Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E12] with Sinhala Subtitles| පිල්ග්‍රිම්. [සිංහල උපසිරැසි සමඟ]

මික් නැවතත් ටයිම් මාස්ටර්ලගෙන් ඉවත් වෙලා අපේ කණ්ඩායමට එකතු වෙනවා. දැන් එයා ක්‍රෝනස් නෙවෙයි. කට්ටිය මේ සැරේ ඇවිල්ල ඉන්නේ 1871 වෙනි වර්ෂයේ සැල්වේෂන් නගරයට. මේ පැරණි බටහිර යුගය. හැබැයි සැවේජ්ව අල්ලන්න නම් නෙවෙයි. ටයිම් මාස්ටර්ලගෙන් බේරෙන්න. මොකද මික්ගෙන් දැනගන්න ලැබුනනෙ ටයිම් මාස්ටර්ල වෙනම හන්ටර්ල කිය…

DCs-Legends-of-Tomorrow-TV-New3

මික් නැවතත් ටයිම් මාස්ටර්ලගෙන් ඉවත් වෙලා අපේ කණ්ඩායමට එකතු වෙනවා. දැන් එයා ක්‍රෝනස් නෙවෙයි. කට්ටිය මේ සැරේ ඇවිල්ල ඉන්නේ 1871 වෙනි වර්ෂයේ සැල්වේෂන් නගරයට. මේ පැරණි බටහිර යුගය. හැබැයි සැවේජ්ව අල්ලන්න නම් නෙවෙයි. ටයිම් මාස්ටර්ලගෙන් බේරෙන්න. මොකද මික්ගෙන් දැනගන්න ලැබුනනෙ ටයිම් මාස්ටර්ල වෙනම හන්ටර්ල කියල කට්ටියක් මෙයාලව අල්ලන්න එවල කියල. එයාලට හොයාගන්න බැරි වෙන්න තමයි මෙයාල හැංගෙන්න කියල හිතාගෙන මෙහෙට එන්නේ. මෙහෙ විශේෂත්වය තමයි සැල්වේෂන් නගරය පිහිටලා තියෙන්නෙ බිඳීම් කියල හඳුන්වන කාලයේ යම්කිසි ස්ථානයක් ඇතුලේ. මේ ස්ථාන ටයිම් මාස්ටර්ලට පේන්නෙ නෑ. ඒ නිසා ටික කාලයක් ලබාගන්න තමයි මෙයාල මෙහෙට එන්නෙ. කොහෙට ආවත් කණ්ඩායමේ මුරණ්ඩු කට්ටියට ඉතිං ඇවිදලා බැලුවෙ නැත්තම් කෑවේ නෑ වගේනේ. කට්ටිය ඉතිං වටපිටාව බලන්න කියල යානයෙන් එලියට යනවා. මෙයාල යන්නෙ වෙළඳ සැලකට. මෙතනදි මාටින් පොඩි වලියක් දාගන්නව. මේ වලිය දාගන්න මනුස්සය මාටින්ට වෙඩි තියන්න හදන නිසා ස්නාර්ට් අතින් වෙඩි කාල මැරෙනව. මේ නිසා කණ්ඩායම සහ වෙළඳසැලේ මිනිස්සු අතර ලොකු රණ්ඩුවක් වෙනවා. මේ රණ්ඩුව නවත්තන්න මැදිහත් වෙන්නෙ හෙක්ස් කියල කෙනෙක්. හෙක්ස් දැනගන්නව කණ්ඩායමේ කට්ටිය සැල්වේෂන් නගරයේ අය නෙවෙයි කියල. ඒ විතරක් නෙවෙයි එයාට තේරුම් යනව මෙයාල කාලය හරහා ආපු කට්ටිය කියල. බලං යද්දි හෙක්සුයි රිප් හන්ටරුයි දෙන්න කලින් ඉඳන් අඳුරනවා. ටයිම් මාස්ටර්ලගේ මෙහෙයුමකට පැරණි බටහිර යුගයට කලින් වතාවක් රිප් ඇවිල්ල තියනවා.

එතැනදී තමයි මෙයාව මුණගැහිලා තියෙන්නෙ. නමුත් සමුගැන්ම නම් හරියට වෙලා තිබිල නෑ. ඒකට හොඳ කනේ පාරකුත් රිප් කනවා. කොහොම නමුත් සැල්වේෂන් නගරයට නිතරම කඩන් පාත් වෙන කොල්ලකාරයො කට්ටියක් තමයි ස්ටිල්වෝටර් කල්ලිය. ඒ කල්ලියෙ කෙනෙක්ට තමයි ස්නාර්ට් වෙඩි තිබ්බෙ. කොහොම නමුත් සැල්වේෂන් නගරයේ ෂෙරිෆ් තනතුරින් අස් වෙනවා මේ කල්ලියෙ බලපෑම් නිසා. පුදුම වැඩේ කියන්නෙ ෂෙරිෆ් තනතුර ලැබෙන්නෙ අපේ කණ්ඩායමේ රේ ට. ස්ටිල්වෝටර් කල්ලිය සැල්වේෂන් නගරයට එනව කලින් එයාලගෙ කෙනෙක්ව මරපු පලිය ගන්න. හැබැයි කණ්ඩායමේ මොළේ නිසා කට්ටිය බයවෙලා ආපහු යනවා. කොහොමින් කොහොමින්හරි මේ කල්ලියේ බලපෑම නවත්තන්න කියල හිතාගෙන කණ්ඩායම මේ කල්ලිය හැංගිලා ඉන්න තැන හොයාගෙන ගිහින් පහර දීල ස්ටිල්වෝටර් කල්ලියෙ නායකයා අල්ලන් එනවා. එන අතරේදී ජැක්ස්ව උන් අල්ලගන්නවා. දෙන්නට දෙන්නව හුවමාරු කරගන්නවා වෙනුවට තරඟයක් තියල ජැක්ස්ව බේරගන්න කට්ටිය තීරණය කරනවා. තරඟයට අනුව දෙන්නෙක් හරියටම ඉර මුදුන් වෙන වෙලාවට පාර මැද්දෙ මූණට බලාගෙන ඉනේ තියන තුවක්කුව අරං වෙඩි තියාගන්න ඕන. තරඟවදින්නේ රිප් සහ ස්ටිල්වෝටර්. මේ තරඟයෙන් ස්ටිල්වෝටර් මැරෙනවා. ඒ නිසා ජැක්ස්ව නිදහස් කරනවා. හැබැයි මෙතනින් ඉවරයක් වෙන්නෙ නෑ. ටයිම් මාස්ටර්ල එවපු හන්ටර්ල මෙයාලව හොයාගෙන මෙතනට එනවා. එතන ලොකු ගැටුමක් ඇති වුනත් කණ්ඩායමට ජයගන්න පුළුවන් වෙනවා. මේ කතාව මෙහෙම යන අතරේ කෙන්ඩ්‍රාට එයාගෙ පරණ ආත්මයේ කෙනාව හම්බෙනවා. ඒ වගේම මාර්ටින් H.G. වේල්ස්ට වැළඳිලා තියන රෝගයකින් ජීවිතේ බේරලා දෙනවා. කොහොම වුනත් අන්තිමේදි දැනගන්න ලැබෙනවා කණ්ඩායම මරන්න පිල්ග්‍රිම් කියල කෙනෙක්ව එවල කියල. එයා කණ්ඩායමේ සාමාජිකයන් පුංචි කාලෙදිම මරන්නයි සැලසුම් කරන්නෙ. කණ්ඩායමට බේරෙන්න පුළුවන් වෙයිද? මේ කොටසින් බලමු. තවත් උපසිරසියකින් හම්බෙනකන් ජය වේවා!!!

Heroes Reborn (2015) on IMDb

 

 

146 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

242DA92E146FB445FB36573134A9BAC056D02D29

240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

A2E0975B171B4A49A00DB2C24F6177E516286B4C   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,366 downloadsDownload DCs-Legends-of-Tomorrow-S01-E12.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,366 downloadsDownload Subtitles75 KB

26 comments

  1. Hasitha Nuwan

    mama thama ada palaweniya..................

  2. Sajeevi

    Thanks

  3. charith

    thx machan, me karana sewayata pin

  4. Ayesh Nadeeshan

    Thankx...bro

  5. sanath indika

    thx sahoo

  6. Rajitha

    Thanks machan ......jayawewa.....!

  7. Amila

    Thanks mchn...!

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

  9. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  10. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ජය

  12. Sachintha

    **Tnxxxxxx**

    **Brooooo**

    **Elzzzzzzz**

  13. කවීන් ලහිරු

    තැන්ක්ස් බොක්ක ඊලග එකත් දෙමු….

  14. Himaru

    sub ekata thankss

  15. Malindu

    ep13 n ikmanatama hamu wemu

  16. Manoj

    tnx bn elz***

  17. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  18. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Amila Mudalige

    Thanks Saho sub ekta

  20. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා. ඊගාව එකෙන් හම්බෙමු..

  21. Udara Damith B\K

    thanks

  22. Nipun

    Thanks bro sub ekata.....

  23. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. samith

    ela bro. thnquuu

  25. Udara Damith B\K

    ස්තුතියි++++++++++++++++++++
    +++++++++++++++++++

  26. lakshan

    බොහොම ස්තූතියි