මුලින්ම හැමෝටම ලැබුවා වූ නව වසර ෆිල්ම් වලින් ටීවී සීරිස් වලින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා!!! කියල ප්‍රාර්ථනා කරනවා. ඉතිං අලුත් අවුරුද්දෙ මම අරං එන පළවෙනිම උපසිරැසිය තමයි මේක. එහෙනම් ගිය සතියෙන් කතාව කියන්න පටන්ගන්නම්. අපේ කණ්ඩායමට පුළුවන් වුණා ක්‍රෝනස් විදිහට හිටපු මික්ව අල්ලගන්න. දැනට එයාව හිර…

මුලින්ම හැමෝටම ලැබුවා වූ නව වසර ෆිල්ම් වලින් ටීවී සීරිස් වලින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා!!! කියල ප්‍රාර්ථනා කරනවා. ඉතිං අලුත් අවුරුද්දෙ මම අරං එන පළවෙනිම උපසිරැසිය තමයි මේක. එහෙනම් ගිය සතියෙන් කතාව කියන්න පටන්ගන්නම්.
අපේ කණ්ඩායමට පුළුවන් වුණා ක්‍රෝනස් විදිහට හිටපු මික්ව අල්ලගන්න. දැනට එයාව හිර කරලා ඉන්නෙ යානය ඇතුලෙ. ඒවගේම කණ්ඩායම 2147 වෙනි වසරට යනවා සැවේජ්ව අල්ලගන්න. ඒ කාලය කියන්නෙ සැවේජ් ලෝකය යටත් කරගන්න දශක කිහිපයක් කලින්. මේ කාලෙදි කැස්නියානු ප්‍රදේශය හැරුණුකොට පිටත ප්‍රදේශ එතරම් හොඳ තත්ත්වෙක නැහැ. මේ ප්‍රදේශය ආරක්ෂා කරන්න ඇටම් ස්වයං පාලක රොබෝල ඉන්නවා. ඇත්තටම මේ රොබෝල නිෂ්පාදනය කරලා තියෙන්නෙ රේගෙ ඇටම් සූට් එකේ තාක්ෂනය පාවිච්චි කරලා. පස්සෙ හොයාගෙන යද්දි තේරුම්ගන්නවා මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ එයා පාවිච්චි කරපු තාක්ෂණයම තමයි කියල. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ සැවේජ් ලෝකය විනාශ කරන්න මේ රොබෝලවත් පාවිච්චි කරනවා. මේ කාලෙදි තමයි ප’ඩෙගටන් තමන්ගෙ ක්‍රියාකාරකම් ආරම්භ කරන්නෙ. ඇත්තටම එයා පුංචි ළමයෙක්. මෙයාගෙ ගුරුවරයා තමයි සැවේජ්. සැවේජ් ලෝකය විනාශ කරන්න අවශ්‍ය අඩිතාලම හදාගන්නෙ මේ ළමයව පාවිච්චි කරලා. ප’ඩෙගටන් කියන්නෙ කවුද කියල මතක් කලොත් ඔහු කාලය හරහා ගමන් කරන්න පුළුවන් තවත් කොමික් වල ඉන්න දුෂ්ටයෙක්. දැනට කැස්නියානු ප්‍රදේශයේ පාලකය විදිහට කටයුතු කරන්නෙ ප’ඩෙගටන්ගෙ තාත්ත. ඉතිං කැප්ටන් හන්ටර්ගෙ අදහස වෙන්නෙ මේ ළමයව මරල දාන එක. නමුත් කණ්ඩායමේ හැඟීම් තියන කට්ටිය මේකට කැමති වෙන්නෙ නැහැ. කොහොමහරි මේ ළමයව කාල රේඛාවෙන් අයින් කළොත් මේ ප්‍රශ්නේ විසඳෙයි කියල හිතාගෙන කණ්ඩායම තීරණය කරනව ළමයව මරන්නෙ නැතුව පැහැරගන්න. ළමයව පැහැරගන්න එකත් කණ්ඩායම පහසුවෙන්ම කරගන්නවා. හැබැයි ඊට පස්සෙත් ගිඩියන් ලවා අනාගතය පරීක්ෂා කරනවා. එහෙත් අනාගතය එලෙසම නොවෙනස්ව පවතිනවා. ඒ කියන්නෙ ලෝක විනාශය සිද්ධ වෙන එක වෙනස් වෙන්නෙ නැහැ.
ඉතිං කණ්ඩායමට හොරෙන් ළමයව මරන්න කියල හිතාගෙන හන්ටර් ප’ඩෙගටන්ව දුර පැත්තකට අරං යනවා. ඒත් ඉතිං හන්ටර්ගෙ හිත හොඳකමට එයාව මරාගන්න වෙන්නෙ නැහැ. කොහොමවුනත් මේ අතරෙ සැවේජ්ගෙ උදවුවෙන් ප’ඩෙගටන්ගෙ සෙබළු යානය තියන තැන හොයාගෙන යානයට පහර දෙනවා. මේ සටන ගලාගෙන යද්දි සාරව සැවේජ්ට කොටු වෙනවා. ඒ වගේම හන්ටර් ළමයාවත් අරං ආපහු සටන සිද්ධ වෙන තැනට එනවා. කාටවත් කරදරයක් නොවෙන්න සටන නවත්තල දෙගොල්ලොම සාරා වෙනුවට ලමයව හුවමාරු කරගන්නවා. ඒ වගේම රේට පුළුවන් වෙනවා සියලුම රොබෝලාව අක්‍රිය කරන්න. අවසානයේ ප’ඩෙගටන් විසින් තමන්ගේ පියාව ඝාතනය කරනවා සැවේජ්ගේ මඟ පෙන්වීම යටතේ. මොකද ප’ඩෙගටන් හිතන්නෙ තමන්ගෙ තාත්ත දුර්වලයෙක් කියල. හැබැයි මේ මොන දේ වුනත් අවසානයේ අනාගතය නම් වෙනස් කරගන්න කාටවත් බැරි වෙනවා. අවසානයේදි සිද්ධ වුන තවත් දෙයක් තමයි මික් ටිකක් ඇත්ත තේරුම්ගන්නවා. එයාගෙන් තොරතුරු වගයක් හෙළි වෙනවා. ඒ තමයි හන්ටර්ල සහ කුලී හේවායන් මේ කණ්ඩායම පස්සෙන් එනවා කියන එක. මෙයාලගෙන් බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ කියල තමයි මික් කියන්නෙ. එහෙනම් ඉස්සරහට මොකද වෙන්නෙ කියල අද කොටසින් බලමු. තවත් උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා!!!
277 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
E498B39EFB6BB53C9AB968178B4CFBF9FC4EEA0E317 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
26CA836C732434BCB4662A25EC8A48C9D5D73CD6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,409 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E11.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
27 comments
Sanath Indika
Deshan Mudalige
Thanks sahooo...
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
dharshana...
Thanks..
Mahesh
Sub ekata thnx aaaaaaaaaaa
dushan
ela
Kasun Upeksha
උපසිරැසියට තුති අචින්ත සහෝ
Ayesh Nadeeshan
Thankx...bro
Sajeevi
Thanks
සුරේෂ් ජයතිලක
Elama Achintha saho
ashan
thanx ,enakan balan hitiye
kavinda
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…Amila Mudalige
සුභ අලුත් අවුරුද්දක් වේවා!!! සහෝ සබ් එකට තුති
සචිත් ලක්ෂාන්
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Rajitha
Thanks machan......jayawewa.......!
Yasas Perera
Thanx
Maliya
elazzzzz....thanks...sahooo
Udara Damith B\K
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.......................
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
අමා
ස්තුතියි සහෝ!!!!
Amila
Thanks mchn...!
Hima Bene
thanx saho..
uditha
happy new year....
thanx bro....රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinda Buddika
ස්තූතියි සහෝ ජය වේවා..
සමරවීර
ඔයාල මේ කරන දෙවල් වලට ස්තුතියි කරන්න වචන නැ මොකද සබ් නැත්තන් මොකක් වත් තෙරෙන්නෙ නැනේ.මොන භාදක ආවත් සැලේන්න එපා ඉදිරියටම යමු
lakshan
බොහොම ස්තූතියි
Advertisement

thx sahoooo