Watch Trailer

Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි…

da vinci's demons season 2

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 වෙනි දින මිලියන ගණනක ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම කතාමාලාවේ දෙවෙනි සමයක් එනතුරු නොඉවසිල්ලෙන් මඟ බලාගෙන සිටින තත්වයට පත් කරමින් නිමා වුනා. ඉතින් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු සියලුම ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් මෙම කතා මාලාවේ දෙවෙනි සමයේ විකාශය මෙම මාසයේදි යලි ඇරඹුනා.

හොඳයි මේ කතාව ගැන මීට වඩා වැඩි විස්තරයක් නම් මම ලියන්න යන්නේ නැහැ. මොකද පළවෙනි සීසන් එකේ මේ ගැන විස්තර තිබුනනේ. අනික පළවෙනි සීසන් එක බලපු අයනේ කොහොමත් දෙවෙනි සීසන් එක බලන්නේ. ඉතින් ඒ නිසා මම ගියවර කොටස අවසාන වුන හැටි ගැන පුංචි මතක් කිරීමක් කරන්නම්. ගියවර කොටස අවසාන වුනේ තමන්ට අවනත නොවී ෆ්ලෝරන්ස් නගරයේ ස්වාධීන සහ නිදහස් පාලනයක් ගෙන ගිය මෙඩිසිවරුන් මෙල්ල කිරීමට රෝමය සහ පාසීවරුන් සැලසුම් කල කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමෙන්. මෙම කොටසේ සෑහෙන උද්වේගකර සිදුවීම් ගොඩක් වුනා. ඒවා අතරින් ජුලියානෝගේ මරණය, ලොරෙන්සෝ තුවාල ලැබීම සහ අවසානයේ ඩා වින්චි සහ ලොරෙන්සෝ සතුරන්ගෙන් වට වුන කාමරයක් මැද හිරවීම වැනි සිදුවීම් මම හිතන විදිහට මේක බලපු අයට තාම අමතක වෙලා නැතුව ඇති. ඉතින් මේ කොටස ආරම්භ වෙන්නේ එතැන් සිටයි. ඉතින් ඩා වින්චි සහ ලොරෙන්සෝට රියාරියෝගෙන් බේරිලා පලා යන්න හැකිවෙයිද? ඔවුන් ඒ සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගනියිද? ඒ වන විට මාරන්තික තුවාල ලබා මරණාසන්නව සිටින ලොරෙන්සෝව බේරගන්න ඩා වින්චිට පුලුවන් වෙයිද? මේ වන විටත් සුරක්ෂිතාගාරයේ යතුරු දෙකෙන් දෙකම ලබාගෙන පළමු වටය ජයග්‍රහණය කරගෙන සිටින ඩා වින්චිට සුරක්ෂිතාගාරය සොයාගන්න පුලුවන් වෙයිද? ප්‍රශ්න ගොඩයිනේ :). ඉතින් එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර සොයාගෙන තව පාරක් ෆ්ලෝරන්ස් නගරයේ ගැටුම් සහ කුමන්ත්‍රණ තුලින් යන සොඳුරු චාරිකාවක් ආරම්භ කරමු.

ඇත්තම කිව්වොත් මේ කොටස මට තරමක් විශේෂ කොටසක්. මොකද මේක තමා මගේ 100 වන උපසිරස.

ඉතින් උපසිරස සියයක් දක්වා ආපු ගමන පිටුපස මට ශක්තියක් වුන විශාල කණ්ඩායමක් ඉන්නවා. හැමදාම උපසිරස වල හරි වැරදි සහ හිරවෙන තැන් බලා නිවැරදි කරන හසන්ත අයියා (අයියා කිව්වට මේ ඉන්නේ මාමෙක් හරිද :P), උපසිරසක් සම්පූර්ණ කරන්න වෙලාවක් නැතුව ගියොත් උඹ ඉඳහන් මම කරන්නම් කියලා පැනගෙන ඇවිත් උදව් කරන සමීරයා, ආදර හුටපටයක ගැඹුරටම එරිලා ඉදගෙනත් උඹ සීය ගහන්නේ නැද්ද බන්, ඉක්මනට ඕක ගහලා දාපන්කෝ කියලා මට ඒ ගැන නිතර මතක් කරපු විමා. මට කෝල් කරලා මල්ලි මරු කතාවක් ඇවිත් තියනවා කියලා මගේ විවේක කාලයෙන් භාගයක් නැති කරලා දාන විකියා, ඇවතාර් කතා මාලාවේ ලිපි හැටකට වඩා මට ලියලා දුන්න උදා, නිතර කතා කරන්න වෙලාව නොලැබුනත් ඕනේ වෙලාවට උදව් කරන රොයිලි අයියා, තිරය පිටුපස ඉදගෙන ටොරන්ට් සෑදීමේ සිට සීඩ් කිරීම දක්වා විශාල වැඩ කොටසක් කරන වාසල අයියා, ඒ වගේම නිතරම මාගල් වගේ කමෙන්ට් දාන ආසිරියා සහ මගේ උපසිරස බාගත කරගත් සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ සුවිශේෂී කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සතුටුවෙනවා. ඉතින් එහෙනම් ලබන කොටසින් නැවත හමුවෙමු. 😀

Pubudu Supun 100

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 40efd8404491d4a54b9d29f20ff7bee633e163df 470 MB කොපිය මෙතනින් බාගන්න 4ebc8b22d0613fea4af00669476bf039d0e50b12 1.9 GB කොපිය මෙතනින් බාගන්න 73f2d18f34551a8293a4a3bc0c24b1b0b2b0fe9e 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,006 downloadsDownload Da.Vincis.Demons.S02E01.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< 1st Season                       All Episodes                         Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

8,006 downloadsDownload Subtitles81 KB

100 comments

  1. DilanH

    ගොඩක් ස්තුතියි මචෝ මේක දෙනකම්ම හිටියේ
    සියවෙනි උපසිරසියට සුබ පැතුම් !! තව තවත්
    උපසිරැසි කිරීමට හැකියාව ලැබේවා
    !!!!!! ජයවේවා

  2. ගයාන් රූකාන්ත (ජෝනා)

    කාලයක් ගියා නේද සියවෙනි උපසිරැසිය දෙන්න
    උණුසුම් සුබපැතුම් ...!!!!
    සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා එහෙනම් දෙවැනි කතා මාලාවත්
    බලන්න පටන් ගන්න පුළුවන්.

  3. නලින්

    ජය වේවා පුබුදු 100 ක් ගහාණවා කියන්නේ

    ආයේ කථා නැහැ!!

    ජය වේවා කොල්ලෝ

  4. ns

    thanx....

  5. chandima

    niyamai gret wadak...100 n upaserasta suba patum..... degatama karagana yamu suba patum agen....

  6. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....මේක එනකම් ගොඩක් කල් බලා ගෙන හිටියා.එවගේ පුබුදු සහෝගේ 100වන උපසිරසියටත් සුභ පතනවා.100ක් ගහනවා කියන්නේ ලෙසි පහසු දෙයක් නෙවෙයි.දිගටම දෙමු.ජය​! :P :P :P

  7. Sam

    thanks sahoo..100 sub suba pathum..jaya wewa

  8. හර්ෂ ලහිරු

    පුබුදුවා 100 ගහලාතියෙන්නේ එසේමෙසේ එකකින් නෙමෙයිනේ :D :D
    මේ වැඩේ ඉදිරියට ක‍රගෙන යන්න ශක්තිය ලැබේවා :D
    බොහොම ස්තුතියි පුබුදුවා :D ජය

  9. shammi silva

    thank u soooo much season 2 enakan api balan hitiye godak amaruwen. again n again thank u soo much.

    a wagema oyage 100 weni upasirasiyatath suba pathum. Wish u all the best

  10. දිනිඳු සම්පත්

    මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපතනවා පුබුදු සහෝ.. මේකෙ පළවෙනි කතා මාලාව මම ගොඩක් ආ‍සාවෙන් බැලුවා.. දෙවෙනි කතා මාලාවත් සිංහල උපසිරැසි ගන්වලා අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තවත් දීර්ඝ ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජයවේවා!!!

  11. Siraj

    ‍නි‍ය‍ම‍යි, ‍සු‍පි‍රි‍යි.
    ‍මේ‍කේ ‍ප‍ල‍මු ‍ක‍තා ‍මා‍ල‍ව ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ,
    ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍මා‍ලා‍ව ‍එ‍න‍කන්‍ ‍හි‍ටි‍යේ.
    ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍ඒ‍කත්‍ ‍ආ‍පු ‍ග‍මන්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක
    ‍දුන්‍‍නා ‍නේ. ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍බැ‍ලු‍ව ‍හැ‍කි‍යි.
    ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍ය ‍වේ‍වා!

    ‍ඒ ‍ව‍ගේ‍ම 100‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය‍ට ‍මා‍ගේ ‍උ‍නු‍සුම්‍ ‍සු‍භ
    ‍පැ‍තුම්‍. ‍මේ ‍ව‍ගේ ‍දි‍ග‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍රන්‍‍න‍ට ‍අ‍වැ‍සි
    ‍ශක්‍‍ති‍ය ‍හා ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍බා! ‍කි‍යා ප්‍ර්ර්‍ථ‍නා ‍ක‍ර‍මි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!!!!!!

  12. Eranga

    100වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්..!!!

  13. Jagath

    thanks saho.season 2 anakan balagena hitiye.100 upasirasiyata suba pathum

  14. dev

    100 weni sub ekata suba patanawa saho..... .
    bohoma stuti saho....mn meka enaknma tama balan hitiye.... .

  15. shani

    thanks
    100 sub suba pathum.....
    ada dawasema me gana thama balagena hitiye

  16. ruchcha

    supiri ahh:!!!! meka denakan balan hitiye. jaya wewaaaa

  17. dinidu madushanka

    ela ela saho subapethum 100 jaya wewa

  18. සුළැඟිල්ලා

    බ්ලැක් සයිල් වලින් පස්සෙ අලුතෙන් ටිවි සො එකක් බලන්නෑ කියලා හිතං හිටියෙ.. දැන් කොහොමද බං නොබලා ඉන්නෙ.. අයියෝ.. ඒලෙවල්..

  19. Dula

    Thankz sahooo
    u r great we r waiting 4 this
    thanks you very much

  20. Ayesh

    upasiresi 11ta subha pethum

    1. Ayesh

      upasiresi 100ta subha pethum

    2. Venura

      mchn season 3 ubala baagaththda???? eekath dan awth neh tyenne ??

  21. හසන්ත වික්‍රමරත්න

    උපසිරැසි 100 වෙනුවෙන් සුබ පතනවා පුබුදු පුතේ. ;) උඹ මාව නාකි කරන්නද හදන්නේ. කමක් නැහැ තාම නාකි නොවුනට කවදාහරි එහෙමත් වෙන්න එපැයි. එකෙන් කමක් නැහැ. මේ කතාව ගැන ඇහැ ගහගෙන ඉඳලා ඒක ආයෙත් අපිට සිංහලෙන් සමීප කරන්න එකතු උනාට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම උපසිරැසි වල ගුණාත්මක බව ගැන සැලකිලිමත් වෙන සහ නිසැකවම උපසිරසක් කලොත් බලනවා කියන ගොඩට දාපු තවත් හොඳ උපසිරැසි කරුවෙක්. තාම වයසත් නැති එකේ උපසිරැසි 500ක් වත් කරමු නෙහ් :D

  22. Dio

    Mechchara ikanata sinhala sub labei kiyala hithuwe na...Super wadak machan... Thank you wenna one :)

    Issarahatath me Quick Service eka balaporotthu wenawa

  23. kasun

    thankz mchn

  24. sanju lakshan dharmasena

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  25. DDSameera

    Suba pathum mage yaluwe.....!!!

  26. kasun viraj

    elazzzz pubudu saho ,200 th gahamu :D

  27. Naveen

    උපසි‍රැසි 100ට සුභ පැතුම් සහෝදරයා.
    ජයවේවා!

  28. N-Code Inc.

    subha pathanawa sahoo upasirasi 100k labadhunnu ekata. sahenna loku wadak. thawath idhiiyata thawa sub denna oone hariya. jayaweewaa

  29. knight

    Tnx mchooo.. suba patum... digayama sub aka one mchooo..

  30. jack

    සියවෙනි උපසිරසියට සුබ පැතුම් !!

  31. me

    Thanks and wish you all the best. Keep up the good work :-)

  32. Amil

    ගොඩක් ස්තුතියි මචෝ ..
    දෙ‍වැ‍නි ‍ක‍තා ‍මා‍ලා‍ව ‍එ‍න‍කන්‍ ‍හි‍ටි‍යේ..
    සියවෙනි උපසිරසියට සුබ පැතුම් !!

  33. දිල්ශාන් කාලිංග(ඩිලා)

    100 wenuwen subapathum.
    me wage deyak karana eka echchara lesi deyak nemei.
    ela...

  34. Sisira Hegoda

    100 ta Jaya Pathamu. Thanks.

  35. tiron

    congratzzzzzzzzzzzzzz thankzzzzzzzzzzzzz

  36. DushmanthaC

    thanks bro

  37. akalanka

    suba patum machan

  38. dilan

    congrats &amp; thanks

  39. silent $

    සියවෙනි උපසිරසියට සුබ පැතුම් !! තව තවත්
    උපසිරැසි කිරීමට හැකියාව ලැබේවා
    !!!!!! ජයවේවා

  40. Ishara

    100 nirmanayata unusum suba pathum.....sahoooooo
    :d :d
    thank bro

  41. Kulanjana Maduranga

    100 weni sub 1ta suba pathum PUBUDU saho.api wenwen sahoge watina kalaya waya krla mechchara kalyak sub dunnata bohoma pin.issarahatath apib wenuwen sub denn dairya shakthiya labewa kyla prarthana kranawa.digu gamanak yamu.wish you all the best...................

  42. VisH

    බොහොම ඉස්තුතියි සහොදරය : ) එ වගෙම උපසිරසි සියයටත් සුභපතනව (y)

  43. Imesh

    මේක එනකල් හිටියෙ...සබ් එකට ගොඩාක් ස්තූති සහෝ..සුභ පතනවා..ඡය වේවා..

  44. අදිත ප්‍රවීන්

    සියවෙනි උපසිරැසියට සුභ පතනවා
    මමත් දන්නවා සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා .
    ඉතින් උපසිරැසි 100ක් අපිට ලබා දෙන්න වෙහෙස මහන්සි වුණ පුබුදු සහෝට ගොඩක් ස්තුතියි !
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . :D

  45. පියුම් මධුශංඛ

    අඩේ මෙන්න බඩු දාලා...... මේක එනකල් කොළුවෝ හිටියෙ.... 100 වෙනි සබ් එකට සුභ පැතුම් සහෝ..... දිගටම කරගෙන යන්ඩ....... :)

  46. මිහාන්

    ජය වේවා !

  47. indunil

    jaya wewaaaa,good luck

  48. chanuka wijesundara

    danui dakke

  49. jayanandana

    thx machan , jaya ha sathuta nirathuru labewaa

  50. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)
    හදවතින්ම සුබපතනවා සහෝ 100 වෙනි කඩයිමට පැමිණියාට..
    තවත් දිගු කාලයක් උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා :)

Load more comments