ආයුබෝවන් යාළුවනේ! ඔන්න ඊයෙ පොරොන්දු වුණා වගේ අද අරගෙන ආව රනවේස් 10 වැනි කතාංගය. ඉතිං ලහිරු සහෝ කරපු ඉල්ලීමක් නිසා තමයි මමත් රනවේස් කොටස් දෙකක් කරල දෙන්න පොරොන්දු වුණේ. ඉතිං ඒ අනුව මෙතෙකින් මගේ පොරොන්දුව සම්පූර්ණ වෙනව. දවස ගාණෙ විකාශය වෙන නිසා මතක් කර කර ලිපි ලියන්න නම් ඕනෙත් නෑ. ලිව්වත් කියවන්න කෙන…

ආයුබෝවන් යාළුවනේ!
ඔන්න ඊයෙ පොරොන්දු වුණා වගේ අද අරගෙන ආව රනවේස් 10 වැනි කතාංගය. ඉතිං ලහිරු සහෝ කරපු ඉල්ලීමක් නිසා තමයි මමත් රනවේස් කොටස් දෙකක් කරල දෙන්න පොරොන්දු වුණේ. ඉතිං ඒ අනුව මෙතෙකින් මගේ පොරොන්දුව සම්පූර්ණ වෙනව. දවස ගාණෙ විකාශය වෙන නිසා මතක් කර කර ලිපි ලියන්න නම් ඕනෙත් නෑ. ලිව්වත් කියවන්න කෙනෙකුත් නැතිකොට. කෙසේ වෙතත් බයිස්කෝප් සම්ප්‍රදායට ගරු කරල කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්…
ඉතිං කලින් කොටසකදි ඇලෙක්ස්ගෙ අම්ම ඩේරිස් කියල කෙනෙක් මරල දාල තිබුණනෙ. මේකට ඇලෙක්ස් ඉන්නෙ සෑහෙන කේන්තියකින්. කොහොමහරි මේ ඔක්කොම නිසා ඇලෙක්ස්ට තදින්ම ඕනෙ වෙලා තිබුණෙ අම්මලව හිරේ යවන්න. මේක ගැන හිත හිත ඉන්න අතරෙ තමයි ඇලෙක්ස් දැනගන්නෙ ලිවී ලඟ AWOL ගැන සාක්ෂි වගයක් තියෙනව කියල. මේ සාක්ෂි ඇලෙක්ස් අරගන්නව. අරගෙන සැලැස්මක් හදල AWOL හමු වෙනව. ඒ සැලැස්ම වැරදිලා නිකෝ නොහිටින්න කට්ටිය මැරුම් කාල තමා තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ. කොහොමහරි එතනින් කට්ටිය ගැලවිලා පැනගන්න පුළුවන් වුණත්, ආයෙ ඇලෙක්ස් AWOL හමු වෙලා ගිවිසුමක් ගහ ගන්නව. මේක් නිසා යාළුවො පිරිස අතරෙ බිඳීමක් ඇති වෙනව. AWOL මේ ගිවිසුම ආරක්ෂා කරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු ෆ්ලෝරස් මරල දාල ඇලෙක්ස්ලගෙ අම්මල එක්ක සෙට් වෙලා, ලිවී අල්ලගන්නව ඇලෙක්ස්ල ඉන්න තැන හොයාගන්න අදහසින්. මේ අතරෙ එයාල එක්ක ඉන්න ලුසී කියන ඩයිනෝසරය හදිසියේ අසනීප වෙනව. මේ අසනීපය ඩයිනෝසරයට විතරක් නෙවෙයි ගර්ට්ටත් මේකෙන් ලොකු බලපෑමක් වෙනව. ඔන්න ඔහොම දේවල් තමා කලින් කොටසෙ වුණේ.
අද කොටසින්..
ඉතිං AWOL අද ලිවී අල්ලගෙන තර්ජනය කරල ඇලෙක්ස්ල ඉන්න රහස් තිප්පොළ ගාවට යන්න සමත් වෙනව. හැබැයි එහෙම් ගියාට නිකෝගෙ ආරක්ෂක මන්ත්‍රයක් නිසා ඔහුට ඇලෙක්ස්ල ඉන්න තැන පේන්නෙ නෑ. හැබැයි ඇලෙක්ස් අටවපු කැමරාවක් සෙට් එක් හොයා ගන්නව. ඔන්න ඊට පස්සෙ තමයි ලිවීගෙ ජීවිතය වෙනුවෙන් එකඟතාවයකට එන්න කට්ටිය දත කන්නෙ. කොහොමහරි වැඩේ දුරදිග ගිහින් අවසානෙ නිකෝට මායාකර්මය දරාගෙන ඉන්න බැරි මට්ටම එනව. ඔන්න එතකොට ඇලෙක්ස් එයාගෙ ගේම් මොළෙන් සැලැස්මක් හදනව. සැලැස්ම අකුරට වැඩ කරනව, එකම එක කෑල්ලක් විතරක් හරියට වැඩ කරන්නෙ නැතුව. ඒ තමයි නිකෝගෙ කොටස. කලින් මායාකර්මයේ බලය වැය වීම නිසා නිකෝ සිහිනැතුව වැටෙනව. දැන් මොකද වෙන්නෙ? ඒක තමයි අද කොටසේ රසම කොටස. මොකද්ද මේ මාතෘකාවට දාපු පිටසක්වල කෑල්ල එතකොට. හ්ම්ම් ඔක්කොම කියන්නෙ නෑ. බලන අය දැනගනියි මේ ඔක්කොම රහස් වල සුලමුල. එහෙනම් ඔන්න මමත් ගියා. හැමෝටම ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,944 downloadsDownload Marvels-Runaways-S02-E10.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
15 comments
dsdkavishka
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් බලන් හිටියේ...
මේ season එකනම් පට්ට ඉස්සෙල්ල එකට වඩා...Shehan putha
Thanks us ....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darshana100
thanks saho oya kohomada kiyanne api kiya wanna kiyala api oyala dana awa kiyawanawa aniwaren
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thanks .....................
MAALnath
Thanks ...................good luck .......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Marvels Runaways [S02 : E10] Sinhala Subtitles | මායාකාරී සහ පිටසක්වලයෝ..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



Thenks for sub