ තුන්වෙනියා… හරිම සතු‍ටුයි. මම තවම සිංහල උපසි‍රැසිකරණයට එක්කාසු වෙලා මහ ලොකු කාලයක් වුණේ නෑ. හරියටම කිව්වොත් මාස 06කට අඩුයි. මගේ මුල්ම උපසි‍රැසිය වෙච්ච Prince of Persia: The Sands of Time (2010) චිත්‍රපටයේ උපසි‍රැසිය බයිස්කෝප් එකේ පළවුණේ 2012 සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා. මාසෙ අන්තිම දවස! මුලින්ම දීපු උපසි‍රැසියේ ඉදන් මේ වෙද්දි මම ඔක්කොම චිත්‍රපට 6ක උපසි‍රැසි කරලා තියෙනවා. TV series දෙකක් සම්පූර්ණ කරලා මේ වෙද්දි තුන්වැනි එක ලබා දෙමින් ඉන්නෙ. ඒ අතරෙ රොයිලි අයියා උපසි‍රැසි ගෙනාපු Band of Brothers හි ම තවත් කොටසක් වගේ තියෙන The Pacific කතා මාලාව වගේම Avatar-The Last Airbender කා‍ටුන් කතාවත් අඩංගු වෙනවා. The Pacific හි කොටස් දහයම සහ Avatar කාටූන් කතා මාලාවේ කොටස් 20කින් යුතු පළවෙනි සීසන් එකත් සම්පූර්ණ කරලා උපසි‍රැසි ලබාදෙන්ඩ මට හැකි වුණා. මම මේ වෙද්දි Avatar කාටූන් කතාවෙ දෙවෙනි සීසන් එකෙනුත් අඩකට වැඩි ගණනක උපසි‍රැසි ලබා දීලා අවසන්. ඒ වගේම දැනටමත් එය නිම කරලා අවසන්. ඉදිරියේදී තෙවැන්නත් ලබා දෙන්නම්.

ඇත්තටම මට සතු‍ටුයි මෙච්චර කෙටි කලකින් මේ වගේ හපන්කමක් කරන්ඩ හැකි වීම ගැන. උපසි‍රැසිකරණය කියන එක මම දකින්නේ තමන්ට වගේම අනුන්ටත් වැඩක් වෙන දෙයක් විදිහටයි. මුලදි මුලදි අමාරුවෙන් මේ වැඩේට අතගැහුවත් පස්සෙ පස්සෙ මේ වැඩේ ඇබ්බැහියක් ගාණටම වුණා. නැතිනම් මෙච්චර පරණ කාටූන් එකක් සිංහල හදන්නෙ නෑනෙ මහන්සි වේගෙන. අනික ඒක අරගත් පිරිසත් හරිම සීමිතයි වගේම, ඒ වෙනුවෙන් ලැබුණු ඇගයීමුත් හරිම සීමිතයි. නමුත් ඒ විදිහට මම ඒ කතාව සිංහල හදාපු එකෙන් සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමේ, ඒ වෙනුවෙන් සිංහල ලබාදෙන්න කියලා ඉල්ලීම් කළ අයටත් මගේ ඒ මහන්සියෙන් ප්‍රයෝජනයක් වුණා කියල මම හිතනවා. ඇරත් මේ වගේ කාටූන් එකක් බලල මම ලබපු වින්දනේ තව කෙනෙකුට ලබාදෙන්ඩ මට හැකිවුණානම් ඒක තමා මගේ සතුට වෙන්නෙත්. මේ කතාව දෙනකොට දිගටම මට කමෙන්ට්වලින් සහය පළ කළ, අගය කළ කිහිප දෙනෙක් සිටියා. ඒ අයට බොහොම ස්තුතියි. ඒ වගේ කෙනෙකුගේ මහන්සියේ අගය වැටහෙන පිරිසක් අන්තර්ජාලයෙන් හෝ හමුවීම සතුටක්. ඇත්තෙන්ම මම මේ වෙද්දිත් තෙවැන්න අවසන් කරමින් යනවා. ඉතින් දෙවනි එක ඉවර වුණු වහාම ඒකත් ඔබ අතට පත් කරන්නට අපේ බයිස්කෝප් ඇඩ්මින් කට්ටිය කටයුතු කරාවි.

බයිස්කෝප් අඩවියේ උපසි‍රැසි 50ක් සම්පූර්ණ කරන තුන්වැන්නා හැටියට; රොයිලි, දිදුල අයියලා කළා වගේම මටත් ඒ හැම එකක්ම තනිවම කරන්නට පුළුවන්වීම ගැන ලොකු තෘප්තියක් තියෙනවා මට! 50 වැනි උපසි‍රැසිය සමරන අය අතුරින් ඒ 50ම තනිවම කරපු මුල්ම කෙනා වෙන්ඩ ලැබීමත් හිතට පුදුම සතුටක් තමයි. රොයිලි සහ දිදුල අයියලාට වගේම උපසි‍රැසි 50 අභිමානය මටත් හිමිවෙලා අද! ඉතින් බයිස්කෝප් අඩවිය එක්ක එකතුවෙලා සුළු කාලෙකින් මෙච්චර දුරක් එන්ඩ ලැබීම ඉබේ වෙච්චි දෙයක් නෙමෙයි. ඒකට හුඟාක් දෙනෙකුගේ සහයෝගය දිගටම මට ලැබුණා. නම් වශයෙන් කියන්ඩ යන්නෙ නෑ මම. ඒ වුණත් මුල්ම උපසි‍රැසියේ ඉඳන්ම මට ලොකු සහයක් ලබා දීපු විකියා අයියව විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ වෙලාවෙ. ඔහු ඇතුළු ඇඩ්මින්වරුන්ටත් අනෙකුත් හැම ආකාරයකින්ම සහය දක්වපු හැමකෙනෙක්ටමත් ස්තුතියි. බයිස්කෝප් සිංහලෙන් වගේ යහපත් පිරිසක් එක්ක එක්කාසු වෙන්ඩ ලැබීමත් මම ලබපු ලොකු භාග්‍යයක් බව මේ වෙලාවේ නොකියාම බෑ.

එහෙනම් යාළුවනේ අද මේ දෙන Avatar කාටූනයේ දෙවෙනි සීරීස් එකේ කොටස් දෙකෙන් පස්සෙ තව කොටස් තුනයි ඉතුරු. ඉවසීමෙන් ඉමු ඒ ටික ඉවර කරලා තුන්වෙනි එකත් මේ පිම්මටම ලබාදෙනකම්. ඒකත් මේ විදිහටම දෙනවා. ඒ ගැන බය වෙන්ඩ එපා. අද විශේෂ දවසක් නිසා බයිස්කෝප් ඇඩ්මින්ලා තීරණය කළා එකවර කොටස් දෙකක්ම දෙන්ඩ. ඒක නිසා අද ගේන කොටස් දෙක ගැන ටිකක් බලමුකෝ එහෙනම් දැන්:

16 වෙනි කොටස මෙහෙමයි:
මතකනේ අවතාර් සහ පිරිවර මේ ලෝක යුද්ධය නවතා දමන ක්‍රමයක් සොයන්නට ලෝකයේ ඇති සියලු දැනුම අඩංගු පුස්තකාලයකට ගිය දවස. අවතාර්ගෙ සුරතලා වගේම මිතුරා වන ‘අප්පා’ සහ ටෆ් පිටතම ‍රැඳුණේ ඔවුනට ඇතුළට යන්නට නොහැකි හින්දා බව මතක ඇති එහෙනම්. එහෙමනම් ඔවුන් අමාරුවෙ වැටිච්ච වෙලාව බලලා අප්පාව සොරාගෙන ගිය හැටිත් මතක ඇති! අමතක වෙන්නෙ කොහොමද පසුගිය කොටසිනුත් අප්පා නැති සොවින් තැවෙන අය ඔහුගේ හෝඩුවාවන් සෙවූ හැටි දු‍ටුවනේ ඉතින්. හරි! එදා අප්පා ඒ විදිහට සොරාගැනුණායින් පස්සෙ එයාට මොකද වුණේ? කියල තමයි අද ගෙනෙන මේ 16 වෙනි කොටසින් දිගහැරෙන්නේ. අප්පා ගියේ කොහේද? කවුරුන් ඔහුව ගෙන ගියත් ඔහු ගිය මග ගැන සුළු හෝඩුවාවක් ගියවර මෝමෝට හම්බුණා. ඒ බා-සිං-සේ නගරය ඇතුළෙමයි. එහෙනම් අප්පා මේ දැනුත් නගරයේම සැඟවුණු කොටසක ඉන්නවා වෙන්ඩ බැරිද? බලමු මේකෙන් ඒ ගැන වැටහීමක් ලැබෙයි.

17 වෙනි කොටස මෙහෙමයි:

ඇත්තටම අප්පා වගේ ලොකු සතෙක් කාටවත් ඇහැ නොගැටෙන්ඩ හංගන්නේ කොහේද? එහෙමනම් මේ නගරයේ සැංගිච්ච රහස් නගරයක් තියෙනවාවත් ද? එතකොට ඇයි එකම කෙනා නොවුණත් ඔවුන් හමුවට එන සේවිකාව හැමතිස්සෙම එකම නමක් කියන්නේ? එකම නම තියෙන උදවිය මේ තරම් ගාණක් එකම නගරයක ඉන්ඩ පුළුවන්ද? නැතිනම් කොහොමද වෙන වෙන අය ඇවිදින් එක නමින් පෙනී හිටින්නෙ? ඇයි එහෙම කරන්නෙ? ඒ අයවත් ඒ ගැන දන්නෙ නෑ. ඔවුනට මතකයක් නෑ. එතකොට ජෙට්’ට හදිස්සියෙම මොකද්ද වුණේ? ටෆ්ට හසුනොවී බොරු කියන්ඩ ඔහුට බෑ. නමුත් ඔහුගෙම සගයින් ඔහු කියන්නෙ බොරු බව කියද්දි කොහොමද ඔහු ඇත්ත කියන්නේ? හරිම පැටළිල්ලක්. එහෙනම් මේ නගරෙ මොකක්දෝ ගුප්ත ගැඹුරු රහසක් තියෙනවාමයි. කට්ටියත් එක්ක හොයාගෙන යමු එහෙනම් අපිත් ඒ රහස ගැන.

ඉතින් යාළුවනේ; අද විශේෂ දවසක්නෙ! මමත් අද මේ සයිට් එකට ආවේණික ක්‍රමය අනුවම යමින් සිංහල උපසි‍රැසි 50ක් සම්පූර්ණ කරනවා. ඒ වගේම මේ සයිට් එකෙන් උපසි‍රැසි 50 සම්පූර්ණ කරන තුන්වැන්නා ලෙසින් මම ඒ ජයග්‍රාහී කඩඉම පසු කරනවා. මේ වගේ වෙලාවක ඔබේ අදහස් උදහස් අපට හරිම වැදගත්. ඔබ දැකපු හොඳ/ නරක, අඩුපාඩු වගේම වෙනත් යෝජනා සහ චෝදනා ඇත්නම් ඒ හැම එකක් ගැනම කමෙන්ට් එකකින් අපට කියන්ඩ අමතක කරන්ඩ එපා. ඒ වගේම මෙතෙක් කියන්ඩ බැරි වුණ අදහසක් තියෙනවානම් ඒ අදහස අකුරු කරන්ඩත් මේක හොඳ අවස්ථාවක් වේවි හැමකෙනෙකුටම. එහෙමනම් ඊගාව උපසි‍රැසියෙන් යළිත් හමුවෙමුකෝ අපි! එතෙක් හැමෝටම ආයුබෝවන්!

50 img

 

 

Due to copyright issues, we do not provide any torrent link.

3,574 downloadsDownload Avatar-Last-Air-Bender-Season-2-Ep16-Ep17sinhala.sub_.baiscope.lk_.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

3,574 downloadsDownload Subtitles315 B

61 comments

  1. tharanga

    මගේ උණුසුම් සුභ පැතුම්! දිගටම සබ් දෙන්න

  2. lasidu

    ජය වේවා,,, සුභ පැතුම්

  3. Bandula

    thanks all the best

  4. vee

    good luck bro

  5. ositha

    maxxxa digatamna sub denna wish u all the best pubudu

  6. හසන්ත වික්‍රමරත්න

    ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම්, සුපුන් මල්ලි.

  7. elakiri

    එල ජය වේවා,,, උණුසුම් හද පිරි සුභ පැතුම් සහෝට

  8. quik

    thanks gr8

  9. was

    සුභ පැතුම්. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  10. rusuru | රුසිරු

    සුභ පැතුම්.

  11. Shanaka

    Magen Hot Hot Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  12. Isuru

    thankssssss mageth suba pathum

  13. hh

    supiri suba pathum

  14. kalinga

    නියමයි සහෝ.. මේවා කට්ටිය දෙන්නේමේ නැති කතා. ඒ වගේ එකකට කාලය වය කරලා කරපු දේට හදපිරි තුති. ඒ වගේම 50 ට උණුසුම් සුභ පැතුම්

  15. Fernando

    jaya wewa... cngrtz

  16. රොයිලි

    මෙන්න මමත් එකතුවෙනවා පුබුදු සුපුන් සහෝට උණුසුම් සුබපැතුම් එක් කරන්න. කමෙන්ට් අඩු වුණත් සැලෙන්නෙ නැතිව දිගටම දීපු එක තමා වටින්නේ. ඉක්මනටම 100ටත් අඩිය තියමු එහෙනම්. ජය෴෴

  17. geeth

    patta patta pattaaaa

  18. uda

    ඇත්තටම සහෝ උඹනම් යකෙක්! මට කියන්ඩ තියෙන්නේ ඒකයි.
    දිදුල වගෙම සුළු කාලෙකින් උපසිරැසි 50ක් කළ නිසානම් නෙමෙයි, හොදද?

    උඹ මේ දීපු අවතාර් කතාවෙ සිංහල බෑවේ කීයද? කමෙන්ට් කළේ කීයද? අනික් ඒවාත් එක්ක සසදනකොට හරිම සුළු ගණනක්. නමුත් ඒ බාපු සුළු පිරිස මේක ගත්තේ හරිම ආශාවෙන්. වෙන එකෙක්හෙමනම් මේ සබ් කෙරුවාව අතාරිනවා 'වැඩක් නෑ මෙහෙම!' කියලා. නමුත් අර සුළුපිරිස වෙනුවෙන් උඹ කළ කැපවීම හරිම පුදුමාකාරයි. ඇත්තෙන්ම මේකේ සබ් හදන්ඩ පදනම වැටුණේ, "Legend of Korra" කාටූන් එක යන අතරෙදි ඇතැම් අය කරපු ඉල්ලීම් නිසානෙ. උඹ ඒක දැකලා මේක එකදිගට දෙන්ඩ ගත්තනෙ. ඒ අය වෙනුවෙන්. මෙහෙම වෙද්දි උඹට එපා වුණේ නෑ කියන්නෙ උඹනම් හැබෑටම හොද හිතක් තියෙන එකෙක්!

    මොකද බාගෙට වැඩක් නතර කරල නොදා වටේ රොක්වෙන සුළු පිරිසගේ රසය සතුට ගැනම සලකලා මේක කරාපු බවකුයි මටනම් පේන්නේ... හොද හයිය ඇති හිතක්! ඒ වගේම මනුස්ස හිතක්! අවංක හිතක්! නේද?

    මෙච්චර අලුත් ෆිල්ම් එද්දි ඒ එකක් දිහාවත් නොබලා, කලින් ආපු හොද ෆිල්ම් ඉතුරු වෙලා තියෙද්දිත් ඒ ගැනත් නොසලකා මේකම වෙනුවෙන් ඇප කැප වෙච්චි එක පුදුමාකාර දෙයක් මටනම්! හැබෑට එහෙම නොවෙන්ඩ උඹ මෙච්චර ඉක්මනට 50ක් ගහන්නෙත් නෑ... ඒ කැපවීමටයි, ඒ ඇපවීමටයි හරිම ගරු කරනවා සහෝ...

    දිගටම සබ් දෙන්ඩ ලැබේවා! මම හිතන්නෙ මේකේ තුන්වෙනි කොටස ඉවර කරනකොට ඔයා 72ක් වගේ ඉවර කරනවා. ඒ නිසා ඉක්මනටම තව එකක් හොයාගමු දිගටම ශතකයටත් යන්ඩ. කැමතිනම් අපි ඉන්නවා යෝජනා ලබා දෙන්ඩ. මම හිතන්නෙ මම විකියට කියල තියෙන කීපයක්ම තියෙනවා; ඔයා සතුටුනම් කරන්ඩ සලකා බලන්ඩ ඒවා ගැනත්. මේ වගේම ලස්සන කාටූන් කතාම/ ළමා කතාම දිගටම දෙන්ඩ පුළුවන්නම් හුගාක් වටීවි ඒක. මොකද එහෙම නැතිව ගියොත් මේකේ ළමා කතා හිදිලා යනවා. ඔයා ඉන්නකම් ඒක වෙන්ඩ ඉඩ නොහරිනවානම් ගොඩක් හොදයි සහෝ... එහෙමනම් ජයෙන් ජයම වේවා! දිගටම යමු මේ ගමන! සුබ පැතුම්!

  19. Sadun

    උණුසුම් සුභ පැතුම් සහෝ

  20. chami

    cngrtzzzz bro

  21. nipuna

    thnxxx

  22. Buddhi

    Thanks

  23. Gayan

    Congrtz Bro..

    Keep it up......

  24. “චූටී මල්ලි”

    තමන්ගෙ වටිනා කාලය තවත් දහස් ගනනකගෙ රසවින්දනය වෙනුවෙන් කැපකරමින් සිංහල උපසිරැසි නිර්මාණ අර්ධ ශතකයක් සම්පූර්ණ කල ඔබට මාගේ උත්තමාචාරය

    ඉදිරියටත් මෙම කාර්යය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නොඅඩුවම ලැබෙන්න කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා

  25. Ashan ravihansa

    patta macho upasirasa 50k sampurana kirme nimthiththen unusum suba pathum upasirasa 50k denava kiyana eka lesi vadak neveine eka danne uapasirase hadana kena patta kattak kala api venuven vehesana eka aththatama agaya kala yuththak sub ekata thankz macho ...diagatama demu 100k sampurn vena davasa balan inava macho ikamanata ekath karamu

  26. සමීර කරුණාරත්න

    සුපුන් සහෝ එහෙනම් අර්ධ ශතකයක් ගැහුව නේද.... සුපිරි සුපිරි අපි හිතනවා මේ වගේ දිගටම අපිට උපසිරැස ගෙනේවි කියල, ඒකට අපි හදවතින ශක්තිය, ධෛර්‍යය වාසනාව පතනවා.

  27. දිදුල Kd සිල්වා

    දැනෙන්නෙම නැතුව 50 ගහල නේද යාලුව. මගෙනුත් උණුසුම් සුභ පැතුම්. දිගටම වැඩේ කරන් යන්න.. ජයම වේවා෴

  28. THARAKA

    මගේ උණුසුම් සුභ පැතුම් BROTHER......

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි මචන්...... දිගටම යන්....

  30. ෂෙවින්

    සුපුන් සහෝ බොහොම ස්තුතියි මේ වගේ අඩු ප්‍රමාණයක් ප්‍රතිචාර දක්වද්දීත් දිගටම මේ විදිහට සබ් ලබා දීම ගැන මමනම් කියන්නේ මේ වගේ කැප කිරීමක් කරපු එකට ගරු කිරීමක් හැටියට ඊළගට හොද ප්‍රතිචාර ලැබෙන විදිහේ වැඩක් සුපුන් සහෝට දුන්නොත් හොදයි ඇඩ්මින්වරු උදාහරණයක් හැටියට Spartacus සීරිස්‌ එක ගමු ඒක පරණ උනත් කොච්චර හොද ප්‍රතිචාර ලැබෙනවද ඒක දෙනකම් කී දෙනෙක් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවද ඒ වගේ ටීවී සීරිස්‌ සුපුන් සහොටත් දුන්නොත් බොහොම හොද ප්‍රතිචාර ලැබෙයි මොකද සුපුන් සහෝදරයා දෙයක් බාරගත්තොත් ඒක එකදිගට ලැබෙනවා කියන ඒක කොහොමත් දන්නවා ජයවේවා සුපුන් සහෝ

  31. ෂෙවින්

    තව පොඩි යෝජනාවක් තියෙනවා කරන්න ඊලගට The Vampire Diaries වගේ එකක් දුන්නොත් හොද නැද්ද මේක අදහසක් විතරයි සලකා බලන්න සහෝ ජයවේවා

  32. Kibula

    Congratzzzzz And Thankzzzz MachannZZZ

  33. mudiya / මුදියා

    නියමයි සුපුන්.ඔයා නම් කරන්නෙ සුපිරිම වැඩක්.ඇත්තටම මේ කාටූන් එකට මං කොච්චර වහ වැටුනද කියනව නම් සමහර දවස් වලට රෑ එළි වෙනකන් බලල තියෙනව.ඔයා මේකට සබ් දෙන්න පටන් ගත්තම මට පිස්සු හැදුනා කොටස් හැට ගානකට එක දිගටම සබ් දෙන්න පුළුවන් වෙයිද කියල.ඒත් ටික දවසක් යනකොට තමයි තේරුනේ ඔයා කොච්චර නම් දක්ෂයෙක්ද කියල.සබ් හින්දම තමයි මං මේ කතා මාලාව ආයෙත් බලන්න තීරණය කරේ.ඒ ගැන ඔබට පිං.
    උපසිරැසි 50 ට මගේ උණුසුම් සුභ පැතුම්.ඉක්මනටම 100ත් දෙන්න පුළුවන් වෙන්න කියල පතනව.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!

  34. DSA

    ela ela kollo kohomahari half centuryak gahuwane.. centurykuth gahanda labewa kiyala prarthana karanwa..

  35. නලියා

    50 වෙනි නිර්මාණයත් අපි වෙනුවෙන්
    මහාන්සි නොබලා ගෙනාපු එකට ගොඩක් ස්තුතියි සහෝ

    තව දුරටත් මෙවැනි සුපිරි නිර්මාණ අපි වෙත
    අරන් එවි කියලා

    ජය වේවා සහෝ 1000 මුණ ගැහෙමු...!

  36. දිෂාන්

    මෙන්න අපෙනුත් අවංකවම සතුටු සුභ පැතුම්......
    100 ඉක්මනින්ම දෙයි කියල හිතකව...
    ජය වේවා මල්ලි

  37. නිරෝෂ්

    දිගු ගමනකට සුබ පැතුම් පුබුදු...!

  38. ශාන් විමුක්ති [වීමා]

    අවන්කවම මාත් මේ වගේ ඒවට ආස නෑ බොරු කියන්න ඕන නෑනෙ ඉතින් :)
    එත් ආසාවෙන් බාපු කට්ටිය වෙනුවෙන් කරපු කැප කිරීම ගැන කියන්න වචන නෑ මචං
    මම නම් සිරාවටම අතෑරල දානව මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්න ගත්තොත්
    උබනම් නියමයි මචං ඔහොම තමා ඉන්න ඕන :)
    එහෙනම් කොල්ලෝ "නොසැලී ඉදිරියට" යන්න ශක්තිය ලැබේවා :)
    නියම වැඩක්!

  39. shani

    මුලින්ම උණුසුම් සුභ පැතුම්. තෑන්ක්ස් සබ් වලට. දිගටම දෙන්න. අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා.

  40. D.Chamara

    niyamai niyamai

  41. රාම් රාජ්

    සහෝදරයා මගේ උණුසුම් සුභ පැතුම්.මේ වගේ දෙයක් මෙච්චර කෙටි කාලයකින් කෙරුවේ තමන්ගේ පෞද්ගලික වැඩ අතපසු කරගෙනද.එහෙමමත් කරන්න එපා.තමන්ගේ වැඩත් කරගන්න ඕන.මම මේ කථාව මීටපෙරත් කියලා තියෙනවා.මේ වගේ අය ලංකාවේ නැතිව ඇති කියලා මම මීට ඉස්සර හිතුවේ.ඒ කියන්නේ අනුන් වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සේවය කිරීම.මේ වගේ අය ඉන්නවානම් අපිට අපේ රට තවත් ලස්සන කරන්න පුලුවන්.මේ අයගේ හිත්වල ආත්මාර්ත කාමී හැගීම් ඇත්තටම නැතිව ඇති.තියෙනවනම් හිතනවානේ මම මොකද අනිත් අයට නිකන් උදව් කරන්නේ කියලා.අනික අපිව කවුද කියලා දන්නේ වත් නැතිව.ඇත්තටම මලයෝ ඇස්වලට කදුලු එනවා මේ වගේ රත්තරං කොල්ලෝ අපේ රටේ ඉන්නවා කියලා දැනුනාම.මේ බොරුවට නොමේ කියන්නේ ඇත්තටමයි.අපිට එකතු වෙලා මේ රට ලස්සන කරන්න පුලුවන් වෙයි.රොයිලි ගෙනාපු බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් හා මලයා ගෙනාපු ෆැසිපික් බැලුවානම් හිතෙයි ඒ යුද විරුවන් ලෝකය වෙනුවෙන් කල කැප වීම කොතරම්ද කියලා.ඉති අපිත් අඩුම තරමේ අපි කන ටොෆි කොලයවත් කසල බදුනට දාලා අඩුම තරමේ මේ ලෝකය වෙනුවෙන් කල හැකි සුලුමදේ හෝ කල යුතුයි කියලා හිතෙනවා.ඉතිං එතනිනුත් එහාට ගිහින් මේ මලයා වගේ අය කරන මේ සේවාව ගැන කියන්න වචන නෑ.ස්තූතියි මලයෝ.

  42. දිනිඳු සම්පත්

    නියමයි මචං.. ඉක්මනටම 50ක් සම්පූර්ණ කරා නේද? 100ත් වැඩි දුරක නෑ.. මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපනතවා සහෝ.. ජයවේවා!!

  43. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  44. දිනුක මධුශාන්

    අර්ධ ශතකයට මගෙනුත් සුබ පැතුම්...!!!
    බොහොම ස්තුතියි සහෝ කරපු කැපවීමට, ශතකයත් ඉක්මනින්ම වාර්තා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

  45. THARAKA

    Book 3; Fire kawadda dann.EKMANATA DANDA.

  46. Supun

    නියමයි සහෝ.. ජය වේවා,,, සුභ පැතුම්

  47. Tharaka

    Thanks Bro...
    Maxxaaa....

  48. රවිඳු

    Good luck machan...!

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. Naveen Rangana

    Sub1ta Thanks Saho.Ela Jayawewa.................................

Load more comments