ආයුබෝවන් යාළුවනේ මේ කොරෝනා කාලේ මට හමු වුන නිවාඩුවට මෑතක දී නිකුත් වුන අළුත්ම ලස්සනම කොරියන් ඩ්‍රාමා එකකට උපසිරැසි නිර්මානය කරන්න හිතුවා. ඉතින් මේ මගේ තුන් වෙනි උපසිරසි නිර්මානය නිසා අඩුපාඩු නම් ඇති ඒකට සමාවෙන්න ඕන. මුලින්ම මට මේ වටින අවස්ථාව ලබාදුන්න හිතවත් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන අතර…

ආයුබෝවන් යාළුවනේ මේ කොරෝනා කාලේ මට හමු වුන නිවාඩුවට මෑතක දී නිකුත් වුන අළුත්ම ලස්සනම කොරියන් ඩ්‍රාමා එකකට උපසිරැසි නිර්මානය කරන්න හිතුවා. ඉතින් මේ මගේ තුන් වෙනි උපසිරසි නිර්මානය නිසා අඩුපාඩු නම් ඇති ඒකට සමාවෙන්න ඕන. මුලින්ම මට මේ වටින අවස්ථාව ලබාදුන්න හිතවත් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන අතර නිර්මාණයේ ගුණදොස් කමෙන්ටුවත් දාගෙන යනවා නම් ඒක තමා මහත්තයෝ අපිට තියන එකම සතුට!
2020 අවුරුද්දේ කොරියන් ඩ්‍රමා පිස්සුවෙන් ඉන්න අපේ යාළුන්ට TV N වෙතින් තිළිණ කරපු, අපි ගොඩක් ආදරේ කරන කොරියන් රංගශිල්පී lee-joon-gi ගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුන The Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එක තමයි අද සිට මේ සිංහලයට පරිවර්ථනය කරන්නේ. ඉතින් මේ කථා මාලාව කොටස් 16කින් යුක්තයි. මේ ලස්සන කතාව හොඳ පදමට ත්‍රාසය/ආදරය/කුතුහලය කලවම් කරලා අධ්‍යක්ෂණය කිරීම kim-cheol-kyoo විසින් සිදු කර තිබෙනවා. මෙම කාථා මාලාව Crime/Investigation/Melodrama/Mystery/Psychological/Romance/Serial Killer/Suspense/Thriller ගණයට අයිති වෙනවා.
කතාව ගැන කිවොත්,දෝ-මින්-සොක් නම් මානසික විකෘතියක් ඇති පියෙකුට දාව උපන් හැඟීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් අහින්සක දෝ-හයුන්-සූ, තමන්ගේ සහෝදරියගේ ජීවිතය බේරගන්න, දාම මිනීමරුවෙක් විදිහට කැමැත්තෙන්ම වරදකරුවෙකු වුන නිර්දෝශී ලෝහ නිර්මාන ශිල්පියෙක්. තමන්ග් උපන් ගමෙන් අතුරුදහන් වෙලා බෙක්-හී-සොන්ග් නමින් නැවත ජීවිතය අරඹන ඔහු, තමන්ගේ අඳුරු අතීතය පවුලෙන් වගේම ලෝකයෙන් සඟවමින් වර්තමානයේ ආදරණීය සැමියෙකු/ සෙනෙහෙබර පියෙකු විදිහට ලස්සනට ජීවත් වෙමින් ඉන්න අතරේ අහඹු ලෙස කඩා පාත් වුන පරණ මිතුරෙක් නිසා, ඔහුගේ ජීවිතයේ එකම ආදරය වූ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් නොදැනම තමන්ගේ ජීවිතයේ අඳුරු යටගියාව හොයන්න පටන් ගන්න කොට, හැම පැත්තෙන්ම තමන්ට ඇඟිල්ල දිගු කරන මිනිසුන් අතර මුළු ලොකෙන්ම හොඳම තාත්තා හිමි මටයි කියලා හිතන සුරතල් දියණිය එවුන් -හා ගේ සහ ආදරණීය බිරිඳගේ සෙනෙහස වටා බැඳුන හරිම කුතුහලයකින් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ලස්සනම ආදරණීය කතාවක්. ඇත්තටම ශොකාන්තයක් වේවි කියලා බය හිතෙන තරමට හිතට දැනෙන්න හදපු කතාවක් කිව්වොත් හරි.
යක්ෂ ලෙයින් උපන්නද, ආදරය කැකෑරෙන හදවතක් සතු මිනිසෙකුගේ කතාව…. (The Flower of Evil)
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
7,938 downloadsDownload TFOE-S01-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
23 comments
Anonymous
ශලිනි මල්ෂා
අන්තිම එකත් මරු...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
ස්තූතියි !!""
Anonymous
නියමයි නංගි. තව කොරියන් ගේන්න..
ජයවේවා.ශලිනි මල්ෂා
ස්තූතියි !!!
Thusitha
උපසිරසියට ස්තුති සහෝදරි ❤
ශලිනි මල්ෂා
ස්තූතියි !!!
Supun Kaushaly
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ස්තූතියි !!!
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
ස්තූතියි ...
Az
ko epi 2 indan sub eka?
Nethu
Innocent defendent korean tv series eke subtitles dennakooo
ශලිනි මල්ෂා
ඉදිරියේදී උත්සාහයක් කරන්නම් ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි
ස්තූතියි ❤❤
Anonymous
episode 2 eke sub nane
Anonymous
oya hoyagaththada ithuru sub tik?
Kasun
සබ් එකට ගොඩාක් ස්තූතියි. The Tunnel KDrama එකටත් සබ් දෙන්නකෝ
ශලිනි මල්ෂා
උත්සාහ කරන්නම් යාලු..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!අනු
Thanks dear ❤️
Advertisement


ඇත්තටම ලස්සන කතාවක්(අන්තිම එපිය නැත්නම්)
කවුරුත් බලන්න
ජය වේවා!!!