Watch Trailer

Cobra Kai (2018-) [S03 : E01] Sinhala Subtitles | පිළිසරණක් සොයා… [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල…

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු.

මුල් කතාසමය

කතාව පදනම් වෙලා තිබුනේ Karate Kid චිත්‍රපට පෙලට පසුව සිදුවන සිදුවීම් පෙළක් ඇසුරින්. තාමත් කතාමාලාව ගැන අදහසක් නැත්තම් මේ ලිපිය කියවන්න. මුල් කතාසමය තුලත් දකින්න ලැබුනේ ලරූසෝ වගේම ජොනී දෙන්නාගේ පරණ කෝන්තර නිසා සිද්දවෙච්ච හැලහැප්පීම් ගැනයි. ලරූසෝ වාහන අලෙවිසැල් හිමියෙක් වෙද්දී ජොනී ලෝරන්ස් ජීවත් වෙන්න කලේ කුලී වැඩ. එක්තරා තැනකදී පොඩි එකෙක්ට අඩම්තේට්ටම් කරන කට්ටියකට ජොනී පහර දීලා පස්සෙ අර බේරුණු පොඩි එකා, ඒ කිව්වේ මිගෙල් බල කලා තමන්ටත් කරාටේ කියාදෙන්න කියලා. ඉතින් පස්සෙ ආපහු වතාවක් ජොනී කරාටේ පැත්තට යොමු වෙන්න ගත්තා මිගෙල්ට කරාටේ කියාදෙන්න යොමු වීමත් එක්ක. නිකන් කරාටේ නෙවෙයි ජොනී ඒ කාලේ ඉදන් ඉගෙන ගත්ත කෝබ්‍රා කායි කරාටේ සම්ප්‍රදාය තමයි ජොනී ආපහු වතාවක් ආරම්භ කලේ.

මිගෙල් දවසින් දවස දක්ෂතා මතු කරගන්න ගත්තා. තමන් ඉගෙන ගන්න උසස් පාසලේ එයාට අඩම්තේට්ටම් කරපු අයට පවා පහර දෙන්න පුලුවන් මට්ටමට තමන්ගේ හැකියාවන් ඉස්මතු කරගත්ත මිගෙල් සටන් කරන විදිහ දැකලා තවත් සෑහෙන අය ජොනීගෙ කරාටේ ඩෝජෝ එකට එකතු වෙන්න ගත්තා. මේ කාලේ තමයි මිගෙල්, ඩැනියෙල් ලරූසෝගෙ දුව වෙච්ච සමන්තා ලරූසෝ එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තෙ. මේ සම්බන්ධය ගැන දෙපැත්තෙන්ම දැනගත්තම සෑහෙන ප්‍රශ්ණ පවා ඇතිවුණා. කෝබ්‍රා කායි කරාටේ නිසා දවසින් දවස ආක්‍රමණශීලි වෙන මිගෙල් ගැන සෑම්ට පවා කාලයක් යද්දී එපා වෙන්න ගත්තා. මේ වෙද්දී තමන්ගේම තාත්තා වෙච්චි ජොනීට වෛර කරන එයාගෙ පුතා රොබී, ඩැනියෙල් ලාරූසෝ එක්ක හිතවත් වෙන්න පටන් අරන් තිබුනේ. පස්සෙ එයාට මියාගී කරාටේ පවා කියාදුන්නා. ඩැනියෙල්ට හිතවත් වෙච්ච රොබී දිනෙක් දින සමන්තාටත් සෑහෙන හිතවත් වුනා. මේ දෙන්නා නිතරම වගේ එකට ඉන්නවා දැකපු නිසාම මිගෙල් සෑම් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා ඒ දෙන්නා වෙන් වෙන්නෙ.

අන්තිමට ආපහු වතාවක් කෝබ්‍රා කායි එකේ අය වගේම තවත් කරාටේ දන්න අය මුහුණට මුහුණ ගැටෙන දවසක් ආවා. ඒ තමයි 2018 සියලුම මිටියාවත් අතර තියෙන තරගාවලිය. අවසන් වටය දක්වාම අත්දක්ෂ විදිහට සටන් කරපු කෝබ්‍රා කායි කණ්ඩායමේ අවසන් වටය දක්වාම සටන් කල මිගෙල්ට සටන් කරන්න වුණේ රොබී එක්කයි. කොහොමහරි අවසානයේදී රොබීවත් පරාද කරලා මිගෙල් කෝබ්‍රා කායි කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ආවා. ජයග්‍රහණ මැද්දේ සෑහෙන දෙනෙක් අතරේ හිත් රිදවීම් ඇතිවෙලා තිබුණේ. මේ අතරේ තමයි කතාව අවසානයට ජොනී ලෝරන්ස්ගේ පුහුණුකරු වෙච්ච ජෝන් ක්‍රීස් නැවත වතාවක් එන්නෙ.

දෙවැනි කතාසමය

ඉතින් ජෝන් ක්‍රීස් ආයෙ ඒමත් එක්ක තමයි දෙවැනි කතාසමය පටන් ගන්නෙ. මිනිහා හොද මූන පෙන්නගෙන ආවට අවසානෙදි ජොනීගෙ ගෝලයො සේරම කොටවලා, අන්තිමටම හරිහමං විදිහට හිමිකාරිත්වය ලබාගෙන තිබ්බේ නැති ඩෝජෝ එකේ අයිතියත් අතට අරගෙන, ජොනීගෙ ගෝලයො සේරම කරාටේ කිඩ් එකේ අය දරදඩු ගානටම ගෙන්නලා තිබ්බා. කාලයක් පුරාවටම ජොනී පුහුණු කරපු ගෝලයින් අතරත් ලාරූසොගෙ ගෝලයින් අතරත් ඉස්කෝලෙ ඇතුලෙ ඇති වෙච්ච අවසන් සටනෙදි ඒ ලමයි හැමෝම වගෙ සෑහෙන පහර කෑමට ලක්වෙලා තිබ්බා. රොබීව පරාද කරලත්, ජොනී කියා දුන්න විදිහට මනුස්සකම, නිහතමානී බව පෙන්නන්න ගිය මිගෙල්ව සෑහෙන උස බැල්කනියක ඉදන් බිමට වට්ටලා බරපතල විදිහට තුවාල වුනෙත්, අනික් කට්ටියට ලාමක වෙන විදිහ කියා දුන්නා කියලා එකෙහ් වැඩියෙන්ම දොස් ටිකත් හැමොගෙන්ම අහන්න සිද්දවුනෙ ජොනීටමයි.

මේ වෙච්ච දේවල් එක්ක ඇමැන්ඩා ලාරූසෝට කිව්වා කරාටේ ඩෝජෝ දෙක අතරේ වෛරයක් ඇති කරපු මියාගී-ඩෝ එක නවත්තන්න කියලා. තමන්ට දැනිච්ච වරදකාරී හැගීමත් එක්ක ජොනී මුහුදු වෙරලක් ලගට ගිහිං බීලා බීලා ෆෝන් එකත් විසි කරනවා. එතකොට Karate Kid චිත්‍රපටවල හිටිය ජොනීගෙත්, ලාරූසොගෙත් කාලයක් පුරාවට පෙම්වතිය වෙලා හිටිය ඇලී මිල්ස්ගෙන් ජොනීට ෆේස්බුක් රික්වෙස්ට් එකක් ආවා. කතාව අවසන් වෙච්ච විදිහට ජොනීට නම් ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නැහැ.

තුන්වෙනි කතාසමය

Karate Kid මුල් චිත්‍රපට තුන බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ කෝබ්‍රා කායි එක නියෝජනය කරපු ජොනී අතරත්, මියාගී-ඩෝ එක නියෝජනය කරපු ලාරූසො අතරත් ලොකු වෛරයක් වගේම තරහවක් ගොඩනැගිලා තිබුනා කියලා. ඉතිං Cobra Kai මුල් සීසන් දෙක පුරාවටම හයිලයිට් කරලා පෙන්නුවා මේ දෙන්නා අතරේ තිබුණු මේ වෛරයත් තරහවත් නැති කරලා දාන්න හදපු උත්සහය. මේ දෙන්නා පරණ තරහ අමතක කරලා යාලුවො වෙන්න පුලුවන් කමක් තියෙද්දිත් මොකක් හරි හේතුවක් නිසා මේ දෙන්නව ආයෙ ආයෙ භේද කෙරෙව්වා. ඉතිං කලින් සීසන් එක ඉවර වුන විදිහට නම් මේ දෙන්නටම දැන් ඉන්නෙ එක පොදු හතුරෙක්. මේ වතාවේවත් ඒ උත්සහය සාර්ථක වෙයිද කියලා තුන්වෙනි කතාසමය බලලම දැනගමු එහෙනම්.

YouTube ආයතනයට මේ කතාමාලාව තුන්වැනි කතාසමයෙන් එහාට පවත්වාගෙන යන්න අකමැත්තක් දක්වපු නිසාම Sony Pictures Television ආයතනයට හැකියාව ලැබෙනවා Netflix වලට මේ ප්‍රොජෙක්ට් එක ගේන්නත් වගේම තුන්වෙනි කතාසමය නිකුත් වෙන්නත් කලින්ම සීසන් හතරක් දක්වා දීර්ඝ කරගෙන ඔවුන්ගෙ සැලසුම් වලට අනුව මේ කතාමාලාව කරගෙන යන්නත්. Netflix වලට නිල අයිතිය ලබාගත්තත් හරි කවුරුත් නොහිතපු විදිහට මේ කතාමාලාව Netflix අතරේ ජනප්‍රිය වෙනවා. ඒ ඔක්තෝම්බර් මාසය වන විට නැරඹුම් වාර මිලියන 50 ඉක්මවා ගිය, Netflix තුල වැඩිමනැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත් කතාමාලා 10 අතරටද එකතු වෙනවා.

තුන්වෙනි කතාසමය 2021 වසරේ ජනවාරි 08’වැනිදා නිල වශයෙන්ම පහුගිය ඔක්තෝබර් මාසෙදී සදහන් කරලා තිබුනත් දෙසැම්බර් මාසයේදී මේ දෙගොල්ලො නිකුත් වන දිනය 2021 වසරේ ජනවාරි පළවෙනිදා අවුරුද්ද පටන් ගද්දි නිකුත් කරන බවට නිවේදනය කරනවා. එහෙම නිකුත් කරපු කොටස් 10 කතාමාලාව තමයි අද මේ අරගෙන ආවේ. 

එහෙනම් ඉතිං තවත් වැඩිකතා ඕන නැහැ. බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. ඉස්සරහට පුලුවන් විදිහට මේ කතාව අරගෙන එන්න උත්සහ කරන්නම්.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

16,076 downloadsDownload Cobra-Kai-S03-E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

16,076 downloadsDownload Subtitles21 KB

42 comments

  1. Usitha

    Tnz sub ekata

  2. Usitha

    Next ep ekath ikmanata denna

    1. adeesha

      Sahenna balan hitya meka denakan..thnx

    2. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Chamindux

    athiyantham

  4. Anonymous

    Amboo dala

  5. Teran

    Finally...

  6. samp

    enakan balanhitiye ban tnx. puluwantharam ikmanata ithurutikath diyan.

  7. Gathsara

    බොහෝම ස්තූතිය් අයියේ....!

  8. Dhanushka

    Thanks SUB aka denakam balan hitiya

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ.. තුන් වෙනි එක බලන්න ගත්ත විතරයි සබ වැටිලා. පුලුවන් විදියට අනිත් එපි ටිකත් දෙමු. ජය!!!

  10. Dewa

    thanks sub ekata,ikmanata ithuru tikath danna

  11. rangaad

    Thank you

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  13. Anonymous

    සබ් එකට බොහෝම ස්තූතියි!!! ඉතුරු ටිකත් ඉක්මනට ගේමූ...

  14. Shan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  15. adeesha

    Sahenna balan hitya meka denakan..thnx

  16. Achi

    බොහොම ස්තුතියි ඩා සබ් එකට

  17. Anonymous

    Ilaga episode eke sub eka kawada da enne

  18. Madu_imax

    niyamai. ithuwataath ikmanin sub tika damu. jaya wewa

  19. thilina

    ado noo

  20. Anonymous

    Balagena hitiye oi sub ek daanakn jaya wewa collo adrei♥️

  21. gayantha

    taggala one ilaga tikath thanks

  22. Pasindu

    Thanks ithuru tika imnt oneh

  23. Lahiru

    Thnx ituru episode tiketh sub one

  24. Aliex

    Ilaga kotasath danko ikmnt

  25. Sam

    Ithuru tikatath ikmanata diyanko

  26. Dasun

    next aka ekmanata thaamu

  27. Kushan Chathuranga

    තැන්ක්ස් සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න. ජය වේවා.

  28. Thushara Indunil Rathnayaka

    Thanks bro

  29. Ravindra

    Thanks sub ekata

  30. ravidu ishan

    සබ්එඑ එනකල් බලාගෙන හිටපු කතාවක් .. thank u මචන් ,,ඉතුරු ටිකත් කරන් යමු ජයවේවා !!

  31. tv malli

    tnx bn sub ekata

  32. Dushan

    ela

  33. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  34. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  37. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  38. Imesh

    උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
    on my block mekatath sub denno

  39. Ramesh

    S 1 s 2 sub ඩවුන්ලොඩ් දෙන්නැ නෙ හදන්න බැද

  40. Umesh Pabasara

    Aiye seson 4 awa